පණ පිටින් කුණු වෙමින්
කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ. කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි. කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති. මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත. ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන ...