Posts

Showing posts with the label බල්ලෝ

සල්ලි එපා - බල්ලො මරමු

Image
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි.  මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි.  මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත.  ඉංග්‍රීසියෙන් raining cats and dogs ...

ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

Image
ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය.  ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් මධ්‍යම පංතිකයන්ගේ ආශිර්වාදයෙන් ගොඩනඟන ලද පවතින විකෘති සමාජ ක්‍රමය පවතින තෙක්, අප තත්වය විග්‍රහ කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය වටහා ගනිමිනි.   මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මල්ලී වන ගෝඨාභය රාජපක්ෂට එම පවුලේම අය විසින් කළමනාකරණය කරනු ලබන, මහජනාව විසින් පාඩු පියවන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරන ඔහුගේ ම ලේලියකගේ ගුවන් නියමු පෙම්වතා ලවා ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන එන්නටත්, බලු පැටවාට ඇති ආදරය නිසා එම ගුවන් යානය තමන් ම පදවන්නැයි ලේලිගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටින්නටත් බැරි මොකද?  ලේලිගේ පෙම්වතාට ඒ -340 ගුවන් යානා පදවන්නට බැරි නිසාත්, ඒ -330යක් යෙදුවොත් මගීන් සංඛ්‍යාව අඩු කරන්නට සිදු වන නිසාත් ගුවන් නියමු සංසදය එයට විරුද්ධ වීම නිසා එය ඒ අන්දමින් සිදු වී නැත.  ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා තර්...