Wigනේශ්වරන්ගේ ඔටුන්න හා Someබන්ධන්ගේ ඔටුන්න


මේ ඔටුනු අප දුටුවේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත්සභිකයන් දිවුරුම් දීමේ උත්සවයේදී ය. එය අයත් වන සංස්කෘතික උත්සවය ගැන අපට අදහසක් නැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇගයෙන නූතන යුගයේදී ඔටුනු දාගෙන කරන දේශපාලනය අපට නම් සංස්කෘතික දෙයකට වඩා විකට නාට්‍යයකි.

අපේ කුඩා දියණියන්දෙන්නාට ද මේ වගේ ම ප්ලාස්ටික් ඔටුනු දෙකක් නැන්දා ගෙනැවිත් දී තිබුණා මතක ය. උන් ඒ කාලයේ වැසිකිලි යද්දී පවා ඒක දාගෙන ගියා මතක ය. ටික දිනකින් ඒවා කැඩී බිඳී ගියේ ය. දැන් නම් කෑල්ලක්වත් සොයා ගන්නට නැත. උන් නම් පුංචි එවුන් ය. මේ ඔටුනු දාගෙන ඉන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අනාගතයයි. 

සමහර වාමාංශිකයෝ ජාතිකවාදයන් ප්‍රතිගාමී ය, ප්‍රගතිශීලී ය කියා වර්ග කරති. මේ සටහන ඒ ගැන තර්ක කරන්නට නො වේ. විහිළු සැපයීමේදී ජාතිකවාදය ප්‍රගතිශීලී ය, ප්‍රතිගාමී ය කියා වෙනසක් නැති බවට මේ ඡායාරූප දෙස් දෙයි. 

අපි ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, ජාතිකවාදයට කරන්නට පුළුවන් ලොකුම හා ඇතැම් විට එකම මෙහෙය වන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් නව දේශපාලන ප්‍රජා අනන්‍යාතාවන් වෙත ජනතාව යොමු කිරීම පමණි. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කිනම් හේතුවකට පැලන්දේ යයි නොදන්නා නිසා වර්ගකරන්න බැහැ. සමහර සංස්කෘතික අවස්ථා වල ඔටුනු තුප්පොට්ටි වගේ එව්වා දානවා. එව්වා සත්‍ය රත්තරනින් හදන්න ඕනේ නැහැ. එහෙනම් සිංහල අය කොච්චර පිරිසක් නිලමේ සූට් එකක් තමන්ගේ වෙඩිම ට හයර් කරනවද? එකෙත් ඇත්ත රත්තරන් නැහැනේ. ඔක්කොම පාට ගාපු ප්ලාස්ටික් කෑලි. මම ඉස්කෝලේ යද්දී නාට්ටියකට මටත් එහෙම එකක් හදලා තිබ්බා.

    මම කියන්න හැදුවේ මේක මෙහෙම දාපු පමණින් ඔවුන් දෙන්නා උපහාසයට ලක්විය යුතු නැති බවයි. හැබැයි දැම්ම හේතුව අනුව එසේ උපහාසයට ලක්කළ හැකියි. දැම්මේ අහිංසක දෙමල ජනයාට අපි තමයි දැන් තොපේ රජුන් එකත්පස්ව හිටිල්ලා කියා කියන්න නම ඒක ශ්‍රී රෝහණ ජනරංජන මතට තිත චින්තනය වැනිම රැවටීමක්. එහෙනම් ඔය ඔටුන්න ගැන දුක වෙන්න ඕනේ ඔවුන් නොවේ ඒ මැටි ජනතාවයි. මෙහි මා දකින එකම දේශපාලන සංරචකය එපමණයි.

    ඒ නිසා මම කොමෙන්ට් කරන්නේ එහෙම උපකල්පනයක.දැනට දකුණේ වන්නේ ජාතිවාදී අයිසින් මත පවුලක් පෝෂණය වීමක්. උතුරේත් එහෙම කේක් එකකට අවශ්‍ය අඩුම කුඩුම එකතු වුනා නේද චන්දෙ කාලේ ? ඒකෙ අන්තර්ගතයත් දකුණේ වගේම පුස් කාලා වෙන්න ඇති. පොසිටිව් එකම කාරණය නම් මෙවැනි රැවටීම් හෙවත් දේශපාලන ස්වයං වින්දන හරහා ගොනාට ඇඳෙන වර්ගවාදය ක්‍රමයෙන් ඊට වඩා හොඳ එකකට හැරීමයි. ඒත් මිනිසුන්ගේ වර්ගවාදය කුලප්පු කරලා නැවත ඔවුන් ගොනාට අන්දන්නෙ නැතුව කෙලින්ම කිව්වා නම වටිනවා නේද මේ සියවසේ අපි ජීවත් වෙන්නේ වාර්ගික ඉරි දිගේ රටවල් ප්‍රාන්ත බෙදා ගෙන නොවේ කියලා.

    ඒත් සංස්කෘතික උළෙලක නිකම් දැම්ම දෙයක් නම මගේ කොමෙන්ටුව අදාළ නොවේ. ඇත්තෙන්ම රචකයෙක් ලෙස ඔබතුමා කරන වරදක් වනුයේ කියවන ඔක්කොම මේකේ අගමුල දන්නේ යයි සිතීම. පොඩ්ඩක් මේ ගැන විස්තරයක් එක්ක ලිව්වනම් වටිනවා.

    අර දෙමල ජාතිවාදය = වම කියන මොංගල් ඩයල් අතැරලා දාන්න. ජාතිවාදය ගැන කතාකරන්න කලින් ඔවුන් වම කියන අතීත කාමී පොසිල් දේශපාලනයෙන් නිදහස් වෙන්න එපයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් මත පදනම්ව ලිපියේ සුළු සංශෝධන කීපයක් කර තිබේ.

      කුමන සංස්කෘතික සංදර්භයකදී වුවත් මෙවැනි ජවනිකා සිනාවට ලක් කළ යුතු විකට නාට්‍ය බව අවධාරණය කරමි. සිංහලයන් තුප්පොට්ටි ඇඳනෙ මඟුල් කෑම ද මේ අන්දමින් ම විහිළුවකි. දේශපාලනයේදී නම් ජාතික බැනියම, කුරහන් සාටකය දක්වා ම විහිළු විහිදී තිබේ.

      එසේම, ඔටුනු පැළඳීම නම් එසේ මෙසේ විහිළුවක් නොව කෲර විහිළුවකි.

      Delete
    2. ස්තුතියි වෙනසට. දැන්නම් කතාව තේරෙනවා.

      ඔය නිලමේ ඇඳුම සංස්කෘතික දෙයක්නේ. මගේ වෙඩින් එකේ මම ඇන්දේ නැති වුනාට, මම කුරුණෑගල රත්නපුරේ හෝ උඩරට දිහාවේ නම මාත් අඳීවි. කොටින්ම ඉන්ටවීව් වලට විතරක් මිනිස්සු ටයි දන්නේ මොකද? සෙට් එකම ගෙඩිය පිටින් විහිළුවක් තමා.

      හැබැයි ඒ පදනමින් මුළු ශිෂ්ටාචාරය ම විහිළුවක්. පහත කොටස ඩග් ඇඩම්ස් ගේ හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි උපහාසාත්මක කතාවේ කොටසක්. "It is an important and popular fact that things are not always what they seem. For instance, on the planet Earth, man had always assumed that he was more intelligent than dolphins because he had achieved so much - the wheel, New York, wars and so on - whilst all the dolphins had ever done was muck about in the water having a good time. But conversely, the dolphins had always believed that they were far more intelligent than man - for precisely the same reasons."

      මම පොදු විහිළුව දරාගන්න සූදානම්. එතනින් එහාට දමිල ජනයාට රජෙක් කෘතිමව මවන අදහසින් ඇන්දා නම මේක සුවිශේෂී විහිළුවක් තමා. අවංකවම මම දන්නේ නැහැ මොන එකකට ඕක දැම්මද කියලා නම්. සමහර විට ජනාධිපතිවරයා ඔහොම පොඩි සෙල්ලමක් දාපන් කියා කිව්වා වෙන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ගැන හොඳින්ම දන්නා මිනිහා ඔය ජනාධිපති තමා. :)

      ඕන බම්බුවක්. දාපුවාවේ ඔටුන්න. මෙතනින් පස්සෙවත් භේද බින්න වෙන දේශපාලනයක් කරන්නේ නැතිව කට්ටිය ශේප් එකේ ඉන්නවා නම ඕන එකක් කමක් නැහැ.

      කෙසේ වෙතත් උතුරු පළාත තමිල්නාඩු ටෙම්ප්ලේට් එකට එන බවත් විග්නේශ්වරන් යනු වේදිකාව හිස වූ වෙලාවේ නටන උගත් ජෝකර් කෙනෙක් බවත් අපි කොහොමත් දන හිටියා. මේ හාට් බ්රේක් ඒක විග්නේශ්වරනිස්ම් එකක් දේශනා කරමින් පොරට මල් තියාගෙන උන්නු කට්ටියට විතරයි.

      Delete
  2. / කුමන සංස්කෘතික සංදර්භයකදී වුවත් මෙවැනි ජවනිකා සිනාවට ලක් කළ යුතු විකට නාට්‍ය බව අවධාරණය කරමි. සිංහලයන් තුප්පොට්ටි ඇඳනෙ මඟුල් කෑම ද මේ අන්දමින් ම විහිළුවකි. දේශපාලනයේදී නම් ජාතික බැනියම, කුරහන් සාටකය දක්වා ම විහිළු විහිදී තිබේ. /

    කතාව ඇත්තය. ඒත් අපි හැමෝම සාමුහික ජන කොට්ඨාශයක සාමාජිකයින්ය. එම සාමූහික පිළිගැනීම වත් පිළිවෙත් වලින් අපට එක් වරම මිදීම අසීරුය.විග්නේෂ්වරන් මහ ඇමතිකම් කරන්නේ උතුරේ දෙමළ ජනයාටය. ඉතා විශාල විනාශයක් සිදුවූ දීර්ඝ කාලීන යුද්ධයකට පසු ඔවුන්ට දැන් ඔවුන්ම තෝරා පත්කරගත් නායකත්වයක් ඇත.ඒ නායකයා හෝ නායකයින් රජුන් ලෙස පිළිගැනීමේ වරදක් මම නොදකිමි

    එසේම ඔවුන්ගේ ඒ අහිංසක ආශාවන්ට ඉඩදීම හා / හෝ පාරම්පරික වත් පිළිවෙත් රැකීම කිසිසේත් විග්නේශ්වරන් හෝ සම්බන්ධන් උපහාසයට ලක් කලයුතු කරුණක් ලෙස ද නොදකිමි.

    උඩරට විවාහයන්හිදී මුලු ඇඳුම ඇඳීම ද එසේමය. මම කෙතෙක් විරෝධය පෑවද දෙපාර්ශ්වයෙන්ම පැමිණි දැඩි බල පෑම අවසානයේ මම ද මුළු ඇඳුම ඇන්දෙමි.විවාහය යනු ගැහැණියක් හා සමඟ පමනක් නොව ඇගේ පරපුර ද හා සමඟ යාවජීව සහයෝගිතාවයකට සහජීවනයකට ඇතුලත් වීමකි. එවන් වැදගත් අවස්ථාවකදී පුදනකොටම කාපි යකා මෙන් තම තනි මතයේ පිහිටා අන්‍යයන් සියල්ලන්ගේ සිත් පෑරීම කෙතරම් උචිතද යන්න කල්පනාවට ගතයුතු කාරණයකි.

    එක් අර්ථයකින් විග්නේශ්වරන්ද මේ සූදානම් වන්නේ දුෂ්කර සහ කටු කොහොලින් පිරි මාවතක පිය එසවීමටය. එහිදී ඔහුට තමන්ට කැමැත්ත ප්‍රකාශ කලවුන්ගේ සිතැඟියාවටද මඳක් හෝ ඉඩ දියයුතුය.

    ReplyDelete
  3. රවි සහ සුජීව ගේ අදහස් වලට එකඟයි.
    සිංහලන් වශයෙන් අප ද දෙමළ විග්නේශ්වරන් ද තමන් ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීමට යත්න දැරීම හාස්‍යයට ලක් විය යුතු නෑ.උතුර හා දකුණ අතර නොබිඳෙන පාලමක් බිහි කිරීමට උතුරු පලාත් මහඇමතිතුමාට හැකිවේවා ! යයි පතමු.

    ReplyDelete
    Replies
    1. පුංච් ප්‍රශ්නයක් ආවා, ඇහුවට කමක් නැතිනම්.

      ඇයි අපි "සිංහලයන් වශයෙන්" ඕක බලන්න ඕනා? සිංහලයන් ලෙස ඔවුන් අනිකෙකු ලෙස දැකීම අත්‍යාවශ්‍ය දෙයක් ද? අපිට ලාංකිකයන් ලෙස ලාංකිකයන්ගේ විවිධ සංස්කෘතික ගති ලක්ෂණ ගැන කතා කරන්න බැරිද?

      Delete
  4. මට නම් මේක දැක්කම හිතුනෙ මේ මොන හුත්තක්ද මුන් කරන්නෙ කියල...... බලමුකො මොනව කරයිද කියල කල් යනකොට, මෙහෙ උන් අපිට කෙලිනව වගේ, උනුයි මුනුයි දෙගොල්ලොම එකතු වෙලා උතුරෙ දෙමල මිනිහට කෙලවලම දායි වගේ.

    ReplyDelete
  5. Ano1 දැන් මේක ලියුවේ එදා ඔහු Cosmopolitan කෙනෙක් කියල කරපු වැරැද්ද මකාගන්නද ? ඉස්සර උන වැඩියි නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා