මාලි ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

මෝටර් සයිකල් දිනපොතෙහි ගේල් ගාෂියා බර්නාල්චේ ලෙස ලාදු රු කෙලනියේදී
හිරු කණ්ඩායමෙන් ඉවත් වී තවදුරටත් හිරු පුවත්පතට ලියමින් සිටි කෙටි කාලය තුළ මම චේගේ මෝටර් සයිකල් දිනපොත පරිවර්තනය කිරීම ආරම්භ කර තිබිණි. පසුව හිරු පුවත්පත ද නතර වූ අතර, වෙන කවු‍රු‍දෝ එය පරිවර්තනය කර පළ කළ බැවින් මම එම ව්‍යායාමය අත්හළෙමි. විලාසිතාවක් ලෙස චේට ආදරය කිරීමේ පුරුද්දක් මට නැත. 

චේ විලාසිතාවක් වී තිබේ. ඔහු වැනි විප්ලවවාදියකුගේ රූපයක් විලාසිතාවක් බවට පත් වීම පවා පුදුම හිතෙන දෙයකි. එහෙත්, චේගේ රූපය වැළඳ ගන්නා බොහෝ දෙනෙක් චේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී පළ කළ අවංකත්වය ගැන දන්නවා නම් අද කියනු ඇත්තේ චේ පල් මෝඩයකු ය කියා ය. කියුබා රජයේ ඇමතිකම අතහැර බොලීවියාවේ කැළෑවකදී ලෝක විප්ලවය වෙනුවෙන් සටන් වැද මිය යාම සඳහා ඔහු කළ තෝරා ගැනීම කරන්නට අද චේ සමරන මිනිස්සු සූදානම් ද?

අපි සාමාන්‍යයෙන් අවසානය දන්නා කතාවල වීරයන්ට කැමැත්තක් දක්වන්නෙමු. ඒ වීරයන් නිර්මානය වී තිබෙන්නේ ම අප හොඳින් දන්නා අවසානයෙනි. තමන්ගේ කතාවේ අවසානය නො දැන සිටි මේ පුද්ගලයෝ තමන් වීරයන් වන බව නො දැන ම මිය ගිය හ. ඔවුන් වීරයන් වන්නට ඇත්තේ වීරයන් නො වන්නට තමන්ට තිබූ උවමනාව නිසා ම වන්නට පුළුවන. 

මම චේගේ මෝටර් සයිකල් දිනපොතට මහත් සේ ඇලුම් කරමි. එය ඇසුරින් කරන ලද චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ චේ සිය උපන් දින රාත්‍රිය ලාදුරු කොලනියේ මිනිසුන් සමග ගත කළ යුතු බව සිතා මහ රෑ සීතලේ ඇදුමින් ද පෙළෙමින් ජීවිතයත්, මරණයත් අතර සටනක් කරමින් ගඟ හරහා පීනන දර්ශනය චේගේ උතුම් ම චරිත ස්වභාවය නිරූපණය කරන බව මගේ අදහසයි. ඒ කුමක්ද?

ඒ වනාහි හෘදය සාක්ෂියයි. 

අද කාලයේ චේ සමරන බොහෝ දෙනෙකු තුළ මේ හෘදය සාක්ෂිය ගෑවී හෝ තිබේ ද? අසාර්ථක කැරැලි වෙනුවෙන් දිවි පිදූ මිනිසුන් නිදන මේ පොළව මත ම සිදු වූ දෙමළ තරුණයන්ගේ කැරැල්ල නින්දිත අන්දමින් පාවා දුන්, තමන්ගෙන් බිඳී ගිය සහෝදරයින්ට තිරිසනුන්ටත් අන්ත ලෙස සලකන, මේ කිසිවක් ගැන පශ්චාත්තාපයක් හෝ නැති දේශපාලන ව්‍යාපාර චේ සැමරීම චේට කළ හැකි ලොකුම නිගාව යයි මට සිතේ. 

චේට ආදරය කරන මිනිසුනි, ඔබේ හෘදය සාක්ෂියට කතා කරන්න. සහෝදර ජනයා වෙනුවෙන් ඔබට ඇති වගකීම ටී කමිසයක් මිළ දී ගැනීමට වඩා බැරෑරුම් දෙයකි. 

(මාතෘකාවේ සඳහන් ගී පදය වෙනුවෙන් ප්‍රණාමය චින්තක ගිතදේවට)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අයියෝ සංසාරේ සංසාරේ,
    බැලින්නම් මෙතන චේ යොදාගෙන කුහක දේශපාලනික මඩක්නේ ගහන්නේ.
    අද රටේ චේ සමරන්න එකෙක්වත් නැති එකේ අඩුම තරමේ ඔහොමවත් සමරපුවාවේ. හැම මිනිහටම චේ වෙන්න බෑ. මොකෙක්හරි කරන දෙයක් කුහක කමින් බලන්න එපා.
    පුළුවන් එකෙක්, හැඟීමක් තියෙන එකෙක්, උවමනාවක් තියෙන එකෙක් චේ සමරයි. බැරි උන් ඒකට මඩ ගහල ලකුණක් ගන්න බලාවි.

    ReplyDelete
    Replies
    1. පලයන් යකෝ යන්න. කුජීත වෙලා වැලේ වැල් නැතුව ඉන්න කොට වෙන කරන්නම දෙයක් නැතුව ජනප්‍රිය පින්තූරෙක එල්ලිලා ෂෝ දාන්න චේ ව යොදා ගන්න එක සැමරීමක් නෙවෙයි මැරීමක්. අනුර කුමාරය තව ලජ්ජ නැතිව නොකිය කියනවත් එක්ක පින්තූරෙ ලස්සන නිසා ඒකට කොල්ලො කැමතියි කියලත්. ජොබ් එකකුත් නැත්නම් හම්බ කරන් කාපු දේශපාලනේටත් තට්ටු වෙන්න යනව නම් පාරෙ හිඟා කාපියව් ඒක නම්බුයි ඔයිට වඩා.

      Delete
    2. හිඟා කෑම නම්බුයි කියා සිතන උන් ගහපියවු බුලතට දිගටම ඡන්දේ.

      Delete
  2. චේගේ සයිකල් සවාරිය ඇසුරෙන් කරපු "Motor Cycle Diaries" ෆිල්ම් එක මගේ ප්‍රියතම ෆිල්ම් එකක්. ලාදුරු රෝගීන්ව බලන්න තමන්ගේ උපන්දිනය දවසේ චේ මහ ගඟක් තරණය කරන සීන් එක මගේත් කැමතිම කොටසක්. ඇගේ හිරිඟඩු පිපෙනවා.

    චේ කියන්නේ මානව හිතවාදියෙක් කියලා හිතන්න මාත් කැමතියි. ඒත් මානව හිතවාදියෙක්ට පුළුවන්ද මොනම හේතුවක් නිසාවත් මිනිස්සුන්ව මරන්න..? ඒ ප්‍රතිවිරෝධය නිසා මට චේව දැනෙන්නේ මිනීමරුවෙක් විදිහට.

    චේව වීර ප්‍රතිරූපයක් විදිහට වැළඳ ගන්නවට වඩා චේව හදාරණ එක වටින බවට ලේඛකයා ගේන තර්ක්යට එකඟයි.

    ReplyDelete
    Replies
    1. 1.චේගේ සයිකල් සවාරියේ කතාව මිත්‍යාවක් ප්‍රබන්ධයක් මෝටර් බයිසිකලය මුලදීම කැඩී ගොස් ඇත. ඉන්පසු එම සවාරිය ගියේ මෝටර් බයිසිකලයෙන් නොවේ.
      2. Batista බලයෙන් පහකිරීමෙන් පසු කියුබා රජයේ නිලධාරීන් සියගණනක් චේ විසින් මරා දැමුවා යන්න මිත්‍යාවක් නොව fact එකකි.
      3. ද්‍රෝහීන් ලෙස සැලකු තමන්ගේම ගරිල්ලා සගයන් හිසට වෙඩිතබා මරා දැමූ කෲර මනුෂ්‍ය ඝාතන කර ඇති චේ වීර ප්‍රතිරූපයක් වන්නේ 89 තුන්ඩු කෑල්ලේ අණට අකීකරු වී වැඩට ගිය CTB රියදුරන්ට හිසට වෙඩි තබා මරා දැමූ ජෙප්පන් සහ වම්මුන්ට පමණි.

      Delete
  3. විග්නේෂ්වරම් චේ සැමරුවානම්, පැරකුම් ඒක ලස්සනට වර්ණා කරලා ලියයි.

    ReplyDelete
  4. පැරා මේ ලිපියට ගෙව්වෙ කවුද?

    ReplyDelete
  5. මම හිතන්නෙ අඩුම ගානෙ ඔය සංගමය චේ සමරන එකෙත් හොඳක් තියනව, අඩුම ගානෙ සමහරුන්ට චේ මතක් වෙනවනෙ,

    චේ වීරයෙක් උනේ කැපකිරීම් විතරක් හින්ද නෙවෙයි, ඔහු සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් උනා, මතකනෙ අර පාටියකට සපොර්ට් කරන්න ගිහින් වයින් උස්සපු සීන් එක, එකයි වැදගත්, ඔහු සාමාන්‍ය මිනිහෙක් නමුත් අපිට වඩා ගවු ගානක් ඉදිරියට ගිය. එකයි ඔහුව වීරයෙක් උනෙ. නමුත් විජේවීර ඔහුව ලංකාවට ගෙනාවෙ (චේ සංකල්පය ) අර සිරස ඉන්ඩියාවෙ නිලියෝ ගෙන්නනව වගෙ තම පැවැත්මට. එයත් ශේප් එකෙ තනි තරුව ගහගෙන තොප්පි දාන් චේ වගෙ වෙන්න ගියාට, චේ කරපු කැපකිරීම් දෙවල් අරික්කලක් කරන්න ගටක් තිබ්බෙ නෑ. විජේවීරගෙ කැඩිල බිඳිල ගිය ගෝලයො සෙට් තාමත් චේ සමරන්නෙත්, කස්ටියක් එකට විරුද්ද වෙන්නෙත් පැවත්ම වෙනුවෙන්.
    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක්/ආදර්ශයක් පැවැත්ම සඳහා යමෙක් හෝ සංවිධෘනයක් විසින් කරනවාද එය මා වැරැදි ලෙස නොදකිමි.

      Delete
    2. . //නමුත් විජේවීර ඔහුව ලංකාවට ගෙනාවෙ (චේ සංකල්පය ) අර සිරස ඉන්ඩියාවෙ නිලියෝ ගෙන්නනව වගෙ තම පැවැත්මට. එයත් ශේප් එකෙ තනි තරුව ගහගෙන තොප්පි දාන් චේ වගෙ වෙන්න ගියාට, චේ කරපු කැපකිරීම් දෙවල් අරික්කලක් කරන්න ගටක් තිබ්බෙ නෑ.//
      1.පක්ෂය ආරම්භ කිරිමට විජෙවීර බස්නැවතුම්වල මුට්ට කරගැසු බව මා අසා ඇත.
      2 තනිවම විප්ලවයක් කිරීමට පක්ෂයක් පිහිටවිමට හා 71 මර්ධනයෙන් පසු නැවතත් විප්ලවය සඳහා උත්සහා කිරිමට ගටනැති අයකුට හැකිද?
      3චේ ගේ ගරිල්ලා අරගලය තම විප්ලවය කිරිම සඳහා විජෙවීර ආදර්ශයට ගැනිම ,සිරස තම පැවැත්මට ඉන්දියවෙ නිලියන් ගෙන්නනව වගෙ වෙන්නෙ කොහොමද?
      විජෙවීර චේ නොවන අතර ඔහුගේ මග පෙන්විම නිසා ලංකව තුළ බිහිසුනු අරගල 3ක් සිදුවිය.
      කියුබවේ ද පලමු ප්‍රහාරය (මොන්කාඩා) අසාර්ථක විය.
      A.Fernando.

      Delete
  6. “In the so called mistakes of Stalin lies the difference between a revolutionary attitude and a revisionist attitude. You have to look at Stalin in the historical context in which he moves, you don’t have to look at him as some kind of brute, but in that particular historical context . . . I have come to communism because of daddy Stalin and nobody must come and tell me that I mustn’t read Stalin. I read him when it was very bad to read him. That was another time. And because I’m not very bright, and a hard-headed person, I keep on reading him. Especially in this new period, now that it is worse to read him. Then, as well as now, I still find a series of things that are very good.”
    – Ernesto Che Guevara

    ReplyDelete
  7. චේ කියන්නේ උතුම් මනුෂ්‍යයෙක් .සමාජවාදය ගැන මගේ පැහැදීමක් නෑ

    ReplyDelete
    Replies
    1. මචං,
      සමාජවාදේ ගැනත් මගේ පැහැදීමක් තියෙනවා.
      චේ ගැනත් පැහැදීමක් තියෙනවා.
      එත් මේ ලිපිය ලියපු එකාගේ කුහකකම නිසා ඌ ගැන පැහැදීමක් නෑ.

      Delete
  8. this is an important point. SINHALA JVP ARAGALAYA KARAPU AYA,.....DEMALA ARAGALAYA THALA DAMANTA, OUN THELU HAMUDAWATAMA AASIRWADA KARA......... DEN CHE GUVERA SAMAREEMA NAM LOKU AWULAK SAHODARAWARUNI..... Wannaku J

    ReplyDelete
  9. ඇත්තටම අජිත් ඔය ගොල්ලො හිරු පත්තරේට ලියන කාලෙ ඔය ගොල්ලන්ව කොච්චර වීරයො හැටියටද අපි සැළකුවෙ. පත්තරේ කරන්න සල්ලි නැහැ කිව්වහම රාජ අල්විස්ගෙ ක්ලාස් එකේදි සල්ලිත් එකතු කරල ගෙනත් දුන්න. ඒත් පසු කාලීනව ඔයත් ඇතුළු එතන හිටපු සමහරු කොටින්ට සුදු හුණු ගානව දැක්කහම ඒ සල්ලි වලින් බල්ලන්ට ආප්ප පුච්චල දුන්න නම් කියල හිතුණ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා