ෆොන්සේකාගේ බල්ලා හා සිංහල ජාතිවාදියෝ

Fonseka's dog - photo from indi.ca
ෆොන්සේකා ගෙදර ගිය විට ඔහුගේ බල්ලා උඩ පැන නටා මහත් සතුටින් ඔහු පිළි ගත් බව පුවත්පත්වල වාර්තා විය.


ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. 


ෆෆාන්සේකා සිරගෙදර සිටිමින් ඒකාධිපති පවුල් පාලනයකට එරෙහිව තනිව ම සටන් කරද්දී මේ ජාතිවාදී, ආගම්වාදී නායකයන් ඔහු අසාධාරණ අන්දමින් සිරගත කළ පාලකයන්ට විරුද්ධව වචනයකුදු නො දොඩා ඔවුන්ගේ දෙපතුල් ලෙව කමින්, දූෂණයට ආවඩමින් උන් හ. 


සිංහල ජාතිවාදී, ආගම්වාදී සංවිධාන කිසිවක් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේ නැත. එපමණක් නොව, මහා පරිමාණයෙන් දූෂණයේ යෙදෙන, සංස්කෘතික උරුමය වනසන දේශපාලක ‍සොරුන්ට එරෙහිව කට ඇරියේ ද නැත. 


ෆොන්සේකා වීරයකු වන්නේ ඔහු ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව අභීතව කළ සටන නිසා ය. සිංහල ජාතිවාදයට හා බුදු දහමට මුවා වෙමින් පවත්වාගෙන යන ජාතිවාදී දේශපාලනය සිංහලකමට, බුදු දහමට නිගාවක් වන අතර, එය අද වන විට සිංහලයා හමුවේ සිටින ප්‍රධාන සතුරා ය. 


සිංහලයා පටු ජාතිවාදයෙන් අන්ධ කර, මුග්ධත්වයේ ගිල්වා ලෝකයේ හුදකලා ජාතියක් බවට පත් කර විනාශ මුඛයට යොමු කරන දේශපාලනය වෙනුවට සිංහලකමේ සැබෑ උරුමය වන ලෝකයට විවෘතකම ඇති, ලෝකය හා සුහද ලෙස සම්බන්ධ, වෙනත් ජාතීන්ට ගරු කරන, බුද්ධිමත්, ගුණගරුක සිංහල දේශපාලනයක් අද රටට අවශ්‍ය ය. 


ලාංකීය අසරණ ජනයා සරත් ෆොන්සේකා කෙරෙහි මහත් සේ බලාපොරොත්තු තබා ඇති බව ඊයේ ඔහු නිදහස් කිරීමත් සමග අසංවිධානාත්මකව රට පුරා ප්‍රදර්ශනය වූ ප්‍රතිචාරවලින් පෙනේ. ‍ඔහු රට පුරා රැස්වීම් වටයක් පවත්වන්නේ නම් ඇතැම් විට මේ ප්‍රතිචාරය ජනප්‍රිය රැල්ලක් ලෙස මතු වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය පාලකයන්ට තියුණු අභියෝගයක් වනු ඇත. 


ෆොන්සේකා අභියස ඇති අභියෝග අ.රින් ප්‍රධාන ම අභියෝගය වන්නේ ජාතිවාදියකු නො වී සිංහලයකු ලෙස ලාංකීය ජාතියක් වෙනුවෙන් සටන් කරන නායකයකු වීමයි. 


ෆොන්සේකාගේ නැගී ඒමට එරෙහිව පාලකයන් විසින් පාවිච්චි කරනු ලබන ප්‍රධාන ම අවිය වනු ඇත්තේ පටු ජාතිවාදයයි. එකී ජාතිවාදයට බිය වී එයට යට වුණහොත් ෆොන්සේකාට මහින්ද රාපක්ෂට විකල්පයක් වන්නට බැරි ය. සිංහලයන් අතර ජනප්‍රියත්වය ද රැක ගනිමින් ජාතිවාදී නොවී ලාංකීය ජාතියක් වෙනුවෙන් පෙනී සිටීම ෆොන්සේකා හමුවේ ඇති තියුණු ම අභියෝගයයි. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි.
    -*---------------
    සරත් පොන්සේකා මෙතෙක් තමන් සමග සිටි බල්ලා කොන්කර දෙමල TNA බැල්ලිය ගෙදරට ගෙනාවේය , ඒ මතුද නොව සිංහල බල්ලා ඕනෑම වෙලාවක බලු වැන් එකට අල්ල දෙන බවද පරම බැවේය.... මේ බව සිංහල බල්ලාටද මතක තිබේ !

    ReplyDelete
  2. Very good analysis. Dont forget that he managed to lead an alliance with all the tamil and muslim parites.He will need guidance from right people to lead the nation towards real peace.

    ReplyDelete
  3. /* ෆොන්සේකා වීරයකු වන්නේ ඔහු ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව අභීතව කළ සටන නිසා ය.
    */

    මීට කලින් ඔය සටන කළ අය

    ජේ ආර් (අංකල් නෙවිව් පාටියට විරුද්ධව)
    ප්‍රේමදාස (හොරගෙල්ලට විරුද්ධව)
    මහින්ද (නැවතත් හොරගොල්ලට විරුද්ධව)

    ReplyDelete
  4. රටට ඕනේ නීතියේ පාලනයයි...ෆොන්සේකාවත් ෆොන්සේකාගේ බල්ලාවත් නොවේ...නීතියේ පාලනය පිහිටුවීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය කැපවීම ලබා දෙන්න පුළුවන්නම්... ෆොන්සේකාට පුළුවන් තම හමුදා විනයේ අත්දැකීම් යොදා ගෙන මේ රටට ඕන එම යුග මෙහෙවර ඉටු කරන්න...ජනාධිපති දුරය අහෝසි කිරීම ඉලක්ක කර ගෙන...ජාති ආගම වාදයෙන් තොර සාධාරණ ශිෂ්ට සමාජයක ජිවත් වීමට මිනිසුන්ට ඉඩ ලැබෙන වෙනසක් සඳහා කැපවීමට පුළුවන් නම්...තමා කියන්න පුළුවන් ඔහු නිදහස් උනා කියල...නැතිනම් තවත් දේශපාලන රංගනයක් තමා දකින්න පුළුවන්....

    ReplyDelete
  5. අදහසට එකඟයි

    ReplyDelete
  6. සිංහල ජාතිවාදීන් වෙනුවෙන් මහා මෙහෙයක් කළ සරත් ෆොන්සේකා ගැන ඔච්චර වද වෙන්නේ ඇයි?

    ReplyDelete
  7. every one hero until get power.when they got power theyr the dictator..we r like ship on ocean without captain..however good analysis.all the best friend..

    ReplyDelete
  8. //සිංහලයා පටු ජාතිවාදයෙන් අන්ධ කර, මුග්ධත්වයේ ගිල්වා ලෝකයේ හුදකලා ජාතියක් බවට පත් කර විනාශ මුඛයට යොමු කරන දේශපාලනය වෙනුවට සිංහලකමේ සැබෑ උරුමය වන ලෝකයට විවෘතකම ඇති, ලෝකය හා සුහද ලෙස සම්බන්ධ, වෙනත් ජාතීන්ට ගරු කරන, බුද්ධිමත්, ගුණගරුක සිංහල දේශපාලනයක් අද රටට අවශ්‍ය ය. //

    මේ "වෙනත් ජාතීන්ට ගරු කරන, බුද්ධිමත්, ගුණගරුක සිංහල දේශපාලනය" පොන්සේකගෙන් බලාපොරොත්තුවෙන කට්ටිය ඉන්නවනම් ඉබ්බෙක්ගෙන් පිහාටුවක් දෙකක් බලාපොරොත්තු වීමේද වරදක්ද නැති බව මගේ පුද්ගලික හැගීමයි (ඉහත සදහන් ආකාරයේ දේශපාලනයක අවශ්‍යතාව නැති බව නොවෙයි අදහස් කරේ )

    ReplyDelete
  9. ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි.
    -*---------------
    සරත් පොන්සේකා මෙතෙක් තමන් සමග සිටි බල්ලා කොන්කර දෙමල TNA බැල්ලිය ගෙදරට ගෙනාවේය , ඒ මතුද නොව සිංහල බල්ලා ඕනෑම වෙලාවක බලු වැන් එකට අල්ල දෙන බවද පරම බැවේය.... මේ බව සිංහල බල්ලාටද මතක තිබේ !
    --
    සිංහල අවජාතක පොන්න බල්ලාට දළදා මාලිගාවට කෙලිය කරුණා අම්මාන් ගැන මතක නැත.

    ReplyDelete
  10. ජාතික ආලය නිසා තමයි ෆොන්සේක ඔය තරමට හරි ජනප්‍රිය උනේ... ට්.එන්.ඒ. සහ අනෙකුත් පාහර දීශපාලුවන් එක්ක එකතු උන ගමන් වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නෑ.... "සියතින් ගෙල මිරිකාගැනීම"

    ReplyDelete
  11. ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ටි.එන්.ඒ. සහාය ගත්ත එක ගැන කතා කරන අය, රටේ සිල්වත් හාමුදුරුවරුන්ව අම්පාර පියන්ගලදිත්, කිතුල්උතුවේදීත්, ශ්‍රී මහා බෝධිය ළඟදිත්, බලෙන් අපවත් කල, සිල්ගත් උපාසක උපාසිකාවෝ ශ්‍රී මහා බෝධිය ළඟදිත්, අහිංසක පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසකට අවි භාර දීලා යන්න කියලා කොටු කරලා මරපු, සහ ශ්‍රී දහදා මාලිගාවට බෝම්බ පුපුරවල හානි කරපු කේ.පි.ලා, කරුණලා, පිල්ලයන්ලා එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපති, ඉන්න එක පෙන්නේ නැද්ද. සිංහලයින්ට එක අහයි, එක කනයි, එක නාස් පුඩුවයි තියෙන්නේ කියලා සමහර ජාතින් කියන්නේ එකයි.

    ReplyDelete
  12. / සිංහලයන් අතර ජනප්‍රියත්වය ද රැක ගනිමින් ජාතිවාදී නොවී ලාංකීය ජාතියක් වෙනුවෙන් පෙනී සිටීම ෆොන්සේකා හමුවේ ඇති තියුණු ම අභියෝගයයි. /

    අම්මප කතාව නම් සීයට දෙසීයක් ඇත්ත පැරා...ඒත් මේ වැඩේ සාර්ථක වෙයි කියල මම නම් හිතන්නෙ නෑ...මොකද අතීත අත්දැකීම් එක්ක බැලුවම දකින්නට තියෙන චිත්‍රය එච්චරම...එච්චරම නෙවෙයි කොහොමවත්ම සුබ දායක නම් නැහැ.

    ReplyDelete
  13. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලනය පටන්ගත්ත ගමන්ම එයට එකතුවූ, දේශපාලන අත්දැකීම් , නොතිබුණු, ඩි.එස්. සහ ඩඩ්ලි යන අගමැතිතුමන්ලා රටට කල සේවය සහ සංවර්ධනය කොපමණද. ඉන් පස්සේ ආපු දේශපාලන අත්දැකීම් තිබු සහ ඒවා එකතුකර ගත් අන්කුරන්, රට කලේ මොනවාද. දැන් රටේ සංවර්දනයක් තියෙනවද?, එහෙනම් ඉස්සර රුපියල් දෙකක් වූ ඩොලරය, රුපියල් 130 ට නැග්ගේ ඇයි. ලෝකයට රට නය කිරීම, රටේ සම්පත් සූරාකෑම සහ තමන්ගේ හෙන්චයියන්ට සැලකීම, හැර මුන් කරන්නේ මොනවාද. එනිසා දේශපාලන අත්දැකීම් නැති හොද විනයක් ඇති, කිව් දේ කල, කරන දේ කිව්, කරුණලා සහ සමහර දේශපාලුවන් මෙන් සිංහලයන් නොමැරු, ජනරාල් මේ රට හොද මාවතකට ගෙන යාවි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා