ආණ්ඩුව ලබ්බට තැබූ අත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තියලා

‍ජුනි 30 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී අක්‍රමිකතා ඇති වී තිබෙන බවට පැමිණිලි කෙරෙමින් තිබේ. 


මෙම නිලවරණයෙන් පසු පරාජිත පාර්ශ්ව විසින් යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමට පවා ඉඩ ඇති බවක් ඉඟි වී තිබේ. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 15,000ක සාමාජිකත්වය සහිත ප්‍රබල වෘත්තීය සමිතියකි. වෛද්‍යවරු සිය වෘත්තීය ශක්තිය, කේවෙල් කිරීමේ හැකියාව හා පංති සහයෝගිතා ක්‍රියාමාර්ග ඔස්සේ මේ රටේ වෙනත් වෘත්තීය සමිතිවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අයිතිවාසිකම් දිනා ගෙන ඇත. 


දැන් රජයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද පාලනය අවශ්‍යව ඇති බව පෙනේ. මේ අවුල් ඒ සඳහා උපයෝගී කර ගනිමින් තිබේ. 


රජය හෙද සේවා වෘත්තීය සමිති ශක්තිය කඩාකප්පල් කළ අන්දම අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ය. අද බහුතර හෙද පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රශ්න හමුවේ නිර්වින්දනය කර තැබීමට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සමත් වී තිබේ. ඒ වෙනුවෙන් මුට්ට කාසි වංචා සම්බන්ධ පරීක්ෂණවලින් ආරක්ෂාව හා වෙනත් වරප්‍රසාද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ට ලැබේ. 


අද වන විට හෙද සේවයේ වෘත්තීය සමිති අතර තරගය ඇත්තේ ඉල්ලීම් දිනා ගැනීමට වඩා තම සම්මේලනයට සෞඛ්‍ය ඇමති ගෙන්වා ගැනීම වැනි නො වටිනා කරුණු අරභයා ය. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද බලයේ එල්ලී සිටින්නන් සාමාජිකයන්ට එරෙහිව රජයේ සහයෝගය ඉල්ලා සිටින දිනයක් උදා වුවහොත් එය වෛද්‍ය වෘත්තියට ද කණ කොකා හඬන දිනයක් වනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වෘත්තීය අයිතිවාසිකම් කියන්නෙ අනුල්ලංඝනීය අයිතියක්....ඒ අයිතිවාසිකම හැමෝටම තියෙන්න ඕන..ඒකෙ දෙකක් නෑ.

    අද රජය දණ ගැස්වීමට සමත් වෘත්තීය සමිති තුන හතරෙන් එකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය....ඒත් වෘත්තීය අයිතිවාසිකම් ගැන දැඩි විශ්වාසයකින් ඒ වගේම ආශ්වාදයකින් යුතු කෙනෙක් හැටියට මට මේ GMOA එක ගැන තියෙන්නෙ බොහොම කලකිරුනු හැඟීමක්..:( :(

    මොකද මෙයාල තමන්ගෙ කේවෙල් කිරීමේ ශක්තිය යොදා ගත්තෙ කිසිසේත්ම පිළිගත් නොහැකි විදිහට ආත්මාර්ථය වෙනුවෙන්.වෘත්තීය සමිතියක් සටන් කරන්ට ඕන තම සාමාජිකයින් වෙනුවෙන්.ඒකෙ දෙකක් නෑ. ඒත් වෛද්‍ය වෘත්තිය වගෙ සාමාන්‍ය ජනයාට දැඩිව බලපාන වෘත්තියක යෙදෙන උදවිය තම බලය පාවිච්චි කරන කොට දැඩි සංයමයකින් කරන්න අවශ්‍යයයි.

    ඒ නිසා ස්වාධීන වෘත්තීය සමිතියක් හැටියට ඔවුන්ගෙ ක්‍රියාකලාපය බොහොම කාලයක් බලා හිටපු කෙනෙක් හැටියට මට නම් කියන්න තියෙන්න "ඔන්න ඔහෙ ඕන එකක් ''කියල විතරයි :( :(

    ReplyDelete
  2. the government strategy is that.. i don't know what will happen at the end

    ReplyDelete
  3. GMOA, its time to face the reality that all other Sri Lankan worker unions have been experiencing for a long period. Time to end the walk on clouds.

    Welcome to the Earth!

    ReplyDelete
  4. GMOA, Welcome to the Earth!
    If the government goes to an undertaking agreement with all mdeical students to bind them to serve this country for 10/15 years, being a 3rd world country, can someone name a country or any other hole, that might these assholes migrate? There are many wolves who howl from Australia, "Docs, migrate, we got stuck whole world in our asses; Learn, but dont serve;" Is their any m#th#r f##k## who say "students, migrate Australia/US/UK, learn free and become a doc, get stuck whole world in your ass; then go to sri lanka; launch a medical campaign in Moneragala/Vawunia taking care of poor people just for 6 months"; I bet sure as my dick goes soft, those assholes goes soft; Dear docs, migrate! Oh, the deepest shit words in the world!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා