හිරු කණ්ඩායමේ වර්තමාන ෆැන්ටසිය

හිරු කණ්ඩායම යනු එක් කලෙක ලංකාවේ වාමාංශික දේශපාලනයේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධ කතිකාවේදී වැදගත් බලපෑමක් කළ කණ්ඩායමකි. 

රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්වයෙන් යුත්, ප්‍ර‍ජාතාන්ත්‍රික සංවිධානයකට වඩා ඇදහිලි කල්ලියක ලක්ෂණවලින් යුත් මෙම කුඩා සංවිධානය අපගේ දේශපාලන ගමන් පථයේදී සුවිශේෂ එකක් වූ බව කියන්නේ නිසි ගෞරවය සහිතව ය. එහෙත්, එය ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලන සංවිධානයක් බවට පත් කිරීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. එසේම, ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ කතිකාව ද එක් තැනක සිර වූ බව පෙනේ. ඒ කෙසේ වෙතත්, ලංකාවේ වාම දේශපාලනය තුළ සෙසු කණ්ඩායම්වලට වඩා සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ හිරු කණ්ඩායමේ තිබිණි. විශේෂයෙන් ම දේශපාලන සන්නිවේදනයෙහිදී ඔවුහු කැපී පෙනුණ හ.

මෙම දේශපාලන කණ්ඩායම සමග අප නැවැත්වූ තැන සිට කතිකාව ඉදිරියට ගෙන යාමට අපි කැමැත්තෙමු. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ද උනන්දුවක් ඇති බව පෙනේ. හීනමාන චර්යාවක් ලෙස හැඳින්වීමට හැකි, එහෙත්, අප එසේ පටු ලෙස අර්ථකථනය නො කරන, ඔවුන්ට සුපුරුදු චර්යාවක් වන සැඟවුණු කණ්ඩායමක් ලෙස සිටීමේ ආශාව ඔවුන් දිගින් දිගට ම මහත් අභිරුචියෙන් නඩත්තු කරන බව දක්නට ලැබේ. නිර්නාමිකව මෙසේ පෙනී සිටීම ඔවුන්ට වැඩි නිදහසක් සපයා ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් අපගේ අකැමැත්තක් නැත. මෙතැනදී 2003දී හිරු කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සිහල දමිළ කලා උළෙලට සිහල උරුමය විසින් පහර දීමෙන් අනතුරුව දීප්ති කුමාර ගුණරත්න හිරු කණ්ඩායම හැඳින්වීමට භාවිතා කල සයිකෝසික දේවාලයක් යන යෙදිම ද නැවත සිහිපත් කරමි.

ඔවුන්ගේ දේශපාලනික ප්‍ර‍කාශනයට මෙතැනින් පිවිසිය හැකි ය. ප්‍ර‍තිචක්‍රීය කරන ලද හිරු පුවත්පතේ පැරණි ලිපි හා තවත් දැනුම් සම්භාරයක් එහි තිබේ. එබැවින් එය විචාර බුද්ධියෙන් යුතුව කියවීමෙන් බොහෝ දේ උගත හැකි ය. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ හා ටැමිල්නෙට් වෙබ් අඩවියේ ස්ථාවරයන් අතර තිබෙන්නේ ප්‍රවේශයන් අතර වෙනස පමණි. ඒ පිළිබඳ ඔවුන් සංවාදයකට සම්බන්ධ කර ගත යුතු ය. (මෙම ප්‍රචාරක දැන්වීම අප පළ කරන්නේ නොමිළේ බව කරුණාවෙන් සලකන්න. ඒ වෙනුවෙන් ඔවුන් එක් යුරෝවක්වත් අප වෙත ලබා දී නොමැත.)

මෙම කණ්ඩායම මේ වන විට සම්පූර්ණයෙන් ම යුරෝපය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතියකි. එහෙත්, ඔවුන් සිය කාර්යය ෆැන්ටසීකරණය කරගෙන ඇති ආකාරය ඉතා අපූරු ය. එය මින් පෙර ඔවුන් විසින් පළ කරන ලද ‘ආලෝචන'වලට වඩා පහත උපුටා දක්වන පරිකතාවෙන් පැහැදිලිව පරාවර්තනය වේ. මේවා විසංයෝජනය කර බැලීම, මනෝ විශ්ලේෂණයට ලක් කිරීම, මාක්ස්වාදී හෝ වෙනත් ඕනෑම ආකාරයකට විග්‍ර‍හ කර ගැනීම ඔබට භාර ය.

පැරා මචං, මොකෝ නිහඬ? අප මේ දිවා ආහාරයට පසු ටිකක් නිවි සැනසිල්ලේ ඉන්නෙ. වරෙන් වරෙන් බය නැති ව. උඹේ රස කතා ටිකක් ඇහැව්ව නම් හොඳ යි කෑම ටික දිරවන්නත් එක්ක.

මචං අපට අවංක කනගාටුවක් දැනෙනවා බං උඹ ගැන කල්පනා කරනකොට. බලපං අද හෙට උඹට අවුරුදු පනස් එකක් වෙන්නත් එනවා. උඹේ මුළු මහත් ජීවිතය ම බ්ලොග් පඩංගුවකට යි මතුගමට යි සීමා වෙලා. උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. ඒත් උඹ? ඇත්තෙන් ම දුක යි මචං.

උඹ මචං ටිකක් මේවා ගැන හිතන්න ඕන. උඹ දැරි‍යන් දෙදෙනෙක්ගේ තාත්ත කෙනෙක් බව හෝ අවම වශයෙන් හිතපං. උඹ උඹේ ජීවිතේ සෑම අසාර්ථකත්වයකට ම හිරු කණ්ඩායමට ඇඟිල්ල දික් කරන්න එපා. ඇත්තෙන් ම අජිත් පැරකුම් ජයසිංහ නම් චරිතය ගොඩ නැඟෙන්නේ හිරු නිසා. හිරු නැති වුණා නම් උඹ නිකම් ම නිකං විශ්‍රාමික උපගුරු. ඕනෙ ම නම් අපකීර්තිමත් සේවා වාර්තාවක් සහිත කියලා කියනිනත් පුළුවන්.

ආශාවේ වස්තුව වගේ සංකල්ප උඹට අමාරු යි නේ තේරුම් ගන්න. ඒක නිසානේ උඹ ඒ වගේ සංකල්පයක් අවභාවිතා කරන්නේ උඹේ මේ බ්ලොග් පඩංඟුවේ. අපි ඕක උඹට තේරුම් ගන්න පුළුවන් විදියට මෙහෙ ම කියමු: “නරියා මිදි තිත්ත යි කිව්වා වගේ”! නරියා සහ තිත්ත මිදි සංකල්පය අපි උඹට යොදා බලමු.

උඹට උසස් අධ්‍යාපනයක් ලබන්න බැරි වුණු නිසා උසස් අධ්‍යාපනය ලද අය උඹට තිත්ත යි. උඹට ලංකාවේ දෙවන පැරණි ම ඉංගිරිසි පුවත්පත වගේ සම්භාවනීය පුවත්පතක කර්තෘකම ලබන්න බැරි නිසා එවැනි විශිෂ්ට කර්තෘවරුන් උඹට තිත්ත යි. උඹට වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් චරිතයක් බවට පත් වෙන්නට නො හැකි වූ නිසා වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් තාරකාව උඹට තිත්ත යි. ඔය වගේ කරුණු රැසක් උඹේ ජීවිතයෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ සියල්ලෙන් ම උඹට වැඩි ම පීඩාවක් ලැබෙන කරුණ වන්නේ උඹට යුරෝපයේ රටකට සංක්‍රමණය වී අන්තර්ජාතික මට්ටමකට විප්ලවීය දේශපාලනයේ වර්ධනයක් ලබන්න නො හැකි වුණු එක.

ඉතිං මචං මෙහෙම යි දැන් තත්ත්වේ. උඹේ වයසත් එක්ක දැන් නම් එන්න එනින ම යුරෝපයට විසා ගන්න එක අමාරු වෙනවා. නරක ද මචං ඔස්ට්‍රේලියා, නිව් සීලන්ඩ් වගේ රටකට උත්සහ කර බැලුවොත්? ඔස්ට්‍රේලියාවේ ඇබෝලා ඉන්න පැත්තක හෝ ටිකක් ඇතුලට වෙන්න තියෙන සීමිත වීසා ලබා දෙන පැත්තකට හෝ යා ගන්න බලපං. කාලෙකට ඉස්සර නම් එහෙම වීසා පදනමක් තිබුණා. තව එක ක්‍රමයක් තියෙනවා. නර්ස් නෝනාට වීසා ලබා ගෙන උඹට ස්පවුස් වීසාවලින් එල්ලෙන්න පුළුවන් ද කියලා සොයා බලපං. නර්සස්ලාට ඉල්ලුමක් තිබෙනවා. ඒත් උඹට යුරෝපය ම නම් අවශ්‍ය අප උඹට සහයක් දෙන්න බලන්නම්. උඹ ඉතිං කවදත් කන්න දුන්න අත සපා කන එකා කියලා අප දන්නවා. ඒත් කමක් නැහැ උඹ උඹේ ආත්මය පෙළන සමාජ වෛරය සමනය කර ගන්නවා නම් අපට ඒ ඇති.

පැරා මචං, ජීවිතය දෙස, ලෝකය දෙස, අනාගය දෙස ආදරයෙන් බලන්න පුරුදු වෙයං. උඹ කුකුළු කූඩු කතා කිය කිය අපහාස කළාට සන්නගෙන් උඹට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා බං.

එහෙනම් පැරා අප ගිහිං එන්නම්. පැරාගේ ආත්මයට සැනසීම ලැබේවා!

ඔවුන්ගේ ෆැන්ටසිය පුපුරුවා හරින අපූරු පිළිතුරක් අපගේ තවත් පාඨකයකු විසින් නිර්නාමිකව ම එහි තබා ගොස් තිබිණි. එය අනිවාර්යයෙන් ම කියවන්නැයි මම හිරු කණ්ඩායමට ආරාධනා කරමි.
AnonymousSeptember 13, 2016 at 4:02 AM

"... උඹලා අප සමඟ ඒ කාලේ හිටි සහෝදරවරුන් අද මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවා ද? අද බොහෝ දෙනෙක් අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක ජය කෙහෙළි නංවනවා. .."

මේක දැකල පුකෙනුත් හිනා ගියා. මේ යුරෝපෙ කොහෙද අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක් තියෙන්නේ. තියෙන 'විප්ලවීය' කියාගන්න සංවිධානත්, ලංකාවේ තියෙන NGO වලට තමා වඩා සමාන වෙන්නේ. යුරෝපෙන් පිටත රටවල විවිධාකාර බෙදුම්වාදී සංවිධාන වලට සම්බන්ධ සහ අනුබද්ද සංවිධාන නම් තිබේ. නමුත් ඒවා විප්ලවකාරී වන්නේ බෝඩ් ලෑල්ලට පමණි.

දුඹුරු සහ කළු රටවලින් පැමිණෙන දේශපාලන සරණාගතයන් මේවාට සම්බන්ධ වීමට හේතු කාරක ගණනාවක් තිබේ. පළමු සහ ලොකුම කාරණය නම් සරණාගත අයදුම සලකා බැලෙන කාලය තුලදී ඔවුන්ට උදව් කිරීමට සහ ඔවුන් සමඟ ආශ්‍රය කිරීමට ඉදිරිපත් වන්නේ එවැනි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන්වීමයි. ලංකාව වැනි රටවලින් පැමිණ නන්නත්තාර වී සිටින සරණාගතයන්ට කොක්ක ගැසීමට ම විශේෂ වුනු ක්‍රියාකාරිකයන් ගැන මා යුරෝපයේ විවිධ නගර වලදී අසාතිබේ. විශ්ව විද්‍යාල වල නවක වධය මෙන්, මෙම සරණාගතයන් අතරින් සමහරක් පසුව කොකු ගසන්නන් බවට පත්වේ. දහසකට අඩු සාමාජිකයන් සහ සීයකට අඩු ක්‍රියාකාරිකයන් ඇති මෙවැනි සංවිධාන වලට එක නව සාමාජිකයෙක් යනුද මහමෙරකි. එකෙකු එකතුවූ විටද හඳුන්වාදීමේ හමු, මත් පැන් බීමේ හමු ආදී වශයෙන් විකාර සැමරුම් කරති. කිසිදු විප්ලවීය ලක්ෂණයක්, රහස්‍ය භාවයක් මේ අවස්ථාවල් දී නොපෙනේ. ප්‍රීතියට හේතුව වන්නේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුග්රාහකයන්ගෙන් ලැබෙන අරමුදල් වලට අනුලෝමව සමානුපාතික බැවිනි.

තවත් හේතුවක් වන්නේ, මේ වාමාංශික පසුබිම සහිත සරණාගතයන් බොහොමයක් මේ රටවල කළහැකි වෘත්තීයක හැකියාවක් හෝ, ඇඟ හොල්ලා වැඩක් කිරීමට කැමැත්තක් හෝ, යුරෝපීය භාෂා ප්‍රවීනතාවයක් හෝ නැති, 'කතාව පමණයි' මාදිලියේ සත්ව කොට්ඨාශයක් බැවින්, ආණ්ඩුවේ සල්ලි වලින් ජීවිතය ගෙනයාමට ඇබ්බැහි වෙත්දී ඉබේම මෙන් ඔවුන් ගොනු වන්නේ සමාන ඩෝල් කාරයන් අතර බැවිනි. ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වෙන ගමන් කාලය කා දැමීමටත්, තමන්ගේ රටවල දී තිබුණු සමාජ පිළිගැනීම ගැන සාංකාව නැතිකර ගැනීමටත් මේ බෝඩ් ලෑලි සංවිධාන වලට යාම් ඊම් කරති.

මෙවැනි සංවිධාන බොහෝවිට ඇතුලතින් හැසිරවෙන්නේ යුරෝපීය ආණ්ඩු වලට සම්බන්ධ ඔත්තු සේවා හෝ පොලීසි වලින් මෙහෙයවෙන මුදලට වැඩකරන පුද්ගලයන් මගිනි. මේවායේ පොදු ලක්ෂණය වන්නේ අවිධග්ද අනුගාමිකයන් කලක් යත්දී ඔවුන් විප්ලවකාරීන් බව සිතීමට පටන් ගැනීමයි. මෙය වාමාංශික/ආගමික විප්ලවයක්, රටක් බෙදීමක් හෝ රෙජීම මාරුවක්‌ වියහැකි අතර, යුරෝපීය සමාජයට තවමත් සංයෝග විය නොහැකි වූ අප සරනාගතයාද තමන් මහා පෙලෙහරක බලකණුවක් බව සිතා සිත සනහා ගනී. තමාගේ රටේ යාළු මිත්‍රාදීන්ටත් , සමහරවිට පුවත් පත් වලටත් තවදුරටත් අතිශයෝක්තියෙන් ම ලියා /කියා යවයි.

ඉතින් මේ ව්‍යභිචාරය හැර යුරෝපයේ කිසිවෙකු කරන විප්ලවයක් නම් දක්නට නොලැබේ. මෙහි ආණ්ඩුවලටත්, මාධ්‍ය වලටත් ජනතාවටත් නොදැනෙන ලෙස සම්පූර්ණයෙන්ම රහසිගතව එය සිදු වේ නම් , ඒ පිළිබඳව අපගේ සුබ පැතුම්! එහෙත් එවැනි දේශපාලනයක 'ජය කෙහෙළි නන්වන්නන්' නම් මෙහි සිටිය නොහේ. එවැන්නන් පිළිබඳව වහාම පියවර ගනු ලැබෙන බැවිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒත් පැරා කෙනෙකුට කියන්න පුලුවන්නෙ ඔය රතු පටින් ලියල තියෙන ටිකත් පැරාම ලියාගෙන කියල.

    ReplyDelete
  2. ඔය හිරු කණ්ඩායමේ ආදිතම විප්ලවවාදින් වූ ඩලස් හා විමලසිරි ගම්ලත් අද ඉන්න තැන ගැන ඊට වඩා ආඩම්බර වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. ගනන් ගන්න එපා පැරා...

    හොඳ ලමයා වගේ නාඬා ඉන්න...


    හිරු කන්ඩායමට අපිව එපා නම්, අපි පටන් ගනිමු සඳු කන්ඩායම

    ReplyDelete
    Replies
    1. සඳු යට ආප්ප - කළු කෝපි කණ්ඩායමක් හැදුවොත් කොහොමද සාරසතුමෝ.

      Delete
    2. ඒ අදහසත් නරකම නැහැ... :D

      Delete
    3. මචන් සාරසෝ,

      අපි එහෙම විගඩමක් පටන් අරන් ඒකට නමක් දාමු "එක යට පබුණා" සංවිදානෙ කියල. නම හොඳ නැතෙයි?

      Delete
    4. නම ටිකක් පෞරුශාදිපත්‍ය දනවන් සුලුයි නේද සාදාරන ඇනෝ?

      අපි කාන්තාවන් ගැනත් සලකා බලා "එක යට පබුණා මැතු ටික හුරුණා" පෙරමුණ කියලා දාමුද මෙයා?

      Delete
    5. Anonymous September 13, 2016 at 2:48 PM

      අප ඔබ තුමාව 'නකදීපුසී' සම්මානයට යෝජනා කර තිබෙනවා.
      ළඟදීම ඔබට වැඩි විස්තර තරංග සංවිධායකයන්ගෙන් ලැබෙනු ඇත.
      ස්තුතියි.

      Delete
  4. පැරා ඔය විවේචනය කරන උන්ගේ ඇහේ කටු ඇනෙන්න ලබන ප්‍රාදේශීය සභා චන්දෙට UNP එකෙන් ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. අනිව පැරෝ
      බය නැතුව ඉල්ලහන් මතුගම හරි අගලවත්ත ප්‍රාදේශීය සභාවට යූඑන්පීයෙන්. අපි සප් එක දෙන්නම් - පුල් බකප් එක දාල. යූඑන්පී ප්‍රාදේශීය සබා මන්තිරි උණත් කොච්චර උතුම්ද ඔය කාළකණ්ණි වමේ හැතිකරය එක්ක බලද්දි.

      Delete
  5. පැරකුම් ම ලියපු ආලෝචන 2 ක් සමග පොස්ටුවක් දාල

    ReplyDelete
    Replies
    1. හා හා කෑ ගහන්න එපා මෙයා. ට්‍රික්ස් එලිවෙයි. වුරුත්තීය බොලොග් කාරයෙක් වෙන එකත් ලේසි පාසු දෙයක් නෙවෙයි මෙයා. පුල් මාකට් පාරක් දෙන්න ඕන. ඔන්න කාලකණ්ණි මරා කල්ලිය හිටිය නම් සුදු වෑන් වලින් මරන්න ආව කියල මාකට් වෙන්න තිබ්බ, ඒත් දැන්? හ්ම්ම්. මොකෙක් හරි දරුණු හතුරො කන්ඩායමකුත් ඉන්න එපැයි ලොකු පොරක් වෙන්න.

      Delete
    2. Ape maathalan thumaata kiwwanam meka lassanata allala deyi, ano anjanamen

      Delete
  6. මතුගම unp සන්විදායක කරමු

    ReplyDelete
    Replies
    1. පැරකුම්ට තමන්ගේ ගමේ පාර සුද්ධකර දැමිමට තම ගමේ මිනිසුන් කිහිප දෙනෙකු එක්කර ගැනීමට නොහැකි අතර තමන් අනිත් මිනිසුන්ට වදින්නට හෝ කොන්ද නවන්නට එපායැයි කියමින් බණ කියුවාට තමන්ගේ දරුවා සෑම දිනකම තමාට වදින හෝ කොන්ද නවන එක නවත්වා ගන්නට නොහැකි තරමේ පුද්ගලයෙක්ය (මේ සියල්ල පැරකුම් විසින්ම කියා තිබෙන දේවල්ය). ඒ අනුව පැරකුම් යනු තනි පුද්ගලයෙක්ය. ඉදින් එබන්දෙක් එජාපය වැනි සුවිසල් පක්ෂයක ආසන සංවිධායක කම් කෙසේ නම් කරන්නෙම් ද? තෙවරක් පෙරුමාලයාණන් වැන්නෝ සමග කෙසේ නම් මනාප සඳහා හැප්පෙම් ද?

      තමන් සමග කාලයක් සංවිධානවල සිටි පුද්ගලයින් වෙනත් විකාරයන් කරනාවිට සමහරවිටකදී පැරකුම්ට තරහ යනවාද ඇත. කිසිවකු සමග එකතුවීමකින් සහ සාමුහික ක්‍රියාකාරිත්වයක් නොමැතිව සමාජය වෙනස් නොවන බව හා ඒ සදහා සමාජය පෙළඹවීමක් නොකරන්නේනම් එය ඉබේම සිදුවනබව පැරකුම් විශ්වාසකල පමණින් එය සෑබෑවක් වන්නේ නැත. පවතින සමාජ තත්වයන් මගින් සමාජය වඩා යහපත්වේයැයි හෝ රනිල් සමග එකතුවී මේ සමාජය වෙනස්කර බහුතරයක් මිනිසුන්ට හොද සමාජ තත්වයක් අත්කර දිය හැකියැයි පැරකුම් විශ්වාස කරන බැවින් ඔහුට අනුව එයට එරෙහිව මිනිසුන් සංවිධානය කිරීමට උත්සහකරන සියලු දෙනාම ජොකර්ලාය, ඔවුන්ගේ උත්සහයන් අනුව සමාජය වෙනස් නොවිම එම දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ අඩුපාඩුවක්ය, ඔවුන් සාර්ථකනම් අද පැරකුම්ලාට රනිල් සමග රටේ ආර්ථිකය නංවන්නට ලිපි ලියන්නට වන්නේ නැතිය.

      Delete
  7. ඇනොනාලෝචනය නිසා පැරා ගේ උපන් දිනය ළඟ එන බව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත තට්ට නයා මහත්තයෝ,

      ඉතින් පැරාගෙ උප්පැන්නෙත් සමරල තඩි නයි පැට්ටෙක් හරි පැටි නයියෙක් හරි අරින්නෙ නැත්ද?

      Delete
    2. ඉතින් ඉතින් ඔසී රටෙන් ආපු නයි පාලක නයිපාල නොහොත් දෙටඇක රයිපාල උන්නැහේව සාදරයෙන් පිළිගනිමු. කෝ ඉතින් තව නයෙක් අරින්නෙ නැතෙයි?

      Delete
    3. හහ් හා. දෙට ඇක නෙවෙයි බන් දෙකපුන රයිපාල හෙවත් දෙකපුත් රයිපාල කියපන් ඔය පේරාදෙණි ගෝත්‍රික වෙන්ඩ පොශ් ගංකබරයට.

      Delete
    4. බක් පියට් කාරය ඇනෝ ඇවිල්ල

      Delete
    5. @ ක.කා. Ano 2.20
      ප්‍රශ්නයට මුල්වූ හේතුවට නොපැමිණ පඳුරු තලන්නේ මොකද? මුල් හේතුව ඔබ නරුම අදහස් පල කිරීමට එරෙහිව මා උත්තර ලිවීමයි. මා ඔබට පමණක් නොව මට අපහාස කරන සියලුම දෙනාට උත්තර ලියල තියෙනවා.

      මා සිතුවේ ඔබ බුධිමතෙක් බවයි. නමුත් ඔබ සහතික දරන්නෙක් මිස බුද්ධිමතෙක් නොවන බව මට පසක් වන්නේ ඔබට ඉඟි නොතේරෙන නිසයි.මා ගිය විදේශයන්හිදී ගල් නොවුනේ නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් මා රටටවු නය තවමත් ගෙවා නැතැයි කීමෙන් ඔබට කල ඉඟිය ඔබ නොවටහුනාසේ මට අපහාස කරයි. මා ඉඟි කලේ මා ඔබ මෙන් මා ගිය රට වලදී ගල් නොවීමෙන් මා ලද යහපත පෙන්වීමටයි. සිංහල කතාවක් තියෙනවා ඉඟි නොතේරෙන එකාට කෙලමෝලෙන් ඇන්නත් තේරෙන්නේ නැහැ. කියල. ඔබ ගල් වීමෙන් ලද ප්‍රතිඵලය වුනේ ඔබට ඔබේ වසර 16ක් වූ දියණිය හසුරුවා ගැනීමට නොහැකිවීම කියා මා කෙලින්ම කියනවා. අනුන් ගැන දොස් දකින්නට පෙර තම ගෙදර දොස් දකින්න සහ ඒවා නිවැරදි කරගන්න පුරුදු වෙන්න. ඔබ මේ ජන කවිය අහලා ඇතැයි මා සිතනවා.

      "එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා
      දහක් කඩතොළු හදාගත්තයි කම්මලේ ආචාරියා "

      Delete
    6. කම්මලේ නෙමෙයි . ඉඳුරුවේ.

      Delete
  8. හිරු, සඳු, තරු, X, Y, Z මොන රෙද්දෙ නමකින් ආවත් ගොබ්බ වාමාන්සික හැතිකරය දන්නෙ මොකක් හෝ බොරු බයිලා වැලක් සමග කයියක් ගසා ගානක් ගපාගෙන ශේප් වීම මිස වෙන මුකුත් වැඩකට ඇති කිසිවක් කර්න්නේවත් ඊට හැකියාවක්වත් නැහැ.

    වරක් ලංකා ඊ-නිව්ස් වල විසල් කරුණාරත්නට ප්‍ර‍ගීත් එක්නැළිගොඩව සඳරුවන් ගේ කාර්යාලයේදී දිනක හමු වී පිරිස සමග බෝතලයකට සෙට්වෙලා. ඒ 2010 ජනාධිපතිවරණය ආසන්නයේ දිනක්. සුපුරුදු දේශපාලන සාකච්ඡාවේදී කට්ටියගෙම විශේෂ අවධානය වුනේ වීරවංශ සහ චම්පිකටයි. එහිදී ප්‍ර‍ගීත් ඔහුට සුපුරුදු උපහාසයෙන් කියා සිට ඇත්තේ හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන් බවයි. දැන් එයින් බොහොමයක් සත්‍ය වෙලා. ඉතිරියද ඉදිරි දිනකදී සත්‍ය වේවි. අලි-බුලත් හප සම්මුතියේ කෙළවර එහෙම තමයි කියලයි මට පේන්නේ.

    ඉතිරි වෙලා ඉන්න යල්පැනපු සමසමාජ හම්පඩ ගෝතයෝ ටික පොදි බැඳගෙන බුලත් හපයින්ගෙ පාසෙ වැටෙන කොට ජයම්පති වික්‍රමරත්නව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරලා ඔහුට වැදගත් වගකීමක් දුන්නෙත් යූඑන්පී කාරයෝ. ඒ අන්ත දූෂිත රාජපක්ශ ගොන් හැත්ත පැරදුන එවුන්ව රොතු පිටින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන අතරේදි. වමේ පතාක යෝධයෙක් වූ ලාල් විජේනායක වගේ අතිවිශිශ්ට උගතෙක්ව නිසි තැනට පත් කරලා සමාජයට උපරිම සේවයක් ගන්නෙත් යූඑන්පී කාරයෝ. පාර්ලිමේන්තුවට පත් වූ සියලුම යූඑන්පී මහජන නියෝජිතයෝ ජනවාරි 8 වෙනස ගැන බැරෑරුම් වගකීමක් සහිතව ක්‍රියාත්මක වෙනව. දූෂණයට නිරාවරණය නොවී සිටීමට උත්සාහ දරනවා. පින් ඇමති කම් දරන ශ්‍රී ලංකා ගොන් ඇමතියෝ සම්මුති ආණ්ඩුව වෙනුවට ගොබ්බ තනි පක්ෂ රජයක් ගැන කුණුහබ්බ නන් දොඩන විට තනිව රජයක් පිහිටුවීමේ හැකියාවෙන් යුතු යූඑන්පී කාරයෝ සම්මුති රජය පවත්වාගෙන යෑමට කැප වී සිටිනවා. පක්ෂ දෙක අතර ප්‍ර‍තිවිරෝධතා ඇති නොවන ලෙස විනයකින් යුතුව කටයුතු කරනවා. තමන් බලයට පත් කළ ජනාධිපති වෙනුවෙන් පෙනී සිටිනවා. මේවා අති විශිට ලෙස උත්කර්ශයට නංවා අගය කළ යුතු තත්වයන්.

    ReplyDelete
    Replies
    1. යූ.එන්.පී එකට ආපු ගෙම්බො ටිකක් ගැන මෙන්න උදාහරණ ටිකක්;

      අතීතයේ;
      සී පී ද සිල්වා 1960,
      පිලිප් ගුණවර්ධන (65 ඩඩ්ලි සේනානායක රජයට එක්වීම),
      රොනී ද මෙල් 1977,
      අනුර බණ්ඩාරණායක (නැවත ගියා),
      අතුල නිමලසිරි ජයසිංහ (ලොකු අතුල),
      මහින්ද විජේසේකර(නැවත ගියා),
      එස්.බී. දිසානායක (නැවත ගියා),
      බන්දුල ගුණවර්ධන (නැවත ගියා),
      ජී.එල්. පීරිස් (නැවත ගියා),
      දයාසිරි ජයසේකර(නැවත ගියා) ,
      ලක්ෂ්මන් කිරිඇල්ල,

      වර්තමානයේ;
      පාඨලී චම්පික රණවක
      අතුරලියේ රතන
      රාජිත සේනාරත්න
      එම් කේ ඩී එස් ගුණ්වර්දන (ළඟදී මළා)
      එස්.බී. නාවින්න
      හිරැණිකා පේමචන්ද්රක


      අනාගතයේ;
      ................?????????????

      Delete
    2. ඇත්ත,

      අපේ පැත්තෙ පලාත් දේශපාලනඥයෙක් හිටිය... වැඩබලපු මහඇමතිවරයෙක් දේශපාලනේ අහවර වුණේ යූඇන්පීයෙන්... අන්තිමට මං දැක්ක ඩීමෝ බට්ටෙක් එළවනව...

      Delete
    3. මෑතකාලීන උදාහරණය;

      අජිත් පැරකුම් ජයංසිහයාණෝ ය...

      ආ මේන් !!!

      Delete
    4. The writing style of Visal is superb. I like him. Para and Visal are in the same line.

      Delete
  9. මගේ යාලුවෙක් හිරු කණ්ඩායමෙන් ඉවත් වෙලා ගිහිල්ල ටික දවසකින් මලා

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්තද බන්? හැබැයි මගේ යාලුවෙක් හිරු කණ්ඩායමේ දිගටම ඉන්න ගමන් හිරු ටීවී එකේ ආටක නාටක බලල තව බ්ලොක් බස්ටර් කොමඩි මූවි එකක් බලන ගමන් හිනාවෙලා වැඩිවෙලා හිනාව හිරවෙලා මළා. මල කෙලියක් වුණේ.

      Delete
    2. අපරාදෙ ඌ හිටියනම් මහින්දට මෙහෙම වෙන්නෙ නෑ.

      Delete
  10. යමෙක් යමක් කිවූ හෝ ලිවූ පසු එහි අන්තර්ගතය පිළිබඳ වාද විවාද හැමගේ දැනුමට වැදගත්වේ. එහෙත් එය පසෙක තබා ලියන්නා පිළිබඳව කෙරෙන විවේචන වලින් කාටවත් වැඩක් වන්නේ නැත. බොහෝ විට ඉදිරිපත් කරන ප්‍රශ්ණයට පිළිතුරක් හෝ තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කළ නොහැකි අය කරන්නේ ලියන පුද්ගලයාට පහර ගැසීමයි. මෙය සමහර විට බුදුන් දෙසූ දහම අනුගමනය නොකොට බුදු ගුණ උච්චාරණය කිරීමට පුරුදුවී ඇති ජාතියක දුර්වලතාවයක් වෙන්නට පුළුවන්.

    පැරාද තමන්ට එල්ලවන පුද්ගලික විවේචන වලට පිළිතුරු දීමට හෝ අන් කණ්ඩායමේ වැරදි පෙන්නා දීමට උනන්දු වීමෙන් වන්නේ ඔබ ලියනා දෙයින් ප්‍රයෝජයනයක් ගැනීමට සිටින කෙනෙකුට එවන් අවස්ථා අඩුවීමයි. එනෙක එලෙස පිළිතුරු දුන්නා කියා ඔවුන් ' අනේ ඇත්ත තමයි' කියා ඔබ කියන දේ පිළිගන්නේ නැති බව හැමවිටම සිදුවේ. එවිට තමන්ගේ තරහ ඇරගැනීමට හැර වෙන ප්‍රයෝජනයක් කාටවත් ඇතිවන්නේ නැහැ. ලිපියට අදාල විවේචන, ගල්, මල් තිබෙන්නට හැර පුද්ගලික විවේචන ඩිලීට් කරනවානම් මේ ප්‍රශ්ණය කලකින් මඟ හැරී යනු අති නේද?

    ඔබ මොන කණ්ඩායමේ හිටියාද, ඒකාලේ දේශපාලන දර්ශණය කුමක්ද යන්න අද කාටවත් වැඩක් වෙනවාද? අත්දැකීම් බෙදා ගැනීමට අමතරව එයින් වැඩක් නොවන බව මඟේ හැඟීම. ඊට වඩා වැදගත් වන්නේ ඔබට අද සමාජයට කල හැකි කාර්‍යභාරය පමණක්ම නේද?

    ReplyDelete
    Replies
    1. පට්ට ඉයන්!ඒක තමයි ඇත්ත!

      Delete
    2. එ් දේශපාලන අතීතය සාහිත්‍යයකට ගත යුතුයි ඉයන්. හේතුව ලංකාවේ ඉතිහාසයට ඒ සිදුවීම්වලින් වුණ බලපෑම් තිබෙනවා. ඒවා ගැන කතා කිරීම වැදගත් වෙන්න තවත් හේතුවක් තිබෙනවා.

      ඔය පෙසප, අන්තරේ වගේ නිර්මානශීලී නො වන වාම කණ්ඩායම් අතීතය පුනරුච්චාරණය කරන්නට උත්සාහ කරනවා.

      ඇත්ත නො දත් තව පරම්පරාවක් ගඟේ යන එක වළක්වන එක අපේ වගකීමක්.

      Delete
  11. 1/2

    අසිරිමත් අජිත පැරකුමු ජයසිහ වත
    ========================

    අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය සුවිසෙස් සුරුවිරු මාධ්‍යකාර ලක් නාමාවලිය හොබවයි. පැරැණි පස්යොදුන් කෝරලයෙහි මතුගම ගම් පියසෙහි සොඳුරු රන්වලාගල කඳු පාමුල පෙරැ සියවස්හි පසු අඩෙහි උපන් පැරකුමුවෝ සවන පැරකුමුවනගේ රුධිර ධාතුක බන්‍ධුවෙක් වන්නාහ. ස්වකීය ආදී පූර්වජයා සේ මැ පැරකුමුවෝ ද සාහිතකලාහි ද දේශපාලනයෙහි ද කෙළ පැමිණි පඬිරුවනක් වන්නාහ. මතුගම අනඳ සිප්හල් සෙවණෙහි අකුරු කළ පැරකුමුවෝ මින් තිස් වසෙකට පමණ පෙරැ රත් ගැන්වුණු තුරුණු රුධිර ධාතුවෙන් කැලැඹී ගියෝ ගිනිඅවි සුරත දරා වල වැදියෝ ය. රුදුරු පාලක පන්තියෙහි අමනුස මර්දනයෙන් යටපත් වැ, අඵල කැරැල්ලක චූදිතයෙකු සහ පීඩිතයෙකු බවට පත් වැ, දකුණු රට අපායසමාන රැඳැවුම් කඳුවුරුහි දෙතිස් වද විඳි පැරකුමුවෝ තුමු මැ වෙර දරා සිප්නැණ වඩා සිරිලක එකලු කළ දුලබ වියත් පඬි පරපුරෙක අවසන් මිණෙක් බවට පත් වුවෝ ය. ඔවුනගේ සුරුවිරුකම්හි අරැමැසින් මනතුටු වැ, කලෙක ඔවුනට එරෙහි වූ පාලක පන්තිය මැ මෙසිරිලක සුවහසක් දරුවනට සුවියත් ඉංගිරිසි බස ඉගැන්වීමට පාසැල් ගුරුකමෙක් පැරකුමුවනට පිදූහ.

    යම් දිනෙක මෙසිරිලක සිව් දිග වැසි දනන් තුඩ තුඩ තම නම රැව් පිළිරුව් දෙනු දකිනු ලොල් වූ පැරකුමුවෝ ගුරුකමෙන් සැනසුමෙක් නො ලද්දෝ යළිදු වාම දේශපාලනය වෙත මැ හැරුණාහු ය. ගුරුකමෙන් ද පිරිහී අසරණ වැ වැටී සිටි පැරකුමුවනට නැඟෙන්නට අතහිත දුන්නෝ කන්‍ද උඩරට දම්රජ විදුහල්හි කිතුගොස නංවා ලක් වාම දේශපාලන අම්බරයේ සුදිල තරුව බවට පත් වැ සිටි මනකල් මාණවකයාණෝ ය. ඔවුහු රෝහිත භාෂණයෝ ය. රෝහිත භාෂාණයන්ගේ සාදර සහයෙන් වාම දේශපාලනය ද මාධ්‍යකරණය ද හසළ පැරකුමුවෝ කෙටි කලෙකින් මැ ඒ දෙවිසාහි වැජැඹෙන්නට වූහ. අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය මෙසිරිලක සිසාරා පැතිරෙන්නට වූයේ ඊර්ෂ්‍යාමදමාන ඈ දුරුගුණ නැසූ සත්පුරුෂයෙකු වූ රෝහිත භාෂණයන විසින් කරුණ සිතින් නිලොබ වැ වාම විප්ලවීය දේශපාලනයෙහි පුවත්පත් සිළුමිණ වූ හිරු පුවත්පතෙහි අගසකසුකම පැරකුමුවනට පිදීම සමඟ ය.

    කල් යල් බලා පැරකුමුවෝ තමනට අතහිත දුන් සත්දනන් හට එරෙහි වැ නික්ම ගියාහු රෝහිත භාෂණයනට ද හිරු කණ්ඩායමට ද නව නින්දා අපහාස කරමින් පදනම් විරහිත අසත් චෝදනා නඟන්නට වූහ. බෝසත්ගුණවත් රෝහිත භාෂාණයෝ ද ඔවුනගේ සත් ඔවදනින් හික්මුණු හිරු කණ්ඩායම ද කිසි දිනෙක පැරකුමුවනට නපුරු නො වූහ; තමන් හට නොසමයන් වන කලට සම - මු‍වින් නො බැණ ඉවසනු සුදන ගරුකම යැයි අගලියවන්නයන විසින් පැවැසුණු සුබසෙහි මැ පිළිපන්හ.

    පසු ගිය දිනෙක පැරකුමුවනගේ වියුණුසටහන් අඩවියෙහි පළ වූ ආලෝචනයෙක් පදනම් කර ගෙන, එය හිරු කණ්ඩායම විසින් මැ ලියැවිණි යැ යන පූර්ව නිගමනයෙහි මැ එළැඹ, පැරකුමුවන විසින් නින්දිත කලල් පතනයක් රෝහිත භාෂණයනගේ ද හිරු කණ්ඩායමෙහි ද කිතුසිරුර මත සිදු කරනු ලැබ ඇත. රෝහිත භාෂණයනගේ හෝ හිරු කණ්ඩායමෙහි හෝ වියත් ලියමන්හි දැක ගත හැකි සන්ලකුණු කිසිවෙක් එම ලියමනෙහි නැති. එනමුත් එම ලියමනෙහි විමසා ඇති ඇතැම් කරුණු වැදගත් බව නම් හැඟේ. පැරකුමුවන විසින් කරනු ලැබ යුතු වැ තිබුණේ එකී විමසුම් පිළිබඳ ස්වකීය කියැවීම ඉදිරිපත් කිරීම ය. එනමුත් පැරකුමුවන විසින් සිදු කරනු ලැබ ඇත්තේ කළ මනා දේ පසෙක ලා නො කළ මනා දේ මැ සිදු කිරීම ය. බුදුන් වැඩහුන් සමයෙහි ද මෙලෙස කළ මනා දේ තබා නො කළ මනා දේ මැ කර විපතට පත් වූවෝ සිටියහ. එවැන්නෙකු වූ මහධනසිටුපුතු විපතට පත් වූ කල්හි අනන්ත කරුණා නිදාන වූ ලොව්තුරු බුදුහු ද ලුහු වැ සිනා පහළ කළහ.

    පැරකුමුවෝ කිතුලොබ වැ කිතුලොබින් මැ කිරියට එළැඹෙන පුඟුලෙක් වන්නාහ. කිතුගොස නම් කවර නයින් වුව මනා යැ යන පිළිවෙතෙහි ඔවුහු පිළිපන්හ. එනිසා මැ තමනට එරෙහි වැ පළ වන කවර නම් හෝ සටහනෙක් වුව පැරකුමුවෝ නන් නයින් ඉස්මතු කර නව වියුණුසටහනෙක් ලෙස පළ කරති. පෙරැ කලෙක නො හික්මුණු බසෙකින් ලියැවුණු සටහනෙක් ද පැරකුමුවන් විසින් විළිබිය නො සලකා ඉස්මතු කෙරිණි. එනමුත් එම සටහනෙන් ද විමැසුණු කරුණු කෙරෙහි පැරකුමුවෝ තම සිත නො යොමු කළහ. කිතුලොබින් නිබඳ වැ නො මඟ යන පැරකුමුවෝ මද කිපුණු හස්ති රාජයෙකු සේ මහත් ප්‍රකෝපකාරී වන්නාහ. ඔවුනගේ නො පනත් හැසිරීම ඔවුනට ම හානිකර බව පැරකුමුවෝ නො වටහා ගනිති. අදාළ සටහන් දෙක මැ හෝ දෙවැනි සටහන පමණක් හෝ පැරකුමුවන විසින් මැ ලියැවෙන්නට ඇති බවට නැඟෙන චෝදනා ද නො සලකා හළ යුතු නැත. පැරකුමුවනගේ අතීත කිරිය වත විමසන කල එවැන්නෙක් නො විය හැකි යැයි පවසනු නො නිසි ය. ඔවූහු නිර්නාමික වැ ස්වකීය වියුණුසටහන්වලට මැ ආලෝචන සැපැයීමට රුසියෙක් වන්නාහ.

    Cont...

    ReplyDelete
  12. 2/2

    පෙරැ කල අපගේ ළබැඳි සුමිතුරාණ කෙනෙකු වූ අජිත පැරකුමු ජයසිහයෙනි, යමෙකු ඔබට සඳ පෙන් වූ කල ඔබ බැලිය යුතු වන්නේ සඳ දෙස විනා ඒ සඳ දෙස යොමු වූ ඇඟිල්ල දෙස නො වේ. හත්වැනි සියවසේ අග සිට අටවැනි සියවසේ මුල දක්වා සෙන් බෞද්ධ සමයෙහි ගණපිතෘ වැ විසූ Huineng හු එම අදහස වඩා මනපිය වැ ද සවනපිය වැ ද මෙලෙස පැවසූහ:

    “Truth has nothing to do with words. Truth can be likened to the bright Moon in the sky. Words, in this case, can be likened to a finger. The finger can point to The Moon’s location. However, the finger is not The Moon. To look at The Moon, it is necessary to gaze beyond the finger”


    පස්යොදුන් කෝරලයෙහි කුඩා ගමක ගැමි පවුලෙක ඉපිද නැතක් දහදිය කඳුළු වගුරුවමින් සහසක් කම්කටුලු මැදින් අජිත පැරකුමු ජයසිහ සිරිමතුන් පැමිණි දිගු ගමන් මඟ සැබෑ අසිරියකි. එම අසිරිමත් ගමන් මඟ පිළිබඳ පවත මෙසිරිලක ජනසාහිතකතා මාලයෙහි මාහැඟි මිණෙකි. අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රුව් පිළිරුව් දේවා!

    End.

    ReplyDelete
    Replies
    1. සගය, කොමෙන්ටුවෙහි අඩංගුව කෙසේ වෙතත් බස් වහර නම් මනාය. මා හරිහැටි නොදත් නමුත් ඔබ කුමරතුඟු "ඇ" කාරය පිළිවෙත් පරිදි යොදන වෙසරදෙකි. මේ බස් වහර හදාරනු කැමැත්තෙමි. සගය මෙවන් බස් වහර හදාරනු පිණිස අප කුමක් කළ යුතුද ?

      Delete
    2. ආතල් මචං, ආතල් කැඩෙන කෑලි නැතිනම්.

      //ඊර්ෂ්‍යාමදමාන ඈ දුරුගුණ නැසූ සත්පුරුෂයෙකු වූ රෝහිත භාෂණයන විසින් කරුණ සිතින් නිලොබ වැ වාම විප්ලවීය දේශපාලනයෙහි පුවත්පත් සිළුමිණ වූ හිරු පුවත්පතෙහි අගසකසුකම පැරකුමුවනට පිදීම සමඟ ය. //

      තරහ වෙන්න එපා මචං. හිරු පත්තරේ රෝහිත භාෂණගේ අපුච්චාගෙන් ලද බූදලයක් බව දැන ගත්තේ අද ය. ලියනකොට ඔය වගේ කෑලි දාන්න එපා. ඒවා ගොන් පාට් වෙනවා.

      අනෙක උඹලා ඇනොනිමස් ඇවිත් එක එක ඒවා ලියලා ඒවා මං ලිව්වයි කිව්වා ම මේකත් මං ලියපු එකක් ය කියලා වරදවා වටහා ගන්නට ඉඩ තිබෙනවා. මොකද ඒකෙ අන්තිමට මාව නාවලා තියෙනව නේ.

      මම මේ ලිපියෙ ඉතින් උඹලව උස්සලා තියෙනවා ය කියලා මගෙත් පිට කහන්න ඕනැ නැහැ. මං උඹේ කහන්නම් - උඹ මගේ කහන්නං සංස්කෘතිය මොකකටවත් හොඳ නැහැ.

      මං මේ ලිපියේ යෝජනා කරලා තියෙන්නෙ උඹලව ආපහු කරළියට ගන්න ඕනැ ය කියන එක. මොකද, යුද්දෙ කාලෙ රාජපක්ෂගෙ යුද්දෙට ආවඩපු එවුන් දැන් දෙමළ ජාතියේ ගැලවුම්කාරයන් වෙන්න හදනවා. තමන් වගේ දෙමළ තරුණයන් දස දහස් ගණනකගේ ජීවිත ගැන උන් ඉතා සරළව කියන්නෙ අපි ඒ ගැන ස්වයං විවේචනයක් කරලයි තියෙන්නෙ කියලායි. උඹලාත් ඒකට වෙන විදියකට වග කියන්න ඕනැ. ඒක පැත්තකින් තියමු.

      උඹලා අර ජාත්‍යන්තර මෙව්වා වෙලා ඉන්නවා ය කියන්නේ ආපහු ලංකාවට නෑවිත් ඉන්න තර්කයක් විදියටයි මම නම් හිතන්නේ. ඒකට කමක් නැහැ. ඒ වුණාට මට තියෙන්නේ ඔය රටකට පැන ගන්න බැරි වුණ එකේ ප්‍රශ්නය ය කියලා හිතන එක නම් බොළඳයි මචං. ඕනැකමක් තිබුණා නම් ඒවා ඒ හැටි දේවල් නෙමෙයි.

      ඒ නිසා නැවත ඒ කතාව කියන්න එපා හොඳේ. එහෙම නැවැත්තුවේ නැතිනම්, මං උඹලා ගහපු ගේම් සවිස්තරව නැවත ලියනවා.

      Delete
    3. //ඒ නිසා නැවත ඒ කතාව කියන්න එපා හොඳේ. එහෙම නැවැත්තුවේ නැතිනම්, මං උඹලා ගහපු ගේම් සවිස්තරව නැවත ලියනවා.//

      හම්මටසිරි පැරකුම් ජයසිංහ රා බීපු පඹය වගේ වෙලා නේ. ගේම් ගැන ලියන්න කලිං අමුඩේ ඇඳලද බලාපන්

      Delete
    4. ඇ කාරය පිළිබඳ විමැසු නිවැරැදි වහරට රුචි මැතිඳුනි,

      ඔබතුමන් ඇ කාරය යෙදුමැ සම්මතය උගැනුමට රිසි වැ එසඳහා නිසි මඟ විමැසුම අපි මහත් සේ අගයමු. සිංහල බසැ සුවිසෙස් ලකුණෙක් නම් “ඇ” ශබ්දය සේ මැ ඒ සඳහා මැ වෙන් වූ “ඇ” අක්‍ෂරයෙක් ද පැවැතීම යැ. බොහෝ වෙනත් බසැ “ඇ” ශබ්දය පැවතිය ද එකී ශබ්දයට මැ වෙන් වූ අක්‍ෂරයෙක් නො පවතී.

      සිංහල බසැ ඇ කාරය යෙදුම වහරෙහි මැ පැවැති බව අපගේ විශ්වාසය යැ. යට වැ ගොස් පැවැති එකී ඇ කාරය මතු කැරු එළි පෙහෙළි කළෝ කුමරතුඟුවෝ යැ. එකදහස් නවසිය විසිහය වසැ “ස්වදේශ මිත්‍රයා” නමැති පුවත්පතට ලිපියෙක් ලියමින් කුමරතුඟුවෝ ඇ කාරය යෙදියැ යුතු පහත අවස්ථා දැක්වූහ:

      1. පස් වැනි (ආධාර) විභක්ති ඒක පද - ගසැ (ගසෙහි), කලැ (කාලයෙහි), බසැ (බසෙහි), නළලැ (නළලෙහි), වසැ (වසෙහි), ලිපියැ (ලිපියෙහි) ඈ විසින්.

      2. ඊ, ඉති ආදි ප්‍රත්‍යයන් ගන්නා ධාතූන්ගෙන් නිපන් පූර්ව ක්‍රියා පද - කැරැ, ගැනැ, ගෙනැ ඈ විසින් සහ වී අරුතින් රිසි වැ, යට වැ, ඇදුරෙකු වැ ඈ විසින්.

      3. අර්ථාවසානයෙහි “යැ” නිපාතය - පැවතීම යැ, පැවසූයේ යැ, කුමරතුඟුවෝ යැ, ලියුවේ යැ ඈ විසින් සමාප්ති වාචක නිපාත සහ ගියේ යැ?, දුටුවේ යැ?, පැවසී යැ? ඈ විසින් ප්‍රශ්නාර්ථ වාචක නිපාත.

      4. අවධාරණාර්ථයෙහි “මැ” නිපාතය - සේ මැ, ඔබ මැ, පළමු වැ, ශබ්දයට මැ ඈ විසින්.

      5. “අ”’ කාරයට අනම්‍යාදේශ සහිත පද - වරද > වැරැදි, පරණ > පැරැණි ඈ විසින්.

      කුමරතුඟුවන් විසින් ඉහත ලිපියැ වෙසෙසි වැ වර නො නැඟුණ ද විධි ක්‍රියා (එන්නැ, ලියන්නැ, කන්නැ, යන්නැ ඈ විසින්), “ඉයැ” ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (පෙරළියැ හැකි යැ, බැලියැ හැකි යැ ඈ විසින්), කියැ ප්‍රත්‍යය යෙදි අසම්භාව්‍ය ක්‍රියා (නො කියැ හැකි යැ, කියැ හැකි යැ ඈ විසින්) සහ විච්ඡේද වාචක මිසැ නිපාත (මා මිසැ නැත ගරුමන් කොටැ, ඔබ මිසැ වෙනකෙක් යැ? ඈ විසින්) ද ඇ කාරය සමඟ යෙදේ.

      අප පාසල් සිසුන් වැ සිටි පනහ-හැට දසකයන්හි නම් අපි කුමරතුඟුවන් පැවැසු පරිදි මැ ඇ කාරය යෙදීමු. පසු කලැ සකුවට ද පෙළට ද නැඹුරු වූයෙන් ද ඇ කාරය භාවිතය සම්මත සිංහල වහරින් යටපත් වැ ගියෙන් ද අපි ඇ කාරය යෙදුම සීමා කළෙමු. සරසවියැ කුමරතුඟු අදහස් වැජැඹුණු බවක් නො පෙනිණි. පසු කාලීන වැ සකු හා පෙළ එක් වැ නිපැයුණු අපට මැ අනන්‍ය බසකට පිළිපන් නිසා ඇ කාරය අපගෙන් වෙන් වී යැ. වත්මනැ නම් අප විසින් ඇ කාරය යෙදෙනුයේ “මැ”, “වැ” නිපාත සහ ඇතැම් අනම්‍යාදේශ පද සඳහා පමණි. අපගේ පැරැණි මිතු අජිත පැරකුමු ජයසිහයනට ගෞරව කරනු වස් සකු සහ පෙළ අවම වැ යොදා හෙළ වදන් බහුල වැ යොදා ඔවුනගේ අසිරිමත් වත ලියූ බැවින් එහි ඇ කාරය බහුල වියැ. මෙම සටහන ඇ කාරයේ පැරුණි නිසි සම්මතයෙන් මැ ලියුවේ ඔබතුමන් ඇ කාරයට දක්වන උනන්දුවට කෙරෙන ගෞරවයෙක් ලෙස යැ.

      අප විසින් දැක් වුණු කරුණු ද සිතැ දරා කුමරතුඟුවන්ගේ ව්‍යාකරණ විවරණය සහ ක්‍රියා විවරණය ඇතුලු මාහැඟි ‍පොතපත කියැවීමෙන් ඔබතුමනට ද ඇ කාරය යෙදුම ප්‍රගුණ කළ හැකි යැ.

      ඇ කාරය සහිත වැ ලියන කලැ ඇතැමෙකු විසින් උසුළුවිසුළු කරනු ලැබැ හැකි යැ. නිවැරැදි බස් වහරට ගරහන්නෝ අඥානයෝ යැ. එවැනි අඥානයෝ කුමරතුඟවන් ජීවමාන සමයැ ද සිටියහ. පහත දැක්වෙන්නෙ එවැනි අඥානයෙකු විසින් කුමරතුඟුවනට අපහාස කරනු වස් ලියැවුණු කවකි:

      “වියරණය මොළවා - කවි රැජන සළු ගලවා
      ඇක්මය පටලවා - වෙසේ නායක වපර රිලවා”

      භාෂාශාස්ත්‍රෝන්නතිකාමී,
      බන්‍ධුල කුදලාගම,
      ටොරන්ටෝව.

      Delete
    5. බන්‍ධුල කුදලාගම සිරිමතුනි,
      ඔබ වෙත තුති පුදමි. අවැසි විටෙක ඔබ ඇමතියහැකි මගක් වේද ? මා ඔබට ඇරයුම් කරණුයේ බස නැගුම පෙරදැරිව බ්ලොග් අඩවියක් අරඹන ලෙසය.

      Delete
    6. බන්දුල කුදලාගම මහත්තයෝ....

      කෝටියක් වටිනා බාසාව ගැන ඇස් ඇරවන ලියවිල්ලක්!

      ඔහේට බොහෝමත්ම ස්තූතියි!

      Delete
    7. භාෂාශාස්ත්‍රෝන්නතිකාමී, ටොරන්ටෝ වැසි, බන්‍ධුල කුදලාගම සුධීමතුනි,

      ටොරොන්ටෝවේ වැහැරෙන එහ් 'Eh!' වදනත් අප සිරි ලක්දිවෙන් සොරගත්තක්දැයි නොසිතෙන්නේද ?

      Delete
    8. සබඳ, ඔබ විසින් විමැසෙන පැනැය පැනසර යැ. කැනඩා රටැ ඉංගිරිසියැ Eh යන වෙසෙසි පදය සුලබ වැ වැහැරෙනු ඇසේ. එබසැ Eh වහර සිංහල‍යැ ඇ කාරයට යම් සේ සමරෑපි යැ. Eh යනු භාවප්‍රකාශනයකි. ඇ කාරය සිංහලයැ වර නැඟි සේ මැ කැනඩා රටැ ඉංගිරිසියැ Eh පදය ද නන් නයින් වර නැඟේ. ටොරන්ටෝ සරසවියැ එලේයින් ගොල්ඩ් සිරිමතිය පවසන පරිදි කැනඩා ඉංගිරිසියැ Eh වහර දසරූපී වැ වර නැඟියැ හැකි යැ.

      1. විශ්මයාර්ථ වාචක වැ - What an essay, eh?

      2. ප්‍රශ්නාර්ථ වාචක වැ - Where is he going, eh?

      3. මත පැවැසුම් වාචක වැ - A magnificent writing, eh?

      4. කරුණු පැවැසුම් වාචක වැ - I read Ajith Perakum, eh?

      5. ආඛ්‍යාන වාචක වැ - Ajith Perakum wakes up at 4 am, eh? then he writes his stunning articles, eh?

      6. තිර පැවැසුම් වාචක වැ - Of course, eh?

      7. පුනර්විමැසුම් වාචක වැ - Eh? What did you say?

      8. විධාන වාචක වැ - Read the content, eh?

      9. අපවාද වාචක වැ - You deleted my comment, eh?

      10. අපහාස වාචක වැ - You are an awful hypocrite, eh?

      කැනඩා ර‍ටැ Eh වහර සුලබ බව සැබැවි. එනමුත් එම වහර එබසට මැ අනන්‍ය ලකුණෙක් යැ? අපගේ අදහස නම් Eh වහර ප්‍රංශ බසෙන් බිඳී කැනඩා රටැ වැහැරෙන ඉංගිරිසියට වැදි බව යැ. එංගලන්තයැ මැදි කල ඉංගිරිසියැ ද Eh වහර ප්‍රශ්නාර්ථ වාචක වැ සහ පුනර්විමැසුම් වාචක වැ වැහැරුණු බව දැකියැ හැකි යැ. එනයින් Eh වහර කැනඩා ඉංගිරිසියැ සුලබ වැ දැකියැ හැකි වැ තුබුණ ද, එය එබසට මැ අනන්‍ය බව නිගමනය කළ නො හැකි යැ. විසිවැනි සියවසැ මුලැ ටොරන්ටෝවැ ඉපිද, කැනඩා ඉංගිරිසිය පිළිබඳ මාහැඟි පිරිසුම් සිදු කැරැ, එබස ඔපවත් කළ වෝල්ටර් ඇස්. ඇවිස් පඬිවරයාණන් විසින් එක්දහස් නවසිය හැත්තෑ දෙක වසැ ජනවාරි මසැ පළ කැරුණු So eh? is Canadian, eh? නම් පිරිසුම් ලිපියෙන් එබව මනා වැ පැහැදේ.

      විදුහුරු සාධක නොමැති වැ ද, කැනඩා ඉංගිරිසියට Eh වහර සිංහලයැ ඇ කාරයෙන් බිඳී ගියේ යැයි පවසනු රිසි ඇතැමෙකු සිටිනට හැකි යැ. ඉංගිරිසියට water යන්න සිංහලයැ වතුර යන්නෙන් බිඳී ගියේ යැයි අදහන ඇතැමෙක් (අහුබුදු ඈ) ද ඉංගිරිසියට tuk-tuk යන්න සිංහලයැ ටුක් ටුක් යන්න බිඳී ගියේ යැයි අදහන ඇතැමෙක් (පැරකුමු ඈ) ද සිටිති! අපි නම් එසේ නො පවසමු.

      Delete
  13. මේ පැරා, උඹට අප හොඳක් කිව්වත් වැරදි යි; නරකක් කිව්වත් වැරදි යි. උඹට ඉහත ආලෝචනයේ නරකක් කියා නැහැ බං අප. උඹත් එක්ක දේශපාලනික වශයෙන් විසංවාදයක් අපට තිබෙන බව ඇත්ත. ඒත් උඹේ හොඳ දේවල් අප අගය කරනවා. උඹ ජාතිවාදයට එරෙහි වීම, ෆෙඩරල් විසදුමකට සහය දීම, ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතු බව විශ්වාස කිරීම, මිසදුටු ව්‍යවහාරයන් බැහැර කිරීම වගේ කාරණා අප අගය කරනවා. උඹ වෛද්‍ය විද්‍යාව ගැන දරන මතය ප්‍රශස්ත යි. ඇයි උඹ අප කර ඇති ඇගැයීම් දකින්නේ නැත්තේ? අප උඹට ගහන එකක් ම අල්ලන් නහයෙන් අඬන්නේ නැති ව අප උඹට ප්‍රශංසා කළ ආලෝචන ගැනත් හිතපං.

    ReplyDelete
    Replies
    1. මට හොඳ කිව්වෙ නැති වුණත් කමක් නැහැ මචං. එහෙම ඇගයීමක් තිබෙන බව පෙනුණු කමෙන්ට් තියෙනවා. ස්තුතියි. ඒ වුණාට ඔය වීසා කතා උඹලගෙ තත්වයට හරි නැහැ. ඒව බොළඳයි. ඒවා ලොකු දේවල් වුණ යුගය මම පසු කරලායි ඉන්නේ. අනෙක දැනට මේ රට බොහෝ දුරට සාමකාමීයි. ඒක ස්ථාවර කරන එක තමයි අභියෝගය. මගේ දේශපාලනය මම තෝරාගෙන තිබෙන්නේ අරගල කරන්නට හෙට දවස ඉතිරි වෙන විදියට මිසක් රජය කඩා වැටුණාට පස්සෙ පෞද්ගලිකව වෙන දිහාවකට සංක්‍රමණය වෙන්නට සැලසුම් කරලා නෙමෙයි. මම ඒක කියන්නේ මේ හේතුව නිසායි. ලංකාවේ දැනට ක්‍රියාත්මක අති වාම කණ්ඩායම් වැඩ කරන්නේ ඒ දිහාවටයි.

      Delete
  14. සන්චාරය කර ඇති බවයි.ඒ යුරෝපයේ කිනම් රට වල කුමන නගර වල එක නගරයක කුමන කල්ද සඳහන් නොවීම අඩු පාඩුවකි.මොකද සතියකින්, මාසයක් දෙකකින්, කිසිදු යුරෝපීය රටක් ගැන අවබෝදයක් ලැබීමට කිසී සේත්ම ප්‍රමානවත් නොවේ.එවිට වන්නේ වැරදි අවබොදයයි.එයින් වන්නේ විශාල නොමගයැවීමකි.එය ඔබ විනාඩි කීපයකින් දර්ගානගරය පසුකරමින් ගොස් 2014දී අලුත්ගම සහ දර්ගානගරය ගැන මුලු රටක් නොමග යවපු ලිපියක් අන්තර් ජාලයේ මතු නොව දිවයිනේත් පල කිරීමට සමාන විය හැකියි. (පත්තගොඩයා-විසිනී

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා