අළුගෝසු යුගයෙන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන පොලිසිය හමුවේ ඇති අභියෝග

තාත්තා කෝ?
හම්බන්තොට පොලිසියෙන් පැන ගිය බඳගිරි තරුණයාත්, ඔහුට රැකවරණ දුන් සොයුරු සොයුරියනුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එක් සොයුරියක රිමාන්ඩ් කරනු ලැබුවේ දරුවකු ද සමගයි.

ලංකාවේ අධිකරණ පටිපාටිය තුළ රිමාන්ඩ් කිරීමත් එක්තරා ආකාරයක දණ්ඩනයක් ලෙස භාවිතා වන බව පැහැදිලි ය. මිනිසකුට රැකවරණය දීමේ හේතුවන් ඇප පිට නිදහස් නො කිරීමට කිසිදු හේතුවක් නැති, නැති බැරි මිනිසුන් රිමාන්ඩ් වෙද්දී එදින ම වෙනත් අධිකරණයකදී පුද්ගලයකු පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කළ බවට චෝදනා ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර‍ ඇතුළු පිරිස එක් දිනක් හෝ රිමාන්ඩ් භාරයේ නො සිට නිදහස ලැබූ හ.

නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව ද හිරුනිකාලා, ගෝඨාභයලා වැනි අය වැඩිපුර සමාන බව ද පෙනේ.

කෙසේ වෙතත්, පොලිසිය ද මෙම සිද්ධියේදී සුපුරුදු පොලිස් ක්‍රියාවල යෙදී ඇති බව පෙනේ. තරුණයාට පහර දී තිබේ ද යන්න ගැන ද, තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු පමණක් ගත් බවට සටහන් තැබීම ගැන ද විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පැවසී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිබුණු තත්වයන් සමග බැලූ විට දැන් බොහෝ වෙනස්කම් සිදු වී ඇති බව ඉතා පැහැදිලි ය. එහෙත් පරණ භාවිතාවන් තවමත් අවසන් වී නැති බවක් ද පෙනේ. පසුගියදා පුස්සැල්ලාව පොලිස් සිර මැදිරියේදී පුද්ගලයකු එල්ලී මිය ගොස් තිබුණු සිද්ධිය ද ගැඹුරින් විමර්ශනය කළ යුතු ය.

මේ අතර දිනේෂ් ගුණවර්ධන නම් අලුත උපන් බිළිඳෙක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එවැනි දේ සිදු වීම වස ලජ්ජාවක් බව කියා තිබිණි. මේ දිනේෂ් ගුණවර්ධන වනාහි මහින්ද රාජපක්ෂගේ කාලේ ඇමතිවරයකු ව සිටි හාදයා වන්නට බැරි ය. මන්ද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් විලාසිතාවට මෙන් ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කර වෙඩි කා හෝ ගඟේ ගිලී හෝ මිය යන විට ඒ දිනේෂ්ට ලජ්ජාවක් තිබුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටි සමයේ රාජ්‍ය අනුග්‍ර‍හයෙන් පොලිසිය මේ අන්දමින් මිනී මැරූ බව ද තවත් අංශ රැසක් මේ මිනී මැරුම් යුක්තියුක්ත කිරීම සඳහා නිල බලය භාවිතා කළ බව ද අපි ප්‍ර‍කාශ කරමු.
මයුරි - මධුශ්ක

අනුරාධපුරයේ මයුරි ඉනෝකා මෙසේ අතුරුදහන් කරන ලද විශාල පිරිසකගේ ඥාතීන් නියෝජනය කරන්නියකි. මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද සිය සැමියා මධුශ්ක වෙනුවෙන් ඇය කරන අරගලය ඇගේ පමණක් අරගලයක් නො වේ.

ඒ හඬක් නැති තවත් විශාල පිරිසකගේ හඬකි. ඔවුහු මාධ්‍යකරුවෝ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ හෝ දේශපාලනයක ඍජු පාර්ශ්වකරුවෝ නො වූ හ. ඔවුන් සමාජය ඉදිරියේ නම් කෙරුණේ අපරාධකරුවන් ලෙසයි. ඔවුන් අපරාධ කර තිබිණි නම්, කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මිස විවිධ බොරු හදමින් ඔවුන් අමු අමුවේ මරා දැමීම නො වේ. මෙසේ මරා දමන ලද ඇතැම් මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හරි හමන් අවමංගල්‍යයක්වත් පවත්වන්නට ආණ්ඩුව හා පොලිසිය ඉඩ දුන්නේ නැත.

එයින් සිදු වුණේ රාජ්‍ය බලය භාවිතා කරමින් මිනී මැරූ තවත් විශාල පිරිසක් නිර්මානය වීම පමණි. ඒ ඝාතනවලට කාකි ඇඳුම් අඳින අය පමණක් නොව, විග් දාන අයත් සම්බන්ධ ය. සුදු ඇඳගෙන පන්සල් යන බොහෝ දෙනෙක් ඒවා අනුමත කළ හ. 

අපි හැමෝ ම අළුගෝසුවන් වූ යුගයක් හමාර කරන්නට ද නැවත ඒ යුගය පණ නො ගන්වන්නට ද අරගලය දිගට ම ගෙන යා යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිවැරදිව තර්ක කළ හැකි නීතිඥයෙකු සිටියා නම් පොලිස් අත් අඩංගුවට ගත් බවට පොලිසියේ සටහනක් නැති අයෙකු සඟවා සිටියා ය කීම සාවද්‍ය චෝදනාවක් බව ඔප්පු කරන්ණ තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මූගෙ බුද්ධිය ......

      Delete
    2. Machansla, menna ape roberta aye awilla, kalayak penna hitiye na..

      Delete
    3. නෑ මාතෙ , නීති විශාරදයෙක් නොවන රසිකගේ තර්කය මන්දබුද්ධික තර්කයක් නොවේ. තරුණය අත්අඩංගුවට ගත් බවත්, ඔහු පොලිස් සිර මැදිරියේ සිටි බවත්, පසුදින අතුරුදන් උන බවත් එම මව පියා සහෝදරයා සහ සහෝදරිය පොලිස්පති තුමාට පැමිණිලි කර මාද්යටද පුන පුනා ප්‍රකාශ කළා. තරුණයා පන්සලෙන් එලියට ආ පසු, සහෝදරයා සහ සහෝදරිය ඔහුට රැකවරණය දුන් බව හෙළි උනා. එනිසා පොලිස් අත්අඩංගුවට ගත් බවට සටහනක් නැතත් රසිකගේ සරල තර්කයට ඉඩක් නෑ . ඇප නොදීමට තරම් කාරණයක් නම් මටත් පේන්න නෑ. කවුද බුවෙක් නීතියේ දෙවගනගේ ඇස් බැඳලා නෙව ...

      ප්‍රිවි කවුන්සලර්

      Delete
    4. ehema ekek wath lankawe nehe ban

      Delete
  2. දිනේෂ් ගුණවර්ධන කියන්නෙ මහින්ද හා ගෝඨාගෙ අසූචි බුදින සූකරයෙක් . ඒ නිසා ඌ ගැන කථා කිරීමත් අප්‍රසන්නයි. බොරළුගොඩ සිංහයත් අන්තිම කාලෙ ලොම් හැලිල කිච වෙලා ගිය එකේ, ඔහුගෙ පුතා අවසාන කාලයේදී අසූචි බුදින සූකරයෙක්වීම හිතා ගන්න පුළුවන්... ඒක නෙමෙයි, අන්න ෆොනී පාලිමන්ට් එකේ කියලා ලසන්ත මැරුවෙ ගෝඨා කියලා.

    ReplyDelete
    Replies
    1. Ah maathalan maame!!

      Delete
    2. "ෆොනී පාලිමන්ට් එකේ කියලා ලසන්ත මැරුවෙ ගෝඨා කියලා."

      අම්මප රොබට් පුතේ උඹත් දන්න දේවල්? ඇති යන්තං අතක් පයක් කඩන්නැතුව ඔයින් ගියා. ඉතිං ඉතිං පුතේ ඊලඟට මොකෑ වෙලා තියෙන්නෙ? අපේ වාසනාවට උඹ ඉන්න හන්ද හොඳයි. නැත්නං කායෙන් අපි මේව දැනගන්නයි?

      ඔය පොනී කියන්නෙ පුතේ උඹ කුලියට පොල් කඩද්දි ගෙඩි ඇහුලුව එකා නේද?

      Delete
    3. නෑ බන්, පොල් අහුලපු එකා චූටි උක්කුන්නෙ. ඔය ෆොනියා කියන්නෙ උඹ කසිප්පු පෙරන කාලෙ ගෝඩා බැරල් උස්සපු එකානෙ....උඹට මතක නැතෙයි ? කොහෙද ඉතින් උඹ කෂියා ගහලම උඹගෙ මොළේ වේලිලා.. ඔක්කොම අමතකයිනෙ..

      Delete
    4. මගෙ ගෝඩා බැරල් උස්සපු එවුන් හැදිච්ච් එවුන්නෙ මයෙ පුතේ. හැබැයි පොනිය කට ඇරියම කසිප්පුකාරයෙක් වගේ තමයි. ඕක දැන් කටපත්ත ඇද්දට ඉස්සර ගෝඨ ළඟ බැරල් ඉස්සුව එකෙක්ලු.

      උඹ ඉන්න රට ලොකුද මයෙ පුතේ? එහෙ කසිප්පුත් තියනවයි? මෙහෙ පුරුද්දට උඹ එහෙදිත් කසිප්පු බොනවයි මයෙ පුතේ?

      ඔහාට වහිනවද. මෙහෙ පෑවිල්ල. හරිම ගිරිස්මයි අප්පා.

      Delete
  3. මගේ යාළුවෙක් රිමාන්ඩ් එකේදි මළා.

    ReplyDelete
    Replies
    1. උඹගෙ මැරිච්ච යාළුවො කෙසේ වෙතත්, උඹ මගෙන් දවසක ගුටි කාල තමයි මැරෙන්නෙ.

      Delete
    2. නූගතාගෙන් රැස් විහිදේ.

      Delete
    3. මගේ යාළුවගේ යාලුවෙක් ඇප දෙන්න ගිහින් මලා

      Delete
    4. මගේ යාලුවක් එකෙකුට ගහන්න ගිහින් මලා

      Delete
    5. Noogathagen wihidena ras walin Nama kumak wuwath maathalan handuna gatha haka

      Delete
    6. "උඹගෙ මැරිච්ච යාළුවො කෙසේ වෙතත්, උඹ මගෙන් දවසක ගුටි කාල තමයි මැරෙන්නෙ."

      අහෝසි කාලේන කජ්ජෙන පුහුලන් කිව්වලු !
      ගල් පොලොස්පෙති වගේ පොල් රොබටත් දැන් චන්ඩිය වෙලා,

      ඕකනෙ ඉස්සර අපේ සීයල කියල තියෙන්නෙ
      "සුද්දට රට ගියාම _ _ ද ට උඩ ගියා කියල.

      Delete
    7. යහපාලනේ ආව විතරයි පොන්නයෝ හෝල් සේල් ෆෝම් වෙන්න ගත්ත. දැන් ගහන්න කතාව. හෙට ටයර් සෑය ද ?

      Delete
  4. "ළඟදී අහන්ට ලැබුනේ ඇඹිලිපිටිය පොලිසිය විසින් මරා දැමුවා යයි කියන තරුණයාගේ බිරිඳට දැන් අත්වී ඇති ඉරණම. පොලිසියට විරුද්ධව ප්‍රකාශ දුන් තරුණයක් බොහොමයක් මත කුඩු ළඟ තබාගත්තා යයි නඩුවලට පැටලී ඇති බවත් දැනගන්නට තිබෙනවා. මාර්ග නීති ආරක්ෂා කරනවා වෙනුවට සැඟවී සිට වරද කරනතුරු බලා සිට දඩ ලියන ගමන් අනතුරු වලක්වන්නට පාරේ පිරිත් කියන පොලිසියකින් මීට එහා ගිය දෙයක් බලාපොරත්තු වීමත් විහිළුවක්. පොලිසිය හැමවිටම පොලිසියේ වැරදි වසමින් ආරක්ෂා කරනවා. වෛද්‍යවරු හැම විටම රෝහල්වල වැරදි වසමින් රෝහල් සේවකයන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කරනවා. ගුරුවරු සෑම විටම පාහේ පාසල් වල සිදුවන අකටයුතුකම් වසමින් ගුරුවරු ආරක්ෂා කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු හැම විටම පාහේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ආරක්ෂා කරනවා. යහපාලනයක් සඳහා පත්වූ ජනපතිවරයා කියන්නේ වංචා දුෂණ හෙළිකරන්නේ අලුත් පක්ෂයක් පිහිට වුවොත් බවයි. මුළු රටේම ක්‍රමය අතිශය දුෂණය වෙලා. මේ විදියට මේ රාජ්‍යය කඩා නොවැටී කොතරම් දුර යන්න පුලුවන්ද කියන එක අනාගතය පවසාවි."

    යහපාලනය තුල නිලධාරීවාදය හිස ඔසවන බවකුත් නොපෙනවා නොවෙයි.

    ReplyDelete
  5. //මාර්ග නීති ආරක්ෂා කරනවා වෙනුවට සැඟවී සිට වරද කරනතුරු බලා සිට දඩ ලියන ගමන් අනතුරු වලක්වන්නට පාරේ පිරිත් කියන පොලිසිය//

    දවසක් මං එක්ස්ප්‍ර‍ස්වේ එන්ට්‍ර‍න්ස් එකක පෝලිමේ ඉඳිද්දි ආපු කෝල් එකකට උත්තර දෙමින් ඉන්න ගමන් පෝලිමේ අඩි කීපයක් වාහනය ඉදිරියට ගත්තා. පොලිස් රාළහාමි කෝල් එක ආපු වෙලාවේ ඉඳන් බලා ඉඳලා ක්ලච් එක දුන්න හැටියෙ නැවැත්තුවා. මං ඇහුවා “ඇයි ඔයා මම වරද කරනකල් බලා හිටියේ. මම වරද කරන්නට කලින් මට අනතුරු අඟවන්න තිබුණා නේ ද කියලා."

    එතකොට මිනිහා කියනවා අපට එහෙම එකක් කියලා නැහැ, අපට කියලා තියෙන්නෙ වැරදි කරන අයව අල්ලන්න විතරයි කියලා.

    “ඒ කියන්නෙ මිනී මැරීමක් වෙන්න යනවා නම් ඔයා ඒක වළක්වන්න ඕනැ නැහැ කියන එක ද?" කියලා මං ඇහුවා.

    “අපි කරන්නෙ අපට කියල තියෙන විදියට. මහත්තය ඕන නම් උසාවි ගිහින් ඕව කියන්න," කියලා මිනිහා බරස් ගාලා දඩ කොලයක් කැඩුවා.

    ReplyDelete
    Replies
    1. කලච් නැති ඔටෝ ගියර් වාහනයක් ගන්න.

      Delete
    2. තමුසෙගෙ අර හුච්චකු මරුටි ලඩිය හයිවේ එකෙත් දානවාද අයිසේ? දාපං ඕක කලපුවකට ඉස්සෝ කොටුවක් කරන්න. මුන් මේ පුකේ මරුටි අරං හයිවේ එකෙත් යන්න එනවා. අනික් මිනිස්සුන්ටත් කරදරේ.
      හොද වැඩේ කාලකන්නියට. මුව ලිව්ව එකම හොදයි.

      Delete
    3. සීවරං දෙයියනේ (එහෙම එකෙක් ඉන්නවනම්) මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ හැබෑටම.
      හැමතැනම කාටහරි ආඩපාලි කිය කිය යන්නෙ. මේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි මොනවගෙන්ද දන්නෙ නෑ පිරිලා තියෙන්නෙ.
      ජානවලම හැටිද මේ?
      පැරා විතරක් නෙවේ, පැරාලගෙ දරුමුනුපුරු පරම්පරාව වෙනකල් ලිව්වත් මේකලගෙ මේ කුහක ගති ඇරෙන්නෙ නෑ මේ රටේ.
      උඹලට ඔයහැටි ඩේට තියෙනෙවනම් ගිහින් වදනොදී බලපල්ලකො වැලක්වත්.
      අබම සරණයි.

      Delete
    4. මම අහලා තියෙන විධියට පොලිසියට, දවසට දඩ කොල ලියන්න ටාගට් එකක් තියෙනවා. මේ ටාගට් කවර් කරන්න තමයි ඕකුන් හැංගිලා ඉඳලා අල්ලන්නෙ. ටාගට් දෙන්නෙ ඕඅයිසී කාරයා, ඔහොම උඩටම ගිහින් අන්තිමට පොලිස් කෝලමා දක්වා යනවා. කෝලමාට ටාගට් එක දෙන්නෙ ආණ්ඩුවෙන්ලු, ආණ්ඩුවට සල්ලි නැති නිසා එක් එක් ක්‍රම මගින් සල්ලි හොයනවලු. මේක මේ ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි, ආණ්ඩු ගණනාවක් තිස්සෙ එන සම්ප්‍රදායක්.

      Delete
    5. අම්මප රොබට් පුතේ උඹත් දන්න දේවල්? ඇති යන්තං අතක් පයක් නැතුව දඩකොලයක් කැඩුව.අපේ වාසනාවට උඹ ඉන්න හන්ද හොඳයි. නැත්නං කායෙන් අපි මේව දැනගන්නයි?

      Delete
  6. "ඔවුන් අපරාධ කර තිබිණි නම්, කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මිස විවිධ බොරු හදමින් ඔවුන් අමු අමුවේ මරා දැමීම නො වේ. මෙසේ මරා දමන ලද ඇතැම් මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හරි හමන් අවමංගල්‍යයක්වත් පවත්වන්නට ආණ්ඩුව හා පොලිසිය ඉඩ දුන්නේ නැත."

    අන්න එකට 87 -90 කාලෙ නැද්ද අජිත්,

    එකල පැවතී යූඇන්පී ආණ්ඩුව කිසිම තරුණයකු හෝ තරුණියක අත්අඩංගුවට ගත්තේවත්, ඔවුනට බොරු චෝදනා එල්ලකලේවත් නැත.අමු අමුවේ මරාදැම්මේද නැත.

    පෙරකළ යම් අකුශල කර්මයක් හේතුවෙන් තරුණයකු හෝ තරුණියක අහම්බෙන් මිය ගිය කල එකල පැවතී යූඇන්පී ආණ්ඩු කළේ එම අවමගුල් කටයුතු සඳහා ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබාදීම බව ඒ මියපරලොව සැපත් අයගේ ඥාතීමිත්‍රාදීහු අදත් කෘතවේදීව සිහිපත් කරති.

    එකල තරුණ තරුණියන් හා යූඇන්පී ආණ්ඩුව අතර පැවති සංහිඳියාවට හොඳම උදාහරණ ලෙස බටලන්ද සහ එළියකන්ද තරුණ නිකේතන්යන් දැක්විය හැකිය.

    ඇත්තටම ඒ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී යුගය අවසාන වුයේ රටේ අවාසනාවටය. නමුත් රටේ වාසනාවට ඒ යුගය ගැන වර්ණනා කළ හැකි සහ සුදුසුකම් සහිත "මතුගම ප්‍රාඥයා" ඉතිරිව ඇත.

    පිය සග අජිත,

    හුදු ජන පහන් සුව පිණිස වනනු මැන හුදු හෙලුවෙන්ම.

    ReplyDelete
    Replies
    1. මේ ගැනැ විමලුන් කීවේ මෙසේ යැ. අත පය බැඳැ ළිඳැ ලූ කලැ දිය බොර වෙනු වළකන්නේ කෙලෙසැ.

      එබස ජවිපෙට මෙන් මැ රජයට ද අදාළ යැ. දෙක ම එක ලෙස හොඳ යැ.

      (අඩේ බොලාගෙ දිව උලුක් වෙන්නෙ නැද්ද මේවා කියවලා)

      Delete
    2. සැරද! මතුගම පැනසරතුමෙනි,

      "අත පය බැඳැ ළිඳැ ලූ කලැ දිය බොර වෙනු වළකන්නේ කෙලෙසැ."
      එබස මිහිඳුනටද අදාල යැයි සිතමි. එකල මාතොට "එලියකඳු" තුරුණු විමනෙහි සැපය කෙසේදැයි එහි විසු තෙපි වෙතින් දනු කැමැත්තෙමි.

      සගය, මතුගම දෙසට මද නල හමන්නේද? මතුගම අහස කලුවීද? දුරින් විජ්ජුලතා පෙනෙයිද? එසේනම් තෙපි එලිපහලියේ නොසිට වහා ගෙට දුව මිදුල් වෙත යකඩයක් විසිකරව. ඇතැම්විට එය තොප වාසනාවට හේතු වියහැකි.

      Delete
    3. මිහිඳු පවුල ඉන්නකල් රටේ වෙන කවුරුවත් විජ්ජුලතාලට බය වෙන්න ඕනැ නැහැ.

      Delete
    4. විජ්ජුලතාවෝ රනිලුන් පිළිකෙව් සේම පිළිකුල් කෙරැති. ලතාවන් යනු ලියන්ය. ලියෝ පුරුස සමාගමය පිය වෙති.

      Delete
  7. ඊයේ මුල් පිටුවද කොහෙද බලද්දි දිනේෂ් ගෙ ඔය කථාව දැක්ක. අප්පිරියාවටම ලැප් එක වහල දැම්ම. ලංකාවේ දේශපාලනේ ඔක්කොම එකයි. මොකද මයිත්‍රී මහත්තයත් කිව්වේ මහින්ද මොකක්ද එකක් කලොත් විතරක් රහස් එලියට දානව කියල. මිනිස්සු මේ අය පාර්ලිමේන්තුවට යැව්වෙ ආයෙත් මහින්ද පාලනයක් ඕන නෑ කියල කියන එක අමතක වෙන්න තරම් බබ්බු නෙමෙයි. ඒ වගේම අර ළමය බාර දෙන්ට ආව හිමිනම පොලිසිය එක්ක කල මාද්‍ය සාකච්චාවේදී පොලීසිය වගේම හිමි නමත් කියපු හැම දෙයක්ම පරස්පර ගතියක් දැක්ක. මටනම් මේ ඔක්කොම පට්ට "නන්දන වින්දන" 😜

    ReplyDelete
  8. පොලිසිය,පොලිස්පති,පොලිස් කොමිසම කෙසේ වෙතත් පොලිසිය භාර අමාත්‍යවරයා විදියට "සාගල රත්නායක" පොලිසිය තියෙන නාරා වලෙන් ගොඩ ගන්න යම් දෙයක් කරන බව නම් පේනවා.

    ReplyDelete
  9. "ශ්‍රී ලංකාවේ පරිවර්තනය ලෝකයටම ආදර්ශයක්..! - එජා මහ සමුළුවේදී ඔබාමා මෛත්‍රීට සිංහලෙන් කියයි."
    - පුවතක්

    ReplyDelete
  10. ඔය "ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන පොලිසිය" ලොකුද?

    ReplyDelete
  11. මධුෂ්ක කොටියෙක්. උගේ අයියා තමයි එක්නැලිගොඩ.

    මීට
    බුද්ධි අංශය

    ReplyDelete
  12. මොකක්ද පැරා අර "බස් වඩු පුත්" කතාව? මතුගම පෙට්ටිගල වත්ත කොහෙද තියෙන්න? ඇත්තටම එහෙම බස් වැඩපලක් තිබුනද? විහිලුවට ඇහුවෙ අපහාසයක් නෙමේ.

    මොනව උණත් "ඈ" කාරය අතිදක්ෂ රචකයෙක්. නමුත් තම ලිවීම ඇතුලෙ ප්‍රතිවාදීන්ට below the belt ගහන්නෙක්. සුචරිතගෙ ආභාෂය හොඳින් ලබපු කෙනෙක් වගේ පේනවා නමුත් චින්තනය "මහින්ද".

    ReplyDelete
  13. මතුගම කොහෙද බන් පෙට්ටිගලවත්තක්?
    පෙට්ටිගලවත්ත තියෙන්නේ ගාල්ලෙනේ. ඉස්සර ලංගම බස් බොඩි ගහපු තැනක් තමා.
    මේ හෙළුවෙන් වන්න පින්වතා ඇත්තටම හෙලුවෙන් වගේ ඉන්නේ.
    ඔය වගේ අනුන්ට ගරහන සිරිමතුන්ට සංස්කෘත භාෂාවෙන් පවසන්නේ 'ධාතු සුනඛ' ලෙසටයි.

    ReplyDelete
    Replies
    1. සගයිනි,

      අජිත කෙසේ වුව තෙපි මා නිදිවත (නිද්‍රා වෘතය) කඩන්නෝය. ඒ එසේ නම් නැවත මදුපැන් සියයකින් ඇරඹ හා සතැප (සන්තර්පණයවී) අපි නැවත පොරමඩල වෙත පා තැබිය යුතුමය.මම දැනටම මා මුල් සියය ඇරඹුවෙමි.

      මා ලියු කොමෙන්ටු සිඟිත්තෙහි බස යෙදීමේ යම් වකක් වෙතොත් ඒ නොවක් කරන සේ මම ඔබගෙන් ඇයදීමි.ඒ පිළිගත් තෙපි මා බස යෙදුම නිවැරදි කළෝය.

      එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර යන්න මා කොමෙන්ටු සිඟිත්තෙහි ඇතුලත්ය. නමුදු මදුවිත මා ලිවුමෙහි යම් වකක් ඇතිකළේය. මා අදහස් ලියුමට කළේ මෙයය,

      "එකල ඒකල මෙන්ම මතුගම සබැඳි ගාල්ල පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර ..." යන්නය. නමුදු මා තර්කය බස් වැඩපල පිළිබඳව නොව ඒ වැඩපලෙහි "බස් වඩුවන්ගේ" අවජාත පුතුන් වන "බස් නැසුවන්" ගේ පද සමග සසඟ කෙරුමට යත් දරුම පිලිබඳවය.

      "ඈත කඳුකර හිමව් අරණේ ..." ගේ පද සමලිඟු සෙනහසක් ලෙස වටහාගැනුම තාර්කික කළ අජිත කේ. අද නිහඬය. පිලිස්තීනුවාද, බොල් පඬුවාද නිහඬය.

      "ඈත කඳුකර හිමව් අරණේ ..." යනු සේකරයන් විසින් පදවැල ගොතනලද සිත්සෙනයන් ගේ "නල - දමයන්ති " ඉඟි නලුවෙහි වන ගීයක්ය. මේ ගයනුයේ අමරදෙවයනය.

      මේ ගැයුම පෙර නල පුවත හා සමපාත වනුයේ හස (හංස) රජ නල කුමරු වෙනුවෙන් දමයන්තිය වෙත පැමිණ ඈ අබිමුව කෙරෙන නල කුමර වරුණටය.

      නල කුමරු හා හස රජ පුම ලිඟුය. පුරිස් තෙම තව පුරිස් තෙම රූ සිරි වැනුම කළ පමණ ඒ සමලිඟු සෙනෙහසක සේ දුට නොවේ.

      මා තොපට කියනුයේ හුදු පිට කැට තබන්නන්සේ (බුරු පිටියක පිටඔට්ටු අල්ලන්) නොඉඳ මා මතුකළ තර්කය තූ තූ කොටලනු කියාය.

      දැන් බඩ කටපුරා වැළඳුව මැනවි.

      නල







      අජිතද තෙපිද නල පුවත පිළිබඳව අජිත පැවසූ

      Delete
  14. සගයිනි,

    අජිත කෙසේ වුව තෙපි මා නිදිවත (නිද්‍රා වෘතය) කඩන්නෝය. ඒ එසේ නම් නැවත මදුපැන් සියයකින් ඇරඹ හා සතැප (සන්තර්පණයවී) අපි නැවත පොරමඩල වෙත පා තැබිය යුතුමය.මම දැනටම මා මුල් සියය ඇරඹුවෙමි.

    මා ලියු කොමෙන්ටු සිඟිත්තෙහි බස යෙදීමේ යම් වකක් වෙතොත් ඒ නොවක් කරන සේ මම ඔබගෙන් ඇයදීමි.ඒ පිළිගත් තෙපි මා බස යෙදුම නිවැරදි කළෝය.

    එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර යන්න මා කොමෙන්ටු සිඟිත්තෙහි ඇතුලත්ය. නමුදු මදුවිත මා ලිවුමෙහි යම් වකක් ඇතිකළේය. මා අදහස් ලියුමට කළේ මෙයය,

    "එකල ඒකල මෙන්ම මතුගම සබැඳි ගාල්ල පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර ..." යන්නය. නමුදු මා තර්කය බස් වැඩපල පිළිබඳව නොව ඒ වැඩපලෙහි "බස් වඩුවන්ගේ" අවජාත පුතුන් වන "බස් නැසුවන්" ගේ පද සමග සසඟ කෙරුමට යත් දරුම පිලිබඳවය.

    "ඈත කඳුකර හිමව් අරණේ ..." ගේ පද සමලිඟු සෙනහසක් ලෙස වටහාගැනුම තාර්කික කළ අජිත කේ. අද නිහඬය. පිලිස්තීනුවාද, බොල් පඬුවාද නිහඬය.

    "ඈත කඳුකර හිමව් අරණේ ..." යනු සේකරයන් විසින් පදවැල ගොතනලද සිත්සෙනයන් ගේ "නල - දමයන්ති " ඉඟි නලුවෙහි වන ගීයක්ය. මේ ගයනුයේ අමරදෙවයනය.

    මේ ගැයුම පෙර නල පුවත හා සමපාත වනුයේ හස (හංස) රජ නල කුමරු වෙනුවෙන් දමයන්තිය වෙත පැමිණ ඈ අබිමුව කෙරෙන නල කුමර වරුණටය.

    නල කුමරු හා හස රජ පුම ලිඟුය. පුරිස් තෙම තව පුරිස් තෙම රූ සිරි වැනුම කළ පමණ ඒ සමලිඟු සෙනෙහසක සේ දුට නොවේ.

    මා තොපට කියනුයේ හුදු පිට කැට තබන්නන්සේ (බුරු පිටියක පිටඔට්ටු අල්ලන්) නොඉඳ මා මතුකළ තර්කය තූ තූ කොටලනු කියාය.

    ReplyDelete
    Replies
    1. සබඳ,

      මේ 'ඇ' කාරයේ විකාරය තිබුනේ බොහොම අතීතයේ නොවැ.
      එය ඇරඹු 'මුනිදස් කුමරතුඟුවන්' අද සිටිනවානම් ඔහුත් නැවත 'මුනිදාස කුමාරතුංග' ලෙස හඳුන්වාගන්නවා ඇතැයි සිතමි.
      ඔහුගේ මුනුබුරු 'ගෙවිඳු' කුමරතුඟු නොවේ කුමාරතුංග නම් වෙයි. එහි කොහිද මුනිදසුවන්ගේ හෙළ බස?. මුනිදසුන්ගේම දරු මුණුබුරන් එය නොසලකන්නේ එය යල් පැන ගොස් ඇති බැවිනි.

      එයත් හරියට අධිරාජ්‍යවාදයට බැටදෙන 'විමල්' තුමාගේ පුතනුවන් මහා බ්‍රිතාන්‍යයේ ඉගැනීම ලබනවා වගේ,
      විප්ලවකාරී 'කුමාර්' තුමාගේ ළමයින් ඔස්ට්‍රලියාවේ හොඳ අධ්‍යාපනයක් ලබද්දී ලංකාවේ ළමුන්ට ඉට්ටයික් කොරවලා උන්ගේ ඉගනුම කඩාකප්පල් කරනවා වගේ. කියන්නේ එකක් කරන්නේ තවෙකක්.

      හෙළුවෙන් වනන ඇනෝ තුමනි , අතීතයේ පාවිච්චි කළ, යම්කිසි සුළු කණ්ඩායමක් පමණක් භාවිතා කරන, නොතේරෙන බසකින් නොලියා සැමට පැහැදිලිව තේරෙන බසකින් ලියන්නේ නම් මැනවි.
      .

      Delete
  15. දැන් මේ බ්ලොග් එක දුවන්නේ...ඇනෝ ආතල් වලින්නේ..දැන් නම් පැරාට පොඩ්ඩක් හිතල බලන්න වෙනවා.....මෙලෝ රහක් නැති පෝස්ට් දානවද, නැත්නම් මේක ඇනෝලට ලියල දෙනවද කියලා..

    "අළුගෝසු යුගයෙන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන ??????..." වගේ ගොන් පාට් ලියනවට වැඩියනම් හොඳයි..මේක බන්ධුල කුදලාගම පරපුරට පවරලා දෙන එක...

    ReplyDelete
    Replies
    1. කුදලාගම අංකල් නැතුව පාළුයි අරූ මාමෙ

      Delete
    2. ඉවාන්......උඹ අරූ මාමා කිව්වේ කාටද පුතේ?

      Delete
  16. මේ තමයි මයුරිගෙ අරගලය සම්බන්ද ෆේස්බුක් පේජ් එක. https://www.facebook.com/A.White.Van.Story/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා