රාවණා බලය හා සීතා බලය

ජාතික හෙළ උරුමයට පිටින් මතු වූ නව සිංහල ජාතිවාදී හා බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් කරමින් සිටින ක්‍රියාවලිය පසුපස ලංකාවේ ආර්ථිකය බිඳ වැට්ටීමේ හා ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් තවත් හුදකලා කිරීමේ වෑයමක් තිබෙන බව අපේ අදහසයි.

ආණ්ඩුව සමග සිටින බව පෙන්වමින්, දෙමළ ඊලාම්වාදී ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි කටයුතු කරන මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකලාපයන්ගෙන් එක පැත්තකින් සිංහල බෞද්ධයා අපකීර්තියට පත් වන අතර ආණ්ඩුවේ දෙපතුල් යටින් එහි ආර්ථික, දේශපාලන පදනම් සෝදා යමින් තිබේ.

රාමායන හින්දු මිථ්‍යා සාහිත්‍යය පදනම් කරගෙන ඉන්දියාවේ හින්දු භක්තිකයන් අතර ලංකාවේ වන්දනා ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලංකාවේ රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ.

ඉන්දියානු සංචාරකයන් වනාහි එතරම් ඉම්හළ ආදායමක් ලංකාවට ගෙන එන පිරිසක් නො වුණත්, ලංකාවේ සංචාරක සංඛ්‍යාලේඛනවලට අනුව මෙරටට එක් රටකින් පැමිණෙන වැඩි ම සංචාරක පිරිස පැමිණෙන්නේ ඉන්දියාවෙනි.

ගිය වසරේ (2012) දී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරකයින් 186,525 ක්‌ පැමිණියහ. වර්ෂ 2016 වන විට ඉන්දියානු සංචාරකයින් ලක්‍ෂ 4 ක්‌ ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.

රාවණා බලය නම් බෞද්ධ අන්තවාදී සංවිධානය විසින් අලුත් ම වලිය අවුළුවාගෙන තිබෙන්නේ ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහයෙන් නුවරඑළියේ සීතා කෝවිලක් හදනවාට එරෙහිව ය. සීතාට කෝවිලක් හදන්නට පෙර රාවණාට පිළිමයක් හැදිය යුතු බවට රාවණා බලය කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

සීතා පමණක් නො ව රාවණාත් රාමායන මිථ්‍යාවේ චරිත වේ. රාමා, සීතා පමණක් නො ව රාවණා පවා සැබෑ ය කියා ඔප්පු කිරීමට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත. රාවණා පුරාවෘත්තය විජය පුරාවෘත්තය තරම්වත් ලංකාවේ මුල් බැස ගත් එකක් නො වේ. 

අනාගතය වෙනුවෙන් වීරයන් නිර්මානය කිරීම වෙනුවට අතීතයෙන් මිථ්‍යා වීරයන් සොයන්නට යාම කෙළවර වී තිබෙන්නේ අපේ ඉතිහාසය හින්දු මිථ්‍යා කථාවලට පවරා දීමෙනි. මහාවංසය නම් අඩු ගානේ අපේ ය. රාමායනය?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඉන්දියන්කාරයෝ කියන්නේ ඉස්සර ඉදන්ම ලංකාවට කෙලින්න බලං හිටපු ජාතියක්. ලංකාවට බුද්ධාගම එව්වෙත් ඒකට තමයි.නැතිව ලංකාවට තියෙන ආදරේට නෙමෙයි. මොකක්දෝ වාසනාවකට ලංකාවේදී ඒක යහපත් ආකාරයකට පෙරලා ගන්න හැකි උනා.
    ............

    මේ කතාව මම දැක්කේ ගොසිප් 9 එකේ.

    මේක ට තියෙනවා ලස්සන කතාවක්.

    ඔන්න ඉස්සර දෙවියන් ලෝකය මැව්වලු. ඊට පස්සේ රටවල් මවන්න පටන් ගත්තලු.

    දැන් ඔන්න මැදපෙරදිග රටවල් මවලා එ රටවල් වලට උවමනා තරම් තෙල් සම්පත්තියකුත් ලබා දුන්නලු. හැබැයි එ උනාට ,මැදපෙරදිග රටවල් මැව්වේ කාන්තාරයක.
    ඊළගට ඇමරිකාව වගේ සුපිරි රටක් හදුවලු. හැබැයි එ උනාට ඒත් එක්කම තලේබාන් කාරයෝ මැව්වලු.

    ජපානය වගේ රටක් හදලා,එ රටේ ඉන්න මිනිස්සුන්ට හොද දැනුමක් ලබාදුන්නලු. හැබැයි ජපානය මැව්වේ භූමිකම්පා සහිත ප්‍රදේශයක.
    අප්‍රිකානු රටවල් මවලා ඒවගේ දියමන්ති මැව්වට එ රටවල් වල ඉන්න මිනිසුන්න්ට එච්චර නුවණක් ලබා දුන්නේ නැහැලු. ඉතින් මේ විදියට කොයි රටකට වත් ඕනි හැම දේම දෙන්නේ නතුවලු රටවල් මැව්වේ. මොකද නැත්තං මිනිස්සු වැඩක් කරන්නේ නැතිව ඉන්නවනේ,

    ඉතින් ඔය විදියට රටවල් නිර්මාණය කරගෙන එද්දී ලංකාව මැව්වලු. ලංකාව හදලා එකට අලංකාර පරිසරයක් ලබා දුන්නලු. ලස්සන මුහුදු කලාපයක් ලබාදුන්නලු. පොලවේ මැණික් මැව්වලු. හොද කදිම දේශගුණයක් මැව්වලු. වැඩි කරදර නැති මිනිස්සු මැව්වලු. මේ විදියට ඔක්කොම ලබා දුන්නලු.

    ඉතින් මේක දැකපු අනුත් දෙවියෝ කිව්වලු , "එ වැඩේ අසාධාරණයි නේ. මොකද මේ ලංකාවට විතරක් හැම දේම දෙන්නේ කියලා."
    ඊට පස්සේ එ ලොකු දෙවියෝ කිව්වාලු, "මම මේ ලංකාවට හැම දේම දුන්නට මම මේ රට මවලා තියෙන්නේ ඉන්දියාව ලගනේ ඕයි " කියලා.

    ReplyDelete
    Replies
    1. AY OYA WAGE MODAYO TIKAKUTH MAWWANE...........

      Delete
    2. එකේ ඉන්න උන්ට මොළේ දීලත් නෑ..

      Delete
  2. ඉන්දියාව අපේ අසල්වැසියා හොඳම මිතුරා මේව බොරු කතා. අපට ඉන්න ලොකුම හතුරා ඉන්දියාව. පැරා මේ ගැන නොදන්නවා නොවේ. ඒත් අපට ඉන්දියන් සාධකය අත හරින්න අමාරුයි. ඒ මොකද කියලත් පැරා දන්නවා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන්.. කාළේකට ළොකු අයියා. අද ප්‍රධානම හතුරා.. මේවට කියන්නේ අට කොන බයිලා කියලා..

      Delete
  3. //ඉන්දියන්කාරයෝ කියන්නේ ඉස්සර ඉදන්ම ලංකාවට කෙලින්න බලං හිටපු ජාතියක්. ලංකාවට බුද්ධාගම එව්වෙත් ඒකට තමයි.නැතිව ලංකාවට තියෙන ආදරේට නෙමෙයි. මොකක්දෝ වාසනාවකට ලංකාවේදී ඒක යහපත් ආකාරයකට පෙරලා ගන්න හැකි උනා.//
    ............
    ඒ පෙරලා ගත්ත එකද දැන් මේ සිංහල බුද්ධාගම කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා පන්කි රැප් වර්ෂන් එක... ගිණි පූජාද ඇතුලත්...

      Delete
  4. දකුණු ඉන්දියාවෙයි ලංකාවෙයි ඉන්න කළු සිංහල දෙමළ පිරිමි උදවිය පොත්ත සුදු පාට ගෑනුන්ට හරිම කෑදරයි. රාවණා කියන යක්ෂ ගෝත්‍රික මිනිහටත් මේ ලෙඩේ තිබුනා. එක තමයි සීතා කියන උතුරු ඉන්දියාවේ හිටපු පොත්ත සුදු පාට ගෑනිව බලෙන් පැහැරගෙන ගියේ. අනුන්ගේ ගෑනු හොරකම් කරගෙන ගිය රාවන අද අපේ වීරයෙක්. පිළිමයක් හදන්න ඕනෑමයි.

    ReplyDelete
  5. සීතා පමණක් නො ව රාවණාත් රාමායන මිථ්යාවේ චරිත වේ. රාමා, සීතා පමණක් නො ව රාවණා පවා සැබෑ ය කියා ඔප්පු කිරීමට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත.

    ඔබගේ ලිපිය සම්බන්ධයෙන් නොව, ඔබගේ ඉහත මතය සම්බන්ධයෙනි.
    ඔබ අහල ඇති Macrocosm සහ Microcosm කියන වචන දෙක. රාමායනය කියන්නේ ඉතිහාස කතාවක් නෙමෙයි. ඒකෙන් විස්තර කරන්නේ ඉහත වචන දෙකෙන් කියන කරුණු.
    එක් පුද්ගලයෙක් ගත්තත්, මුලු විශ්වයම ගත්තත් සියලු ක්රියාකාරිත්වයන් එකිනෙකට සම සම්බන්ධතාවයක් අනුව සිදුවෙන එක පිළිබඳ ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කෙරෙන, ඉතාමත් ප්රභල ග්රන්තයක්. රාමායනය අධ්යයනය කළොත් (මතුපිටින් නෙමෙයි) ලංකා පිළිබඳ හොඳ අධ්යයනයක් කරන්න පුලුවන්.
    ඒත් අවාසනාවකට වගේ එක කවදාවත් සිදුවෙන්නෙ නැහැ.
    මොකද ලංකාවෙ ඉන්නේ Mythology කියන විෂය මිත්යාවන් විධිහට අර්ථ දක්වන ලොවෙත් නැති "බුද්ධිමත්තු" නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන ‍දේ වැදගත්. ඒ ගැන ලියන්න. ඒත්, අපි ස්පර්ශ කරන්නේ මේ සමග සම්බන්ධ දේශපාලනය මිස දර්ශනය නො වෙයි. දේශපාලනය තිබෙන්නේ ඔබ කියන තැන නො වෙයි.

      Delete
    2. "එක් පුද්ගලයෙක් ගත්තත්, මුලු විශ්වයම ගත්තත් සියලු ක්රියාකාරිත්වයන් එකිනෙකට සම සම්බන්ධතාවයක් අනුව සිදුවෙන එක පිළිබඳ ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කෙරෙන, ඉතාමත් ප්රභල ග්රන්තයක්. රාමායනය අධ්යයනය කළොත් (මතුපිටින් නෙමෙයි) ලංකා පිළිබඳ හොඳ අධ්යයනයක් කරන්න පුලුවන්"

      අනේ බන් ආච්චිගේ රෙද්ද...!!!

      Delete
    3. රාමායනයේ විතරක් නෙමෙයි. සෑම ආගමික ඉගැන්වීමකම දේශපාලය තමයි පළමු මාතෘකාව. ඒ දේශපාලනයට එළඹෙන්නෙ සමානාත්මතාවය මුල් කරගත් සමාජයක් බිහිකරල, විශ්වයේ ස්වභාවික නිතිරීති මාලාවට අනුගත කෙරෙමින්. මිනිසා කියන්නෙ මේ විශ්වයේ තවත් සාමාජිකයෙක් පමණක් කියල අවභෝධයක් ලබල දෙමින්. ස්වභාවික නීතිරීති මාලවට අනුගත වීම තමයි තමයි ධර්මයේ හැසීරීම කියන්නෙ. අද ධර්මය කියල හඳුන්වන්නේ තමාගේ ආගම. ඒක තමයි සියල්ල අතරින් ලොකුම, නිවැරදිම, එක කිය කිය ඉන්න එක තමයි අද සිදුවෙන්නෙ. නැතුව ආගමෙන් කියන විධිහට ධර්මයේ හැසිරෙන එක නෙමෙයි.
      සමහරු හිතන්නෙ ආගමේ අරමුණ (බුද්ධාගමේ නම් ) නිවන් යන එක කියල. ඒත් ඒකට යන්නේ ධර්මය (ස්වාභාවික නීති රීති වලට අනුගත වීම) කියන දොරටුව හරහා කියල ඒ අය අවභෝධ කරගන නැහැ. ඕව කා වෙනුවෙන් ලියන්නද ?

      Delete
  6. සීතාවනි ඔබ හැඩ රුව ඇති බව
    දිවි හිමිහෙන් පති දම් සුරකින බව
    දනිමි ඔබත් දැනගත් යුතු මේ බව
    ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

    මගෙ සොහොයුරියක් පෙර දවසක්දා
    රාම කුමරුගෙන් හිරි හැර වින්දා//
    පිවිතුරු ලෙස ඔබ සිර කර ලන්දා
    හෙළ පෙලපත අබිබන් දද බැන්දා..

    මේතන වෙලා තියෙන්නේ උස්සන් ආවට රාවණාට මුකුත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒත් රාමා වැඩකරු. පොර රාවණාගෙ නංගිට ගේම දෙනවා. මේ සීන් එක රාවණා බලකාය දන්නවා. එහෙම බැලුවම රාවණා වැඩ කාරයෙක් නෙමෙයිනේ. මොකක් හරි ලෙඩක් තිබුන්ණ කෙනෙක්. නැත්නම් ඉතින් පාරේ දකුන ඒවත් මාලිගාවට ගෙනත් ගේම දීලා අන්ත්ඃපුරේට දාන අයියලා, බොලිවුඩ් සුපිරි කෑල්ලකට පතිවත තියා නියපොත්තක්වත් ඉතුරු කරයිද?

    මෙන්නම් මේ නිසා ලැජ්ජාවට තමයි හදන්න දෙන්නේ නැත්තේ. මේ වගේ ප්‍රශ්ණයක් ඉතින් මහාචාර්ය මාතලන් වගේ හැම පැත්තකින්ම විශ්ලේෂනය කරලා බලල ලියන්න පැරා. මීට පස්සෙ ලියන කොට. තව එකක් ඕන නෑනේ. නුවර එළියේ එකක් තියෙනවනේ. දැන් තියෙන්නේ ෆැෂන් බග් එක ගිනි තිබ්බා වගේ ඒකත් ගිනි තියලා දාන එක. එහෙම නැත්නම් ඒක ගිනි තියාගන්න කියලා සිවුරට ගිණි තියාගන්න එක. ඔන්න මම තවත් ලේසි කරලා ඔත්තුවකුත් දුන්නා.

    රාවණා බලය දිනේවා...!!!

    ReplyDelete
  7. // ඉන්දියන්කාරයෝ කියන්නේ ඉස්සර ඉදන්ම ලංකාවට කෙලින්න බලං හිටපු ජාතියක්. ලංකාවට බුද්ධාගම එව්වෙත් ඒකට තමයි.නැතිව ලංකාවට තියෙන ආදරේට නෙමෙයි. //


    මම මේකට සම්පූර්ණයෙන්ම එකඟයි . හැබෙයි...


    // මොකක්දෝ වාසනාවකට ලංකාවේදී ඒක යහපත් ආකාරයකට පෙරලා ගන්න හැකි උනා. //


    අන්න ඒකට නම් එකඟනම් නැහැ. ලංකාවේ මිනිස්සු හදාගත්තු මේ අන්තවාදී සිංහල බුද්ධාගම (විශේෂයෙන්ම අනගාරික ධර්මපාල සහ Olcott කාලයේ පටන්) නිසා තමයි නිදහසින් පස්සේ අපිට සිද්ද වෙච්ච කරදර ගොඩක්ම උනේ.


    මේ අන්තවාදී සිංහල බුද්ධාගම් රැල්ල සහ ඒ කාලයේම මතුවුණු අනික් ආගම්වල/ජාතිවල අන්තවාදී රැලි එදා අපිට සුද්දා ලංකාවෙන් එලව ගන්න උදවු උනා තමයි, හැබෙයි ඊට පස්සේ ලංකාවේ ජනතාවගේ සමගියට උණු විනාශය කොතරම්ද?


    අද අපි ඊටත් වඩා ගොඩක් පහලට ගිහිල්ල තියනවා.. විශේෂයෙන්ම මේ අන්තවාදී සිංහල බුද්ධාගම් වල දේශපාලන ගමන පාර්ලිමේන්තුවට පැමිණීමත් සමග. අද අපි කොච්චර පහලට ගියද කියනවා නම් අද රාමා සිතා වැනි මිත්‍යා ප්‍රභන්ද වලට අන්දවී කට්ටිය මරාගන්නත් ලැහැස්ත්යි.

    ReplyDelete
    Replies
    1. pala pala chu karala nidha ganin...

      Delete
    2. සමාවෙන්න තරහ ගියානම්. එත් පොඩ්ඩක් හිතලා බලන්න මම කියපු හේතු නිසා නෙමෙයිද කියල අද ලංකාව ඔච්චර පසුගාමී වෙලා තියෙන්නෙ?

      අනික ඔය රාමා / රාවන / සීතා උන්මාදය අද ලංකාවට කිසිඳු වැදගත් කමක් තියනවද?

      Delete
  8. රාවනා බලයේ බලකිරීමට අනුව රාවණාගේ පිළිමයක් නෙලුවහොත් ඉන්දියානුවෝ එය හිස් 10 සහිත බිහිසුණු පෙනුමකින් යුතුව නිමකරාවී.අනිත් අතට ඉන්දියානුවෝ එම ප්‍රතිමාවට පුජාවක් ලෙස ගල් ගැසුවොත් රාවනා බලයට එයත් ඉවසීමට සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙම පූජාවක් ඉන්දියාවේ තියෙනවා. අපේ උන්ට ඒකට කරන දෙයක් නෑ. රාවණාගේ ප්‍රතිමාවක් හදලා ගිනිතියනවා හැම අවුරුද්දකම...

      Delete
    2. http://en.wikipedia.org/wiki/Ramlila

      Delete
    3. @ ප්රියන්ත
      රාම රාවන යුද්ධය කියන්නෙ ආධ්යාත්මික යුද්ධය. සැම පුද්ගලයෙක් තුලම රාක්ෂයත් දෙවියනූත් දෙදෙනම ඉන්නවා. සත්යත්, අවිද්යාවත් අතර ඇතිවන යුද්ධය (Microcosm) මිනිසා තුල හෝ (Macrocosm) විශ්වය තුල සිදුවීම තමයි රාමායනයේ පැහැදිලි කරන්නෙ. අවිද්යාව (කියන රාක්ෂයා) පරදවන එක ලේසි නැහැ. ඒ රාක්ෂයාට ඔලු දහයක් තියනවා. එකෙක් මරපුහම තවත් එකක් එනවා.
      ඉන්දියාවේ මිනිසුන්ගෙ ඔය චාරිත්රය එන්නේ තමාතුල ඉන්න අවිද්යව නැමති යක්ෂයා විනාශකිරීම මුල්කරගන. ඒ අය උනත් වර්තමානයේ එය කෙයි තරම් අවභෝධයෙන් කරනවද දන්නැහැ. ඉස්ලාම් , හින්දු දර්ශන වලත් තම සතුරන් විනාශ කරන්න කියන එකේ ඇත්ත තේරුම ඒක. තම අභ්යන්තර සතුරන් කියන්නේ තමාගේ තුල පවතින ඊර්ෂ්යාව, ක්රෝධය වගේ දේවල්. ඒත් හුගක් අය ඒක මතුපිටින් අවභෝධකරගන විකාර කරනවා.

      Delete
    4. ආත්ම ශක්තියක් නැති මිනිස්සු. තමන්ගේ හිත ශක්තිමත් කර ගන්න එක එක විකාර කරනවා. ඒක රටින් රටට, ජාතියෙන් ජාතියට, කාළෙන් කාළෙට වෙනස් වෙනවා. අවිහිංසාවාදි ධර්මයක් ලෙස ලෝකයාගේ ගෞරවය දිනාගෙන තියෙන බුද්ධාගමට අද මොකක්ද වෙලා තියෙන්නේ. සිවුරු උස්සගෙන කෑ ගහන කුණුහරුප කියන කාළකන්නි මේ චිත්‍රය විනාශ කරනවා නේද?
      හිත දියුණු කර ගත්ත මිනිහට එක ආගමක් වත් ඕන නෑ.
      ඒත් මෙහෙම කෝවිලක් හැදුවම ඒක ටුවරිසම් වලට බොහෝම වටිනවා. ඔය වැලිමඩ ගැන ඉන්දියන් කාරයෝ අපෙන් අහනව.

      Delete
  9. ආත්ම ශක්තියක් නැති අය ? හිත ශක්තිමත් කරගන්න ?
    ආත්මයක් නැති නම් මොන ආත්ම ශක්තියද ? හිත ශක්තිමත් කරගන්නෙ ඇයි. හිත අපිට වඩා ශක්තිමත්. ඒක පරාජය කරන්න ඔය බුදුහාමුදුරුවොත් කොචිචරදෝ පෙරුම් පිරුව කියන්නෙ...

    ඔන්න ඔහෙ ටුවරිස්ම් පාරක් දාගන ඉමු ප්‍රියන්ත. අපි ඔහෙලට මොන දර්ශනද නේද ?

    ReplyDelete
    Replies
    1. "ඉස්ලාම් , හින්දු දර්ශන වලත් තම සතුරන් විනාශ කරන්න කියන "

      ඔබේ වැඩි දුර පැහැදිලි කිරිම අගය කරමී! කාරුණාකර මෙය මට පැහැදිලි කරන්න. මම මුස්ලිමයේක් මී.

      Delete
    2. පැරාගෙ බ්ලොග් එකේ අරමුණ වෙනම එකක්. සමහර කරුණු මේ වගේ තැන් වල සාකච්ඡා කරන්න අමාරු, ඒ අයගෙ මතයන් සහ අදහස් මේවාගෙ සාකච්ඡා සමග නොගැලපෙන නිසා, ඒ සීමාව තුල තමයි මට කතා කරන්න වෙන්නෙ.
      මම හිතන්නෙ අපැදිලි වන යමක් මම කිවුවෙ නැහැ කියල. ඔබගේ ආගම කුමක් වුවත් විවෘත මනසින් විශ්වාශයක් ඇතුව එහි මුල් ග්රන්ථය කියවන්න. අනෙක් අයගේ පැහැදිළි කිරීම් අනවශ්යයි. ඔබ විසින් අධ්යයනය කළ යුතුයි. බුදුන්ගේ ඉගැන්වීම් වල තියන කාලාම සුත්රයේ කියවෙන අන්දමට.
      අල්ලපු ගෙදර වෙන ආගමිකයෙක් හෝ ජාතිකයෙක් ඔබට සතුරුව සිටිනවා කියල සිතන්න. ඔහු දකින සෑම වාරකයම ඔබගෙ සිතේ ඇතිවෙන්නෙ පහත් හැගීමක්ද, නැති නම් පහන් හැගීමක්ද ? මේ හැගීම ඇති වෙන්නේ කොහෙද ? ඔබගෙ සිතේ. ඒකට නිමිත්ත වෙන්නෙ අල්ලපුගෙදර මිනිසා පිළිබඳව ඇති ඔබගේ පුර්ව නිගමනය.
      ඒ පුර්ව නිගමනය පැන නගින්නේ ඔබගෙ සිතේ. ඒ අනුව ඔබගේ සිතේ හානිකර සිතුවිලි ඇති වීම නැතිකරගන්න එකයි ආගමික ඉගැන්වීම් තුල තියෙන්නෙ. ඔබගෙ සිත පිරිසිදු වන තරමට ලෝකයත් පිරිසිදු වෙනවා. මොකද ලෝකය කියන්නෙ ඔබගෙ සිතින් පරාවර්තනය කරන/ ගොඩනගන දෙයක්.
      සතුරන් ඉන්නෙ බාහිරව නෙමේ. අභ්යන්තරයෙ. සැකය කියන සතුර අපේ මනසෙ ඉන්නකල්, අපි විදේශකුමන්ත්රණ ගැන සිතනවා. වෛරය කියන සතුර ඉන්නකල් අපි අපි දකින්නේ අනිත් අයගෙ වැරදි.
      මම කියන්න උත්සහ කරන්නෙ, ඔබගෙ සිතේ තිබෙන මේ අයහපත් සිතුවිලි නිසා තමයි ඔබ අයහපත් ලෝකයක් දකින්නෙ කියල.
      සතුරන් විනාශ කරන්න කියන්නේ, මේ මනසේ ඇතිවන වෛරය, ක්රෝධය වගේ දේවල් විනාශ කරන්න කියලා.
      එහෙම නැතුව, අපේ ආගම අවිශ්වාශ කරන අයවත්, අපේ සිරිත් විරිත් හෝ විශ්වාශයන් අවිශ්වාශ කරන අයවත් නෙමෙයි සතුරො.

      Delete
    3. බොහම ස්තුතියි!

      මම අදහස් කලේ ඔබ "ඉස්ලාම් , හින්දු දර්ශන වලත් තම සතුරන් විනාශ කරන්න කියන" මෙයින් කුමක් අදහස් කරනවාද යන්නයි.

      මම ඉස්ලාම් දහම තරමක් හොදින් දනන් අයේක් (එහි මුල් ග්රන්ථ) තුලින්.

      ඔබ හා මම එකගයි!

      "පැරාගෙ බ්ලොග් එකේ අරමුණ වෙනම එකක්. සමහර කරුණු මේ වගේ තැන් වල සාකච්ඡා කරන්න අමාරු"

      නමුත්! ඔබ වැන්නන් සමග අදහස් හුවමාරු කරගන්න තිබුනොත් හොදයි! කැමතියි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා