Posts

Showing posts with the label රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

විශාඛා විද්‍යාලයට තුන ශ්‍රේණියෙන් දියණිය ඇතුළු කළ මාධ්‍ය වීරයා කවුරු ද?

Image
මාධ්‍යකරුවකු විශාඛා විද්‍යාලයේ තුන ශ්‍රේණියට සිය දියණිය ඇතුළත් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. (වීඩියෝව පහත) ඔවුන්ගේ තර්කය මාධ්‍යකරුවන්ට පුළුවන් නිසා දොස්තරලාට ද පුළුවන් විය යුතු බවයි.  අපේ තර්කය මෙයයි: මෙම පාසල් රජයට අයත් ඒවා ය. ඒවා නඩත්තු වන්නේ ප්‍රධාන වශයෙන් ම මහජන මුදලිනි. මේවායේ සේවය කරන අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 300ක් පමණ වන පිරිසට වැටුප් ගෙවීමට පමණක් රජය මාසයකට රුපියල් කෝටියකට වඩා මහජන මුදල් වැය කරයි. මේවා පොදු පාසල් වන්නේ ද, මහජනතාවට ඒවා වෙත ඇති ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රික ලෙස තහවුරු කිරීම අතිශය වැදගත් වන්නේ ද, මේවා මහජන මුදලින් නඩත්තු වන මහජන දේපල නිසා ය. විශාඛා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කළ හැකි පිළිගත් ක්‍රමවේදය අනුව, එසේ ඇතුළත් කළ හැක්කේ පළමු ශ්‍රේණියෙන්, හය ශ්‍රේණියෙන් හා උසස් පෙළ සඳහා ය. ඒ වෙනුවෙන් ඉතා පැහැදිලි ක්‍රමවේද තිබේ. එහෙත්, මේ අතරතුර හොරෙන් රිංගවීම සිදු වන්නේ මුදලට, හිතවත්කමට හා දේශපාලන / නිලධාරි බලපෑමට යටත්ව පාරදෘෂ්‍ය නො වන ක්‍රමවලට ය. තුන ශ්‍රේණියේදී හොර පාරෙන් දරුවකු විශාඛාවට රිංගවූ විට සිදු වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්...

දොස්තරලාට රෝහල් වෙලාවේත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න ඉල්ලීමක්

Image
ලංකාවේ වෛද්‍යවරු වනාහි විස්මිත වෘත්තිකයෝ පිරිසකි.ඔවුන්ට ඇත්තේ අරුම පුදුම වෘතිතීය ඉල්ලීම්ය. නිදසුනක් ලෙස ඔවුන්ට වැටුප් වැඩි කරගන්නට පමණක් නොව සෙසු වෘත්තීන්හි යෙදී සිටින මිනිසුන්ගේ වැටුප් හා ඔවුන්ගේ වැටුප් අතර පරතරයක් තබාගන්නටද උවමනාය. තමන්ට ගෙවන සන්නිවේදන දීමනාව සෙසු තමන් වැනි රාජකාරිවල යෙදෙන අයට ගෙවනවාට ඔවුහු විරුද්ධය.  මේ අලුත්ම ඉල්ලීමයි. ලංකාවේ මිනිස්සු ලෝකයේ බොහෝ රටවල වැඩකරති. එහෙත්, ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඉන්දීය වෛද්‍යවරු වැඩකිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් යෝජනා කරන විසඳුම කුමක්ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් (?????????) ඉල්ලා ඇත්තේ රජයෙන් වැටුප් ලබමින් දවස පුරාම පෞද්ගලික රෝහල්වලද මුදලට වැඩ කිරීමට අවස්ථාව දෙන ලෙසයි. (දැනට සවස හතරෙන් පසු කරන දේට අමතරව) මේ ඉල්ලීම හරියට ගුරුවරුන් පාසලේ පොතේ අත්සන් කර ටියුෂන් පංතිවල ඉගැන්වීමට ඉල්ලාසිටිනවා වැනිය. කොහොමද දේශප්‍රේමයේ තරම? විලිලජ්ජාවක් නැතිව මෙවැනි ඉල්ලීමක් කරන්නට පුළුවන්කමක් තිබීමම සම්මාන දියයුතු තත්වයකි. Release govt. docs to replace Indians in pvt. sector...

ආණ්ඩුව ලබ්බට තැබූ අත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තියලා

Image
‍ජුනි 30 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී අක්‍රමිකතා ඇති වී තිබෙන බවට පැමිණිලි කෙරෙමින් තිබේ.  මෙම නිලවරණයෙන් පසු පරාජිත පාර්ශ්ව විසින් යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමට පවා ඉඩ ඇති බවක් ඉඟි වී තිබේ.  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 15,000ක සාමාජිකත්වය සහිත ප්‍රබල වෘත්තීය සමිතියකි. වෛද්‍යවරු සිය වෘත්තීය ශක්තිය, කේවෙල් කිරීමේ හැකියාව හා පංති සහයෝගිතා ක්‍රියාමාර්ග ඔස්සේ මේ රටේ වෙනත් වෘත්තීය සමිතිවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අයිතිවාසිකම් දිනා ගෙන ඇත.  දැන් රජයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද පාලනය අවශ්‍යව ඇති බව පෙනේ. මේ අවුල් ඒ සඳහා උපයෝගී කර ගනිමින් තිබේ.  රජය හෙද සේවා වෘත්තීය සමිති ශක්තිය කඩාකප්පල් කළ අන්දම අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ය. අද බහුතර හෙද පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රශ්න හමුවේ නිර්වින්දනය කර තැබීමට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සමත් වී තිබේ. ඒ වෙනුවෙන් මුට්ට කාසි වංචා සම්බන්ධ පරීක්ෂණවලින් ආරක්ෂාව හා වෙනත් වරප්‍රසාද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ට ලැබේ.  අද...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් -2; දොස්තර මහත්වරුන්ට පීඩිත පංතියේ ප්‍රතිචාරය

Image
( 2010 ඔක්තෝබර් 16,  W3Lanka )  වැටුප් විෂමතා වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමට විරෝධය පළ කරමින් අපි සටහනක් තැබුවෙමු. එය මෙසේ ය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් | A challenge to Government Medical Officers' Association of Sri Lanka සමාජ විෂමතා අවම කිරීම සඳහා කටයුතු කිරීම ඕනෑම සමාජවාදියකුගේ ප්‍රතිපත්තියයි. ලංකාව විසින් අනුගමනය කරනු ලබන රටක් වන චීනයේ පවා මේ වනවිට ප‍්‍රකාශයට පත්වී ඇති නව පස්-වස් සැලැස්මෙන් එරට ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට වඩා ඇති නැති පරතරය අවම කිරීම සඳහා අවධානය යොමු කර ඇත. එහෙත්, වෛද්‍යවරයාත්, අඩු අධ්‍යාපන මට්ටමක සිටින සනීපාරක්ෂක කම්කරුවාත් යන දෙදෙනා ම එක ම මිනුම් දණ්ඩකින් මැනීම සමාජවාදය යයි අපි නො සිතන්නෙමු.  ලිපිය ලිවීමේදී බලාපොරොත්තු වූ අන්දමින් ම වෛද්‍යවරුන් පරළ වී, නන් දොඩවන්නට පටන් ගෙන ඇති බව ලිපියට ලැබී ඇති ප්‍රතිචාර කියවා බලන විට පෙනේ. අප මෙම බ්ලොගයෙන් රටේ විවිධ වෘත්තීන්හි යෙදෙන කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කර තිබේ. අපගේ වැඩි ම විවේචනයට ලක් වූයේ දේශපාලකයෝ, පොලිස් නිලධාරීහු, මාධ්‍යකරුවෝ හා ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් | A challenge to Government Medical Officers' Association of Sri Lanka

Image
( 2010 ඔක්තෝබර් 13,  W3Lanka )  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපි අභියෝගයක් කරන්නට කැමැත්තෙමු. එය ඉතා සරළ එකකි. අහඹු ලෙස තෝරා ගත් සාමාන්‍ය වෛද්‍යවරයකුගේ හෝ විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ වැටුප් පතක් හෙවත් pay slip එකක් ප්‍රසිද්ධ කරන්න. එවිට අපට ඔවුන් සත්‍ය වශයෙන් ම මසකට මහජන මුදලින් කීයක් වැටුප් හා දීමනා ලෙස ලබා ගන්නවා ද යන්න හරියට දැන ගත හැකි වනු ඇත.  මන්ද,  ලබන අයවැයෙන් රජයේ වෛද්‍යවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්‌ෂ දෙකක්‌ කිරීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාතික වැටුප් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය වෛද්‍යවරයකුගේ අවම ආරම්භක වැටුප විය යුතු යයි සිතමු. මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ අපගේ කිසිදු විරෝධයක් නැත. විරෝධය ඇත්තේ වැටුප් විෂමතා වැඩි කරන්නැයි කරන ඉල්ලීමට ය.  මෙරට රාජ්‍ය සේවයේ සනීපාරක්‌ෂක කම්කරුවකුගේ මාසික වැටුප රුපියල් 11,700 ක්‌ වන විට සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් 26,000 ක්‌ හා විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 42,000 ක්‌ වන බව පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම විධායක නිලධාරිවරයා වන සෞඛ්‍ය...

කොහොමද දොස්තර මහත්තයෙක් කැලනියේ ඩෙංගු මළ ගෙයක් ඉස්සරහා ගස් බැඳලා ඉන්නකොට

Image
(2010 ජුලි 29,  W3Lanka )  වරක් වැන්දොත් උපන්දා සිට කළ පව් නැති වන බව කියන කැලනියට වර්තමානයේ අධිගෘහිතව සිටින ............ (සුදුසු වචනයක් යොදා හිස්තැන පුරවා ගන්න) විසින් ක්‍රියාත්මක කරනු ලබන සියඹලාණ්ඩුව අලුත් නීතියක් ක්‍රියාත්මක කිරීමට යයි. මීට පෙර මෙම ප්‍රදේශයේ මත් පැන් අලෙවිය තහනම් කෙරුණ අතර දැන් කැලනියේ ජනතාව බඩේ අමාරුවකටවත් අරක්කු මූඩියෙන් එකක්වත් කටේ තියන්නේ නැත. එදා අරක්කු, කසිප්පු, කුඩු විකුණා ලාභ ඉපැයූ ඇතැමෙක් දැන් හිඟා කන බව කැලනියෙන් වාර්තා වේ. අහෝ දුකකි! කැලනියේ අලුත් ම යුද්ධය ඩෙංගු මදුරුවාට එරෙහිව ලු. ප්‍රදේශයේ මින් ඉදිරියට ඩෙංගු රෝගය වැළඳී කවර අයෙකු හෝ මිය ගියහොත් එම මරණය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරියා, සමෘද්ධි නිලධාරියා, සෞඛ්‍ය නිලධාරියා සහ ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු නිලධාරීන් මුළුමනින් වගකිව යුතුව ඇතැයි ද එම මරණකරුගේ නිවස ඉදිරිපිටට මොවුන් ගෙන ගොස්‌ ඩෙංගු පිළිබඳව සැලකිලිමත් නොවීම සම්බන්ධව ගස්‌ බඳින බව ද මානව හිමිකම් නීති තමාට අවශ්‍ය නැති බව ද තමාට අවශ්‍ය වී ඇත්තේ ඩෙංගු උවදුරුවලින් මිනිසුන් බේරාගැනීම බව ද මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා ...

නිදහස් අධ්‍යාපනයෙන් එන දොස්තරලාට විතරක් මහජනයා සූරාකෑමට දෙනු! වෛද්‍ය සිසුවෝ වීදි බසිති

Image
(2009 ඔක්තෝබර් 01 - W3Lanka ) 1989 කැරැල්ලට පෙර සමයේ දියත් වූ, ජනතා විමුක්ති පෙරමුණට හොඳ සුළු ධනේශ්වර ක්‍රියාකාරීන් පිරිසක් ලබා දීමට ඉවහල් වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන සිහිගන්වමින් අලුත විශ්වවිද්‍යාලයට පිවිසි වෛද්‍ය සිසුන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් පෙළපාලියක් කොම්පඤ්ඤවීදියේ නවලෝක පෞද්ගලික ‍රෝහල අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම දක්වා මිනීපෙට්ටි ආදිය රැගෙන, වාහනවලට මඟ හරස් කරමින් පැමිණ ඉබි යතුරු කඩාගෙන එයට ඇතුල් වීමට උත්සාහ කර පොලිසිය පහර නොදුන් නිසා එතරම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට බැරිව ඊයේ දවල් අවසන් විය. අතිවිශාල මහජන මුදලක් වැය කර අධ්‍යාපනය ලැබ, විශ්වවිද්‍යාලයෙන් පිට වූ දා සිට මහජන මුදලින් විශාල වැටුපක් ලබන ගමන් සෙසු රජයේ සේවකයන් සේ පොත අත්සන් කිරීමක්වත් නොකර, දිවා රෑ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් මුදල් ගැරීම කිරීම හැර අන් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බහුතරයකින් සැදුම් ලත් මෙම වෛද්‍ය සිසු පිරිස උද්ඝෝෂණය කරන්නේ මාලබේ පිහිටුවීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවයි.  විශාල වශයෙන් මහජනයා සූරාකන සුළු ධනේශ්වර පංතික සමාජ තීරයක් වන...

වැඩිදුර ඉගෙනගන්න රට ගිය දොස්තරලා 215ක් ගල් වෙලා

Image
(2009 සැප්තැම්බර් 26 - W3Lanka) 1994 සිට වැඩිදුර අධ්‍යපනය සඳහා යයි කියමින් විදේශගත වූ වෛද්‍යවරුන් 1915ක් අතරින් 215ක් ගල් වී හෙවත් ආපසු නොපැමිණ එහි නතර වී ඇති බව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා වසර පහක් පුරා වැය කරන මහජන මුදලට අමතරව මේ හොරුන් සඳහා රජය එකාට මිලියනය ගානේ වැය කර තිබේ. මේ දොස්තර හොරුන්ගෙන් 67දෙනෙක් තවමත් රජයට විදේශගත වීමේදී තැබූ පොලු බේරා නැත. රු. මිලියන 107ක් තවමත් ඔවුන්ගෙන් අය කර ගැනීමට තිබෙන බව සෞඛ්‍ය ඇමති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ මුනිවත රකියි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගම් කොට්ටෝරුවෝ ආමි ගහටත් කොටති

Image
(2009 සැප්තැම්බර් 06 - W3Lanka) ලංකාවේ වඩාත්ම ගතානුගතික ආකල්ප සහිත වෘත්තික සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැම ගහකටම කොට කොටා පණුවන් කකා යන ගමනේ ආමි ගහටත් කොටා ඇත. කොතලාවල ආරක්ෂක විද්‍යායතනය රුහුණු විශ්වවිද්‍යාලය සමග එක්ව ආරම්භ කිරීමට යන MBBS  වෛද්‍ය උපාධිය සඳහා බඳවාගැනීම කළ යුතු ආකාරය තීරණය කිරීමේ බලය යුදහමුදාවට හිමි වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අමනාපයට හේතු වී තිබේ. යුද හමුදාවට බඳවා ගනු ලබන වෛද්‍යවරුන්ට තිබිය යුත්තේ උසස් පෙළ ලකුණු පමණක් නොවේ. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය විසින් ලබා දෙන සෙසු උපාධි සඳහා සිසුන් බඳවා ගනු ලබන්නේද යුද හමුදාවේ නිර්ණායක පරිදි මිස වෘත්තීය සමිති කියන ආකාරයට නොවේ. වෙනත් රජයේ සේවකයන් අතර සුපිරි වරප්‍රසාද භුක්ති විඳින ගමන් අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැඩියෙන්ම පඩි ගැනීමට යත්න දරන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ අනුගාමික දොස්තරුන්ට වෙනත් රජයේ සේවකයන්ට මෙන් වැඩට එන යන වේලාව අත්සන් කිරීමට පොතක්වත් නැත. ඒ නිසා බොහෝ දොස්තරු ගජරාමෙට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරමින් මහජනයා සූරාකති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගාමී ආකල්ප සහිත දොස්තරලා අල්ලාගෙන කරන්න...