විශාඛා විද්‍යාලයට තුන ශ්‍රේණියෙන් දියණිය ඇතුළු කළ මාධ්‍ය වීරයා කවුරු ද?

මාධ්‍යකරුවකු විශාඛා විද්‍යාලයේ තුන ශ්‍රේණියට සිය දියණිය ඇතුළත් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. (වීඩියෝව පහත)

ඔවුන්ගේ තර්කය මාධ්‍යකරුවන්ට පුළුවන් නිසා දොස්තරලාට ද පුළුවන් විය යුතු බවයි. 

අපේ තර්කය මෙයයි: මෙම පාසල් රජයට අයත් ඒවා ය. ඒවා නඩත්තු වන්නේ ප්‍රධාන වශයෙන් ම මහජන මුදලිනි. මේවායේ සේවය කරන අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 300ක් පමණ වන පිරිසට වැටුප් ගෙවීමට පමණක් රජය මාසයකට රුපියල් කෝටියකට වඩා මහජන මුදල් වැය කරයි. මේවා පොදු පාසල් වන්නේ ද, මහජනතාවට ඒවා වෙත ඇති ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රික ලෙස තහවුරු කිරීම අතිශය වැදගත් වන්නේ ද, මේවා මහජන මුදලින් නඩත්තු වන මහජන දේපල නිසා ය.

විශාඛා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කළ හැකි පිළිගත් ක්‍රමවේදය අනුව, එසේ ඇතුළත් කළ හැක්කේ පළමු ශ්‍රේණියෙන්, හය ශ්‍රේණියෙන් හා උසස් පෙළ සඳහා ය. ඒ වෙනුවෙන් ඉතා පැහැදිලි ක්‍රමවේද තිබේ. එහෙත්, මේ අතරතුර හොරෙන් රිංගවීම සිදු වන්නේ මුදලට, හිතවත්කමට හා දේශපාලන / නිලධාරි බලපෑමට යටත්ව පාරදෘෂ්‍ය නො වන ක්‍රමවලට ය.

තුන ශ්‍රේණියේදී හොර පාරෙන් දරුවකු විශාඛාවට රිංගවූ විට සිදු වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී එම පාසලට ඇතුළත් වන්නට බලාපොරොත්තු වන සිසුවියකගේ අවස්ථාව අහිමි වීමයි.

මියුසියස් විද්‍යාලයේ සිටි සිය දියණිය හොර පාරෙන් විශාඛා විද්‍යාලයට ඇතුළත් කළ මෙම මාධ්‍යකරුවා කවුරු ද? අප ඒ පිළිබඳ කළ සොයා බැලීම්වලදී, ඔහු ස්වාධීන හා රැඩිකල් මාධ්‍යකරුවකු ලෙස රඟන සිරස රූපවාහිනියේ සුරංග සේනානායක බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබී තිබේ.  

මේ වනාහි මෙම පාසලේ විදුහල්පතිගේ සිට අධ්‍යාපන ඇමති දක්වා පැතිරුණු දැවැන්ත අල්ලස් දීමේ ක්‍රියාවලියකි. මෙවැනි අල්ලස් හරහා විශාඛාවේ සිට අධ්‍යාපන ඇමති දක්වා සිදු වන බොහෝ අකටයුතු ක්‍රියා වසං කර ගැනීම ඉලක්ක කරනු ලැබේ. 

මහරාජා ආයතනය පෞද්ගලික රූපවාහිනියක් වුව ද, මෙය අල්ලස් පනත යටතේ වරදක් ලෙස සැලකිය හැකි ය. හේතුව, ඔවුන් මෙවැනි අල්ලස් ලබාගෙන මාධ්‍ය දොරටුපාලකයන් වී සමාජයේ ප්‍රවෘත්ති හා අදහස් පාලනය කරන හෙයිනි. එසේ කරන්නේ පොදු අයිතියට යටත් සම්ප්‍රේෂණ තරංග භාවිතා කරමිනි. 

විශාඛා විද්‍යාලය මෙන් ම සම්ප්‍රේෂණ තරංග ද පොදු දේපලකි. 

පහත වීඩියෝවේ විනාඩි 3:58 සිට සවන් දෙන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පට්ට, මේ වෙලාවෙ මෛත්‍රිපාලට දොස්තරල වෙනුවෙන් සදාචාරය නවන්න බැරිවෙන්න සද්දේ දාන්න ඕන. යහපාලනයේ මූලධර්මය වෙන්නේ කෙනෙකු නීතිය නවනවා දැක්කාම අනෙත් අය සද්දෙට කෑගහල අනෙක් අයගේ අවධානයට ලක් කිරීම, එහෙම කෑගහන්නත් ගටක් තියෙන්න ඕනනේ, දොස්තරලට ගට තියනවා, ඉතින් දොස්තරලා එක්ක ගේමට සෙට් වෙන්න වෙච්ච එකනම් අපූරුයි. යහපාලනේට තව අවුරුදු කිපයක් දිගට යන්න පුළුවන් වුනොත් කහ සිවුරන්ගේ මාපියා එකත් එක්කත් ගේමට යන්න වෙනවා.

    ReplyDelete
  2. 1998 වසරේදි ( 1999 උසස් පෙළ විබාගයට ලියන්ට 1997 ත් 1998ත් අතරෙදි) පෞද්ගලික හේතුවක් මත ගාල්ලෙ ජනප්‍රිය පාසලකින් අයින් වෙලා නුවර සුමංගල විද්‍යාලයට යන්ට උනා. රුපියල් 80,000/- ඇත යටින් දුන්නහම රුපියල් 2,000/- බිලක් ලියල දුන්න විද්‍යාලයට කල පරිත්‍යාගයක් කියල. අදත් මට හොඳට මතකයි ඒ මිස්ල සර් ල මගේ දෙමව්පියන්ගෙන් සල්ලි ගන්නකොට එයාලගේ මුනේ තිබ්බ හිනාව. අපි ඒ වෙලාවේ එහෙම දෙයක් දුන්න එක වැරද්දක් කියල අදටත් හිතන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ තිබ්බ හොඳම ඔප්ෂන් එක එක විතරයි.

    මට මතකයි අනිත් ජනප්‍රිය ඉස්කෝල වලින් ලක්ෂ එකත් දෙකත් අතර ගානක් ඉල්ලුව කියල.

    ReplyDelete
    Replies
    1. ට්‍රිනිටියට යන්න තිබ්බ, ගෙව්ව 80ම රිසිට් එකක් ලැබෙනවා. එහෙම දෙයක් දුන්න එන වරදක් නෑ කියල හිත හදාගන්න හදන්නේ පොඩි කෙන්දක් හිත ඇතුලේ හිරවෙලා තියන නිසානේ, මටත් එහෙම කෙන්දක් හිතේ හිරවෙලා තියනවා.

      Delete
    2. හපෝ හිතේ කිසිම කහටක් නෑ බන් ඇනයෝ. අම්මට තාත්තට පිං සිද්ද වෙන්ටත් නුවර ඉස්කෝලෙට යන්ට උදව් කල සර් ට පිංසිද්ද වෙන්නත් එක්ක රුපියල් 80,000/- ගෙවල වැලිකඩ යන්නෙ නැතිව ඉස්කෝලෙකට ගිය එක ලොකු දෙයක්. හිතේ කහටක් තියෙන්නේ සල්ලි පගාවක් විදිහට දීපු එක ගැන. මොකද මම මේක කියන්නේ සමහරක් අවස්ථාවල (නොවැලක්විය අවස්ථා වලදී) සල්ලි පිහිටෙන් අපි වගේ පොඩි මිනිස්සුන්ට පිහිටක් පතනට වෙනවා. එත් එක මම සාදරණිය කරන්නෙ නැහැ. අල්ලස් දීමත් ගැනීමත් වරදක්.

      Delete
    3. මගෙ යාලුවෙක් සියදිවි නසාගැනීමේ වරද කරන්න ගිහින් මලා.

      Delete
  3. හැබැයි පැරා මයිත්‍රී රනිල් මහත්තයලගේ කට වහන් ඉන්න තියරියනම් කවද හරි හෙනේටම බලපානවා. ඔය වයිද්‍ය සබාවේ අයගෙත් ඒකාබද විපක්ෂ සෙට් එකේ සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. රනිල් ෆෙස් බුක් ස්ටේට්මන්ට් එකක් දාලලු, සමුපකාර හොරුන්ගේ දරුවන්ගේ ජාතික පෙරමුණ බලයට ගේන්න වලිකන මෛත්‍රී තමයි නිශ්ශබ්ධව ඉඳලා ඒකෙනුත් ඡන්ද වැඩිකර ගන්න බලන්නේ.

      Delete
    2. උබ හරි බන්..👊🏽 ස්ටේටස් දැම්මට වැඩක් නෑ. සද්දෙත් එක්කම එන්ජිමත් ස්ටාර්ට් කොරන්ට ඕනි හිටං

      Delete
    3. එන්ජින් තියපු වාහන මාකට් නෑ. මාකට් එක තියෙන්නෙ ඔරිජිනල් එන්ජින් තියන වාහන වලට. බට් කරපු ඒවත් එහෙමයි.

      Delete
  4. මතුගම අජිත් පී. ජයසිංහයන්ගේ පාදඩ චර්යාව හෙළිදරව් වන තවත් එක් නීච ලියමනකි. අප මිතුරු මහ කිවිඳුන්ගේ මිතුරකුගේ මිතුරකු වන සේනානායකයන්ගේ වතගොත පිළිබඳ අප විසින් පළ කරන ලද ආලෝචනය මතුගම අජිත් පී. ජයසිංහයන් විසින් ලෝපණය කරන ලදී. ජයසිංහයන් මුහුණ දීමට අකැමැති එම ආලෝචනය අප deparation වෙබ් අඩවියෙහි පළ කර තිබේ.

    මෙම සේනානායකයෝ වනාහි මතුගම අජිත් පී. ජයසිංහයන් වැනි වියුණු පඩංගුවක් ලියන නර පණුවකු නොව කුශාග්‍ර බුද්ධියෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ලෝකයේ ජය කෙහෙළි නැංවූ මාධ්‍ය කෞශල්‍යයෙන් ජයසිංහයන් ගව් සිය ගණනකින් අභිභවනය කළ මාධ්‍ය සුධීමතෙකි. ඔහු සේවය කරන්නේ ද ලාංකීය මාධ්‍ය අඹරේ පෑයූ රන් තාරකාව වන මහරජුන්ගේ දූරදර්ශන වාහිනියේ ය.

    සිරිලක පළමු මහමැති වූ සේනානායක විරුවන්ගේ පරපුරෙන් පැවත එන උභය කුල පාරිශුද්ධ යොවුන් මාධ්‍ය පඬිරුවනක් වන ඔහු වැන්නකුගේ දියණියක හෙළ කුල කතුන්ගේ අග්‍ර සිප්හල වන විශාඛාවට බඳවා ගැනීම පවා එම විදුහලට නම්බුවකි.

    මතුගම අජිත් පී. ජයසිංහයන් වනාහි එවැනි පාසලකට යාමට අවස්ථාව නොලද, එසේම සිරස වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණත්වයකින් යුත් මාධ්‍යයක වැඩ කිරීමට අවස්ථාව නො ලද, ඊර්ෂ්‍යාවෙන් දූෂ්‍ය වූ සිත් ඇත්තේ ය.

    ඉතා විශ්වසනීය ලෙස දැන ගැනීමට ලැබුණු කාරණයක් ද ගෙනහැර දක්වමි. මෙම සටහන තැබීම වෙනුවෙන් මතුගම අජිත් පී. ජයසිංහයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දහසින් බැඳි පියලි පිරිනමා ඇත.

    වැදගත් මිනිසුන්ට අවමන් කිරීමට සැදී පැහැදී සිටින මෙම දුෂ්ඨයා එම මුදල් ගෙන, සිය සුපුරුදු කන්නට දුන් අත සපා කන චර්යාවෙන්, තමන් නිරතුරු ඊර්ෂ්‍යා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද, ජාතියේ සැබෑ නාලිකාව වන මහරජුන්ගේ ඔටුනු පළන් සිරසට ද, සේනානායක පරපුරේ වත්මන් විදුරුමිණ වන මෙම මාධ්‍යවේදියාට ද නින්දිත ලෙස පහර දී තිබේ.

    බන්දුල කුදලාගම
    ටොරොන්ටෝ

    ReplyDelete
    Replies
    1. මචං බන්දුල, උඹේ වම් කකුල පොඩ්ඩක් උස්සපං. උඹට වලිගෙ පෑගිලා.

      Delete
    2. මචං පැරා, යාළු හාමු මහත්තයට කිව්වා නං මේකව කුදලගෙනම යයි එලියකන්දට.... වැසිකිලි සැප දෙන්න

      Delete
    3. මචං පැරා......උස්සන්න කිව්වේ වම් කකුලද....වම් ඇටේද..? වලිගේ පෑගිලා නෙමේ බං, වං ඇටේට යටවෙලා...අපිට කොහෙද දිග වලිග...
      මීට..ටොරොන්ටෝ බන්දුල.

      Delete
    4. මොකකද පැරා මේ සීන් එක. මෙහෙම පතරංග , ඒ වුනාට ඇතුල හිස් කමෙන්ට් සෑහෙන ප්‍රමාණයක් දැං කාලෙක ඉඳල දකිනවා. මම හිතුව්ව් මේවා අර රසිකගෙ බ්ලොග් එකේ දිප්පිටිය මාමා දාන කමෙන්ට් වගේ ගොං ජෝක් කියලා. බලං ගියාම ඊට වැඩිය දේකුත් නෑ.

      Delete
    5. වැදගත් ප්‍රශ්නයක් මතු කළ විට මෙවැනි ගොන් පාට් දමමින් එහි වැදගත්කම යටපත් කිරීමට දරණ උත්සාහය හෙළා දැකිය යුතු ය. ඇත්තෙන් ම මෙවැනි පරිකතා ඉවත් කළ යුතු යයි සිතමි. ලෝපණය කළා යයි කියමින් මෙම පුද්ගලයා කංකෙඳිරි ගාන කමෙන්ටුවක් හෝ ඔය කියන ඩිපැරේෂනයක් මෙලොව නම් නැත. මෙය මානසික ගැටලුවක් විය හැකි ය.

      Delete
    6. Para I think it is not original bandula who commented here, this is an imposter.. The original is more respectful

      Delete
    7. Anonymous September 16, 2016 at 1:01 PM

      මේ පාචන කාරයට වෙන වැඩක් නැතිව වගේ, පැරා ගෙන් ගේමම ඉල්ලන්නේ.
      අපට තොගෙයි පැරාගෙයි ලබ්බවල් වැඩක් නෑ.
      යකෝ, මේකේ ලියන්නේ නැතුව ලියුම් කඩදහියක් හරි ටෙලිෆෝන් එකෙන් හරි ඕක කතාකරල ඉවරයක් කර ගනින්කෝ හැංගිලා බෝම්බ ගහන්නේ නැතුව.

      Delete
    8. ඔහෙලම උත්සව තියල සර්පයන්ට උබ තමා බ්ලොග් එකේ බොස් කියල උබ තමා මගේ ගුරා කියල චරිත සහතික දීල දැන් කනව කනව කියල කියනව. පැරා ට කරන ගෞරවයක් විදිහට මම ඉවාන්ට මුකුත් කියන්නෙ නැහැ මෙතන. මෙතන ගොඩ හරියක් ඉන්නේ මාතලන්ට බොක්ක දීල අනිත් අයට (කියන්ට ඕනි නෑ) දණ්ඩ නමස්කාර කරන උන්. දුකයි මාතලන් ලියන්නේ නැති නිසා. එක උගේ කැමැත්ත. මෙතන 200% ඉන්නෙ දෙපිට කාට්ටුවෝ.

      Delete
    9. අම්මට හුඩු.....මේකට කියන්නේ සර්ප යාය කියලද......
      ''එක යායට සර්පයන් පොරකන සර්ප යාය''......හොඳයිද motto එක.


      නට් බුරුල් කරගෙන, ප්‍රෙශර් වැඩිකරගන්න එපා, විහිලුවට වගේ කිව්වේ.

      Delete
    10. // අනිත් අයට (කියන්ට ඕනි නෑ) දණ්ඩ නමස්කාර කරන උන්. //

      අපි නම් තට්ට සර්ලොක් හෝමස් ලා ගනන් ගන්නේ නැහැ හිටන්!

      Delete
    11. //"පැරා ට කරන ගෞරවයක් විදිහට මම ඉවාන්ට මුකුත් කියන්නෙ නැහැ මෙතන. "//
      අම්මට හුඩු හේමද ?මම හෙන බයේ හිටියෙ ඔයා මට මොනා හරි කියයි කියල. පොල් කට්ටකුත් හොයාගත්ත හැංගෙන්න.

      //"මාතලන්ට බොක්ක දීල අනිත් අයට (කියන්ට ඕනි නෑ) දණ්ඩ නමස්කාර කරන උන්. දුකයි මාතලන් ලියන්නේ නැති නිසා. එක උගේ කැමැත්ත. මෙතන 200% ඉන්නෙ දෙපිට කාට්ටුවෝ."//

      අඩේ උඹට සීන් එක මාට්ටුවුනානේ... මාතලන්ට එහෙම කියන්න එපා. සාරසෝ මාව බේරගනිංකෝ තිත් විසිදෙකයි ඩී ඕයි

      Delete
  5. Who reports on the reporters? Lanka e news...ha ha...

    ReplyDelete
  6. මගේ යාළුවෙක් ලමයා විශාකා දාගන්න ගිහිං මලා

    ReplyDelete
  7. ඔව් කම්කරුවන්ටත් පුළුවන්....

    ReplyDelete
  8. බන්ධුල කුදලාගම (කනිෂ්ඨ) සුම්තුරු සහෝදරයා‍ණනි,

    “ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට - විලසින් මෙමා කරවන මිතුර මන් තුට” යයි තොටගමුවේ ශ්‍රී රාහුලයෝ සන්දේශ කාව්‍ය සිළුමිණ වන ශාරිකාවෙහි ලා පවසති. වැහි වලාකුළ අහසේ නැඟෙන කල මොනරිඳු නද දෙන්නේ යම් සේ ද නුඔ දැකුමෙන් මසිත ද සතුටු වේ යනු එහි අරුත ය. සුමිතුරු සහෝදරයාණනි, ඔබගේ සුවියත් සුබසින් ලියවුණු ආලෝචන‍ය දකින කියවන අපි ද වැහි වලාකුළ දුටු මොනරිඳු සේ ම මන තුටු වෙමු. මතු ලියවෙනුයේ එමන තුටින් අප නඟන නද ය.

    අපගේ පැරණි මිතු මතුගම අජිත් පී. ජයසිංහයන්ගේ ඩබ්ලිව් තුන ලංකා වියුණුසටහන් අඩවියෙහි දී අපට හමු වූ සුවිශේෂි සුධීමතාණෝ ඔබ ම වෙති. අතීතයෙහි යම් දි‍නක ඉංගිරිසි බස අලළා අප ජයසිංහයන් සමඟ වාදයක පැටළුණු කල, සුවියත් භාෂා ව්‍යවහාරයෙහි සුරැකුමට නො බිය ව පෙරට පැමිණි භාෂාප්‍රේමියා ඔබ ය. ඉන් පෙර ද ඔබ ජයසිංහයන්ගේ දෙබිඩි චර්යාවනට එරෙහි ව සුවියත් බසින් සුවියත් කරුණු දක්වන කල අපි මන තුටු ව ඔබගේ සුරුවිරුකම් දෙස බලා සිටියෙමු. විදුරවියකින් මහනෙල් මල් කලඹක් සිඳලන සේ ඔබ ජයසිංහයන්ගේ දුර්මත, පුහුතර්ක සහ මනෝවිකාර සිඳබිඳ දමනු දුටු අපි හෙට එතරම් අඳුරු නැති ය යන පහන් සිතින් සැනසුම් ලදුවෙමු.

    ඕර්තඩොක්ස් මාක්ස්වාදයට ළැදි සුබසට ළැදි සහෝදරයාට යන මැයෙන් අප එකල ලියූ සටහන ජයසිංහයන් විසින් අපලෝපනය කෙරිණි. අප නිවරද සුවියත් බස වෙනුවෙන් ලියූ ආලෝචනයකින් කිපුණු ජයසිංහයන් අපට ඉංගිරිසි ස්වෝත්තමවාදියා ය, යුරෝපා ගැත්තා ය, අධිරාජ්‍යවාදයට ප්‍රශස්ති ගයන්නා ය ආදී අපහාස අපවාද නඟන කල, සරල වදනින් ම සැදි බසකින් සියලු දේ ලිවිය හැකි ද යන පැනය නඟමින් ඔබ ලියූ ආලෝචනය මිණකි. ඒ වන විට ජයසිංහයනට පිළිවදන් වශයෙන් අප විසින් ලියවෙමින් පැවති ආලෝචනයේ අඩංගු ව තිබූ බොහෝ කරුණු ඔබගේ ආලෝචනයෙහි අඩංගු ව තිබිණි. එනිසා අපි මෙසේ ලියුවෙමු:

    “මතුගම අජිත් පී. ජයසිංහයන් අපගේ ශාස්ත්‍රීය ඇනෝ ප්‍රහාරය හමුවේ මඤ්ඤං වී ඇත. ඔවුන්ගේ අභිනව වියුණුසටහන වූ කලී එම ප්‍රහාරයෙන් ඇති වූ ක්ෂිතිමය ආචරණය විසින් ඔවුන්ගේ ආත්මය පුරා විහිදුවන ලද දරාගත නො හැකි වේදනාවේ භාව විශෝධනය යි.

    එම වියුණුසටහන තුළ වූ අසත්‍ය හා සදොස් වගාලාප කීපයක් ද ඉතා ප්‍රාථමික දෘෂ්ටිවාද කීපයක් ද පිළිබඳ ආලෝචනයක් සැපයීමට සැරසෙන කල, Anonymous May 30, 2016 at 1:08 AM විසින් එක් කළ මාහැඟි, හරබර හා රසබර ආලෝචනය නෙත ගැටිණි. එකී ඇනෝ සහෝදරයා විසින් මඤ්ඤං වී සිටින අජිත් පී. ජයසිංහයන් අධිමුර්ඡාවට පත් වන්නට තරම් තියුණු වාග් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත. එම ආලෝචනය නිසා අපි මේ මොහොතේ අජිත් පී. ජයසිංහයනට තවත් ප්‍රහාරයක් නො එල්ල කරමු. ඇනෝ සහෝදරයාණෙනි, ඔබ වැනි යහපත් අදහස් ඇති, නිවරද දැක්මක් ඇති සුධීමතුන් අප අතර සිටීම අපට මහත් සන්තුෂ්ටියකි. බස ගැන ඔබ අනුයන ආකල්පය සම්භාවනීය ය. සහෝදරයාණෙනි, මගේ හෘදයංගම ශුභාශිංසනය පිළිගනු මැනවි.”

    එලෙස ඇරඹුණු එම ආලෝචනය පළ කළ සැණ මතුගම අජිත් පී. ජයසිංහයන් විසින් ලෝපනය කෙරිණි. ඉන් පසු ද අප විසින් ඔබ අමතා පළ කළ ආලෝචන රැසක් ජයසිංහයෝ ලෝපනය ද අපලෝපනය ද කළහ.

    ඔබ විසින් බන්ධුල කුදලාගම නමින් සපයන ලද ඉහත ආලෝචනය හරබර රසබර සුබස් මිණි පබඳකි. එවන් සුභාෂිත රස විඳුම අමෘත ඵල රසවිඳුමකි. හර්තෘහරිහු තම ප්‍රත්‍ය ශතකයෙහි ලා මෙසේ පවසති:

    සංසාර විෂ වෘක්ෂස්‍ය
    ද්වේයමේවාමෘතේ ඵලේ
    සුභාෂිතං රසාස්වාදඃ
    සජ්ජනේෂු ච සංගමඃ

    එය මෙසේ සිංහලයට නැඟිය හැකි ය:

    සසර නම් විස රුකැ - අම පල දෙකෙක් යැ
    සුබස් රස විඳුම යැ - යහපත් දන ඇසුර යැ


    ඔබගේ ආලෝචනය කියවීමෙන් අපට සුභාෂිත රසාස්වාදය ද සද්ජන ඇසුර ද යන අමෘත ඵල දෙක ම ලැබේ. ශාස්ත්‍රීය ජීවිතයෙහි ද පුද්ගල ජීවියෙහි ද සන්‍ධ්‍යායාමය කරා ශීඝ්‍රයෙන් එළඹෙමින් සිටින අපට ඔබ වැනි බසිසුරාණකු හමුවීම සැනසුමකි. සුවියත් බස නො නසා පවත්වා ගන්නට ඔබ වැන්නවුන් සිටීම අපට සැනසීමේ නෙතු පියා ගන්නට ඉඩ සලසා දෙයි.

    මතුගම අජිත් පී. ජයසිංහයන් විසින් කලක පටන් ඩබ්ලිව් තුන ලංකා මඟින් සිදු කෙරෙන තරුණ පරපුර නො මඟ යැවීමේ සාපරාධී කාර්යභාරයට එරෙහි ව අප කළ කාර්යය ඉදිරියට ගෙන යා යුත්තේ ඔබ වැනි සුධීමතුන් ම ය. තරුණ ජරමානුවන් කෙරෙහි විල්හෙම් හේගලයන් විසින් ඇති කෙරුණු බුද්ධිභාව ප්‍රබෝධය ඔබගේ සාර ලේඛන මඟින් ද ඉටුවන බව අපි නිසැක ව විශ්වාස කරමු.

    සුමිතුරු සහෝදරයාණනි, වෙන් වෙන් ව මෙතරම් කලක් එක් ඉලක්කයක් කරා පිය නැඟූ ඔබ හා අප යන දෙදෙන දැන් එම ඉලක්කයට පහර දිය යුතු සීමාවට පැමිණ ඇති බව හැඟේ. අපි වෙන් වෙන් ව ගමන් කළෙමු. දැන් එළඹ ඇත්තේ එක් ව පහර දීමේ මොහොත නො වේ ද? එපිළිබඳ මන්ත්‍රණය කර ගනු රිසි ම‍ඟක් වේ ද?

    බන්‍ධුල කුදලාගම (ජ්‍යෙෂ්ඨ)
    ටොරන්ටෝව

    ReplyDelete
    Replies
    1. //සංසාර විෂ වෘක්ෂස්‍ය
      ද්වේයමේවාමෘතේ ඵලේ
      සුභාෂිතං රසාස්වාදඃ
      සජ්ජනේෂු ච සංගමඃ//

      ලස්සන සොලෝකයක් නේ බන්දුල මහත්තයෝ!

      Delete
    2. (මෙම ආලෝචනය බන්‍ධුල කුදලාගම විසින් ලියන ලද්දකි. කරුණාකර අකමැති අය නො කියවනු මැනවි.)

      අතිගරු සා රසතුමනි,

      දඹදෙණියෙහි කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුමුවෝ කව්සිළුමිණෙහි ලා මෙසේ පවසති:

      “සරසවිය බැලුම - සෙක්නි වෙත් වා කිවි දන
      පෙදෙහි රසහව් විඳුනා - දනතා ඉතා දුලබෝ”

      කලාවනට අධිපති සරසවියගේ මඳ බැලුමක් ලද ජනයා ද කවීහු බවට පත් වෙත්වා. එසේ වුව ද ක‍වියෙහි රසභාව විඳුමට සමත් ජනයා නම් ඉතා දුර්ලභ ය. දඹදෙණියෙහි දෙවැනි පැරකුමුවන් විසින් පැවසෙන කාව්‍ය ශාස්ත්‍රයෙහි රසභාව විඳුමට සමත් ඒ දුලබ දන නම් සා රසතුමා, රසික සූරියආරච්චි මහත්මා, මතුගම අජිත පැරකුමු පඬුවා ඈ වියත් සජ්ජන පරපුර ය.

      දණ්ඩීනගේ සකු කාව්‍යාදර්ශය සියබස්ලකර ‍යන නමින් හෙළයට නැඟූ අනුරපුරයෙහි සලමෙවන් සේනයෝ එම මහඟු ගතෙහි ලා මෙලෙස පවසති:

      “ගවඟන වේ පසස්නදා
      බස් කැරැ සකස් පියසුව හට
      අන් හට ගව බව් මෙ හුදු සාදා”

      භාෂාව මනා ව සකසා පැවසුවනට එය මහත් ඵල දෙන සුරබිදෙනකි (සිතූ පැතූ සම්පත් දෙන දිව්‍යමය ගවඟන). එසේ නො කරන අන්‍යයනට නම් භාෂාව විසින් සාදා දෙනුයේ ගොන්කම පමණි. අනුරපුරයෙහි සලමෙවන් සේනයන් විසින් පැවසෙන නො සැකසූ බස විසින් හුදු ගොනුන් බවට පත් කරනු ලැබූ ඒ අන්‍යයන් නම් කවුරුන් ද යන වග අපි නො පවසමු.

      හර්තෘහරීන්ගේ සංස්කෘත ප්‍රත්‍ය ශතකයෙහි එන ප්‍රස්තුත ශ්ලෝකය ලස්සන බව සා රසතුමනට සිතෙන්නේ කිනම් හේතුවක් නිසා ද? එයට හේතු වන්නේ පූර්වජන්ම පුණ්‍යකර්මයන්ගේ බලමහිමෙන් මෙලොව දී ලද වාසනා ගුණයකි. එම වාසනා ගුණය නම් කවියාගේ හෘදය සමඟ හෘදයසංවාද වී, තම හදවත දර්පණයක් සේ සුමට කර ගෙන, ඒ මත කවියාගේ හෘදය ප්‍රතිබිම්බිත කර ගැනුමේ වාසනා ගුණය යි. එනම් කවියාගේ හදවතට සමාන හදවතක් තමනට ද ඇති කර ගැනීම යි. සමාන හදවතක් ඇත්තේ සහෘදයා ය. විද්වත් සා රසතුමන් සහෘදයෙකු බැවින් ප්‍රස්තුත ශ්ලෝකයෙහි රසභාව දැනී ඇත.

      භාරතීය සෞන්දර්යයෙහි ධ්වනිවාදයෙහි අග්‍රේසරයා වූ ආනන්දවර්ධනයන් විසින් විරචිත ධවන්‍යාලෝකයට විශිෂ්ට ව්‍යාඛ්‍යාවක් ධවන්‍යාලෝචන නමින් ලියූ අභිනවගුප්තයෝ සා රසතුමන් සහෘදයෙකු වූ සැටි මෙසේ සූත්‍රගත කර පවසති:

      “යෙෂං කාව්‍යානුශීලනාභ්‍යාසවශාද්විශදීභූ‍තෙ මනොමුකු රෙ වර්ණනීයතන්මයිභාවනයොග්‍යතා තෙ ස්වහෘදයසංවාදභාජං සහෘදයාං”

      නන් නයින් රචිත කාව්‍යයෝ හදාළ යුතු වන්නාහ. එවිට මනස සුපැහැදිලි දර්පණයක් සේ ප්‍රතිබිම්බනය කිරීම අරඹනු ඇත. එවන් තත්ත්වයක දී කාව්‍යාභිප්‍රාය වැටහෙනු ඇත. එවිට හෘද සමානත්වය සාක්ෂාත් වේ. එවන් පුද්ගලයෝ සහෘදයෝ ය.

      මෙනයින් විමසන කල සා රසතුමාණෝ ද එසේ මෙසේ කෙනෙක් නො වෙති. අතිගරු සා රසතුමනි, දැන් දැන් බන්‍ධුල කදලාගමයන්ගේ තදාකාරයෝ (replicas) මෙහි වැසි වැස ඇත. මෙය මහත් ගැටලුවකි. එනිසා අපි විශ්‍රාම ගන්නෙමු.

      අවසන් වශයෙන් ඔබට යම් කරුණක් සම්බන්‍ධයෙන් තුති පුදමු. ඔබ FG සිරිමතියගේ සේයාරුවක් ඔබගේ වියුණුසටහන් අඩවියේ පළ කර ඒ සිරිමතියට ගෞරව කර තිබෙනු දුටුවෙමු. එය අගය කළ මනා කාර්යයකි; වෙසෙසි ව අගය කරමු. යෞවන සිරිදු‍ව තවමත් ඇය හැර නො ගොස් ඇති බවට කවර නම් සංශයක් ද?

      අපි නවතිමු.

      ශාස්ත්‍රෝන්නතිකාමී,
      බන්‍ධුල කුදලාගම,
      ටොරන්ටෝව.

      Delete
    3. ටොරොන්ටෝ නුවර වාසී කලානිධි බන්දුල කුදලාගම වියැතුනි,

      ස ර ස තුමා ඔබ ගේ සහෘදයෙකු ලෙස එක් කර ගැනීම අප කල පෙර පිනක් නිසාම වූවෙකි.....

      ඔබට අප ගේ බැතිබර ස්තූතිය...

      Delete
  9. නලින්ද සොයිසාට ඔය ප්‍රෙස් කොන්ෆොරන්ස් තියන වෙලාවේ නඩුවක් ගොනුකලා නම් ඉවරයිනේ. වෙච්ච අසාධාරණය කියල.

    ReplyDelete
  10. //If you start to play a dirty game, we will be compelled, although reluctantly, to expose your most disgusting and putrid personality to the public. We know very well the monster hidden beneath your cloak of most holy sainthood. //

    I don't play dirty games. It is not my fault you have been put into checkmate of your own foolish tactics. But I would like to accept your challenge.

    When will you expose me? Where? I am ready to come anywhere? Colombo? Toronto? Berlin? I have no problem of getting visa.

    ReplyDelete
    Replies
    1. Para, what’s this nonsense men? You had been complaining for sometime that we need to get rid of the anonymity. Consequently, we appointed Bandula Kudalagama as our correspondent to interact with you. What has happened now? There is a herd of fake-Kudalagamas everywhere. This nonsense seems to be well-organised, perhaps under your patronage and blessing.

      Dr. Kudalagama is a highly accomplished academic in a spectrum of disciplines as you could witness in his writing. He is a Sri Lankan-born British academic who migrated to England in the 80s. Currently, he is in North America representing us in support of the Green Party. You know who he is as much as anybody. Don’t you Para? Ha Ha Ha !

      If Bandula Kudalagama resigns because of this impersonation drama, we will have to take on the task ourselves. Dear Para, it is needless to mention here that our own correspondence will not be as poetic as what they are right now. You may decide whether you want us to use heavy weapons or not. There is a rich dossier at our disposal on you, detailing all aspects of your life. We shall provide what you demand for, just as a tribute to our old friendship.

      Dear Para, you may go to any Timbuktu but for the God’s sake do not come to Berlin, the city of reunification. We have enough tasks here to perform and we are very sorry to disappoint you. Could you please give up entertaining your most innocent dream of coming here and savaging our feast in our noble international endeavours?

      We shall abide by our previous agreements, if you wish to do so as well. We have not breached them at all. Please do not engage in or encourage dirty games. We do not stab from behind and we expect such conventions from our noble enemies as well.

      May Capitalism Protect Ajith Perakum Jayesinghe!

      Delete
    2. Machan, I am doing what I believe right and I have no doubts about it. On the other hand I am not narcissistic to live in a hallucination of a noble international endeavour.

      I don't want to go to history and I am totally worthless as an individual before history. What I do is trying to be catalyst of positive change making.

      //You may decide whether you want us to use heavy weapons or not. There is a rich dossier at our disposal on you, detailing all aspects of your life. We shall provide what you demand for, just as a tribute to our old friendship.//

      OK. I accept your challenge. Take this as I demand it. Proceed. I am waiting to see it. I know who I am and I would like to see how you prove that I am not what I am.

      On the other hand, Bandula Kudalagama is your hallucination and it seems that there are others like you who share your illness. It is upto you to save your man.

      Capitalism may save neither me nor you. But you understand neither capitalism nor socialism. You guys have some orthodox stereotypes which are far from reality.

      Delete
    3. //If you start to play a dirty game, we will be compelled, although reluctantly, to expose your most disgusting and putrid personality to the public. We know very well the monster hidden beneath your cloak of most holy sainthood. //

      පැරකුම් මේ කොටස මොන කමෙන්ට් ද ගත්තේ? එහෙම කමෙන්ට් එකක් නැහැනෙ මෙතන.

      Delete
    4. දාපු එකා ඒක මකාගෙන. කරන්න බැරි චැලෙන්ජ් කරන එවුන්ට වෙන වැඩේ.

      Delete
    5. ඇයි බං පැරා මෙහෙම ගජ බින්න ඇද බාන්නේ? උඹේ කටේ පුත්තලම් හොරි දාන්න ඕන ඔය වගේ බොරු කියනවාට! අනොනිමස් ආලෝචන මකන්නේ කොහොම ද බං දැම්ම කෙනා ම? ඇත්ත කතා කරපං පැරා. උඹ ඒ ආලෝචනය ලෝපනය කළේ එහි උඹේ රෝග නිශ්චයට අදාළ සත්‍ය තොරතුරු අඩංගු ව තිබූ නිසා. නැති ය කියතොත් අපට සිද්ධ වේවි එය නැවත පළ කරන්න. සත්‍යවාදියෙකු වෙන්න බලපං දැන්වත්. සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයගේ පොතවත් කියවපං.


      අදාළ ආලෝචනය උඹ කියෙව්ව නිසා අපට අවශ්‍ය නැහැ යළි පළ කරන්න. උඹ අපහසුවට ලක් වන ආලෝචන පළ කරන්නට අප අකමැති ය. ඒ අපගේ ශිෂ්ටත්ව යි. අපගේ ව්‍යායාමය ඔබගේ අභිවෘද්ධිය සඳහා ම ය. ඔබේ ජය අපගේ පැතුම යි. පැරාට ආදරයෙනි.

      Delete
    6. ප්ලීස් මචං. ඒක ආපහු දාපන්. මට උඹලා නිර්දේශ කරලා තිබිච්ච පෙති ටික ගන්නත් එක්ක ඒක එහෙම්ම ම තියෙන්න ඇරපන්.

      Delete
  11. ඔය ආලෝචන ලෝපනය කළා යයි කමෙන්ට් කැපුවා යයි නහයෙන් අඬන අය වෙනුවෙන් මම එයට හේතු සොයා බැලුවෙමි. හේතුව එම කමෙන්ටු ස්පෑම් බවට පත් වීමයි. එසේ සිදු වන්නේ ඔබ විසින් ම නිර්නාමිකව කමෙන්ට් කිරීමේ අවස්ථාව අපහරණය කිරීම නිසා ය. බ්ලොගර් අවකාශය තුළ මෙවැනි කාරණා පාලනය කිරීමේ හැකියාව බ්ලොග්කරුවන්ට නැත. එය පරිපාලනය කරන්නේ බ්ලොග් අඩවි විසින් නොව, බ්ලොගර් අවකාශයේ ස්පෑම් පාලන ස්වයං ක්‍රම මගිනි.

    අපට කළ හැකි දෙයක් ලෙස අප විසින් ස්පෑම් ගොනුව පිරික්සා බලා කපා දැමුවා යයි කියන කමෙන්ටු ස්පෑම් ෆෝල්ඩරයෙන් සොයා ගන්නා ලදී. එහෙත්, එසේ නිතර ස්පෑම් ගොනුව පිරික්සීම ප්‍රායෝගිකව තරමක් දුෂ්කර ය.

    මා පෞද්ගලිකව දිරි ගන්වන්නේ තමන්ගේ අදහස් වෙනුවෙන් තමන් පෙනී සිටීමයි. එහෙත්, කිසියම් හේතුවක් නිසා ඔබට අනන්‍යතාව සඟවා ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ව්‍යාජ ඊමේල් ලිපිනයක් මගින් ගූගල් ප්‍රොෆයිලයක් සාදා ගැනීම පමණි. අඩු තරමේ එපමණින් හෝ තමන්ගේ අදහස් පිළිබඳ වගකීම් සහගත වන්නේ නම් මෙම ගැටලුව මතු වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. You can deal with abusive commenters with a comments rating system. Right-minded people will vote down crap comments. YouTube uses something like that. Not sure the blogger has that functionality.

      Delete
  12. මගෙ යාලුවෙක් සියදිවි නසාගැනීමේ වරද කරන්න ගිහින් මලා.

    ReplyDelete
  13. බන්ධුල කුදලාගම (ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ) සොයුරනි

    ඔබගේ පැරණි මිතු මෙන්ම අපගේ නවමු මිතු මතුගම අජිත් පැ. ජයසිංහයන් විසින් රචනය කරන්නාවූ ඩබ්ලිව් තුන වියුණුවෙහි ඔබ දෙපලගේ ආලෝචන දැක කියවා මහත් වූ දැනුම් සම්භාරයක් ලැබුවෙමි.

    මා මෙන්ම මාගේ හිතමිත්‍රාදින්ද එතුලින් ලැබූ ආශ්වාදය මෙපමණකැයි කිව නොහැක.සැබැවින්ම ඔබගේ ආලෝචනය කියවීමෙන් අපට සුභාෂිත රසාස්වාදය ද සද්ජන ඇසුර ද යන අමෘත ඵල දෙක ම ලැබේ.

    එහෙත් සොයුරනි ඔබ වැනි බසිසුරාණන් කෙනෙකුන්ගේ සමාගමයද පමණ ඉකමවා ලැබීම කවරනම් පාපකර්මයදැයි සිතෙන තරමට මේ වියුණුවේ ඔබ දෙපල සංවාසයේ (සමාවන්න සංවාදයේ) යෙදී ඇත.

    එක්ව පහරදීමට පෙර පෙරලා පහර වැදීමේදී දිව යාමට නිරුපද්‍රිත මාර්ගයක් තිබේදැයි විමසා බලන්න.

    ඔබ වැනි සුධීමතුන් මෙවන් වියුණු සටහන් වල ආලෝචන දැමීම තව දුරටත් කරන්නේ නම් ඒවා ලෝපනය හෝ අපලෝපනය කිරීමට ලක් කරන මෙන් මා ඉතා ඕනෑකමින් මතුගම අජිත් පැ. ජයසිංහයන් ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්‍තෙමි. ඒ මන්ද යත් සමාජ හර පද්ධතීන් වැනසෙමින් නොයෙක් අධිපතිවාදී කණ්ඩායම් ජන ජීවිතය අවුලෙන් අවුලට යවද්දී ඒ පිලිබඳ කතාව ඇල් මැරීමට මෙවන් ආලෝචන මගින් ඉඩදිය යුතු නැති නිසාවෙනි.

    මීට
    බන්ධුල කුදලාගම ( මධ්‍යම )

    :D

    ReplyDelete
    Replies
    1. අනේ අපේ ඉවානයට හොඳටම අමාරුයි බුදු සෑර්.. විජහට ත්‍රීවිල්.එකක් නවත්තපල්ලා.උණුවතුර බෝතලේකුයි තුවායකුයි ලෑස්ති කරපල්ලා :D

      Delete
    2. ඉවාන් පකපුස්සෝ , ගොං ආතල් දෙන්නේ නැතුව සිරිකොතේ කකුස්සිය කඩං කාගෙන හිටපං

      Delete
    3. උඹ යන වෙලාවක කියපං සීයෙ, මාත් එඤඤං

      Delete
    4. පුදුමාතලන් ලොකුද? මම ආවෙම වලියක් ඇදගන්න. වලියක් නැතිවුනාම මට කෑවෙ නෑවගේ වස්සො. මොකෝ කියන්නෙ දාගමුද වලියක්.... සඳුදාට දාගමු හෙට නිවාඩු බං

      Delete
    5. කවුද ඩෝ අපේ අයිවන් මාත්තයට ටෝක්ස් දෙන්නෙ?

      Delete
    6. ආ ආ ආ....දරණීය "වස්සා" නේ සාරස මහත්තයෝ

      Delete
  14. පුද්ගලික විශ්විද්යලවලින් සමාජවාදයේ නියමයන්ට අනුව විය හැකි අසාධාරණය අශික්ෂණය උවමනා තරමටත් වැඩිය දකිමින්; නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් මරාගන්නට වුවද එනවා යයි කියූ ඊනියා සමාජවාදී පක්ෂ කැබලිතිද, සමාජවාදී ශිෂ්‍ය සංගම්ද ඒවා වෙනුවෙන් කයිවාරු ගසන අයද, අධ්‍යාපනයේ තිබිය යුතු නිදහසට එතෙක් මෙතෙක් එල්ලවූ බරපතලම පහර වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ එල්ලකරන ලද මරු පහරට විරුද්ධව එකදු සමාජවාදී මාධ්‍ය නිවේදනයක් හෝ බ්ලොග් ලිපියක් හෝ ලිව්වීමට අසමත් වී ඇත. අධ්‍යාපනයේ තිබිය යුතු නිදහසට එතෙක් මෙතෙක් එල්ලවූ මේ බරපතලම පහරට විරුද්ධව මෙතෙක් ප්‍රතිපහාර එල්ල කර ඇත්තේ උග්‍ර ධනවාදීන් ලෙස හංවඩු ගැසුණු එක්සත් ජාතික පක්ෂයයි.

    වැඩවසම් ධපතියාට පහරදෙන ලෙස ඔවුන්ගේ සමාජවාදයේ උගන්වා ඇති නමුදු නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වැඩවසම් වෘත්තිකයන්ගේ තුච්ච ක්‍රියාවන්ට එරෙහිවන ලෙස ඔවුන්ගේ මහදැන මුත්තාගේ පොතේ කියා නැති නිසා ඊනියා සමාජවාදීන් එසේ නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන. මහදැන මුත්තා වලේ වැටුනුවිට පොතේ ලියා ගොඩගන්නා ලෙස කියන තෙක් බලාසිටි ගෝලයන්ට නොදෙවෙනි මේ ඊනියා සමාජවාදීන්ගේ හැසිරීම හරිම අපූරුය.

    මේ යෝජනාව ස්මජවාදීනගේ මහදැන මුත්තටලාටයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වැඩවසම් වෘත්තිකයන්ගේ තුච්ච ක්‍රියාවන්ට ද එරෙහිවන ලෙස ඔබේ ගෝල පුවක් බඩිල්ලන්ට ඉදිකටු පැංචානට රබ්බොඩ අය්යලාට ඔබේ පොතේ දැන්වත් ලියා තැබීම ඉදිරි අනාගතයට ප්‍රයෝජනවත් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. Well said Kenkiusha! Para menna meka highlight karala post ekak damuda? Thx!

      Delete
    2. කෙන්කිගේ මේ නිදහස්, අවංක එකතුකිරීම අගය කරනවා නිදහස්ද අවංකද කියන එක කොහොම වුනත් මේ වඩාත් නිවැරදි අදහස් දැක්වීමට ගරු කරනවා!!!!!!!!

      Delete
  15. දොස්තරලට බනිනකොට රෙද්ද කරට අරගෙන එන සහයට ඩැනීලා, මාජ්ජවේදීන්ට බනිනකොට එන්නේ නෑ බ්‍රොරෝ.
    ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ!!!

    ReplyDelete
    Replies
    1. සුරංග සේනානායක කරපු වැඩේ වැරදියි. ඒක දඩමීම කරගෙන ඒ වැරැද්ද නීතිගත කරන්න කියන උන්ට කියන්න වචන නැහැ.

      Delete
  16. මේ වල්පල් නිසා පෝතලන් ගැන කතා කරන ඒකත් මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මාතලන් එන්න
      මල් පිපීදැයි බලන්න
      මල පනීදැයි සිතන්න
      ඉවසලා ලියන්න

      Delete
    2. Rasika wisin maathalan arabhaya liyanalada athi wishishtha wishleshanayak wana minis balla postuwa wishleshanaye yedi sitina bawin maathaln ada mehi nopaminenu atha.

      Delete
  17. " පැරා ඔලිම්පික් තරඟයෙන් ලංකාවට පදක්කමක්. " හඃ හඃ, කාටද ආඩම්බර ?

    ReplyDelete
  18. GMOA should start private school in Colombo suburb without winging. They can subsidies school fees to their children and do part time teaching. Charge more form politicians kids.

    ReplyDelete
  19. මොකක්ද ප්‍රශ්නේ? මගේ යාළුවා දොස්තර නෝනා කෙනෙක්, එයා රු.ලක්ෂ 6 ක් දීල නුවර දර්මරාජෙට පුතා දාගත්තා, ගෙදර ඉස්කෝලේ ඉදල හැතැක්ම 7 ක් විතර තියනවා. ඕනෙනම් කතා කරමු. මේ නලින්ද බයිලානේ කියන්නේ. පළපුරුදු ඇමති කෙනෙක් ඉල්ලන්නේ, මේ ඇමති ළමයි ගන්න එකට එක එක්කෙනාගේ ළමයි වර්ග කරන්නේ නැති නිසාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා