සල්ලි එපා - බල්ලො මරමු



රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි. 

මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි. 

මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත. 

ඉංග්‍රීසියෙන් raining cats and dogs කියා ඉඩියම් එකක් තිබේ. ඒ වැහි බිංදුවල ප්‍රමාණය නිසා ද නැතිනම් වැස්සේ තරම නිසා ද යන්න නො දනිමි. බල්ලන් බළලුන් කියන්නේ අධික ගහණයක් බෝ වන, වෙනත් සතුන්ගේ ආහාර බවට පත් විය යුතු සතෙකි. මිනිස් ඇසුරට වැටීමෙන් පසු මෙම සතුන්ට වෙනත් සතුන්ගෙන් ආරක්ෂාව ලැබීම නිසා බලු ගහණය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ. වැඩි වන බලු ගහණය පාලනය කිරීම පිණිස ලෝකයේ සෑම රටක ම පාහේ විවිධ ක්‍රමෝපායන් අනුගමනය කෙරේ. 

ලංකාවේ නම් බල්ලන් මරා වලිගය ගෙන ගොස් පෙන්නා සල්ලි ගැනීමේ ක්‍රමයක් ඉස්සර තිබුණු බව වාර්තා වේ. මෙසේ බල්ලන් මැරීම සඳහා යොදවන ලද පුද්ගලයා බලු හබරා නම් විය. මෙම රැකියාව සමාජයේ පිළිකුලට භාජනය වූ එකකි. නින්දිත ක්‍රමවලින් මුදල් ඉපැයීම අදත් හැඳින්වෙන්නේ 'බල්ලන් මරා හෝ සල්ලි හෙවීම' ලෙසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. 

රාජ්‍ය නො වන සංවිධාන කීපයක් කොළඹ කේන්ද්‍රීය සෝබනකාර බලු වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලක් පවත්වාගෙන යති. සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය නො වන සංවිධාන කියන්නේ නිර්මානාත්මක ප්‍රගති වාර්තා ලියා අනුග්‍රාහකයන්ගෙන් මුදල් ලබා ගැනීම නම් ව්‍යාපාරයේ යෙදෙන ආයතන පද්ධතියක් බැවින් ගම් මට්ටමෙන් බලු ගහණය අඩු කිරීම සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් දක්නට නැති වීම බලාපොරොත්තු විය යුතු තත්වයකි.

වසර කීපයකට ඉහතදී බැංගලෝරයේ බල්ලන් විසින් ළමයින් කීපදෙනෙකු සපා කා මරා දමන ලදී. ලංකාවේ ද පාසල්, පන්සල් ආදී පොදු ස්ථානවල බල්ලන් ඉන්න තරමට මෙවැනි දේ වෙන්න බැරිකමක් නැත. බලු පැටවුන්, බළල් පැටවුන් ගෙනැවිත් අත හරින තැන් අතරින් පාසල්, පන්සල් ආදිය ප්‍රධාන ය. දුප්පත්කම නිසා දරුවන් විසි කරන සමාජයක බලු, බළල් පැටවුන්ට ‍එසේ කිරීම පුදුම විය යුතු කාරණයක් නො වේ. 

ලංකාව අමුතු රටකි. දෙමළ මිනිසුන් කෙතරම් මරා දැම්මත් ඒවා අපරාධ ලෙස සිංහල මිනිස්සු නො සලකති. බුදු දහමේ නාමයෙන් මේ වන විට මුසල්මානයන්ට ‍එරෙහිව නිල නො වන යුද්ධයක් දියත් කර තිබේ. හරකුන් මැරීම මහා පාපයක් ලෙස සලකන රටේ ජාතික මාංශාහාරය චිකන් ය. 

බල්ලන් මැරීම තිරිසන් ක්‍රියාවක් ලෙස සැලකුවත්, කිසි බොහෝ අය ඒ දඩාවතේ යන බල්ලන්ට කන්න ටිකක් දෙන්නට මැලි වෙති. තම ගෙවත්තට එන බල්ලන්ට නිර්ලෝභී අන්දමින් ගල් ගසන මිනිස්සු නම් එමට ය.

ලංකාවේ බල්ලන් ගෙවන්නේ බලු ම බලු ජීවිත වේ. උන්ට සොමියක් ඇත්තේ රැළේ යන කාලයට පමණි. යතුරු පැදිකරුවන්ට වැඩියෙන් ම අපල ඒ කාලයට ය. මහජන මුදලින් යාන වාහන ලැබෙන පාලකයෝ යතුරුපැදිකරුවන්ගේ මේ දුක නො දනිති.මා සිතන අන්දමින් නම් ලංකාවේ යතුරුපැදි පදවන්නන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බල්ලන් නිසා අනතුරුවලට මුහුණ දී තිබේ.

කෙටි කලකට ඉහතදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගේ අක්කාගේ අට හැවිරිදි පුතු වූ තමිඳු වීරසේකර මිය ගියේ ජලභීතිකාව වැළඳීමෙනි. ජල භීතිකාවෙන් වසරකදී මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව ඩෙංගුවලින් වසරකදී මිය යන මිනිසුන් ගණනට වැඩි බව මම අසා ඇත්තෙමි.

බලු ගහණය ඉහළ යාම නිසා බල්ලන්ගේ පමණක් නො ව මිනිසුන්ගේ ද ජීවිත බලු වී තිබේ. මම නම් කියන්නේ පාරවල් ගානේ තුවාල කුණු වෙමින්, කන්න බොන්න නැතිව, මිනිසුන්ගේ ගල් පහරට ලක් වෙමින් කාලකන්නි ජීවිත ගත කරමින් මිනිසුන්ගේ ද ජීවිත කාලකන්නි කරන දඩාවතේ යන බල්ලන්ට දිය හැකි විමුක්තිය වේදනා රහිත මරණය බවයි. 

පුනරුත්පත්තිය හෝ පුනර්භවය සත්‍යයක් නම්, කාටවත් වරදක් කර නැති බල්ලෝ නැවත ලංකාවේ නම් නො ඉපිද හොඳ තැනක ඉපදෙනු ඇත. 

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඇයි පාරේ යන හරක්... මම මාස දෙකක් ඉස්පිරිතාලේ හිටියා...

    නෑ නෑ අයියෝ ජීප් වල ගාඩ් දාගෙන යන හරක් නෙමෙයි..."උම්බෑ" කියලා කෑ ගහන්නේ අන්න උන්..

    සංවේදී නායකයෙක්නේ. ඇත්තටම ලොක්කා බල්ලන්ට මාර ආදරෙයි.. විහිළුවට නෙමෙයි.. ඒ කාළේ ඉඳන් යක්කු වගේ ඇල්සේසන් උන් හදනවා. ඒ නිසා අනික් බල්ලන්ටත් ආදරේ ඇති...

    ReplyDelete
  2. //හරකුන් මැරීම මහා පාපයක් ලෙස සලකන රටේ ජාතික මාංශාහාරය චිකන් ය. //
    මම මේ කතාව පැරාගේ පෝස්ට් කීපයකම දැක්කා. පැරාට චිකන් එක්ක මාර ගේමක් තියෙනවා වගේ.

    ReplyDelete
  3. දැන් බල්ලෝ මරන්නෑ.හිටපු නායකයෙක්ගෙ පුතෙක් දාපු “සත්ව හිංසනය“ පිළිබඳ නඩුවක අවසාන ප්‍රතිඵලය විදිහට දැන් කරන්නේ බල්ලන් අල්ලන් ගොස් පුංචි පහේ ඔපරේශන් එකක් කරලා.ඔපරේශන් එක කරපු බවට සලකුණක් විදිහට කණ පොඩ්ඩක් පංච් කරලා, අර කලින් දවසෙ අල්ලන් ගියපු තැනට ඒ කියන්නේ කලින් දවසෙ බලු වාහනේට ගොඩ කරපු තැනට ගෙනත් බස්සල යනේක.ඒ කියන්නේ ඉන් පස්සෙ බලු ජාතිය බිහිවීම වලකන එක (එතකොට ඒක පවු නැද්ද කියල මගෙන් අහන්නෙපා )

    ReplyDelete
    Replies
    1. ඔය පංච් කරන වැඩේ හරියට කරන්නැ , ඔය ටීම් වලට රාජ්‍ය නොවන සංවිධානයකින් රජයෙන් ගෙවන පඩියට අමතරව දීමනාවක් ගෙවනවා , ඒක ගෙවන්නේ කරන සැත්කම් ප්‍රමාණයට, ඉතින් හිතාගත්ත හැකිනේ වෙන දේ

      Delete
    2. හැබැයි ඔය විදියට operation කරගෙන ගියොත්, තව අවුරුදු 4 විතර දඩාවතේ යන බල්ලෝ නැති වෙන්න පුළුවන්. ජල බීතිකාව හැදෙන එකයි, Motor Cycle වලට බල්ලෝ පනින එකයි, ගෙවල් වලට බල්ලෝ පනින එකයි, තැන තැන පොඩි පැටවී දාල යන එකයි වගේ දේවල් එක්ක බලද්දී, බලු ගහනය පාලනය කරන එක කල යුතු දෙයක් කියන එකයි මගේ මතය. ඒකට පව් පින් බලන්න ඕන නැහැ

      Delete
  4. මගුලක් කතාකරනව ... ඕව කරන්න ගිහින් තව කවුරුහරි ගිනිතියාගත්තම...

    ReplyDelete
  5. නිකම් බල්ලෝ මැරුවම පැරා වගේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන අයට තමා පාඩුව.

    ReplyDelete
  6. මේ අජිත් පැරකුම් කියන්නේ පට්ට කුහකයෙක්. මූ මොන ලිපිය ලියුවත් අන්තිමට ගහන්නේ සිංහල බෞද්ධයට. LTTE එක පැවතුන කාලේ සිංහල මිනිස්සු අමුඅමුවේ කපා කොටා මරපු හැටි, ක්ලේමෝ බොම්බ වලට කීතු කීතු කරපු හැටි මේ මුග්ද කුහකයාට නොපෙනේ. ඔහුගේ යාලුවෙකු බල්ලෙක් නිසා අනතුරකට ලක් වී මිය ගිය නිසා බල්ලන් අල්ලා මැරිය යුතුයැයි මොහු පවසයි. මේ මුග්දයාට කිසිදා නොතේරෙනේ කොටි සමූල ඝාතනය කලේද මෙලෙසම​සිංහලයින් මැරීම බලා සිටීමට බැරි නිසා බවයි. කොටි නිසා සිංහලයන්ට සිදුවනන අනතුර වැලක්වීමට කොටි සමූල ඝාතනය කරන ලදි. එහිදී දෙමල මිනිසුන් යම් ප්‍රමානයක් ද මියගිය බව සැබෑවකි. එය මේ මුග්දයා ප්‍රකාශ කරන්නේ දෙමල මිනිසුන් ඝාතනය කල හැටියටය​. දලදාවට බෝම්බ ගහද්දි දකුණේ තැන තැන බෝම්බ පුපුරා සිංහලයන් මිය ගියවිට එක දෙමල මිනිහෙක්ගේ මයිල් ගහකට සිංහල මිනිසුන් හානි කලාදැයි මේ හම්පඩ​, කසිකබල් වාමාංශික කේවට්ටයාගෙන් අහන්ඩ කැමති. අවසානයේ යුද්ධයකින් කොටි අවසන් කලයුතු යැයි තීරණය කරන තැනකට සමාජය තල්ලුවී ගියේය​. ලොව ඕනෑම තැනක පවතින යුද්ධයක් යනු ජිල්බෝල ගැසීමක් නොවේ. සිංහල මිනිසුන් මිය ගිය විට එක වචනයක් ආසාවට එලියට නොදාපු මේ වාමාංශික කුහක දෙබිඩ්ඩන් යුද්ධයකදී මිය ගිය දෙමුලුන් අර්ථකථනය කරන්නේ සිංහලයන් විසින් බල්ලන් මෙන් දෙමුලු මැරුවා යැයි කියමි. අජිත් පැරකුම් තොපගේ කාලකන්නි ජීවිතයේ අර්ථය නැති කර ඇත්තේ සිංහල අප නොවෙමු. තොපට යහතින් හුස්ම ගැනීමට මේ රටේ බැරි නම් තොපේ අනික් උන් කරා වගේ තොපිට මහ ලොකු සුරපුරයක් වන යුරෝපයට පැන අන්තිම කාලේ එහෙ ජීවත් වෙයන්. නො එසේ නම් ඔය මාක්ස්වාදී හම්පඩ වැරහැලි දැන්වත් ගලවා ඉතුරු ටික කාලය දනක් පිනක් නොකෙරුවත් මේ වගේ කුහක දෙබිඩි ප්‍රකාශ නොකර වත් හිටපන් කියා ඉල්ලමි. දෙමලුන් එසේ අපි මරා දැම්මා නම් 1983 දී සිටි දෙමල ජන ගහනයට වඩා අද කොලඹ ආශ්‍රිතව දෙමල ජනගහනය වැඩිවී ඇත්තේ කෙසේද ඕයි?. දෙමලුන් ගෙන් වැඩිම පිරිසක් තවමත් ජීවත් වන්නේ සිංහල මිනිස්සුන් අතරයි. මුස්ලිම් උන්ගේ ප්‍රශ්නයද උන් අප මත බලහත්කාරයෙන් පටවා ඇති හලාල් වලට විර්ද්ධ වීමක් හා උන්ගේ අන්තවාදයට අපි විරුද්ධ වීමක් මිස ඔහේ කියන විදිහට ජාතිවාදයක් කොහේද තියෙන්නේ? සමූල ඝාතන සිද්ධ උනා නම් සුලු ජාතීන් පිමි පනිමින් දකුණේ තව තවත් වර්ධනය වන්නේ කොහොමද? ඔබගේ කාලකන්ණි කමට සිංහල අපි පලි නැති බව නැවතත් පවසමි.

    ReplyDelete
    Replies
    1. නුඹ වැනි තකතීරුවන්ට කිසිදා ඉගැන්විය නොහැකිය. මගේ මතය පිලිනොගන්නන් මරි මෝඩයන් තකතීරුවන් වන අතර මම සියල්ල දන්නා පොරක් වේ.

      එහෙත් තර්කානුකූලව කෙනෙක් මගෙන් ප්‍රශ්න අසන විට මට හීනියට කලිසමේ චූ පොඩ්ඩක් යයි.

      එ නිසා මේ වගේ ප්‍රශ්න අහන්න එපා ඈ......

      මම කුහකයි කියල හැමෝම දන්න එකේ අයෙ මොකට ඒ බව කමෙන්ට් කරනවද? හැම පෝස්ට් එකේම් කවුරු හරි මට ඕක කියනවා. කුහක උනාට අනිත් ඔක්කොම වගේ මමත් එහෙම නෑ වගේ ඉන්නනේ කැමති....ඔය ඇමතියො ඔක්කොම බලුකම් කරල සුදනො වගේ ඉන්නෙ...හා නැද්ද හා....

      ඒ හින්ද මීට පස්සෙ එහෙම කියන්නත් එපා ඈ....

      Delete
    2. අනන්‍යතාවය පෙන්වන්ඩ බැරි උබලා තමයි පොන්නයෝ.

      Delete
    3. //AnonymousJune 14, 2013 at 11:59 AM

      අනන්‍යතාවය පෙන්වන්ඩ බැරි උබලා තමයි පොන්නයෝ.//

      තදින් සිනා.....

      Delete
    4. ade me lionta pissu wadi wela

      Delete
    5. Para, edda ahagaththa. Yako, denwath me Sinhala jathiyata thiyena wairaya nawaththapiya. Nagrayak gane hedena Muslim palli penne neththe thoge es potta welada. Me Muslim ewun shathaka gananaka selesmakata weda karanawa. Shariya neethiya ape rate apu daata, thoge genitath kalu loguwa endagena, delak (net) munata dagena yanna wenna. Thoge geni VOG langata giyama, thoge atha allala leda kiyanna dostarata sidda wenawa booruwo. Lyapan, thwa liyapan. Thowa handanna puluwan ekama neethiya Shariya neethiyama thama. Ponna NGO karaya.

      Delete
  7. Read above the Thushan D Lion Heart's Heart of a Dog
    but not as per the novel by Mikhail Bulgakov;but
    certainly according to the singhalese-buddhist (SB) suicidal mentality.
    ...
    Readers please read in between the lines of "dog heart's" comment and the featured article of Ajith.How dog hearted the contemporary (sri) Lankan culture fueled by the SB chuvanists!

    Clement Peris
    Calgary
    11.54 pm MT

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාවය පෙන්වන්ඩ බැරි උබලා තමයි පොන්නයෝ.

      Delete
  8. උබට රිදිලා වගේ හොදටම පවු. පඩයා!

    ReplyDelete
  9. බල්ලන් තරම් දුක් විඳින ජාතියක් තවත් නැති බව ඩ්‍රැකියත් පිළිගන්නා දෙයක්. ඒත් බල්ලො මරණ එක සෘජු විසඳුමක් නෙවේ. බල්ලො ඒ තැනට පත් කරන මිනිස්සුන්වයි වෙනස් කරන්න ඕනෙ.

    ReplyDelete
  10. බලු බද්දක් දැමිය යුතුයි!

    මරා දැමීමට වඩා ව්‍යන්ධාකරණය හොඳ පිළියමක්.

    ReplyDelete
  11. අපි නං චිකන් විතරක් නොවෙයි බිත්තරත් කනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා