ලෝක ළමා දිනයේ ඇමති බන්දුල ළමුන් අඬවයි

අද ලෝක ළමා දිනයේ රජය ළමයින්ට දුන් තෑග්ග 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමයි. 

එය පිටුපස ද දැවැන්ත වංචාවක් තිබේ යයි සැක කළ හැකි ය. විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වීමට පෙර ඒවා පෞද්ගලික දුරකථන සේවා ඔස්සේ මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කෙසේ ද? විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග පවත්වා, උත්තර පත්‍ර බලා, ප්‍රතිඵල ලැයිස්තුගත කර නිකුත් කරයි. එහෙත්, එකී නිල ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් වන්නටත් පෙර පෞද්ගලික දුරකථන සේවාවන්ට ඒවා ලැබේ. මේවා ලබා දෙන්නේ කවුරුද? ඔවුන් ඒ සඳහා අල්ලස් ගන්නවා ද?

අනෙක ලෝක ළමා දිනයේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රවර්ධනය කිරීමෙන් ළමයින්ට අත් වන සෙත කුමක් ද? ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ ලෝකය මත කඩා පාත් වූ අඳුරු වළාවකි. එයින් සමත් වී වඩා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන්නේ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 10%කට අඩු සංඛ්‍යාවකි. ඇමති බන්දුලගේ මහ ලොකු තෑග්ග දරුවන් අඬවන එකකි. 

අවුරුදු පතා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලෝක ළමා දිනයේ ම දෙන්නට යන ඇමති බන්දුල ළමයින් ගැන දන්නා තරම එයින් පෙනේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මටත් හිතුන ඒක. අැත්තටම ෙමයා පිස්සෙක්ද දන්ෙන නැහැ. ලමයි කියන්ෙන් ශිෂ්‍යත්වෙ සමත් ෙවන අය විතරද?

    ReplyDelete
  2. ළමා දිනෙත් ළමයින්ට අහිමි කරලා මේ බන්දුලයා.. කී දෙනෙක් නම් මීට පස්සේ ගුටි කයිද ළමා දිනේ දවසට .. ?

    \\\\එකී නිල ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් වන්නටත් පෙර පෞද්ගලික දුරකථන සේවාවන්ට ඒවා ලැබේ. මේවා ලබා දෙන්නේ කවුරුද? ඔවුන් ඒ සඳහා අල්ලස් ගන්නවා ද?\\\

    ඩයලොග් එකෙන් තමයි විභාග දෙපාර්තමේන්තුවේ ඩේටා බේස්/හොස්ටින්ග් වලට අදාළ වැඩ ටික කරන්නේ.. මිනිස්සුන්ට උපරිම සේවයක් දෙන්න ඕනේ නිසා වෙන්න ඇති මොබයිල් කම්පැනි වල අයත් මේ වැඩේට ගාව ගන්නවා ඇත්තේ.. :)

    ReplyDelete
  3. අධ්‍යපන ඇමතිව මුලින්ම පෙර පාසල් යවන්න ඕනේ.රටේ අධ්‍යාපනය නගා සිටුවන්න කලින්.

    ReplyDelete
  4. රීගිං ටෝන් මාෆියාව මෙන් විභාග ප්‍රතිපල හරහා කවුරුන්හෝ කෝටිපතියෙකු නොවුනානම් පුදුමය....

    ReplyDelete
  5. ඇත්ත තමයි..දැන් විභාග වලදිත් පෞද්ගලික දුරකථන සේවා තමයි ඉහලින්ම පාස් වෙන්නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා