ට්‍රිප් යාම,පරිභෝජනවාදය හා භාණ්ඩ (හා සේවා) වන්දනාව
පරිභෝජනවාදය ධනවාදයේ ගැටලු අතරින් උග්‍රම ගැටලුවකි. ධනවාදයේ ආත්මය ලාභයයි. ලාභ ලැබීමේ අරමුණෙන් යුතු නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ සිය නිර්මාන ශක්තිය යොදවන්නේ නව ඉසව් ඔස්සේ මිනිසුන්ගේ පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙනි. පරිභෝජනය ඉහළ යාමත් සමග මතු වන තවත් ප්‍රශ්න තිබේ. බලශක්ති හිඟය එකකි. පරිසර දූෂණය තවෙකෙකි. එසේ ම, මිනිසුන් අලසයින් බවට පත් වීමේ ප්‍රවණතාව හේතුවෙන් රෝගාබාධ ද වැඩි වේ. භාණ්ඩ වන්දනාව පරිභෝජනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන තත්වයකි. මෙය භාණ්ඩ පරිභෝජනය එක්තරා ආගමික ස්වරූපයක් බවට පත් කිරීමකි. මෙහිදී මිනිස්සු භාණ්ඩ පරිභෝජනය කරනවා පමණක් නො ව ඒ පිළිබඳ කතා කිරීම, ඒ භාණ්ඩ වෙනත් අයට ප්‍රවර්ධනය කිරීම හා භාණ්ඩ ඔස්සේ සමාජ තත්වයන්ගේ ප්‍රමිති නිර්මානය කරගැනීම ද වේ. ධනවාදයට එරෙහි අරගලයේදී අපි නවීන සමාජයෙන් දුරස්ථ වන්නේත් නැතිව, භාණ්ඩ වන්දනාව හෙළා දකිමින්, පාරිභෝජනවාදයෙන් අත්මිදෙන ආකාරය සෙවිය යුතු ය. නොනවතින සමාජවාදය ලෙස අප විසින් හඳුන්වා දී තිබෙන සමාජවාදය සඳහා වූ අඛන්ඩ අරගලය තුළ අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී පවත්නා පාරිභෝජනවාදී...