ජීවිතය සොයා රට යනවද? දෙපා යට ඇති ජීවිතය ගොඩ ගන්නවද?
අද මං ටිකක් මගේ ජීවිතය ගැන කතා කරනවා. එහෙම කතා කරන්නේ පම්පෝරියකට නොවෙයි. හේතුවක් ඇතිවයි.
සෙනසුරාදා මට හරි ම කාර්ය බහුල දවසක්. ඉරිදා නිකුත් වන ඉංග්‍රීසි පත්තරයකට අවශ්‍ය පරිවර්තන වැඩ යෙදෙන්නේ එදාට. කලින් දවසේ කිසියම් වයිරස් ප්‍රහාරයක් නිසා සිංහල අඩපණ වී තිබුණ නිසා බ්ලොගය යාවත්කාලීන කරන්නත් බැරි වුණා. වැඩ කරමින් ඉන්න අතරමගදී තමයි පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෙඩ දෙන්න ගත්තේ. අන්තිමේදී වැඩ ටික ඉවර කළේ කැෆේ එකකදීයි. අපේ මරුති කාර් කට්ටේ බැටරිය බිංදුවට ම බැහැලා. ඒ නිසා කොම්පියුටරෙත් පස්සෙන් දාගෙන පල්ලමේ තල්ලුවක් දාලා පණ ගන්වාගෙන මුලින් ම ගියේ කාරයට අලුත් බැටරියක් දාගන්න. ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ.
කාර් එකේ ටයර්වල කම්බි කැඩිලා. කැන්වස් මතු වෙලා. කලින් ඉස්සරහා ටයර් එකක් දාලා අනෙක් පැත්තට අමතර රෝදය දැම්මා. පස්සටත් ටයර් දෙකක් දාගත්තා. ගෙඩි රුපියල් ම විසිදාහක් විතර වියදම් එක දවසින්. ටයර් කඩේ මුදලාලි කිව්වා, නැන්කැන් කියලා රට ටයර් එකක් දාගන්න කියලා. රුපියල් අටසීයක් විතර මිළ වැඩියි. මම ඇහුවා, ඒකෙ හොඳ මොකක් ද කියලා. ඒක දැම්මා ම ටිකක් සැපයිලු. මරුති අටසීයේ මොන සැප ද මෙයා? කාර් එකේ ලීසිං එක ඉවර වුණාට පස්සෙ යාලුවෝ නෑයෝ එහෙම කිව්වා අලුත් එකක ගත්තා නම් හොඳ නැද්ද කියලා. මට ණය වෙන්න කම්මැලියි. අනෙක සමාජ තත්වය පෙන්නන්න භාණ්ඩ යොදා ගැනීම වෙනුවට ම කරන්නේ ජීවිතය පහසු කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ පරිහරණය කිරීමයි.
අපි කාරෙක පාවිච්චි කරන්නේ වැහි දවසට හා ඉඳහිට දුර ගමනක් යන්න විතරයිනේ. ඔය දියුණු රටවල්වල සමහර පැතිවලත් පොදු ප්‍රවාහන සේවා නැහැනේ. අපේ ගෙවල් පාරෙත් එහෙමයි. ගොඩක් දියුණු නිසා පොදු ප්‍රවාහන සේවය දුර්වලයි. කාර් එක හා බජාජ් ප්ලැටිනා මෝටර් සයිකලේට පිං සිදු වෙන්න ජීවිත කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරියි. නැතිනම් පයින් යන ගානට මතුගම ඉඳන් හොරණ යන බස්වලට වෛර කරන්න ඕනැ. මතුගම පැත්තට යන බස් එන්නේ දෙක දෙක, අධිවේගයෙන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හොරණින් එන ප්‍රයිවෙට් බස්කාරයා නෑබඩට විතර එනකල් කොටනවා. ඔය අතරෙ පස්සෙ එන ලංගම බසයත් එනවා. ඉන් පස්සෙ මතුගමට යනකල් රේස්. සමහර වෙලාවට මුන් දෙන්නට ම අමතක වෙනවා උන් කරන දේ. ඒ වෙලාවට දෙන්නත් එක්ක ම සෙනග මග දමලා ධාවන තරගයේ යෙදෙනවා. මේවා ඇවිල්ලා ඕෆ් රෝඩ් රේස්. මොකද, අපේ පාරේ කිලෝ මීටර් විස්සක් විතර එක දිගට අලුතින් හදනවා. චීන කොන්ත්‍රාත්කාරයෝ හරි ලස්සනට ඒ හැදිල්ල කළමනාකරණය කරනවා. මට මතක් වෙන්නේ ඉස්සර මතුගම - කලුතර පාර හදපු හැටි. පාර පරිහරණය කරන ජනයාට කරදර අවම වන පරිදි ටිකින් ටික තමයි හැදුවේ. ඒ මං හිතන්නේ බටහිර අධිරාජ්‍යවාදී සමාගමක් තමයි ඒ කොන්ත්‍රාත්තුව කළේ. නැගෙනහිර සමාජවාදී චීන කොම්පැනිය තැන් තැන්වල බෝඩ් ගහලා තියෙනවා කණගාටුව පළ කරලා.
දවල් බිරිඳව එක්කගෙන එන ගමන් අපේ ගෙවතු වගාවට කොම්පෝස්ට් පෝර ටිකක් ගන්න මතුගම ප්‍රාදේශීය සභාවට ගියා. ඒ ගියේ හතරවෙනි වතාවට. උන් අපේ කුණු ගෙනියන්නෙත් නැහැ. උන්ගේ කුණු සල්ලිවලට ගන්න ගියා ම ඒක දෙන්නෙත් නැහැ. සමහර දවස්වලට පෝර කාමරේ යතුර තියෙන එකා හොයා ගන්න නැහැ. බල්ල ඉන්නකොට පොල්ල නැහැ. පොල්ල තියෙනකොට බල්ල නැහැ.
මේ දිනවල කුණු ට්‍රැක්ටරය විසින් ගෙනියනු ලබන්නේ දිරන, නො දිරන වශයෙන් වෙන් කළ කසල විතරයි. පගාවක් දුන්නොත් නම් ඉතින් වෙන් නො කළයි කියලා ප්‍රශ්නයක් නැහැ. පාරේ යන පැත්ත නො දන්න අපේ ගමේ කට්ටිය දන්න කසල වෙන් කිරිල්ල! මේකෙන් දැඩිව ම පීඩා විඳින්නේ පාසල්. කසල වෙන් කරලා දෙන්නේ නැහැ කියලා දැන් සභාවෙන් පාසල්වල කුණු ගෙනියන්නේ නැහැ. දැන් මතුගම නගරයේ සමහර ඉස්කෝලවල හරි ෂෝක් කසල කළමනාකරණයක් තියෙනවා. ඉස්කෝලේ කුණු ළමයි බෙදාගෙන බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න ඕනැ. අර බත් මුල්, පොත් පත් ගෙනියන බෑග් එකේ ම තමයි. කොහොමද ප්‍රින්සිපල්ගෙ ටිකිරි මොළේ! ළමා අයිතිවාසිකම් ගැන කතා කරන කවුරුවත් මේවා ගැන සද්ද නැහැ. මේ වැඩේ කොළඹ නගර සභාවේ ක්‍රියාත්මක කළා නම්, කොළඹ කුණු ප්‍රශ්නයත් විසඳ ගන්න තිබුණා.
ඉතින් ඔය අතරේ අපේ බ්ලොග් එක බලපු පිටු සංඛ්‍යාව සඳහන් මීටරේ දහ අට ලක්ෂය පැන්නා. ස්තුතියි ඔබට. බ්ලොගර් කොම්පැනිය මේ මීටරේ දුන්නේ අපි බ්ලොගය කරගෙන යද්දි නිසා ඇත්තෙන් ම නම් දහ අට ලක්ෂය පැනලා ඉවරයි.
කවදාවත් නැතිව අපේ පෞද්ගලික ජීවිත ගැන කතා කළේ ඇයි ද දන්නවා ද? ලංකාවේ උප නාගරික පහළ මධ්‍යම පංතික ජීවිත ගත වෙන්නේ ඔය වගේ.
ඉතින් මධ්‍යම පංතිකයෝ හුග දෙනෙක් මේකට විසඳුම විදියට දකින්නේ දියුණු ධනේශ්වර රටකට සංක්‍රමණය වීමයි. සමහරු පිටරට යන්නේ මෙහේ හොඳ ජීවිතයක් නැති නිසා ම නොවෙයි. මෙහේදි ජාතිවාදයෙන් මුසපත් වෙලා අමන පාලකයන් බලයට පත් කරලා, රටේ ම ඉන්න පාදඩයන් පළාත් පාලනයට යවලා, ඔවුන් රට යන්නේ ඩීසන්ට් ජීවිතයක් හොයාගෙන. ඒ වුණාට මේ පරම්පරාව ඇත්තට ම ඒ සමාජයේදී පිටස්තරයෝයි. ඒ නිසා ලස්සන තැන්වලට ගිහින්, සීත ඇඳුම් ඇඳගෙන ෆේස්බුක් එකට පිංතූර දාගෙන බෙදා හදා ගන්නේත් රස්නෙන් තැම්බි, තැම්බී ඔවුන්ට ඉරිසියා කරමින් ඉන්න ලංකාවේ ගොඩයන් එක්කමයි. මෙහේ ගරු ගාම්භීර සුදු කරපටි රස්සාවල් කළ සමහර අය එහේ ගිහින් පොඩි පොඩි ඔඩ් ජොබ් කරනවා. තමන් වැඩ කරන තැන ඡායාරූපයක් බෙදා හදා ගන්නේ කලාතුරකින් කෙනෙක් විතරයි. පිටරට පුරවැසියන් වෙන්න සමහරු මෙහේ තමන්ට නො තිබුණ මර්දනයක් ගැන අලි බොරු කියනවා. ඊට පස්සෙ මෙන්න මාර දේශප්‍රේමීන් වෙලා සිංහ කොඩි, කොටි කොඩි උස්සගෙන දඟලනවා.
අපේ ගෝඨා මහත්තයා ඉතින් මේව ගැන හොඳින් දන්නා නිසා දුන්නා නේ ද පාර ද්විත්ව පුරවැසිකමට. ඩබල් ගේම් ඕනැ නැහැනේ. ගියා නම් එහේ ම ඉඳපියව්. වීසා අරගෙන වරෙව්. පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුනරත්නම්ව අල්ලලා ඔහුගේ රට වන ඔස්ට්‍රේලියාවට ම යැව්වෙත් එහෙමයි. මං හිතන්නේ දැන් එයා බ්ලැක්ලිස්ට්. ලංකාවෙන් වීසා නැහැ.
රස්සාවක් කරලා කීයක් හෝ හොයාගෙන එන එක හෝ ලෝකයේ ඇවිදින්න තිබෙන ආසාව වෙනයි. උන්නතිකාමී අභිලාෂයන් නිසා පුරවැසිකම අත හැර රට යන එක වෙනයි. අපට ලෝකෙ ඕනැ තැනක ජීවත් වෙන්න අයිතිය තිබෙනවා. ජාතිය අතහැරලා වෙනත් ජාතියකට යන එකත් මිනිස් අයිතියක්. හැබැයි ඉතින් තමන් වැළඳ ගත් ජාතියට අවංක වෙලා එහේ ඉන්නවා මිසක් ඊනියා ඩයස්පෝරා හදාගෙන මෙහේ විනාශය වෙනුවෙන් වැඩ කිරිල්ල අනුමත කරන්න බැහැ.
ලංකාවේ දෙමළ ජාතියට බල පෑ කාරණයක් වුණේ මේ රට යන මේනියාව නිසා ඇති වුණ බුද්ධි ගලනයයි. සිංහල මධ්‍යම පංතික දේශප්‍රේමීන් බොහෝ දෙනෙකුගේත් සිහිනය පිටරටක පදිංචියට යාම. තමන්ට සැබෑ කර ගන්න බැරි වුණ මේ හීනය තමන්ගේ දරුවන් මගින් හරි සැබෑ කර ගන්න ඔවුහු උත්සාහ කරනවා.
මම නම් කියන්නේ අපි සමාජවාදීන් විධියට කළ යුත්තේ අපට උරුම වුණ ජීවිතෙන් පළා යාම නොවෙයි. අපි අපේ ජීවිත තිබෙන තැනින් ඔසවා තබන්න සමාජයක් ලෙස සටන් කළ යුතුයි. ඒ සඳහා සමාජවාදී විප්ලවය වෙනකල් ඉන්න ඕනැ නැහැ. සමාජවාදය සඳහා අරගලය කියන්නේ පුංචි පුංචි අරගල රැසක්. ඒවායේ එකතුව කියන්නේ 1+1=2 වගේ නොවෙයි. ඊට වඩා දෙයක්.
මතුගම පැත්තේ මේ පසුගාමී ජීවිතය නඟා සිටුවන්න මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහලායි ඉන්නේ. තරුණ පිරිසක් එකතු කරමින් ඉන්නවා, පස්දුන් කෝරළේ රට තොට, මිනිසුන් හා ජීවිතය ගැන තොරතුරු එක්රැස් කර ඉදිරිපත් කරන මාධ්‍ය ව්‍යාපෘතියකට. සම්බන්ධ වන අයට සිංහල - ඉංග්‍රීසි මාධ්‍යවලින් මාධ්‍යකරණය පිළිබඳ නොමිළේ පුහුණුවක් ලැබෙනවා. ඒ අය තමයි, මේ ව්‍යාපෘතියට අදාළ අන්තර්ගතයන් නිර්මානය කරන්නේ. ඒ ඔස්සේ සාධනීය වෙනස්කම් සඳහා ජනතාවට, දේශපාලන අධිකාරියට හා පළාත් පාලනයට බලපෑම් කරන්නයි උත්සාහය. සම්බන්ධ වෙන්න, උදව් කරන්න කැමති නම්, 077 5583470ට කතා කරන්න. නැතිනම් ajithperakumඇට්gmail.comට ඊමේල් එකක් එවන්න.
ඉතාලියේ මිලානෝ නුවර සිට ලක්මිණි වෙදමුල්ල ලක්බිම පුවත්පතට ලියූ මේ ලිපිය ඉතා වැදගත් එකක්. ඒකට හේතුව තමයි, ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ රට යාමේ සිහිනයේ හරස්කඩක් මෙමගින් නිරූපණය වීම. මේ කතාවේ ඉන්න පුද්ගලයාගේ දෙවන පරම්පරාව නම් ඒ රටේ පුරවැසියන් වෙලා වගේ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ඉතාලියෙ වෙසෙන ලාංකික යාචකයෙකුගේ ආත්ම කථනය
ලොව සියලුම රටවල සේම ඉතාලියට ද යාචකයන්ගෙන් අඩුවක් නැත. බොහෝ විට මෙසේ යාචකයන් ලෙස ජීවත් වන්නේ වෙනත් රටවලින් මෙරටට පැමිණ රැකියාවන් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ය. නැතහොත් මත්පැන් හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ය. ජීවිතය නාස්තිකරගත් ඉතාලි ජාතිකයන් ද ඒ අතර නැතිවාම නොවේ.
මෙසේ ජීවත්වන යාචකයන් අතර නගරයේ එක්තරා තැනක ශ්‍රී ලාංකිකයකු ද සිටින බවට ලැබුණු තොරතුරක් නිසාවෙන් අපි දිනක ඔහු සොයා ගියෙමු. ඒ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් මෙසේ යාචකයන් ලෙස නොසිටින නිසාය. යාචකයන් සාමාන්‍ය වශයෙන් අපිරිසිදු ලෙස ඇඳුම් පැළඳුම් භාවිතා කළද මේ පුද්ගලයා පිරිසිදු ලෙස හැඳ පැළඳ සිටි අතර බිම බලාගත්වතම සිටිනවා විනා අනෙක් අය මෙන් සිඟමන් යැදීමක් කළේද නැත.
මුලදී කතා බහට බොහෝ අදිමදි කළ ඔහු පසුව ඔහුගේ තොරතුරු අප සමග කියන්නට කැමති වූයේය. වැඩි දුර කියවන්න.
මෙසේ ජීවත්වන යාචකයන් අතර නගරයේ එක්තරා තැනක ශ්‍රී ලාංකිකයකු ද සිටින බවට ලැබුණු තොරතුරක් නිසාවෙන් අපි දිනක ඔහු සොයා ගියෙමු. ඒ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් මෙසේ යාචකයන් ලෙස නොසිටින නිසාය. යාචකයන් සාමාන්‍ය වශයෙන් අපිරිසිදු ලෙස ඇඳුම් පැළඳුම් භාවිතා කළද මේ පුද්ගලයා පිරිසිදු ලෙස හැඳ පැළඳ සිටි අතර බිම බලාගත්වතම සිටිනවා විනා අනෙක් අය මෙන් සිඟමන් යැදීමක් කළේද නැත.
මුලදී කතා බහට බොහෝ අදිමදි කළ ඔහු පසුව ඔහුගේ තොරතුරු අප සමග කියන්නට කැමති වූයේය. වැඩි දුර කියවන්න.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
ඔබේ ලියවිල්ල තුලත් ඔබත් පසුගාමී අසුබවාදී අදහස් දරන රටයෑමට සුදුසු ඩයල් එකක් ලෙස මට පෙනීයනවා..
ReplyDeleteඔභට මේ සමාජයේ සුන්දරත්වය දකින්න සුන්දර ඇස් දෙකක් නැහැ..
ඔභ කොහේ හෝ ගියොත් දකින්නෙ කාගේ හෝ වැරදි..
ඒ වැරදි දැකිල්ල ඇවිල්ලා පසුගාමී බවේ අනන්‍ය ලකුණක්..
මේ වැරදි ඔක්කෝම අස්සෙත් සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු තමයි මෙ ්රටට හරියන්නෙ.. මං නං කියන්නෙ හැමතිස්සෙම හැමතැනම වැරදි දකින පැරකුම්ලා ලක්මිනි වෙදමුල්ල ලා පිටරට ගිහින් අපිට අපේ රට තුල ඉන්න ඉඩදෙන්න කියලා තමයි..
සර්ව සුබවාදී අමිල, මෙතනින් ලින්ක් වෙන ඔයාගේ ගූගල් පිටුවේ මෙහෙම තියෙනවා. "මේ පිංබර පෝය දවසෙවත් ඩබල් ඕ ටී ගෙවන් නැති මහ පව්කාර කෝම්පැනියක් තමයි අපේ කොම්පැනිය.. මං තවත් අපේ ලෝගො එකවත් සෙයා කරන්නැහැ බුකියෙ.. යාලුවො පස්න ඇහුවොත් කියනවා වෙන කොම්පැනියකින් ගන්න කියලා.. මිනිස්සු කොම්පැනියට බනින්නෙ ඔය වගේ මෝඩ වැඩ නිසා තමයි.. තමුංගෙ සීලය,පංසල් ගමන පැත්තක දාල වැඩට එන සේවකයින්ට ඩබල් ඕ ටී එකක්වත් දෙන්නෙ නැති කොම්පැනිය කොහමද පාරිබෝගික විස්වාසෙ දිනා ගන්නෙ..."
Deleteඑහෙම කියන්න එපා. මේ වැරදි ඔක්කොම අස්සෙ සතුටින් ඉන්න එපායැ.
තව මෙහෙම කියනවා. "පාදඩ නීතිය සහ අරක්කු
යාලුවෙක් බාර් එකෙන් කාලක් අරගෙන පොඩ්ඩක් එහා කඩ පිලකට ගොඩවෙලා ඒක බිබී ඉඳලා. සිවිල් පිට පොලිසියෙන් ඇවිත් මිනිහා කුදලගෙන ගිහින්."
හා හා, එමෙ කියන්න එපා. මේ වැරදි ඔක්කෝම අස්සෙත් සතුටින් ජීවත් වෙන මිනිස්සු එහෙම කියන එක හොඳ නැහැ.
තව මෙහෙමත් කියනවා.
"හොදින් හෝ නරකින්
වැඩක් ගොඩයන්නෙ නැති කොට
කනෙක්ෂන් ඔක්කොම දැම්මත්
වැඩේ කොට උඩ යනකොට..
හතර වටින් අපිම වැරදිකාරයා වෙනකොට
අනේ අපි ඔක්කොටම
අපේ නොවන අපේම "රටක්" තියෙනවා..
ගල් ගහන්න බනින්න විතරක් නෙමෙයි
පුලුවන් නම් පැනලා යන්න හරි..,
එමෙ කියන්න එපා. මේ වැරදි ඔක්කෝම අස්සෙත් සතුටින් ජීවත් වෙන මිනිස්සු එහෙම කියන එක හොඳ නැහැ. ඔයා රට තුල ඉන්න ඉඩදෙන්න. අපි රට යන්නම්.
//මේ වැරදි ඔක්කෝම අස්සෙත් සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා//
Deleteඔව්,ඔවුන්ට කියන පොදු නමක් තියෙනවා.නරුමයො.
අජිත් පැරකුම්,
Deleteඔබගේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට මම කැමතියි. මාව සම්බන්ධ කර ගන්න.
මහේෂ්
0382238934
අයිසෙ පැරා, තමුසෙට ඇත්තටම ගෝටා මහත්මයෙක්ද?
ReplyDeleteනැතිනම කුමාර් ගුණරත්නම් එලවපු නිසා මහත්මයෙක්ද
Ajith Perakum, awankawa kiyanna, oyawa ganna kamathi ratak thiyenawada? ? ?
ReplyDeleteAdu gane indiyawa wath???
'ඉන් පසුව ගිහින් පරිගණකය ෆෝමැට් කර ගත්තා. ගෙදර කරනවාට වඩා ඉක්මණින්, හොඳට වැඩේ කෙරුණා. රුපියල් හාරසිය පණහයි ගත්තේ.'
ReplyDeleteමොනාද ෆෝමැට් කරලා දාපු ඕඑස් එක? වින්ඩොස් ද? එහෙනං තනිකර හොර වැඩක් කරලා තියෙන්නේ. පරිගණයක අත්තඩංගුවට ගන්න ඕනි අයිතිකරු එක්ක හරි නං.
'කාර් එකේ ලීසිං එක ඉවර වුණාට පස්සෙ යාලුවෝ නෑයෝ එහෙම කිව්වා අලුත් එකක ගත්තා නම් හොඳ නැද්ද කියලා. මට ණය වෙන්න කම්මැලියි. '
ණය වෙන්න කම්මැලි නං මොකද සහෝදරයා මුල් වතාවේ ණය වෙලා කාරෙක ගත්තේ? කන්න ගියාම කබරගොයත් තලගොයා වීමේ පැරකුම් සහෝදරයාගේ වැඩ පිලිවෙල.
ඇයි තමන්ගෙ ඔරිජිනල් සී ඩී එකෙන් ඕ එස් එක දම්මවාගත්ත වෙන්න බැරි?
Deleteදෙවෙනි වතාවට ණය වෙන්න කම්මැලි වීම කබරගොයා තලගොයා වීමක් වෙන්නෙ කොහොමද?
ඇනෝ, මට මෙයාට කඩේ යන්න ඕනැකමක් නෑ. ඒ වුනාට කුහක කමෙන්ට් දාන්න එපා.
අනේ පල පොන්න හෙනහුරෝ යන්න. ඇයි පැරා උඹලා අම්මගේ හොර මිනිහද?
Deleteඋඹ පුක නොදී පල අනුන්ගේ එව්වට.
කතාවෙන්නම් පෙනෙන්නේ නියම සින්හලයෙක් වගේ.නලින්ගේ ගොලයෙක් වගෙයි
Deleteද්විත්ව පුරවැසි කම නවත්වන්න හේතුව "ඒ කාලේ" ලංකාවෙන් ගිය දෙමල මිනිස්සු ආපහු ලංකාවට ඇවිත් තමන්ගේ දේපල වල උරුමය ඉල්ලීම මැඩපැවැත්වීම බවයි මගේ අදහස.
ReplyDeleteඉතාලි කතාව කියෙව්වා. ඉතාලියේ සිටි නිසා එතන ඇති එකම වෙනස තමයි බේබදු රැකියා විරහිත සැමියා මිනිහා ගෙදරින් පිටවීම. ලංකාවේ හිටියා නං පවුලේ පොර මිනිහා නිසා, ගෑණි හම්බ කරලා දෙන දෙයින් බීබී මිනිහා ගෑණිටත් ගහමින් ඉඳීවි.
ReplyDeleteහලෝ කකා,
Deleteමම කියෙව්වා කකා ඊයේ පෙරේදා දාලා තිබ්බ පොස්ට් එක. ඇනෝ කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන. තමන්ට වඩා වැඩිමහලු කාන්තාවක් කෙනෙක් කසාද බඳින එක හොදද කියලා අහපු ප්‍රශ්නේ.
ඉතිං කකා, කකාගේ බිරින්දෑත් කකාට වඩා වයසයි නේද?
කකා කොහොමත් කොල්ලා වගේ ඉන්නේ. වයස පෙන්නේ 42 ක් වගේ. නමුත් කකාගේ බිරිඳ, වෛද්‍යතුමිය නං වයස අවුරුදු 55 ක විතර කෙනෙක් වගේ පෙන්නේ.
ඇයි කකා එහෙම වයසක කෙනෙක් බැන්දේ?
ඇයි අජිත් ඉන්දියාවේ ගිහිණුත් හිටියා නේද කාලයක්? කලින් ලිපියක තිබුණේ
ReplyDeleteමචන් පැරා මෙන්න මේක කියවපන් මචන්.. හැබැයි හූල්ලන්න නම් එපා..හරි අමාරුවෙන් මේවා අරන් තියෙන්නේ.. රුපියල් ලක්ෂම 230 යි... ලංකාවට ගේන්නම යනවා තව 100 විතර...
ReplyDeleteසම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S
කාර් එකක විස්තර හොයා ගත්ත කියල උඩ පැන පැන දගලන්නේ ඇයි.
Deleteනැහැ මචන් මේක මගේ කාර් එක...
Deleteනිකන් පපුවට අනිනවා අනිනවා වගේ නේද....?
මුල් ඡේද ටික කියවනකොට මට එකපාරටම මතක් උනේ චන්ද්‍ර අනගිරත්න මහත්මයද කොහෙද ලියපු අර "මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් " කියන කෙටිකතාව . //ලංකාවේ උප නාගරික පහළ මධ්‍යම පංතික ජීවිත ගත වෙන්නේ ඔය වගේ// කියන කතාවට නම් එකඟයි...
ReplyDeleteගෝඨා ද්වීත්ව පුරවැසිකමක් දරමින් අනිත් අයට එය අහිමි කිරීම පාහර කුහක කමක්. අජිත් එය අනුමත කිරීම ඊටත් එහා ගියා අමන කමක්. මමත් ඉන්නෙ යුරෝපයේ. රටේ නම දාලා ලොකු වෙන්න මට ඔන නෑ. තමුන්ගෙ රට අත් හැරලා වෙනත් රටකට යාමට සිදුවීම මහා අවසනාවක්. නමුත් පෘතග්ජන මිනිසුන් ලෙස අප ජීවිතය සොයා යාමෙදි විවිධ මොන් පෙත් ඔස්සේ පිය නගනවා. හරි යන්නත් පුලුවන් . වරදින්නත් පුලුවන්. කොයි රටේ මොන සම්පත් ලැබුනත් තමන් උපන් රට තම ලෝකෙන් උතුම් රට. ඒ රටේ හුළඟත් සැපයි. එ සරළ කාරණය තේරුම් ගන්න බැරි ගෝඨා වගෙ කුහක අමනයෝ ගැනනම් පුදුම වෙන්න දෙයක් නෑ. රටේ සාරය රස කර කර උරා බොන එකාගෙයි අම්මව විකිනන් කන එකාගෙයි එච්චර වෙනසක් නේ.
ReplyDeleteඒ උනාට සමාජවාදියෝ කියලා කියා ගන්න උන් රට ගිහින් කීයක් හරි හොයාගෙන සැප විදින එවුන් ගැන මේ තරම් ඉරිසියවෙන් බලන්නෙ ඇයි අප්පා. මුන් නමට සමාජවාදියො උනාට අන්තිම කුහකයෝ.
මිනිසාගේ යුතුකම තනිවම කොහොම හරි කීයක් හරි හොයාගෙන සැප විඳින එක නොවෙයි. අපි සමාජයක් ලෙස ගොඩ ආ යුතුයි. මේ කටුක ඇත්ත විවේචනය කළාම ඔච්චර හිත රිද්ද ගන්නේ ඇයි? ජාතිකත්වය හැර දැමුවා නම් අලුත් ජාතිකත්වය සමග ජීවත් වන්න. නැතිනම්, ආපසු එන්න.
Deleteane minis ithihase kohea hari ehema wela thiyanwa d?
Deletenodanna kamata ahanne...
මේක දැකල තියෙනවද?
ReplyDeletehttp://www.youtube.com/watch?v=gqKPYFdJQWU&list=TLMYKqRG7b1tI6PrGh4thdIQTJj-VA6Tdu
මාතෘකාවට අදාළ නිසයි දැම්මේ.
හැබැයි පැරා දීපු ලින්ක් එකනම් උදාහරණයක් හැටියට ගන්න අමාරුයි. කකා කිව්වා වගේ ඒ මනුස්සය ලංකාවේ හිටියත් ඕකම පොඩ්ඩක් වෙනස් විදියට සිද්දවෙන්න තිබුන. බොන්න පුරුදු වෙච්ච මිනිහෙක් නිදහසට කියන කතා.
ReplyDeleteලක්මිනි වෙඩමුල්ල පැරා ටත් ඉස්ක්යිප් එකේ රෙද්ද උස්සලා වගේ.
ReplyDeleteපරා කියන හුඟක් කරුණු වලට එකග විය හැක.. ඔබ නොහිතන හේතු නිසා ඉන්න බොහෝ දෙනෙකුත් මට විදේශවලදී හමු වී ඇත.. (ටිකක් දරා ගන්න අමාරු උනත් අපේ සංස්කරුතියෙන් පැනල අපු අය බොහෝ සිටිති!)
ReplyDelete1 - ඔහු අංග විකලය, ඔහු මෙහි ස්වාදීන ජීවිතයක් ගත කරයි.. ඔහු කියන්නේ ලංකාවේ අඩු ගානේ ටව්මට වත් යා නොහැකි බවයි..
2- ඔහුගේ බිරිඳ අඩු කුලේ යි ඔහුගේ දෙමාපියන් පවසන අතර.. කිසිම දිනෙක ඔවුන් ඇයට හොඳින් සලකන්නේ නැත.
3- ඔවුන්ට විවාහ වී වසර ගණනාවක් උනත් දරුවන් ලැබී නැත.. ලංකා සමාජය ඔවුන්ට වහ කදුරුය..
4- ඔහුගේ සහෝදරයන් හා නෑදයන් ඔහු හා උරණවී ඇති අතර රණ්ඩුවට එම නිසා ඔහු ලංකාවට අකමැතිය..
5- ඇතැමක් අවිවාහක, නමුත් දරුවන් ඇති කාන්තාවන්ය.. ඔවුන්ට ලංකාවේ තත්වය කිවයුතු නොවේ.
6- තවත් කෙනෙකුට ගමේ කිසි පිළිගැනීමක් නැත්තේ.. ඔවුන්ගේ දෙමාපිය හා සහෝදරයන් කල නොහොබිනා වැඩ නිසාය..
හොඳ විචාරයක්. තවත් කරුණක් එක් කළොත්,
ReplyDelete8- නැන්දම්මා සහ ලේලි ජන්මාන්තරය, එම සටන මඟහැරිය යුතු නිසා ලංකාවට නො එති
ReplyDelete"මතුගම - කලුතර පාර හදපු හැටි. පාර පරිහරණය කරන ජනයාට කරදර අවම වන පරිදි ටිකින් ටික තමයි හැදුවේ. ඒ මං හිතන්නේ බටහිර අධිරාජ්‍යවාදී සමාගමක් තමයි ඒ කොන්ත්‍රාත්තුව කළේ."
මේක කරේ අයි සී සී කියන ලාංකික සමාගම. අයිති වික්‍රම වීරසූරිය/ සේරම් පවුලට. ඒත් අද ඒ ලාංකික ව්‍යවසායකයො වෙනුවට චීනෙන් ගෙනල්ල අවාසනාවකට අපිට ඉතුරු වෙන්නෙ පාරයි ණයයි විතරයි.