බල සේනාවලට කැසිනෝවලට විරුද්ධ වෙන්න බැරි ඇයි?

ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයාට රජය සුවිසල් සහන ප්‍රමාණයක් සලසා ඇති බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි සිංහල බෞද්ධයන් ගැන මහත් කැක්කුමකින් කටයුතු කරන බල සේනා බලකායවල් ඒ ගැන නිශ්ශබ්ද ඇයිදැයි ගිය සතියේ ප්‍රශ්න කළේ ය. 

අස්ගිරි මහ නාහිමිත් කැසිනෝවලට එරෙහිව හඬ නැඟුවේ ය. 

ජාතික පොලිස් කොමිෂමේ සාමාජික ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ඊට වඩා වැදගත් බවයි. 

හාමුද්රුවනේ පැහැදිලි ය. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ දිගින් දිගට ම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි මාතෘකාවල එල්ලෙමින් කල් ගන්නට ය. එහෙත්, ඒ අතර ආර්ථිකය ගරා වැටෙමින් තිබෙන්නේ දිළින්දන්ගේ ජීවිත මතට කෑලි හැලෙමිනි. කුමක් වෙනුවෙන් කෙතරම් කලක් ගන්න ද?

ආණ්ඩුවට වැලේ වැල් නැත. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගෙන තිබෙන ආරාවුල් හා සමාජ සංහිඳියාව ඔස්සේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට අසමත් වීම නිසා නිසා ආණ්ඩුවට පිළිගැනීමක් සහිත විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරි වී තිබේ. සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන අධික ධනකාමය නිසා ඉහළ යන වෙළඳ ශේෂය හමුවේ හා එල්ලෙන්නට තිබෙන්නේ මෙවැනි දූෂකයන්ගේ කරේ ය. ජේම්ස් පැකර්ට ‍සහන දී මෙතැන කැසිනෝ තිප්පොල දියත් කර ගැනීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කැසිනෝ, ගනිකා මඩම් ආදිය පදනම් කර ගත් සංචාරක ව්‍යාපාරයක් ගොඩනඟන්නට ය. කැසිනෝ ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වන ගනිකා ව්‍යාපාර ආදිය හරහා යම් මුදලක් දිළින්දන් අතට ද අතට ද කාන්දු වනු ඇත. එසේ ම ඒඩ්ස් රෝගය පැතිරීම වැනි දෑවැදි ද ලැබෙනු ඇත. 

එහෙත්, ඉතා පැහැදිලිව ම, මෙවැනි තත්වයක් නිර්මානය කිරීම සඳහා මුල පිරීමේ ජන වරමක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නැත.

සිංහල බෞද්ධ අන්තවාදීන් මේ ව්‍යසනයට එරෙහිව හඬක් නො නගන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. ඔවුන් පවතින්නේ මේ ආණ්ඩුවේ පිහිටෙනි. ආණ්ඩුව පවතින්නේ ද අන්තවාදීන්ගේ පිහිටෙනි. ආරක්ෂාවෙනි. ඒ නිසා ආණ්ඩුවේ පැවැත්මට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීමට හැකියාවක් සිංහල බෞද්ධ අන්තවාදීන්ට නැත.

මෙම කැසිනෝ මධ්‍යස්ථානය ඉදිකිරීමට යන ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ සම්බෝධි විහාරය ආසන්නයේ බැවින් සිංහල බෞද්ධයන්ගේ විරෝධය අවුළුවා ගන්නට විපක්ෂය උපක්‍රශීලීව උත්සාහ කළොත් බැරි නැත.ජවිපෙ දඹර අමිල හිමි පෙරට දමා වැඩේට අත ගහන්නට උත්සාහ දරනු ඇති බව පෙනේ. එහෙත්, දැන් ජවිපෙ මුහුණ දී තිබෙන ප්‍රශ්නය වැඩක් ඇදීමට පුළුවන් ශක්තිමත් කඳක් නැතිකමයි. 

කෙසේ වෙතත්, මේ වනාහි ලංකාවේ බල දේශපාලනයේදී සංවේදී ප්‍රශ්නයකි. සිංහල ජාතිකවාදී ජවිපෙට අධිරාජ්‍ය විරෝධී  පදනමින් ජාතිකවාදී ව්‍යාපාරයක් මතු කර ගැනීමට මෙය නිමිති කර ගන්නට පුළුවන. ජවිපෙට වුවත් ගොඩ යන්නට එය මගක් විය හැකි ය. 

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මුල් කොටස හා එකඟයි. ඒත් මේවා ආවා කියලා, ලංකාවේ උන් කැසිනෝ ගහන්න මේවට යන්නේ නෑ. ගියත් යන්නේ කළු සල්ලි තියෙන උන්. ඒක ලංකාවේ කැසිනෝ ගැන දන්න කවුරුත් දන්නවා. අනික් කාරණය ඒඩ්ස්. ඒඩ්ස් තියෙන සුද්දෝ ෆයිෆ් ස්ටාර් තියා 3 ස්ටාර් හෝටලයකටවත් යන්නෙ නෑ. අනික මේවායේ අපේ ගණිකාවන්ට තැනක් නෑ. ඒවත් පැකර් පිට රටින්ම ගෙනෙයි...

    ReplyDelete
    Replies
    1. පැකර් මාකට් හදන්නේ සුද්දන්ට නොවෙයි, චීන්නුන්ට!

      Delete
    2. මක්කු උනහම මොකෝ කකා, එකෙක්වත් එන්නෙ නැති එකේ, දැන් නම් කුඩු කාරයෙක් ආවත් පිලිගන්න වෙනවා...

      Delete
    3. හා! ඉඹලා පිළිගනිමු එහෙනම්.

      ඒක නොවෙයි අපි කරන්න තියෙන්නේ පැකර්ගෙන් ජොබ් එකක් ගන්න පුළුවනිදැයි බලන්නයි!

      Delete
  2. අස්ගිරි හාමුදුරුවො ඇතුළු කෑ ගහන අයට ගරු ඇමති තුමා උත්තර දීල තිබුනෙ අලුතෙන් දෙන්නෙ නැතය,පරන ඒවා අලුත් කොරනව පමණයි කියල.
    දැන් ඉතින් විමලෙයි,දේශමාමක අති ගරු සඟ පරපුරම කෑ ගහයි අලුතෙන් දෙන්නෙ නැහැ,UNP දුන්න ඒවා අලුත් කොරනව පමණයි කියල.
    නමුත් වෙන්නෙ අන්තිමට ජේම්ස් පැකර් පරණ එකෙකු එක්ක ජැක් ගහල ඕපන් කරනකන් කවුරුත් දන්නෙ නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා