ට්‍රිප් යාම,පරිභෝජනවාදය හා භාණ්ඩ (හා සේවා) වන්දනාව



පරිභෝජනවාදය ධනවාදයේ ගැටලු අතරින් උග්‍රම ගැටලුවකි. ධනවාදයේ ආත්මය ලාභයයි. ලාභ ලැබීමේ අරමුණෙන් යුතු නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ සිය නිර්මාන ශක්තිය‍ යොදවන්නේ නව ඉසව් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙනි.

පරිභෝජනය ඉහළ යාමත් සමග මතු වන තවත් ප්‍රශ්න තිබේ. බලශක්ති හිඟය එකකි. පරිසර දූෂණය තවෙකෙකි. එසේ ම, මිනිසුන් අලසයින් බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන් රෝගාබාධ ද ‍වැඩි වේ. 

භාණ්ඩ වන්දනාව පරිභෝජනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන තත්වයකි. මෙය භාණ්ඩ පරිභෝජනය එක්තරා ආගමික ස්වරූපයක් බවට පත් කිරීමකි. මෙහිදී මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරනවා පමණක් නො ව ඒ පිළිබඳ කතා කිරීම, ඒ භාණ්ඩ වෙනත් අයට ප්‍රවර්ධනය කිරීම හා භාණ්ඩ ඔස්සේ සමාජ තත්වයන්ගේ ප්‍රමිති නිර්මානය කරගැනීම ද වේ. 

ධනවාදයට එරෙහි අරගලයේදී අපි නවීන සමාජයෙන් දුරස්ථ වන්නේත් නැතිව, භාණ්ඩ වන්දනාව හෙළා දකිමින්, පාරිභෝජනවාදයෙන් අත්මිදෙන ආකාරය සෙවිය යුතු ය. 

නොනවතින සමාජවාදය ලෙස අප විසින් හඳුන්වා දී තිබෙන සමාජවාදය සඳහා වූ අඛන්ඩ අරගලය තුළ අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී පවත්නා පාරිභෝජනවාදී සමාජ රටිව තුළ අප අරගල කරන්නේ කෙසේ ද? 

මෙහිදී පරිභෝජනය හා පරිභෝජනවාදය අතර වෙනස අවබෝධ කර ගත යුතු ය. අප පවතින සමාජය සමග පැවතිය යුතු ය. එයින් වෙන් වී තපස් දිවියක් වෙත යාම පෞද්ගලිකව මිස සමාජයක් ලෙස ප්‍රායෝගිකව කළ නො හැක්කකි. සමාජයක් ලෙස අප පාරිභෝජනවාදය සමග පොරබදන්නේ කෙසේ ද?

මෙම සටහන තබන දීර්ඝ සති අන්තය තුළ මිනිස්සු සෑහෙන්න විනෝද ගමන් යන ආකාරය දක්නට ලැබේ. විනෝද ගමන් යාම ප්‍රධාන වශයෙන් ම සේවා ආර්ථිකය හා සම්බන්ධ දෙයකි. 

මිනිස්සු විනෝද ගමන් යාම පිණිස විවිධ අලුත් අවකාශ විවෘත කර ගනිති. පසුගිය කාලයේ යාපනය එසේ අලුතින් විවෘත විය. 'ගියෙ නැද්ද යාපනේ?', 'දැක්කෙ නැද්ද ප්‍රභාකරන්ගෙ සොහොන?' වැනි ප්‍රශ්න නිරතුරුව අසනු ලැබේ.

කලින් කලට රටේ මෙවැනි රැළි ඇති වේ. මිනිස්සු අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොට, පොත් ප්‍රදර්ශන, දැයට කිරුළ ආදියෙහි තෙරපෙති. මට නම් සිතෙන ආකාරයට මිනිස්සු මේ තැන්වලට යන්නේ තැන් බලන්නටත් වඩා මිනිසුන් බලන්නට ය. එය ද නරක දෙයක් නො වේ. 

මා ජීවත් වන මතුගම ප්‍රදේශය සුන්දර ස්ථාන බහුල පළාතකි. මම සාමාන්‍යයෙන් තැන් බලන්නට යන්නට එතරම් කැමැත්තක් නො දක්වමි. රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන්නට නම් කැමැත්තෙමි. එහෙත් දරුවන් නිසා දැන් ඒ සඳහා ලැබෙන අවස්ථාව ඉතා අඩු ය. 

මම මගේ සිසුන්ගෙන් අප ජීවත් වන ප්‍රදේශයේ තිබෙන සුන්දර තැන් දැක තිබේදැයි අසා ඇත. එහෙත්, රටේ විවිධ තැන් දැක ඇති, ඇතැම් විට පිටරට ද තැන් බලා ඇති මේ ළමයි අතර ඒ තැන් දැක බලාගෙන තිබෙන අය සිටින්නේ ඉතා අඩුවෙනි. වාර්ෂික අධ්‍යාපන චාරිකා යාමේදී ද මෙවැනි ළඟ ඇති ස්ථාන පිළිබඳ යෝජනා වන්නේ හෝ ස්ථිර වන්නේ හෝ නැත. 

බොහෝ දෙනා විනෝද චාරිකා යන්නේ යන්නන් වාලේ ය. ඇතැම් පිරිමි බසයට නැගුණු වේලේ සිට මත්පැන් බොති. තැන නො තැන නො බලා ගයති; නටති. බොහෝ සංචාරකයෝ බලන්නට යන සුන්දර තැන් අසුන්දර කරති. තමන් ගෙන ගිය අපද්‍රව්‍ය එහි දමා එති. ගල්වල නම් කොටති. ගල් කැට ආදී දේ ගලවා අරගෙන එති. වැඩි දෙනෙක් ඇත්තට ම මේ ස්ථාන බලන්නේත් නැත. ඔහේ ගොඩ වී රවුමක් කැරකී ආපසු එති. 

ට්‍රිප් යාමේ හොඳ ම හරිය වන්නේ ගිය තැන් ගැන සෙසු අයට කීමයි. තැන් බලන අතරෙත් තමන් එහි පැමිණි වාර ගණන ගැන කියවති. අද කාලේ නම් ට්‍රිප් ගිහින් ඇවිත් ෆේස්බුක්හි පිංතූර දැමිය යුතු ය. 

ස්ථාන වෙත යන්නේ වන්දනා කිරීමේ අරමුණින් ය කියා වෙනසක් නැත. 

ආදි ම කාලයේ සිට ම මිනිස්සු මෙසේ තමන් ජීවත් වී පුරුදු ප්‍රදේශයෙන් පිටත තතු සොයා සංචාරය කළ හ. ඒ ස්වාභාවික ආශාව වර්තමානය වන විට දැවැන්ත කර්මාන්තයක් බවට පත් වී තිබේ. ලංකාව සිය ආර්ථික අභිලාෂයන් පදනම් කරගෙන ඇත්තේ ද සංචාරක කර්මාන්තය මත ය. 

ධනේශ්වර සංචාරක වෙළඳපොළට විකල්ප වූ වින්දනාත්මක පුරවැසි සංචරණ ක්‍රියාවලියක් ගොඩනඟා ගන්නට අපට බැරි ද? ඒ සඳහා අවශ්‍ය වන්නේ අප මේ කරන්නේ කුමක් ද කියා සිතීමයි. 

මම ටික කලක් ඉන්දි සමරජීවගේ යමු වෙබ් අඩවියේ පරිවර්තක ලෙස වැඩ කළෙමි. එය අපූරු වෙබ් අඩවියකි. කොළඹ නගරයේ හා අවට බලන්නට, කන්නට, බොන්නට හා කරන්නට ඇති දේ ගැන නිර්මානය වූ මෙම වෙබ් අඩවියේ කෑම බීම අංශය පාරිභෝජනවාදයේ ආන්තික කෙළවරක් නියෝජනය කරන මුත්, එහි සංචරණය හා සම්බන්ධ පිටු තුළ යේ බුද්ධිමත් සංචරණ ක්‍රියාවලියක ලක්ෂණ ගැබ් වී තිබේ. 

අප විසින් ආරම්භ කරන ලද මාධ්‍ය ව්‍යපෘතියක් ඉදිරියට ගෙන යාම සඳහා මේ දිනවල සැලසුමක් සකසමින් සිටිමි. ඒ තවත් පිරිසක් සමග එක්ව අප ජීවත් වන මතුගම ප්‍රදේශයේ සුන්දර තැන් ගැන තො‍රතුරු අඩංගු වෙබ් අඩවියක් නිර්මානය කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරා සීගිරිය බලන්නවත් ගිහින් නැද්ද?

    ReplyDelete
  2. අධික පරිබෝජනය හා ඒ ආශ්‍රිත ප්‍රශ්ණ ගෑන පැරා ගේමථය සම්භන්දයෙන එකට හිට ගන්න පුලුවන්...මේ තියෙන්න මම ඒ ගැන කථා කරපු විදිහ.....

    බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?

    අලුත් වෙබ සයිට එකට සුභ පැතුම්.....ලංකාවේ අභ්‍යන්තර සංචාරක කර්මාන්තේ යම් පිබිදීමක් තියෙනවා...මිනිස්සු දැන් ඉස්සරට වඩා ගමන් බිමන් යන බව තේරෙනවා...

    ReplyDelete
  3. ඕක තේරුම් ගන්න ගොඩාක් අයට බෑ. තේරුනා වගේ කථා කලත් ක්‍රියාත්මක වෙනනෙ අවබොධයෙන් නොවේ. හරියට ඡන්දෙ වගේ. දැන් ඇහුවොත් ආණ්ඩුවට ඡන්දෙ දුන්න එකෙක් හොයා ගන්න නෑ.

    ReplyDelete
  4. මාත් මතුගමට සංචාර ගොස් තිබෙනවා.

    ඒ නගරයේ බස් නැවතුම තුන් හතරවරක්ම වැඳ පුදා ගත්තා.

    ReplyDelete
  5. මම ලංකාවේ ලස්සනම කෙල්ලන් දැක්කේ (පාසල් කාලයේ) බුලත්සිංහල, මතුගම ප්‍රදේශයේදී. මමත් ටික කලක් බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළට ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. නන්දසිරි
      ලංකාවෙ ලස්සනම ගෑනු ලමයි ඉන්නෙ තිස්මඩ. හතරලියද්ද කිට්‍ටුව තියෙන්නෙ.

      Delete
  6. මට මතුගම කිව්වහම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ සමන් කුමාර. පැරාට පුළුවන් නම් ඒ ගැනත් ලිපියක් ලියන්න... මතුගම පහුකරගෙන අගලවත්ත ප්‍රදේශයට නම් කීප වරක් ගිහින් තියනවා....

    ReplyDelete
  7. mama mathugama gihilla na....

    ReplyDelete
    Replies
    1. ඕකට ඉතින් අඬන්න ඕන නැහැනේ.මතුගම කියන්නේ මෙලෝරහක් නැති පැත්තක්.

      Delete
    2. මතුගම ඉතින් තාම 94රෙ හම්බන්තොට වගේ තමයි..... පැරා වගේ ගං කබරයො පිරිලා....

      බලන්න තැන් තිබුනට වැඩක් නෑ හරියට කෑම වේලක් කන්න තැනක් නෑ........ ඒ වගේ පරිසරයකින් මේ වගේ පරිභෝජන වාදී විරෝධියෙක් බිහිවීම අරුමයක් නෙවෙයි.....

      Delete
    3. මතුගම ඉතා සුන්දර නගරයක් වුවත් එහි වාසය කරන ජනතාව ඒ සුන්දරත්වය සම්පුර්ණයෙන්ම කෙලෙසා ඇත.නගරයට කළුතර සිට පැමිණෙන්නන්ව මුලින්ම පිළිගන්නේ මාර්කට් එකේ කුණු මාළු ගඳය.නගරයේ කොහෙවත් කක්කුස්සියක් නැත.නගරයට එන හා නගරයෙන් පිටවන බස් වල මොන තරම් සෙනඟ සිටිනවද නම් පස්ස පැත්ත කහ ගන්නට වත් ඉඩක් නැත.

      Delete
    4. හදට පොලු ගහලා ගූ කාපු එවුන් අල්ලපු වැටේ තියන් ඉන්න මතුගම බයියලගෙ පරිභෝජනවාදෙ බලන්න පුළුවන් ගමේ කොටහළු මගුලකට ගියාම..... පව්.....

      Delete
  8. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. අනේ පල තොගේ සින්ඩියත් අරං. උඹේ සින්ඩි ලබ්බට වඩා මේකට ට්‍රැෆික් තියෙනවා හොඳට.

      නිකං තොපිලගේ සයිට් එකේ අයිකන් එක මේකේ ගහගෙන බල්ලෙක් වත් එන්නේ නැති සින්ඩියකට ප්‍රචාරයක් දෙන්නේ මොකද මම.

      අජිත්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා