Posts

Showing posts with the label ජාතිකවාදය

මගේ ලංකාවේ ජාතික කොඩිය

Image
උතුරු පළාත් සභාව පිහිටුවීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. එය දෙමළ ජාතිකවාදී දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුළ ස්ථාපනය කර ගැනීම සඳහා ඉවහල් වේ. එහෙත් එම ස්ථාපනය චිරස්ථායී කර ගැනීමේ අභියෝගය අවසන් වී නැත.  පළාත් සභා යනු බලය බෙදීමේ යාන්ත්‍රණයක් ලෙස දෙමළ ජනතාව විසින් කැමැත්තෙන් භාර ගන්නා ලද එකක් නො වේ.  දෙමළ ජාතිකවාදයේ පරමාදර්ශය වන්නේ දෙමළ ජාතිවාදී ඊලාම් රාජ්‍යයකි. සෑම ජාතියකට ම රාජ්‍යයක් හිමි විය යුතු ය යන්න පැරණි සංකල්පයකි. එය පැන නැගුණේ ධනවාදය මෙතරම් ගෝලීයකරණය වූ යුගයක නො වේ. ජාතික රාජ්‍යය වර්තමානයේදී ජාතික වශයෙන් පීඩාවට පත් වූවන්ගේ ‍ප්‍රශ්නයටවත් විසඳුමක් වන්නේ නැත. එහෙයින් අප එය ප්‍රවර්ධනය කළ යුතු නො වේ. ප්‍රාග්ධනය විෂයෙහි තව දුරටත් ජාතික රාජ්‍ය යනු අරුත්බර ව්‍යූහයක් වන්නේ නැත. හේතුව මේ වන විට ප්‍රාග්ධනය ජාතික දේශ සීමාවන් සිඳ බිඳ ලමින් තිබෙන හෙයිනි. ධනපතියාට සිය ප්‍රාග්ධනය ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකි වන ආකාරයට ලෝකයේ රාජ්‍ය ව්‍යූහය සැකසෙමින් තිබේ. එහි ජාතිකවාදී ලක්ෂණ අහෝසි වෙමින් තිබේ. ප්‍රාග්ධනය විෂයෙහි ජාතිකවාදයේ බලපෑම අවම වෙමින් ...

Wigනේශ්වරන්ගේ ඔටුන්න හා Someබන්ධන්ගේ ඔටුන්න

Image
මේ ඔටුනු අප දුටුවේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත්සභිකයන් දිවුරුම් දීමේ උත්සවයේදී ය. එය අයත් වන සංස්කෘතික උත්සවය ගැන අපට අදහසක් නැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ඇගයෙන නූතන යුගයේදී ඔටුනු දාගෙන කරන දේශපාලනය අපට නම් සංස්කෘතික දෙයකට වඩා විකට නාට්‍යයකි. අපේ කුඩා දියණියන්දෙන්නාට ද මේ වගේ ම ප්ලාස්ටික් ඔටුනු දෙකක් නැන්දා ගෙනැවිත් දී තිබුණා මතක ය. උන් ඒ කාලයේ වැසිකිලි යද්දී පවා ඒක දාගෙන ගියා මතක ය. ටික දිනකින් ඒවා කැඩී බිඳී ගියේ ය. දැන් නම් කෑල්ලක්වත් සොයා ගන්නට නැත. උන් නම් පුංචි එවුන් ය. මේ ඔටුනු දාගෙන ඉන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අනාගතයයි.  සමහර වාමාංශිකයෝ ජාතිකවාදයන් ප්‍රතිගාමී ය, ප්‍රගතිශීලී ය කියා වර්ග කරති. මේ සටහන ඒ ගැන තර්ක කරන්නට නො වේ. විහිළු සැපයීමේදී ජාතිකවාදය ප්‍රගතිශීලී ය, ප්‍රතිගාමී ය කියා වෙනසක් නැති බවට මේ ඡායාරූප දෙස් දෙයි.  අපි ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ජාතිකවාදය යථාර්ථයකි. එහෙත්, ජාතිකවාදයට කරන්නට පුළුවන් ලොකුම හා ඇතැම් විට එකම මෙහෙය වන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් නව දේශපාලන ප්‍රජා අනන්‍යාතාවන් වෙත ජනතාව යොමු කිරීම පමණි.  මේ ලිපිය ...

බල සේනාවලට කැසිනෝවලට විරුද්ධ වෙන්න බැරි ඇයි?

Image
ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයාට රජය සුවිසල් සහන ප්‍රමාණයක් සලසා ඇති බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි සිංහල බෞද්ධයන් ගැන මහත් කැක්කුමකින් කටයුතු කරන බල සේනා බලකායවල් ඒ ගැන නිශ්ශබ්ද ඇයිදැයි ගිය සතියේ ප්‍රශ්න කළේ ය.  අස්ගිරි මහ නාහිමිත් කැසිනෝවලට එරෙහිව හඬ නැඟුවේ ය.  ජාතික පොලිස් කොමිෂමේ සාමාජික ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ඊට වඩා වැදගත් බවයි.  හාමුද්රුවනේ පැහැදිලි ය. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ දිගින් දිගට ම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි මාතෘකාවල එල්ලෙමින් කල් ගන්නට ය. එහෙත්, ඒ අතර ආර්ථිකය ගරා වැටෙමින් තිබෙන්නේ දිළින්දන්ගේ ජීවිත මතට කෑලි හැලෙමිනි. කුමක් වෙනුවෙන් කෙතරම් කලක් ගන්න ද? ආණ්ඩුවට වැලේ වැල් නැත. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගෙන තිබෙන ආරාවුල් හා සමාජ සංහිඳියාව ඔස්සේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට අසමත් වීම නිසා නිසා ආණ්ඩුවට පිළිගැනීමක් සහිත විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරි වී තිබේ. සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන අධික ධනකාමය නිසා ඉහළ යන වෙළඳ ...

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

Image
මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන. ජාතිය දෙමළ වීම නිසා මිනිසුන්ට සිදු වන අසාධාරණයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පෙන්විය හැකි ය. කොච්චර උත්තර දුන්නත්, සිංහල ජාතිවාදියෝ මේ ප්‍රශ්නය නැවත නැවත අසති.  දෙමළ ජාතිකවාදීන්ට නම් මේ ප්‍රශ්නය විහිළුවක් වන්නට පුළුවන. එහෙත්, සිංහල සමාජය තවමත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයට හරි පිළිතුරක් නැති ය කියා ය. දෙමළ ජාතිවාදීන්ට ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් සිංහලයන් තුළ ඇති කිරීමේ උවමනාවක් කිසිදු කලෙක නො තිබිණි.  සිංහලයකු වන මම මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයාගේ මෙන් ම සියලු ලාංකිකයන්ගේ ද අනාගතය හා මේ රටේ අනාගතය ද තීරණය වූයේ හා වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීම මත නිසා ය. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත.  දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිහාසයේ කිසියම් කෙටි කාල පරිච්ඡේද කීපයකදී හැර ලංකාව එක් සේසත...

කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

Image
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ ‍ ක ොන්සල් ජනරාල්වරයා වන ඔහු මෑතදී ස ිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.  ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය. එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්...

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා | Sri Lankan poor masses helpless amidst the paradigm shift in rule

Image
(2010 මැයි 17 -  W3Lanka )   ජාතිකවාදී පරමාදර්ශ කරපින්නාගෙන සිටි ලංකාවේ පාලකයින් සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ඒවා බිම අතහැර ඇත. දේශීය ආර්ථිකයක් පිළිබඳ හා සංස්කෘතික ආරක්ෂණවාදය ගැන ඔවුන්ගේ වාගාලංකාර ද ඒ පොදියට යට වී චප්ප වී ඇත. ඉගිලෙන්නට පටන් ගත් සැණින් රාජපක්ෂ පාලනයේ කොකාගේ සුද දැන් පෙනෙන්නට පටන් ගෙන තිබේ.  සිංහල ජාතිකවාදය බලයේ වාහනය කර ගත් පිරිස් ද දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයකයි. එක්කෝ වවුලාගේ මඟුල් ගෙදර ආ නිසා එල්ලී සිටීම හෝ නැතිනම් සියදිවි නසා ගැනීම හෝ යන දෙකින් එකක් තෝරා ගැනීමට ඔවුන්ට සිදු වී තිබේ.  මේ සඳහා හොඳ ම උදාහරණය චම්පික රණවකයි. පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉදිරියට ගන්නා ලද බටහිර ගැති සංවර්ධන මූලෝපාය පතුරු ගසමින් ඔහු පැවැත්වූ කතා හා ලියූ ලිපි දැන් ඉතින් පුච්චා නළලේ අළු ගා ගන්නට ඔහුට සිදු වී ඇත.  ඔහුගේ මහැදුරු නලින් ද සිල්වාගේ පැරණි ලියුම් තැන්පත් කරන්නට කටු ගෙයක් සාදා දෙන්නට හෝ ඔහුට හැකි වේ ද යන්න සැක සහිත ය.  සමන් කැලේගම කියන ආකාරයට ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් එන විට කොට ගවුම්, නිල් චිත්‍රපට, මත්පැන්, මාංශ, සංසර්ගය ආදි...

ජාතිවාදය හා ජාතිකවාදය | Nationalism and nationalist chauvinism

Image
අජිත් පැරකුම් ජයසිංහ - පසුගිය සතියේ අප විසින් සම්පාදනය කරන ලද ලිපියට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් අප "සිංහල අයට 'ජාතිවාදීන්' (racist) කියාත් දෙමළ අයට කයන්නක් එක් කර 'ජාතිකවාදීන්' (nationalist) කියාත්" භාවිතා කරන්නේ මන්දැයි අසා තිබිණි. එහෙත් මෙම ලිපියේ කොතැනකවත් එසේ භාවිතා කර නොතිබුණු අතර අපගේ ලේඛනවල අප එසේ භාවිතා කර තිබේ යයි ඔප්පු කරන ලෙස අප එම පාඨකයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඉන් පසු නිහඬ විය. මෙම වචන පිළිබඳව අප මුල සිට ම සංවේදී වුණෙමු. 'ජාතිවාදය' යන වදන අප භාවිතා කළේ නිශ්චිත අරුතකින් යුතුව සීමිත අවස්ථා ගණනාවකදී පමණි. මෙවැනි අභූත චෝදනාවක් මතු කිරීම ද අප දකින්නේ සිංහල ජාතිවාදී හීනමාන සිතීමක ප්‍රතිඵලයක් ලෙසයි. එය එසේ වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සඳහා මෙම වචන හා ඒවායින් ප්‍රකාශ වන සංකල්ප පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ යුතු යයි සිතමි. මෙහිදී අප උත්සාහ කරන්නේ ලාංකීය සංදර්භය තුළ හා සිංහල භාෂීය අවකාශය තුළ මෙම වචන සඳහා අරුත් ලැබෙන ආකාරය විමසා බැලීමටයි. එහෙයින් ජාතිකවාදය හෙවත් nationalism පිළිබඳ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මිත විදග්ධ කත...