Posts

Showing posts with the label චේ ගුවේරා

මාලි ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ

Image
මෝටර් සයිකල් දිනපොතෙහි ගේල් ගාෂියා බර්නාල්චේ ලෙස ලාදු රු කෙලනියේදී හිරු කණ්ඩායමෙන් ඉවත් වී තවදුරටත් හිරු පුවත්පතට ලියමින් සිටි කෙටි කාලය තුළ මම චේගේ මෝටර් සයිකල් දිනපොත පරිවර්තනය කිරීම ආරම්භ කර තිබිණි. පසුව හිරු පුවත්පත ද නතර වූ අතර, වෙන කවු‍රු‍දෝ එය පරිවර්තනය කර පළ කළ බැවින් මම එම ව්‍යායාමය අත්හළෙමි. විලාසිතාවක් ලෙස චේට ආදරය කිරීමේ පුරුද්දක් මට නැත.  චේ විලාසිතාවක් වී තිබේ. ඔහු වැනි විප්ලවවාදියකුගේ රූපයක් විලාසිතාවක් බවට පත් වීම පවා පුදුම හිතෙන දෙයකි. එහෙත්, චේගේ රූපය වැළඳ ගන්නා බොහෝ දෙනෙක් චේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී පළ කළ අවංකත්වය ගැන දන්නවා නම් අද කියනු ඇත්තේ චේ පල් මෝඩයකු ය කියා ය. කියුබා රජයේ ඇමතිකම අතහැර බොලීවියාවේ කැළෑවකදී ලෝක විප්ලවය වෙනුවෙන් සටන් වැද මිය යාම සඳහා ඔහු කළ තෝරා ගැනීම කරන්නට අද චේ සමරන මිනිස්සු සූදානම් ද? අපි සාමාන්‍යයෙන් අවසානය දන්නා කතාවල වීරයන්ට කැමැත්තක් දක්වන්නෙමු. ඒ වීරයන් නිර්මානය වී තිබෙන්නේ ම අප හොඳින් දන්නා අවසානයෙනි. තමන්ගේ කතාවේ අවසානය නො දැන සිටි මේ පුද්ගලයෝ තමන් වීරයන් වන බව නො දැන ම මිය ගිය හ. ඔවුන් වීරයන් වන්නට ඇත්තේ වීරයන් නො ...

චේ ගුවේරාට නෝන්ඩි කරන්න විමල් වීරවංශට පුළුවන් ද?

Image
චේ ගුවේරා යනු කියුබානු ජාතික සමාජවාදය අතික්‍රමණය කළ ජාත්‍යන්තරවාදියෙකි. ආජන්ටිනානුවකු වූ ඔහු කියුබාව වෙනුවෙන් සටන් කළේ ලෝක විප්ලවයේ වගකීමක් ලෙසයි. කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ඇමතිකමකින් ඔහුගේ විප්ලවවාදී ජීවගුණය සුරතාන්තයට පත් වූයේ නැත. ඔහු බොලීවියාවේදී මිය ගියේ කියුබානු ජාතික සමාජවාදයට වඩා පුළුල් ජීවන පරමාදර්ශ ඉතිරි කරමිනි.  ඔහුගේ චරිතයේ ප්‍රධාන ම ලක්ෂණය වන්නේ විප්ලවීය හෘදය සාක්ෂියයි. මානුෂවාදී සමාජවාදයක් උදෙසා හා ඒ වෙනුවෙන් සටන් කර දිවි දුන් සගයන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය ඔහු කිසි දිනෙක අත් හළේ නැත. ලොව පුරා රැවුල් වවා ගත් රතු කමිස අඳින එහෙත් නින්දිතකමින් පිරුණු හදවත් ඇති බොරු සමාජවාදීන්ට චේගේ අසූචිවලටවත් සමාන වන්නට බැරි ඒ නිසා ය. චේ ලෝක උරුමයකි. ඔහුගේ ජීව විද්‍යාත්මක බිරිඳ හෝ දරුවෝ චේගේ එක් භෞතික සංකේතයක් පමණි. විප්ලවීය හෘදය සාක්ෂිය රැක ගැනීමට සටන් කරන ලොව පුරා සිටින මිනිස්සු චේ සංකේතවත් කරන සජීවී නිදර්ශන වෙති.  එවැනි මිනිසුන්ට මරණය හා වේදනාව උරුම කර දෙන ඒකාධිපතියෝ හා ඔවුන්ගේ බත්බැළයන් බවට පත් වූ අතීත සමාජවාදියෝ චේගේ බිරිය හා දරුවන් හමු වීමට ගොස් එය මහ ඉහළින් ප්‍රචාරය ...