සල්ලි එපා - බල්ලො මරමු
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි. මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයිකලයෙන් ගෙදර එමින් සිටියදී, වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි. මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත. ඉංග්‍රීසියෙන් raining cats and dogs ...