Posts

Showing posts with the label බල්ලා

සල්ලි එපා - බල්ලො මරමු

Image
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි.  මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි.  මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත.  ඉංග්‍රීසියෙන් raining cats and dogs ...

ෆොන්සේකාගේ බල්ලා හා සිංහල ජාතිවාදියෝ

Image
Fonseka's dog - photo from indi.ca ෆොන්සේකා ගෙදර ගිය විට ඔහුගේ බල්ලා උඩ පැන නටා මහත් සතුටින් ඔහු පිළි ගත් බව පුවත්පත්වල වාර්තා විය. ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි.  ෆෆාන්සේකා සිරගෙදර සිටිමින් ඒකාධිපති පවුල් පාලනයකට එරෙහිව තනිව ම සටන් කරද්දී මේ ජාතිවාදී, ආගම්වාදී නායකයන් ඔහු අසාධාරණ අන්දමින් සිරගත කළ පාලකයන්ට විරුද්ධව වචනයකුදු නො දොඩා ඔවුන්ගේ දෙපතුල් ලෙව කමින්, දූෂණයට ආවඩමින් උන් හ.  සිංහල ජාතිවාදී, ආගම්වාදී සංවිධාන කිසිවක් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේ නැත. එපමණක් නොව, මහා පරිමාණයෙන් දූෂණයේ යෙදෙන, සංස්කෘතික උරුමය වනසන දේශපාලක ‍සොරුන්ට එරෙහිව කට ඇරියේ ද නැත.  ෆොන්සේකා වීරයකු වන්නේ ඔහු ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව අභීතව කළ සටන නිසා ය. සිංහල ජාතිවාදයට හා බුදු දහමට මුවා වෙමින් පවත්වාගෙන යන ජාතිවාදී දේශපාලනය සිංහලකමට, බුදු දහමට නිගාවක් වන අතර, එය අද වන විට සිංහලයා හමුවේ සිටින ප්‍රධාන සතුරා ය.  සිංහලයා පටු ජා...

කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත් හ

Image
කොළඹ ඕනෑ තරම් බල්ලෝ සිටිති ඒ බල්ලෝ ඕනෑ තරම් මිනිසුන්ව ද කති.  මේ බල්ලෝ වරදි කෑමක් කන්නට ගිය හ.  කොළම ධනපතින්ගේ  නයිට් රේස් එකට මේ නිසා අවුලක් ඇති විය.  බල්ලෝ වැඩේ වණ කර ගත් හ. බල්ලා වුණත් ගෙරවිය යුත්තේ කාට ද යන්න දැන ගත යුතු කාලයකි, මෙය.  දැන් ඉතින් කොළඹ බල්ලන්ට ද හිඟන්නන්ට, පේමන්ට්කාරයන්ට හා අනවසර නිවැසියන්ට සේ ම අබ සරණ ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න