ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති
මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්.
මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.
ආදර සුබා වාසනා වේවා
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ
අකුරු කියවලා
අතුරු මිතුරු වී
හා හා
තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ)
නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න
මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද, ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා.
යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි? තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ.
පළමුවෙනි අන්තරා කොටසේ අකුරු කියවලා - අතුරු මිතුරු වී කියලා ඊට පස්සෙ අර හා හා කියන්නෙ මොක ද? එය වර්තමාන ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන බ්ලා බ්ලා වැනි පදයක් විය හැකි ය. නැතිනම් වචනයෙන් කිව නො හැකි දෙයක් ගැන යොදන හඬක් විය හැකි ය.
දෙවන අන්තරා කොටසෙහි යෙදෙන‘අමොද’ යනු සංස්කෘත ‘ආමෝද’ යන වදනින් බිඳ ගත් වචනයකි. එහි අරුත පී‍්‍රතිය, සතුට, සොම්නස යනාදියයි. තුරුණු වියේ අමොද සුවේ පාවීම යනු කුමක් ද? කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ යන යෙදුම නම් සක්ක පද යෙදූ අපැහැදිලි ප්‍රකාශනයකැයි මට සිතේ. එහෙත් ඒ මට ඇසුණු හැටියට ය.
ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි. ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.
ආදර සුබා වාසනා වේවා
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ
අකුරු කියවලා
අතුරු මිතුරු වී
හා හා
තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ)
නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න
මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද, ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා.
යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි? තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ.
පළමුවෙනි අන්තරා කොටසේ අකුරු කියවලා - අතුරු මිතුරු වී කියලා ඊට පස්සෙ අර හා හා කියන්නෙ මොක ද? එය වර්තමාන ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන බ්ලා බ්ලා වැනි පදයක් විය හැකි ය. නැතිනම් වචනයෙන් කිව නො හැකි දෙයක් ගැන යොදන හඬක් විය හැකි ය.
දෙවන අන්තරා කොටසෙහි යෙදෙන‘අමොද’ යනු සංස්කෘත ‘ආමෝද’ යන වදනින් බිඳ ගත් වචනයකි. එහි අරුත පී‍්‍රතිය, සතුට, සොම්නස යනාදියයි. තුරුණු වියේ අමොද සුවේ පාවීම යනු කුමක් ද? කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ යන යෙදුම නම් සක්ක පද යෙදූ අපැහැදිලි ප්‍රකාශනයකැයි මට සිතේ. එහෙත් ඒ මට ඇසුණු හැටියට ය.
ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි. ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ඊට වඩා පරණ සින්දුවක් තියේ.
ReplyDeleteමටත් මතකයි රසික ඔය ගැන ලිව්වා. ලිනක් එක දාන්න.
Deleteලින්ක් හොයන්න තමයි වෙලා ගියේ. ගීතය නම්-
Deleteදොළ ලඟ ගුරු පාර දිගේ ඒවී, සිනහ පපා ටිකිරි නඟා
මුල් ගායනය - වසන්තා සඳනායක
පසුව නන්දා මාලනී ගේ ග්‍රැමෆෝන් ගී තැටියට ඇතුළත් වුනා!
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
Deleteසිනහ පපා ටිකිරි නඟා
දිය නාගෙන කුඹුක් ළිඳේ නංගෝ
සුදට සුදේ වන මල් ගසාලා හිසේ
නැළවී නැළවී සීතේ ගී තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ
ඒවී - සිනහ පපා ටිකිරි නඟා
සැන්දෑවේ සිරියාවේ පීනා නඟෝ
නීල වලා පාවී සිනා
රූ බෝවී එන්නේ මේ සුදු මැණිකො දැන්
ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා
ඒවී - සිනහ පපා ටිකිරි නඟා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරේ දිය බින්දු පුරා
ඉතිරේ කිරි වීදේ සිරියාවෙන්
ගමේ ටිකිරි නඟා සිරියාවී ගමේ
ඒවී - සිනහ පපා ටිකිරි නඟා
පද රචනය - විමල් අභයසුන්දර
සංගීතය - පී.එස්.වින්සන්ට් පෙරේරා
ගායනය - වසන්තා සන්දනායක
http://www.silumina.lk/2013/11/24/_art.asp?fn=av1311243
ගොන් කතා කියන්න එපා රසික. මේ ගීතය ඔරිජිනලිම ගායකයකුට ලියපු එකක් බව හොඳට පේනවා. වැරැද්ද ගායිකාවක් ලවා ගායනා කරවපු එකෙයි.
Deleteඒ තර්කයම අනිත් පැත්තටත් හරි නේද?
Deleteමෙන්න විෂම ලිංගික ප්‍රේමයක් ගැන සින්දුවක්.
චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන් //
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑ නේ
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ //
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ
(නාරද දිසාසේකර/මල්ලිකා කහවිට)
මේකෙ ගායිකාවක් කිව්වත් ගායකයෙක් කිව්වත්කි සිම සම හෝ විශම ලිංගික හැගීමක් වත් නෑ
Deleteඅල්ලලා දාන්න, තමන් සියල්ල දන්නවා යැයි සිතන පඬියකුගේ ගොන් කතාවක්.
Deleteබයිසෙක්ෂුවල් සින්දුත් තියනව.
Deleteමගේ අවබෝධයේ හැටියට දොළ ළග ගුරු පාර දිගේ ගීතයෙන් අදහස් වෙන්නේ තරුණ ගෑනු ළමයෙක් හවසක පෙම්වතා හමු වෙන්න ගිහින් ඉන්න අවස්ථාවක්. කොල්ලව හම්බෙන්න කෙල්ල හවස අවේලාවේ ළිදට හැඩවෙලා තනියම හිනා වෙවී යනව ළිදට. යන අරමුණ අක්කා දතත් පොඩි කෝචොක් එකක් දාල අහනව කොහෙද මේ යන්නෙ කියල....
Deleteමීට වඩා සමලිංගිකත්වය පිළිබදව කතා කරන ගීත තියෙනවා. මට හිතෙන්නෙ ගහක මල් පිලිලා ගීතය ඒවගේ එකක්.
Ohlala
"ගහක මල් පිපිලා" ගීතය වගේම "මා වවුලන් රෑ පුරා", "රුවක් ඇදෙනවා කවුදෝ එනවා" ඔය සේරම සමලිංගිකත්වය පිළිබඳව කතාකරන ගීත කියලා තර්ක කරනවා මම දැකලා තියෙනවා.
Deleteඔය විදියට "මලේ හැන්දෑවේ වහින වෙලාවේ" සිංදුවෙන් කියන්නේ හවස වහින වෙලාවක තේ දළු කඩද්දී අකුණක් ගහලා මැරුණ දෙමළ ගෑනුකෙනෙක් ගැන කියමින් පෙම්වතා දුක්වෙන හැටි කියලත් ඕනිනම් විචාරේ දෙන්න පුළුවන්...
දන්නේ සිංහල නිසා මේ සිංහල නොදන්න උකන්නලාට පොඩ්ඩක් කියල දෙන්නං මොකක්ද කියල වචනාර්ථය......
Deleteඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
ඉතාමත් ළග යෙහෙළියක් විවාහවන විට යෙහෙළියන් කදුළු සැලීම සාමාන්‍ය දෙයක්. මේක ලිව්ව එකාට එහෙම අත්දැකීම් නෑ. මොකද මේ උට්ටලා හිතන්නේ ගැහිල්ල/ආප්පෙ ගැන විතරයි. මුං මේ මානුෂිය සම්බන්ධතා කියන දේවල් ගැන දන්නේ නෑ.
අතුරු මිතුරු වී
හා හා
මේක ලියපු එකා ගේ කණේ ගෝණ ඇට නැත්තං වැලමිටි වංගු. ඔතන තියෙන්නේ හා..හා.. නෙවෙයි මා හා කියලා...ලොල්......
තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ
අමෝද කියන්නේ අබිං වලට. මු දන්න රෙද්ද!! තරුණ කාලේ ස්තී-පුරුෂ සම්භෝගය අබිං වලට ඇබ්බැහි වෙනව වගේ වෙන දෙයක්....දැන් මේ කියන්නේ ඒ සුවය යහනේ පාවෙන මොහොතක් ගැන, කොටින් ම මධුසමය ගැන. ආදරේ හරියට විදලා කෙල්ලෙක් එක්ක රමණය කරපු උන් දන්නවා (මේ වගේ වැල බලලා අත මරන හුයන්නලා නෙවෙයි) පළමු අවස්ථාවේ එක්වීමෙදී ඇතිවෙන ඉතාම සෞම්‍ය වේදනාව නිසා කෙල්ලට කොහොමත් ඇස්වල කදුළු එනවා කියලා. (මුං ඉතිං දකින්නේ එක්ස්හාම්ටර් එකේ ආහ්..ආහ්..ඌහ්..ඌහ්...ෆක් මී බේබි එවා නේහ්) අනික ගීතයේ තියෙන්නේ කදුළු බිදී දෙනෙත තෙමී එයි තුටු යහනේ කියලා, නැවත්-කණේ ගෝණ ඇට....
නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා
තමා නැවත යෙහෙළියව දකින විට ඇය අම්මෙක් වෙලා ඉදී කියන එක ඉතාම සුන්දර විදියට ඔය ලියල තියෙන්නේ. අර මං කලින් කිව්වැහේ වල් හිතක් තියන උට්ටං ට හැම උට්ටම වල්......
මේව ලියන උට්ටලට කියන්න තියෙන්නේ සරළව.....සිංහල දන්නේ නැත්තං පොන්න ටෝක් දෙන්නේ නැතුව, ගීත වල නිරුක්ති හොයන්න යන්නේ නැතුව දන්න සිංග්ලිෂ් ගහගෙන ඉදපියව්. නැත්තං සන්නස්ගල ගෙන් හරි සිංහල ඉගෙන ගනියව්......සොන්න හැත්ත....dath kibila gen
This comment has been removed by a blog administrator.
Deleteඉකින් මූට ඔච්චර ඩෝං මොකෝ? උගෙ ගෑනි ගැනද මේ සිංදුව?
Deleteමගේ යාළුවෙක් ගිනියම් රෑ අහලා ලූස්මෝෂන් හැදිලා මළා.
ReplyDeleteයකෝ උබේ යාලුවන්ගෙන් ඉතුරු වෙලා හිටපු ඌත් මලාද?
Deleteලුෂන් බුලත්සිංහල ලියූ, නවරත්න ගමගේ සංගීතය සැපයූ රන් කිරිල්ලී නම් ගිතයක් තියෙනවා ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් ගයන. එය, ලෙස්බියන් යුවතියක් ගැන ලියවුණු ගීතයක් බවයි පසුගිය දා ලූෂන් බුලත්සිංහල සිනුවරට පැමිණි දිනයේ සංවාදයේ දී කියවුණේ!
ReplyDeleteහා.
Deleteනිල් බලයයේ පොරවල් නේ මෙයාලගෙන් උසස් රස වින්දනයක් බලා පොරොත්තු වෙන්න බෑ
ReplyDeleteප්‍රිය සහෘද ටොරොන්ටෝ නුවරවාසී කලානිධි බන්දුල සිරිමතුනි....
ReplyDeleteප්‍රේමකීර්ති ශූරින් ගේ ගීතයේ පැරා ගේ නව කියවීම පිලිඹ්ඳ ඔබගේ වියත් අදහස් දැන කියා ගැනීමට රිසියෙමු!
අඩෝ එතකොට අපේ ඒවා වියත් නෙමෙයි. ඒ කියන්නේ ඒවා දෑඟුල් ද නැතිනම් දම්වැල් ද?
Deleteසුදුස්සාට සුදුසු තැන දී ගරු බුහුමන් කලබල වෙන්න එපා පැරා.... අපි හැමෝම බන්දුල කුදලාගම මහත්තයගෙන් යමක් ඉගෙන ගන්නවා නේ...
Deleteවිහිළුවට කිව්වෙ. වියත් කියල මිනුමකුත් තියෙනවනේ.
Deleteසරසෝ උඹ හැම එකාටම තුමා කියනව, ඇයි පැරාට විතරක් පැරා?
Deleteපැරා තුමා වෙන්න එපැයි බොල.
// සරසෝ උඹ හැම එකාටම තුමා කියනව, ඇයි පැරාට විතරක් පැරා?
Deleteපැරා තුමා වෙන්න එපැයි බොල. //
ඇනෝ තුමා පෙන්වූ අතපසුවීම හිස් නමා පිලිගනිමි..සමාදිය බාජනය කොරමි...
සොරි වෙන්ඩෝනෙ පැරා තුමෝ!
බොහෝ මිනිසුන් සමලිංගිකත්වය දකින්නේ දැඩි විකෘතියක් ලෙස.... ඔවුන්ට අනුව එය මනුෂ්‍ය නොවන පහත් පෙළේ අවරසික රාගික උමතුවක් වගේ එකක්.... ඔවුන්ට පෙනෙන්නේ එය දෙවියන්ගේ හෝ මනුෂ්‍යයින්ගේ වැඩක් නෙවෙයි යක්ෂයින්ගේ වැඩක් හැටියට...නමුත් සමලිංගිකත්වය බොහෝ විට වර නැගෙන්නේ දැඩි මිත්‍රත්වයන් ඇතුළේ.... එය දැඩි කායික බැඳීමකටත් වඩා දැඩි මානසික බැඳීමක්...සියලු සමාජ රීතින් ඉක්මවා ජීවිතය එක්ව විඳ දරාගැනීමේ විශිෂ්ට හැකියාවක් මිත්‍රත්වයට තියෙනවා....එවැනි බොහෝ පිරිමි පිරිමි මිත්‍රත්වයන්ගේ හා ගැහැණු ගැහැණු මිත්‍රත්වයන්ගේ ස්වරුපය සමලින්ගිකයි...ඉරාජ්ට වඩා ප්‍රේමකිර්තිලගේ වැඩේ එතනදී ගොඩක් ආදරණියයි.
ReplyDelete- චාමර ගුරුගේ
.////නමුත් සමලිංගිකත්වය බොහෝ විට වර නැගෙන්නේ දැඩි මිත්‍රත්වයන් ඇතුළේ.... එය දැඩි කායික බැඳීමකටත් වඩා දැඩි මානසික බැඳීමක්////
Delete@චාමර......සමලිංගික යුවලක් විතරක් නෙමේ, විෂම ලිංගික යුවලක් අතර පවා ඇතිවෙන්නේ හොඳ මානසික බැඳීමක්. ලව් සහ සෙක්ස් කියන්නේ අන්‍යෝන්‍ය එකමුතුවක්. දෙකෙන් එකක් ගැලවුනාම ඔය මොන බැඳීමක්වත් ශක්තිමත් නැහැ. ඒක සමලිංගිකයන්ට පමනක් සීමාවුවක් නෙමේ. සමලිංගිකත්වය යනු මැජික් එකක් නොවේ. එයත් අතිශය සාමාන්‍ය බැඳීමක් පමනයි. ඒක මේකට වඩා පවර්ෆුල් වගේ දේවල් කියන නිසා තමයි මේවා මැජික් විදිහට, විකෘති විදිහට මිනිස්සු බලන්නේ. මම නම් සමලිංගිකත්වය හරි ලොකු හෝ හරි කුඩා ලෙසින් සලකන්නේ නැහැ.
මට හිතෙන්නෙම මේක ලෙස්බියන් කතාවකට වඩා මිතුරියන් දෙදෙනෙක්ගේ සින්කොන් එකක් කියලා. ශ්‍රීමතිගේ පුතා මගේ මිතුරෙක්. අහන්න ඕන වෙලාවක ප්‍රේම් මේක මොන අරුතකින්ද ලියලා තියෙන්නේ කියලා.
ReplyDeleteප්‍රේමකීර්ති මොන අරුතකින් ලිව්වත්, ඒක මෙහෙම කියවන්න පුළුවන්. ඒකට තමයි රසවින්දනය කියන්නේ.
Delete//ඒකට තමයි රසවින්දනය කියන්නේ. //
Deleteඉවසන් ඉමු අපේ ටොරොන්ටෝ නුවරවැසි බන්දුල සිරිමතා මේක මොන විදියට ආලෝචනය කොරයි ද කියලා හිටන්!
එයා රූපාන්තරණයක් වෙලා. දන්නෙ නැද්ද? දැන් ඉන්නෙ සෑගිරියේ කීරාළ.
Deleteදැන් ඉතින් ඒ නමින් එක එක මගුල් ලියලා එයාව අප්සෙට් කරනවා එහෙම නෙමෙයි.
මේ තව එකක්. මතක් කර දුන්නාට ධනංජය කරුණාරත්නට ස්තුතියි.
ReplyDeleteඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ...
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ...
.
-------------------------------
පද රචනය - මහගමසේකර
සංගීතය - ලයනල් අල්ගම
ගායනය - අමරදේව
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් " පියුමට පියුමක් හැපෙනව දැකලයි හංස පැටව් මේ හැටි දගලන්නේ " කියන තැන ඔය වගෙ එකක් නේද කියවෙන්නෙ අහලා මම ෆේස් බුක් පෝස්ට් එකකුත් වරක් දැම්මා හිටං --- ඒත් සමස්ථ ගීතය ගත්තාම එහෙම කියලා කියන්න අමාරුයි - ලියපු කෙනාම තමයි දන්නෙ - මට නිකමට හිතෙන්නෙ ගීත ගෝවින්දයෙ එන සීන් එකක් ඔළුවෙ තියාගෙන ලිව්ව කියලයි
DeleteAMMAGAE REDDA.....
DeleteME SONG EKA MOKAKKDA SANSKRUTHA KATHAWAKA
නලදමයන්‍ති (මුද්‍රා නාට්‍යය) DANNA DE LIYAGENA HITAPAN BANZ.
පැරා.... දැන් එතකොට ඈත කඳුකරත් එහෙම එකක්ද......රස වින්දනය නම් කොහොම වින්දත් කමක් නැහැ. හැබැයි අනාගත පරපුර මේ පිලිබඳ හදාරද්දි වැරදි අදහස් සමාජගත වෙයිද කියන එකයි ප්‍රශ්නේ. දමයන්තිට කරන අපරාධයක්නේ.
Deleteඒක නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීයක් බව මට මතක් වුණේ නැහැ. ගීය වෙන ම ගත්තොත් හා පිරිමි හඬකින් ගැයෙන කොට මේ විදියට කියවන එකේ වරදක් නැහැ කියලායි මට හිතෙන්නේ.
Deleteනල දමයන්ති එකේ බව මම දන්නවා - නල දමයන්ති එකට ලිව්ව කියලා එහෙම වෙන්න බැරිද (එහෙම කියලා කියනව නොවේ )
Deleteසංස්කෘත කාව්ය වල තරම් සමලිංගිකත්වය වර්ණනා කෙරෙන්නෙ නෑ බටහිර
Deleteලදළියන් කියන්නේ මොකද්ද ? දන්නේ නැති නිසා අහන්නේ ?
Deleteලදළියන් යනු නව යෞවනයට පත් ලියන්ය.
Delete"ඒක නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීයක් බව මට මතක් වුණේ නැහැ. ගීය වෙන ම ගත්තොත් හා පිරිමි හඬකින් ගැයෙන කොට මේ විදියට කියවන එකේ වරදක් නැහැ කියලායි මට හිතෙන්නේ."
අරුණ මේ පැරකුම්ගේ පිස්සු කතා ගනන්ගන්න එපා.
"ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ"
ගීතය නල කුමරුන් වර්ණනා කරමින් හංසයා විසින් දමයන්තිය වෙත ගයන්නක්.
හංසයා අපිට ගැයුවට ගියපාරත් අපි හංසයට නම් නෙමෙයි.
අරුණ, ආයිත් කියන්නෙ අර "අවුල්වන්නට පෙර" ලියන්න.
MUGE PUKA MOO DANNA DEYAK NA ... OYA MONAWA HARI LIYALA KA GAHANAWA ...
DeleteOYA SINDUWA PADAKA WENNE HANSAYEK KIYANA KATHAWA .. HANASAYA NALA RAJU GANA WARNANA KARANA DAMAYANTHI KUMARIYATA EKA THAMA OYA ...
පුම ඉතිරි ලිඟු දෙක පමණක නොව තෙවැනි ලිඟුවක පැවැත්මද වත්මන පිළිගැනෙන බව අපි දනිමු. සැබෑ විද්වත්හු ඒ ගැන රොස් නොවෙති. හුදු දුහුනන් වන අපද ඒහා එකඟය. එසේම විරුද ලිඟු අතර සේම සම ලිඟු අතර වන සසඟ සේම තෙවැනි ලිඟුවක් සමග වන පුම හෝ ඉතිරි ලිඟුවක සසඟක අරුමයද අපට නොවේමය. සසඟ යනු තැනැත්තන් අතර සිදුවන පුද්ගලික කිරියකි. ඒ සසඟ උන්ටය. අපට ඉන් කම් නැත. ඒ යතුරු සිදුරින් බලා අප සතු ලිඟුව පිරිමැද සුකුරු පහ කෙරුම අපට තරම් හා රිසි නොවේ. එවැනි රෝ බියක්ද අපට නැත.
Deleteදැන් දැන් අප දකිනුයේ “බස් හැසිරවීමේ කෙල පැමිණි” යැයි සිතන “බාසා වෙළල” කැලක් අදහස් බිණීමේ මුවාවෙන් ගී පදරුත් විවරණ කිරියට පැමිණ ඒ සමග සසඟ කිරීමට තැත්කෙරුමය. මා මතක නිවැරදි නම් මෙහි මුල් රමණ තැත පරදෙස වැසි මුඩු හිසැති පිලිස්තීනුවකුගේය. ඉනික්බිතිව මාගම් වැසි වලස් හිස් සම අක්බමරුවන් කෙසැති තවත් බොල් පඬුවකු දෙවන රමණ තැතද දරණ ලද අතර තෙවැනි තැත මදක් දිගු අඩ නරකෙසැති “බස් වඩු පුතකුගේ” ය. නොඑසේනම් “නව අජිත කේශකම්බිලයකු” ලෙසද මුන් දැක්විය හැකිය. එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර නිසැකවම මුන් එහි කිරිය නියුතුව සිටි “බස් වඩුවකුගේ” අවජාත පුත් රුවනක් විය හැකිය.
මුන් අද “පෙම්කිත අලවිසයානන්” ලියු පදවැලක් හා සසඟ කිරියකට තැත් දරා “සේකරයනගේ” “ඈත කඳුකර හිමව් අරණේ” පද වැල සමගද සසඟ තැතකට තැත් දරා ඇත. මුන් පවසනුයේ ඉන් කියැවෙන සම ලිඟු සෙනෙහසක් ගැනය. නල පුවත ගැන මනාව දත් ඇනෝවකු විසින් එහි පහත “බස් වඩු පුත්” නිරුවත්කොට තිබුණේ අරුණයන්ට ඔවදනක්ද සමගිනි.
ගේය පද ලියුවන් නොසිතූ අරුත් පිලිබඳ තම විවරණ ඇසින් බලා ඒ පිලිබඳ නව අරුත් ගෙනහැර පෑමේ නිදහස අයකුට ඇත. නමුත් තම ලිඟු නොපිපීමේ හේතු මත හා “පොස්ටු වැඩුම” පිණිස ගේ පද සමග සසඟ තැතකට නිදහසක් “බස් වඩු පුතුන්ට” නොලැබෙන්නේමය. මා මුන් දකිනුයේ සම ලිඟු සසඟ යතුරු සිදුරින් දැක තම නොපිපෙන ලිඟුව පිරිමැද සුකුරු පහකෙරුමට තැත් දරන්නන් ලෙසය.
සැබෑ බන්දුල කුදලාගම සිරිමතුනි,
“බස් වඩු පුතුන්” බහුල නිරුදක කතරක බස් පවසින් යුතුව දිවි ගෙවන අපට ඔබ බාසා වෙසරද නෙතග බැලුමද ගඟුලෙකි.
“ලද යම් කෙනෙකු සරසවි බැලුම සක් නිසි
කෙතරම් වුවත් මුළු ලෝ කෙරෙති අතවැසි
එතරම් පසිඳු සරසවි දේවි අතවැසි
මනරම් කෙනෙකු මැයි තෙපි පරසිදු සුබැසි”
බස් වහරෙහි දොස් ඇතොත් කමනු මැන. ඒ දොස් දැක්වීම අගයමි.
-ඒ වගත් මෙසේම “ඇ” කාරයට පෙම්බැඳි “ඈ” කාරයෝය
“පොස්ටු වැඩුම” යන පද "කමෙන්ටු වැඩුම" ලෙස නිවැරදි විය යුතුය.
Delete
Deleteමේක කියලා ඉවරවෙනකොට සුකුරු පහවෙන්න ආවා වගේ වුනා බං.
නෑ මචං,
Deleteමම ටිකක් දාල හිටියෙ. ඒකයි භාෂාව බැලු බැල්මට තරමක් සුපිරි උනත් ඒ භාෂාවෙන්ම නොමනා දේත් ලියවුනේ. ඒ යෙදුම් හෝ භාෂා ව්‍යවහාරයෙන් කිසිදු පුද්ගලිකත්වයක් අදහස් කරන්නේ නැත. යම් සිත් රිදවීමක් කාට හෝ සිදුවුනානම් සමාවන සේක්වා!
උඹ අරුණ උඹේ පාඩුවේ "අවුල්වන්නට පෙර" ලියපන්. Please. මම දැකපු හොඳ ජීවිත කතාවක්.
ඇත්තටම මචෝ ආතල් එකක් මිස කාටවත් දොසක් නැහැනේ උඹ ලියපු එකේ.
Deleteමගේ කතාව නවත්තපු තැන ඉඳන් මේ වෙන තෙක් ලිව්වොත්, සමහර දේවල් උඹලා විශ්වාස කරන එකකුත් නැහැ. පොඩි චිත්‍රපටියක් වගේ. නිවාඩු පාඩුවේ ලියන්න ට්‍රයි එකක් දෙන්න ඕන. අගේ කරාට ස්තූතියි!!!!
ලියපන් මචං,
Delete"ලියනුව - නැත පිටවෙනු" කිව්වලු. මචං පොරෝලිස් මාම තමයි මගෙ ප්‍රියතම. ඊලඟට නිවන්තිඩියේ ආනන්ද හාමුදුරුවෝ.
//නොඑසේනම් “නව අජිත කේශකම්බිලයකු” ලෙසද මුන් දැක්විය හැකිය. එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර නිසැකවම මුන් එහි කිරිය නියුතුව සිටි “බස් වඩුවකුගේ” අවජාත පුත් රුවනක් විය හැකිය.//
Deleteඑසේ යැ. මෙම නො සරුප් වදන් වැල ඇකාරයෙන් ලියා ඇත්තේ ඒ වස් වඩුවාගේ අවජාත මුණුබුරෙකැ. ඒ කෙසේදැ යත් මුගේ මෝ තොමෝ පෙට්ටිය කඩා ගත්තේ එකී බස් වඩු අවජාත පුතුගෙන් වන හෙයින් යැ.
මහා එකා සම රිසි නිසා මු දැන් ඒක ප්‍රොමෝට් කරනවා ලකුණු දා ගන්න .
Deleteපුරුෂ ශරීරය වර්ණනා කරන එකම ගීය සමලිංගික කරන්න එපා පැරා. මේක නලකුමරු ගැන හංසයා දමයන්තියට කරන වැනුමක් :)
DeleteBMUNGE DANUME THARAMA MEWAYIN DANA GANNA PULUWANI.. MUN TGHAMA NIYAMA BAYYOOO, DANNA DEYAK ATTETH NA NODANNA DEYAK ATETH NA HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
ReplyDeleteආදර සුභා ගීය ලිව්වෙ ප්‍රේම් නෙවෙයි. කරුණාරත්න අබේසේකර මහත්මයා.
ReplyDelete// ආදර සුභා ගීය ලිව්වෙ ප්‍රේම් නෙවෙයි. කරුණාරත්න අබේසේකර මහත්මයා. //
Deleteමාර අප්සැට් එක...
දැන් අපි මොකද කොරන්නේ හිටන්?
ReplyDeleteතවම ගීතයක් ලෙස නිශ්පාදනය වෙලා නොතිබ්බත් මේ විෂයය ගැන මගේ ගීත රචනයත් දාන්න අවසර
ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ
ඇගෙ සිතෙ තෙරපෙන ආදර හැඟුමන් කියාගන්න බැරිවී සිරවී
සෙනෙහස හමුවූදා ඇය ඉන්නේ සම්මත හොරුගෙන් එය හංගා
මිනිසුන් විවිධයි ආදරෙ විවිධයි සම්මත නැති බව පිළිගන්නා
දිනයක් ලඟදී එනබව දන්නා බව ඇගෙ මදහස පවසන්නා.
ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ
ගායනය : තවම නැත
සංගීතය : තවම නැත
පද රචනය : මම
හිටහං මං මේකට රැප් තනුවක් ගහල කියනවා. උඹට 10%ක් දෙන්නම්.
Deleteමචන් ඉයන්, උඹට කීපාරක් කිව්වද දැන් උඹ හිතන් හිටියට උඹට ගීත ලිවීමේ හැකියාව නැහැ කියල. අල්ලලා දාපන් බන්
Deleteඇත්ත ඇනෝ ඕක මට තාම තේරුම් ගන්න බැහැනෙ. මොනව කරන්නද බං නොලැබීම තමයි.
Deleteඕකේ මොනවද බන් තේරුම් ගන්න තියෙන්නේ
Deleteතවත් උඩ ගියාද? මම මේ කිව්වේ නමක් නැතුව කරන විවේචන සැලකිය යුත්තේ පඩයකට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද කියන එක තේරුම් ගන්න බැහැ කියන එකයි. මොකද ගඳ අතින් එක සමාන නිසා.
Deleteසමලිංගිකත්වය යනු මානසික ව්‍යාධියක්. කෝටියක් මානසික ව්‍යාධි අතර එකක්. නව ලිබරල් බිස්නස්කාරයෝ උපරිම විකුණන්කන මානසික ව්‍යාධියක්.
ReplyDeleteඒ කාලේ විෂමලිංගිකත්වය උත්කර්ෂයට නැඟුව අතර සමලිංගියන් ගුටි කන සයිස් එකකින් හිටියේ. තව ටික දවසකින් ඒකේ අනික් පැත්ත.
ඉරාජ්කාරයා බැලුවේ මේක හරි මොනිටයිස් කරන්න. controversies මාකට් කරලා කීයක් හරි ගොඩදාගන්න මූ මාර ට්‍රයි එකක් දෙන්නේ. එත් ඔක්කොම කිච වෙනවා. අර නදීෂා හේමමාලි කට කාපු එක, අම්මට බැන්න එක.. මිනිස්සුන්ට දැන් මේවා මැජික් නෙවෙයි කියලා මේ ගොන් බිජ්ජට තාම තේරිලා නෑ.
LOL
Deleteඅම්මප ජහපාලන පොයියන්ගෙ විචා(කා)ර,
ReplyDeleteයකෝ ලියන්නම දෙයක් නැත්නම් අඩුගානේ අඩියක් ගහල බුදිය ගනියව්.
සිංදුව මූලිකව කාන්තා සමලිංගිකත්වය ගැන නම් අන්තිමට
"නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා"
කියන්නෙ දරුවෙක් ලැබුනට පස්සෙ මිනිසක් එක්ක වරෙන් group sex වලට කියල වෙන්න ඇති.
සිංදුව මූලිකව කාන්තා සමලිංගිකත්වය ගැන නම් අන්තිමට
Delete"නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා"
කියන්නෙ දරුවෙක් ලැබුනට පස්සෙ මිනිහත් එක්ක වරෙන් group sex වලට කියල වෙන්න ඇති.
"ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි. ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ."
Deleteඑහෙම සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදුනොවෙන බවත් කණ්ඩායම් රමණයට ආරාධනාවක් ඇති බවත් අවසාන පද වැලෙන් කියවෙනවා.
බලන්න
"නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා"
Spot on Ano! Apith jobless ne mewa kiyawanna enna
Deleteඑතකොට අර "ආප්පයා අපිට එපා", "ආප්පයගෙ ආප්ප කඩේ" කියල කියන එකෙන් අදහස් කරන්නෙත් කාන්තා සමලිංගිකත්වය ගැනද?
ReplyDeleteඔව් , ලොල්ලෝ ගොඩට ආප්පයත් වැටුන.
Delete//සක්ක පද, ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට///
ReplyDeleteසක්ක පද කියන දේ පහැදිලියි. ප්‍රහේලිකා ලක්ෂණ කියන එකෙන් අදහස් වන්නේ මොකක්ද?
ඔය සින්දි මොනාද...
ReplyDeleteදලදා මාලිගාවේ නව නාරි කුන්ජරේ කාන්තාවෝ නව දෙනෙක් ගැට දාගෙන ප්‍රීතියෙන් සිටින කැටයමකුත් තියෙන්නේ....
(Y)
Deleteපුම ඉතිරි ලිඟු දෙක පමණක නොව තෙවැනි ලිඟුවක පැවැත්මද වත්මන පිළිගැනෙන බව අපි දනිමු. සැබෑ විද්වත්හු ඒ ගැන රොස් නොවෙති. හුදු දුහුනන් වන අපද ඒහා එකඟය. එසේම විරුද ලිඟු අතර සේම සම ලිඟු අතර වන සසඟ සේම තෙවැනි ලිඟුවක් සමග වන පුම හෝ ඉතිරි ලිඟුවක සසඟක අරුමයද අපට නොවේමය. සසඟ යනු තැනැත්තන් අතර සිදුවන පුද්ගලික කිරියකි. ඒ සසඟ උන්ටය. අපට ඉන් කම් නැත. ඒ යතුරු සිදුරින් බලා අප සතු ලිඟුව පිරිමැද සුකුරු පහ කෙරුම අපට තරම් හා රිසි නොවේ. එවැනි රෝ බියක්ද අපට නැත.
ReplyDeleteදැන් දැන් අප දකිනුයේ “බස් හැසිරවීමේ කෙල පැමිණි” යැයි සිතන “බාසා වෙළල” කැලක් අදහස් බිණීමේ මුවාවෙන් ගී පදරුත් විවරණ කිරියට පැමිණ ඒ සමග සසඟ කිරීමට තැත්කෙරුමය. මා මතක නිවැරදි නම් මෙහි මුල් රමණ තැත පරදෙස වැසි මුඩු හිසැති පිලිස්තීනුවකුගේය. ඉනික්බිතිව මාගම් වැසි වලස් හිස් සම අක්බමරුවන් කෙසැති තවත් බොල් පඬුවකු දෙවන රමණ තැතද දරණ ලද අතර තෙවැනි තැත මදක් දිගු අඩ නරකෙසැති “බස් වඩු පුතකුගේ” ය. නොඑසේනම් “නව අජිත කේශකම්බිලයකු” ලෙසද මුන් දැක්විය හැකිය. එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර නිසැකවම මුන් එහි කිරිය නියුතුව සිටි “බස් වඩුවකුගේ” අවජාත පුත් රුවනක් විය හැකිය.
මුන් අද “පෙම්කිත අලවිසයානන්” ලියු පදවැලක් හා සසඟ කිරියකට තැත් දරා “සේකරයනගේ” “ඈත කඳුකර හිමව් අරණේ” පද වැල සමගද සසඟ තැතකට තැත් දරා ඇත. මුන් පවසනුයේ ඉන් කියැවෙන සම ලිඟු සෙනෙහසක් ගැනය. නල පුවත ගැන මනාව දත් ඇනෝවකු විසින් එහි පහත “බස් වඩු පුත්” නිරුවත්කොට තිබුණේ අරුණයන්ට ඔවදනක්ද සමගිනි.
ගේය පද ලියුවන් නොසිතූ අරුත් පිලිබඳ තම විවරණ ඇසින් බලා ඒ පිලිබඳ නව අරුත් ගෙනහැර පෑමේ නිදහස අයකුට ඇත. නමුත් තම ලිඟු නොපිපීමේ හේතු මත හා “පොස්ටු වැඩුම” පිණිස ගේ පද සමග සසඟ තැතකට නිදහසක් “බස් වඩු පුතුන්ට” නොලැබෙන්නේමය. මා මුන් දකිනුයේ සම ලිඟු සසඟ යතුරු සිදුරින් දැක තම නොපිපෙන ලිඟුව පිරිමැද සුකුරු පහකෙරුමට තැත් දරන්නන් ලෙසය.
සැබෑ බන්දුල කුදලාගම සිරිමතුනි,
“බස් වඩු පුතුන්” බහුල නිරුදක කතරක බස් පවසින් යුතුව දිවි ගෙවන අපට ඔබ බාසා වෙසරද නෙතග බැලුමද ගඟුලෙකි.
“ලද යම් කෙනෙකු සරසවි බැලුම සක් නිසි
කෙතරම් වුවත් මුළු ලෝ කෙරෙති අතවැසි
එතරම් පසිඳු සරසවි දේවි අතවැසි
මනරම් කෙනෙකු මැයි තෙපි පරසිදු සුබැසි”
බස් වහරෙහි දොස් ඇතොත් කමනු මැන. ඒ දොස් දැක්වීම අගයමි.
-ඒ වගත් මෙසේම “ඇ” කාරයට පෙම්බැඳි “ඈ” කාරයෝය
“පොස්ටු වැඩුම” යන පද "කමෙන්ටු වැඩුම" ලෙස නිවැරදි විය යුතුය.
Deleteඑය "ආලෝචන වැඩුම" ලෙස වඩාත් නිවැරදි විය යුතු නේද ගරු කටයුතු ඇනො තුමා?
Deleteඇනෝ මචං උඹෙන් මේක අහන්නමයි හිටියේ...
Deleteරෝහණ බැද්දගේ කිව්වේ "සසඟ සසඟ අපි මහ පාරේ යනවා කියලද" :
හා හා හා
"කමෙන්ටු වැඩුම" ද කුමරතුඟු වහර අනුව නිවැරදි යැයි සිතමි. නමුදු "ආලෝචන වැඩුම" සේ යෙදීමට කැමැත්තෙමි. පිය සගය, ඒ යෙදුමෙහි සබෑ පදරුත හා අක්මුල සෙවීමටද කැමැත්තෙමි. මා උගනිමි. ඒට නිම් නැත."disce aut discede" යන ලතින වැකියෙන බෝ දේ උගතෙමි.
Deleteසගය, ඔබ දත වෙදකමෙහි මැවිසුරෙකු බව දනෝ පවසති. සමහරවිටක ඔබ බන්නහැකයනටද දෙටු විය හැකිය.
පිය සගය, අවැසි තැන හුදු හෙලුවෙන්ම වනනු කැමැත්තෙමි. නමුදු අවැසි තැන පරබසෙහි වදනද කුමරතුඟු සිරිත ලෙස සිහලට කුල වැඩුමට පසුබට නොවෙමි.
Dovetail යනු ඔබ යනු ඔබ හුරු වදනකි. අපි ඒ "පරවි පෙඳ" හෝ "පරවී වලිග ලෙස" නොයොදමු. අප අදහස නම් කුමරතුඟු සිරිත පරිදි "Dovetail" සිහලට "ඩව්ටේලය" ලෙස ගලපාගත හැකි බවය.
"ෆේත් සිරිමතිය" අපට සත්ව විදුහුරුව හුරු පුරුදු කෙරුමෙහිදී නොයෙක් ගැහැට වින්දාය. නමුදු ඈ ඒ ජයගත්තීය. ඇය තම ගේ දොරෙහිදීද "අභීෂ්ඨ භාර්යාවක්" වන්නට ඇත. විකුම්සිහයනගෙ බිරිය වන "ප්‍රේමා" ගැන සරාසඳ තම "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" ගතෙහි යොදනුයේ ඒ යෙදුමමය.
පිය සගය, මා ඔබ පළමු හමුව වූයේ "economattaa" තුළය. ය(ජ)හපාලන ගැත්තන්ගේ "රෑ කල සිහින නිකුතුව" කල ඉකුත් වී යන කල එළඹ ඇත.
ඉනික්බිති ජනිත වනුයේ සඟබෝ හිස නොඉල්වූ මල් බෑ මුල්වූ සැබෑ වස්සානයය.
එකල හමුවෙමු. එතෙක් වෙන්ව ගමන යමු එක්ව පහර දෙමු. එක්ව ගමන යමු වෙන්ව පහර දෙමු.
Geeye thienne sasanda sasanda yanuwen ya. Mehi thibena Sasanga yanu sansagga හා sansarga yannen bindennaki.
DeleteWedi dura wisthara Oxford vishwavidyalaye Sanskrutha bhashawa pilibanda hitapu mahaachaarya Sir Ajith Perakum Monier-Williams pandiwarayagen wimasa denagatha hekiya.
ඇනෝ 10.05............මම බොරුවට ඇහුවේ . මූ කියන සසඟ කර කර මහපාරේ ගියොත් සසඟවෙලාම යයි.
DeleteDovetail 'ඩව්ටේලය' වෙලා universal joint 'සරුවලෝක පූට්ටුව' වුනේ කොහොමද?
Deleteඅරුණ,
Deleteදෙකක් නෙමේ පහක් (සීයෙ එව්වා) දාගෙන ඉන්දද්දි උඹ ආයිත් ආතල් කඩනව.
සුමංගල ශබ්දකෝෂයට අනුව සසඟ යනු සංසර්ගයයි. සසග යනු සදෙව් ලොවයි. ( ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, දෙවැනි වෙළුම, පිටුව 1061).
එතකොට ඔය සසඟ අවසානයේ ලැබෙන්නෙත් සුරතාන්තයනෙ. "සුර" කියන්නෙ දිව්‍ය කියන එකනෙ. ඉතින් හිතාගැත්තකිනෙ සුරතාන්තය ගැන.
මේකෙන් බැද්දගේ කියන්නෙ කොච්චර සසඟ කළත් මහ පාරෙම තමයි කියන එක. එකෙන් අදහස් කරන්නෙ නෑ ඒක මහපාරේ කරනව කියන එක.
නමුත් අපි දන්නව මහා පාර අවසානයේ සුරතාන්තයක් හම්බුවෙන්නෙ නෑ කියල.
ඉතින් බැද්දගේ කියන්නෙ "කොච්චර කළත් එච්චරම තමයි කියල."
මචං, මේ ගේය පදවැල් එක්ක සසඟ කිරීමක් නෙමෙයි. හුදු අවලං විහිළුවක් විතරයි. කවුරුත් serious ගන්න එපා.
අරුණ,
මම හිතන්නේ ඔය සිංදුව ජන කවි සම්ප්‍රදායට අයත් කවියක්. මට සම්පූර්ණ කවිය මතක නෑ. හැබැයි ජනකවිවල අව්‍යක්ත පද යෙදෙනව. බලන්න "අවුල් නාද සපිරි වර්දනේ" කියන යෙදුම. ඒකෙන් කමක් නෑ මම උඩ කිව්ව වගේ "අවුල්වන්නට පෙර" ඉවරවෙන්න ලියපන්.
මචං...අඩෝ මම දැන් සීයේ ඒවා පහක් ගහලා ඉන්න වෙලාව. සොරි උඹේ මශා එක බහින වෙලාව. එකෙක් අප් එකෙක් ඩවුන්. ඔහොම තමයි බං ජීවිතේ. මචං අපේ මේ සංවාද තුලින් මම යමක් ඔලුවට දාගන්නවා. ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලියා මිසක් හරියට ඒ වැඩේ කරගත්තේ නැහැනේ. උඹලගේ දැණුම ගැන මට පොඩි දුකක් සමග හීනි ජෙලසියක් එනවා :D
Deleteරසිකගේ ගුරුතරුව පෝස්ට් එකේ කමෙන්ට් එකකින් මම පොඩි උදව්වක් ඉල්ලනවා. සලකා බලන්න ප්ලීස්.
එහි ඔබේ අදහස සමඟ එකඟය. මා සිතන පරිදි බොහෝවිට ප්‍රකට කලාකරුවන්ව වත් හරි හැටි ඇගයුමකට ලක්වුනේ නැත. පාලකයන්ගේ වගකීම විය යුත්තේ කලා නිර්මාණ බිහිවන කලාව රසවිඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමය. "අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ?"
Delete//නොඑසේනම් “නව අජිත කේශකම්බිලයකු” ලෙසද මුන් දැක්විය හැකිය. එකල මතුගම පෙට්ටිගල වත්තෙහි “බස් වැඩපලක්” පැවති අතර නිසැකවම මුන් එහි කිරිය නියුතුව සිටි “බස් වඩුවකුගේ” අවජාත පුත් රුවනක් විය හැකිය.//
Deleteඑසේ යැ. මෙම නො සරුප් වදන් වැල ඇකාරයෙන් ලියා ඇත්තේ ඒ වස් වඩුවාගේ අවජාත මුණුබුරෙකැ. ඒ කෙසේදැ යත් මුගේ මෝ තොමෝ පෙට්ටිය කඩා ගත්තේ එකී බස් වඩු අවජාත පුතුගෙන් වන හෙයින් යැ.
@ano 10.28
Deletedovetail කියන්නෙ සර්වලෝක පූට්ටුව නොවෙයි 'කත්තුමල්ලිය'
සහෘද සුධීමත් ඇනෝ තුමනි
Delete// සමහරවිටක ඔබ බන්නහැකයනටද දෙටු විය හැකිය. //
අප බන්නහැකයන් ට වඩා වසර සතරෙක් වැඩිමාලු වම්හ...
// ඉනික්බිති ජනිත වනුයේ සඟබෝ හිස නොඉල්වූ මල් බෑ මුල්වූ සැබෑ වස්සානයය. //
ඌ රජසුනේ හිඳුවා අප වෙල්ලස්සේ දෙටුමල් වෙහෙරට ගොස් බුදුන් ට මල් පූජා කොට අපේ රාජකාරිය අහවර කරමු...
//එකල හමුවෙමු. එතෙක් වෙන්ව ගමන යමු එක්ව පහර දෙමු. එක්ව ගමන යමු වෙන්ව පහර දෙමු. //
දෙටුමල් ඉදිරියේ
එකම කොඩියක් යටතේ
සටන් කරමුව මවාලන්නට
මගේ රට හෙට එකම සුරපුරයක්!
ඒ එසේමැයි !!!
Deleteප්රේම කීර්ති ඵම ගීයෙන් වෙනත් දෙයක් අදහස් කලා විය නොහැකිද,ඵය දැඩි යාලුකමක් පිලිබදව විය හැකි.මක් නිසාද අප වර්තමාන සමාජය දැඩි මිතුරැ කම දකින අයුරැ වෙනස්.මට මතකයි අපි කුඩා කාලයේ මිතුරන්ගේ අතින් අල්ලන් යෑම සුලබ දෙයක් විය.ඵය සිදුවන්නේ දැඩි මිත්රත්වය සහ ලෙන්ගතු කම නිසා .අප නව යොවුන් වියේදිත් ඵසේ කලා.නමුත් ඵහි කිසිම අදහසක් ලින්ගිකත්වය ගැන තිබුනේ නැහැ.නමුත් අද සමාජයේ ඵසේ කලොත් සම ලින්ගිකයින් ලෙස නම් පට බැදේවි.අප වර්තමාන සමාජ දෳශ්ටි කොනයෙන් ඵ් දෙස බලන නිසා අපට ඵය සම ලින්ගික්වය පිලිබද ගීයක් ලෙස දැනෙනවා විය නොහැකිද, ඵ මෙන්ම දැඩි මිතුරැ කම කෙනෙකුගේ ලින්ගිකත්වය ගැන සමාජයට පරස්නයක් විය හැකිය..(i love you man ,movie ,2009) . අනිත් කරැන නම් සමහර ගීත වල අරැත අප සිතන දෙයට වඩා හාත්පයසින්ම වෙනස් විය හැක.(කසුන් කල්හාරගේ ඇරබුමම කදුලක් වෙලා ගීතය අප සිතන්නේ දැඞි විරහ ගීයක් ලෙසයි.නමුත් දිලීප අබේසේකර මෙම ගීතය ලියා ඇත්තේ ,දිනක් ඔහු මිතුරැ මිතුරියන් සමග චිත්තර පටියක් නැරබීමට ගිය වේලාවක ඔහුගේ මිතුරියකට ඵය ආරම්බ වන විටම ආපසු ගෙදර යාමට සිදු වෙනව ,ඔහුට ඵහිදී අවසානයට පෙර ඈ ගියා යන පදය හිතට ඵනව ඔහු ඵය පසුව පද ඵකතු කර විරහව පිලිදව කිසිදු අදහසකින් තොරව ගීතය නිර්මානය කරනව).තවද ප්රේම කීර්ති යනු ගීත කලාව සදහා භාශාව කූට ලෙස නැතහොත් දක්ශ ලෙස හැසිරවූ විශිශ්ටයෙකි ඔහු සැබවින්වම සමලින්ගිකත්වය ගැන අදහස් කලා විය නොහැකිද(මෙය මගේ පුද්ගලික අදහසයි, මාගේ ලිවීමේ හා භාශාව හැසිර වීමේ දුර්වල කම ගැන සමාවන්න)
ReplyDelete//තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ. //
ReplyDeleteඇහැව්වට තරහ වෙන්න එපා පැරා දන්නෙ නැති නිස යි අහන්නෙ. ඔයා මේ වගේ බරපතළ ප්‍රකාශයක් කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?
අක්‍ෂය පාඨකයෙක්
වන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාගේ නඩුව
ReplyDelete=======================================
වාමාංශිකයෙක් වන චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයා බී.බී.සී යට එරෙහි ව ගොනු කළ නඩුව දිනා තිබෙනවා. කීර්ති බණ්ඩාර සහෝදරයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත් වාම මතයක් දැරූ අයෙක්. ඒ වගේ ම සම්භාව්‍ය බී.බී.සී යේ සිංහල සේවයේ අවසාන සම්භාවනීය මාධ්‍යකරුවා වන්නෙත් කීර්ති බණ්ඩාර සහෝදරයා. දැන් නම් එහි සිටින්නේ පුස්සෝ. දැන් සන්දේශය ඇහැව්වාම කනගාටුවක් ඇති වෙනවා සුනන්දලා, වසන්තලා ඒ කාලේ කළ දේවල් මතක් වෙනකොට.
කීර්ති බණ්ඩාර සහෝදරයාගේ නෙරපීමට ආසන්න ම හේතුව වුණේ සහෝදරයා ම අතහිත දී තැනකට ගෙනා පුස්සන් රෑන සහෝදරයාට එරෙහි ව නැඟී සිටීම. ඒක කොහොමත් සමහරක් මාධ්‍යකාරයන්ගේ හැටියක්. කන්න දුන්නු අත සපා කෑම. පුස්සන්ගේ චෝදනාව නෙරපිමක් දක්වා දුර දිග ගියේ වෙනත් හේතුවක් නිසා.
ජෝර්ජ් කුමාරයා උපන් දවස එංගලන්තයට විතරක් නො වේ ලෝකයේ අනෙක් රටවලටත් වැදගත් අවස්ථාවක්. ලිබරල්වාදී පරිසරයක් තිබෙන රටක් වුණත් එංගලන්තයේ මිනිසුන්ගේ තවමත් රජ පවුලට ළැදියාවක් තිබෙනවා. එංගලන්තයේ මාධ්‍ය සියල්ල ම වගේ තමන්ගේ අනාගත මහ රජ්ජුරුවන්ගේ උපතට ප්‍රමුඛත්වයක් දුන්නා. මොකක් හෝ අවාසනාවකට කීර්ති බණ්ඩාර සහෝදරයාට ඒ වැදගත් සිද්ධිය මඟ හැරුණා. ඒ ගැන වරදකාරීත්වය සලකා කීර්ති බණ්ඩාර සහෝදරයාට අවසන් අවවාදයක් නිකුත් කරන්නට බී.බී.සී යට සිදු වුණා.
ඒ වගේ අවසන් අවවාදයක් නිකුත් වී තිබූ පසුබිමක අර පුස්සෝ ටික බැලුවා දැන් තමා මොහොත මේකා එළවා දමන්න කියලා. පාසල් ළමයි ටිකක් ගිහින් ගුරුවරයෙකුට අනෙක් ළමයින් ගැන ගතු කියනවා වගේ මේ පුස්සෝ ටික තමන්ගේ ප්‍රධානියට ගතු කිව්වා කීර්ති බණ්ඩාර සහෝදයා ගැන. දශක දෙකක් බී.බී.සී යේ සිංහල සේවය ඔස්සේ ජාතික ප්‍රශ්නය ගැන වමට සහයක් දුන්න කීර්ති බණ්ඩාර සහෝදරයා එළියට විසි වුණා.
ජෝර්ජ් කුමාරයාගේ සිද්ධිය මාධ්‍ය ගැන වැදගත් කතිකාවකට මුල් වෙනවා. මාධ්‍යකරුවෙකුට තිබෙන නිදහස කියන්නේ නිරපේක්‍ෂ සංකල්පයක් ද? නැත හොත් සාපේක්‍ෂ සංකල්පයක් ද? අපි සෛද්ධාන්තික නිදර්ශනයක් සලකමු මේ විධියට:
යම් වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් වාම විප්ලවීය පුවත්පතක් අරඹනවා. ඒ පුවත්පතේ කර්තෘ ලෙස යම් පුද්ගලයෙකු පුහුණු කර පත් කරනු ලබනවා. දැන් කර්තෘට පුළුවනි ද ඔහුට හිතෙන හිතෙන දේ පත්තරයට ලියන්න? දේශපාලන ව්‍යාපාරය යම් විමුක්ති අරගලයක පසුමුණ විය යුතු බව තීරණය කර තිබිය දී කර්තෘට බැහැ එක එකාගේ පසුමුණ වෙන්න ඕන නැහැ අපි අපගේ ප්‍රදේශයේ අයට දේශපාලන ව්‍යාපාරයක් හදනවා කියලා කතුවැකිය ලියන්න. එහෙම වුණාම එක්කෝ කර්තෘ පටි රෝල් නො කර ගෙන ඉල්ලා අස්වෙන්න ඕන. නැති නම් දූවපිය යන්න කියලා කර්තෘගේ පශ්චාත් භාගයට දෙකක් දෙන්න දේශපාලන ව්‍යාපාරයට සිද්ධ වෙනවා.
මෙන්න මේ ප්‍රායෝගික යථාර්ථය පීචං බ්ලොග්කාරයෙකුට ඥානනය කරගන්න බැරි වුණාට ලංකාවේ දෙවන පැරණි ම පුවත්පතේ කර්තෘ ධුරයට ගෞරවණීය ව දෙවරක් පත් කර ගනු ලැබූ ප්‍රබුද්ධ මාධ්‍ය විශාරද සුමිතුරු ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයාට මනා ව වැටහෙනවා. ලකී සහෝදරහා මේ කාරණය හරි ම ලස්සනට පවසනවා මාධ්‍යකරුවාගේ ප්‍රතිපත්තිය තම හාම්පුතාගේ ප්‍රතිපත්තිය යි කියන සංකල්පයෙන්. ඇත්තෙන් ම ලකී සහෝදරයා විසින් කතිකාවට ගෙනෙන ලද මාධ්‍යවේදියාගේ සාපේක්‍ෂ නිදහස හා පුළුල් අයිතිවාසිකම් කියන සංකල්ප අපගේ අවධානයට ලක් විය යුතු යි.
කීර්ති බණ්ඩාර. සහෝදරයා මේක නො දන්නවා නො වේ. සහෝදරයාට වුණේ අතපසු වීමක් කාර්යබහුලත්වයත් එක්ක. එහෙම නැති ව රජ පවුලත් එක්ක වාමාංශිකයන්ට අනවශ්‍ය ගැටුම් අවශ්‍ය නැහැ. කොන්දේසි විරහිත ව රජ පවුලට විරුද්ධ වීම වාමාංශිකයෙකුගේ ආවශ්‍යයික ලක්ෂණයක් නො වේ. ජාතීන්ගේ ප්‍රශ්නය අදටත් වාමාංශිකයෙකු හඳුනා ගැනීමේ ලිට්මස් පරීක්‍ෂාය යි.
චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාට අපගේ සුබ පැතුම් එක්කරන්න අප පැරාවත් එකතු කර ගන්නවා.
මේක ලියපු කෙනා බණ්ඩාරව ඊමේල් වලින් විතරක් අඳුරන කෙනෙක් වෙන්න ඕන. ලන්ඩන් වල එයාව ආශ්‍රය කල අය දන්නවා එයා කොහොම වාමාන්ශිකයෙක්ද කියල.
Deleteජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බණ්ඩාර හිටියෙ වාම ස්ථාවරයක නෙවෙයි LTTE ය කොන්දේසි විරහිතව අනුමත කරන ස්ථාවරයකයි. නමුත් පුදුමයකට වගේ, ඒ ගමන්ම එයාට රාජපක්ෂ සමීපතමයන් සමඟ සහ , විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමගත් සම්බන්දතා තිබුන. බණ්ඩාර BBC එකෙන් එලියට විසි උනේ, එයාගේ ඩබල් ගේම LTTE හිතවාදී BBC ය දැනගැනීමත් සමඟයි. තාවකාලික වැඩ තහනම කාලෙදිත් එයා ඇවිල්ල ලංකාවේ හිටියේ රාජපක්ෂ අනුග්‍රහයෙන් ව්‍යාපාර වල යෙදෙමින්. රාජපක්ෂලා ත් එයා BBC යෙ ඉන්න කාලේ ඉඳලම එයාට සැලකුව. මේ තියෙන්නේ ඒ දවස් වලම එලියට ආපු එක සිදුවීමක්.
https://www.colombotelegraph.com/index.php/bbc-says-applying-for-gsl-interest-free-loan-is-violation-of-its-code-sinhala-service-corrupt-journalists-to-be-re-trained-on-ethics/
BBC ය බලන අය දන්නව BBC ජාලය බ්‍රිතාන්‍ය රජ පවුලට සලකන්නේ කොහොමද කියල. රැජින සහ රජපවුල පහත් විදියට අපහාසයට ලක් කෙරෙන වැඩ සටහන් එකේ ඕන තරම් පෙන්නනව . ඒ නිසා කවදාවත් කවුරුවත් දඬුවම් වලට ලක් කරලා නෑ . එහෙව් එකේ ජෝර්ජ් කුමාරයගෙ උපන් දිනේ ට වැඩ සටහනක් කලේ නෑ කියල BBC එක කවුරුවත් අමාරුවේ දාන්න යන්නේ නෑ . ඒක ඇතුලේ ඕන තරම් anti -monarchy අය වැඩසටහන් කරනව .
ඔය බොරුකතාව එලියට දැම්මේ අස් කිරීමෙනුත් බොහොම කාලෙකට පස්සෙ , ලංකාවේ මෝඩයන්ව රවට්ටන්න. බණ්ඩාරගේ රැඩිකල් සහ වාමාංශික බව දැනගන්න ඕනනම්, අහන්න එයාට එංගලන්තෙත්, ලංකාවෙත් කොච්චර දේපල තියෙනවද කියල. ඔය ඔක්කොම පහුගිය අවුරුදු 15 ඇතුලත ගතිපුව.
තවත් විස්තර ඕනනම් කියන්න.
පැරා, ඔයා කියන පැත්තක් කීර්ති බණ්ඩාර සහෝදරයගෙ භාවිතාව තුළ පසු කාලීන ව තිබුණු බව ඇත්ත. සහෝදරයා ලක්‍ෂ 12 වගේ ගණනකට රාජපක්‍ෂගේ මාළිගාවට නො ගිය නම් හොඳ යි. ඒක සහෝදරයට අප කෙළින් ම කියලා තිබෙන දෙයක්. පැරා මේ වාක්‍යය නිවරද ව කියෙව්වා නම් වරදවා වටහා ගන්නෙ නැහැ කීර්ති බණ්ඩාර සහෝදරය පිළිබඳ අපගේ ස්ථාවරය.
Delete//කීර්ති බණ්ඩාර සහෝදරයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත් වාම මතයක් දැරූ අයෙක්.//
පීඩිත ජාතියකට ස්වයං නිර්ණය මත පදනම් වූ ස්වයං පාලනයකට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීම වාමාංශික ස්ථාවරයක් ද නැති ද කියන එක වෙන ම කතා කළ යුතු දෙයක්. ඒ පිළිබඳ අප කතා කර තිබෙනවා මීට කලින්. ඒක නිසා ඒ පිළිබඳ මෙතන කතා කරන්නෙ නැහැ යඞලිත්.
සිරිකොතට රිංගං ධනපති වසුරු බඩජාරි කමට කකා ඉන්නවට වඩා පීඩිත ජාතියක් වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීම ප්‍රගතිශීලී කාර්යයක්. කීර්ති බණ්ඩාර සහෝදරයටත් ඒක ටිකක් අමතක වුණා රාජපකෂගේ නහින දෙහින කාලයේ දී.
මොනයම් ගැටලු තිබුණත් කීර්ති බණ්ඩාර සහෝදරයා දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අතීතයේ යම් කාල පරාසයක වැදගත් කා ර්යයක් කළා. වසන්තාට පසු නො බිය ව ඒ කාර්ය කළ කෙනෙක් හැටියට කීර්ති බණ්ඩාර සහෝදරයා අප විසින් සිහි කරනු ලබනවා.
වාමාංශිකයන් යනු මතුගම අස්සක ගෙයක් තියෙන, මරුටි 800 කාරයක් තිබෙන, කෝච්චියේ ගමන්බිමන් යන අය ම වෙන්න ඕන නැහැ.
පැරා කීර්ති බණ්ඩාර සහෝදරයා ගැන ලිව්ව දේවල් අප දන්නවා. ඒවා නිර්නාමික ව ලිව්වත් නාමික ව ලිව්වත් හරි සුවඳ යි.
අයියෝ, පැරා මේ වෙලාවට නිදි ඇති. මේ වෙලාවට දවාල තියෙන්නේ ලෝකේ මොන හරියේද කියල හිතල බලන්න.
DeleteLTTE එකත් එක්ක නිදාගත්ත බණ්ඩාරව අමාරුවෙ වැටුන ගමන්ම මහින්ද තමන් ලඟට ගත්තේ, එයා දඩයමේ ගියේ රාජපක්ෂලත් එක්ක නිසයි. බණ්ඩාරගේ රැඩිකල් කමේ හේතුව සහ සීමාව දෙකම BBC එකේ වෘත්තීය සමිතියේ බොළඳ කමෙන් තීරණය වෙනවා. ඔය රැඩිකල් පඩ ෂෝ ඔක්කොම හොඳින් ගණනය කරලා රඟ දක්වපුව මිස වාමාංශික හරයක් සහිත කැපකිරීම් නෙවෙයි. යුනියන් එකේ සුද්දොන්ට දාපු බෝල ඩයස්පෝරා එකට දාන්න ගියදා තමයි එයාට වැරදුනේ.
දැන් බැලුවම සුද්දොන්ටත් වඩා ඇඳ ගන්න ලංකාවෙ මිනිස්සු ඉන්නව වගේ. එක ලිට්මස් පරීක්ෂාවකින් මිනිස්සු වර්ග කරන්න පුළුවන් කියල හිතන එකෙන් ඔයාගේ දුර්වල කමක් තමයි පෙන්නේ. මිනිහගේ සැබෑ ජීවිතය ගැන බලල තීරණයක් ගැනීම වඩා හොඳයි කියයලයි මම නම් හිතන්නේ. ඔයාලත් ඒ දවස් වල post modernism ප්‍රවර්ධනය කළා නේද?
https://www.colombotelegraph.com/index.php/interest-free-loan-scandal-bbcs-41000-annual-salary-employee-was-favored-by-sri-lankan-govt/
සරල ඩබල් ගේම් කාරයෙක් අඳුනගන්න බැරි ඔයාල කොහොමද ජාත්‍යන්තර විප්ලව කරන්න යන්නේ :-) සුද්දොන්ව අන්දලා ගානක් කඩාගන්න එකේ වරදක් නැති වෙන්න පුළුවන්, ඒත් අහිංසක ජීවිත හානි නොවෙන විදියට, Good Luck !
අජිත්,
Deleteමගේ නිර්නාමික කොමෙන්ට් කීපයක් නිසා මෑතකදී ඔබට අහේතුක අපවාද වලට ලක් වීමට සිදු වීම පිළිබඳව කනගාටු වෙමි. මෙය ඔබට කරදරයක් නම් දන්වන්න- අපි නතර වෙන්නමු. සිංහල බ්ලොග් මාෆියාවෙන් ඇති කරදරය නිසා ප්‍රොෆයිලයෙන් පැමිණීමටද අපහසුයි.
මචං උඹ කවුරුද මං දන්නෙ නැහැ. මං මේ බ්ලොග් එක හරි, දේශපාලනේ හරි මගෙ මුළු ජීවිතේ ම කරගෙන නැහැ. මේක කියවනකොට ඒකට අදාළව ප්‍රතිචාර දක්වනවා මිසක ඕක හිත හිතා මං ළත වෙන්නෙ නැහැ. කියන දේ කිව්වා. එච්චරයි. එකම දේ මගේ රස්සාව නිසා මං නිතර අන්තර්ජාලයේ ඉන්න එක විතරයි. ඕනැ එකක් කියන්න. මං ගණන් ගන්නෙ නැහැ.
Deleteවික්‍රමබාහුට ඡන්ද කෙරුවාවට උදව් කරපු කාලෙ චන්දන උදේ හවා කතා කරන යාලුවෙක්. ඊට පස්සෙ ආයෙ වතාවක් කතා කළා ඊළඟ ඡන්දෙට උදව් කරනව ද අහන්න.
Deleteඔය උඩ තියෙන මගුල් මං ලිව්වෙ නැහැ. එයා ලන්ඩන් ඉඳන් කරන ඒවා මං දන්නවයැ.
චන්දන සවුත්තු වුණේ එහේ ඉඳගෙන මෙහේ බිස්නස් කරන ගමන්, බීබීසියෙන් ආණ්ඩුව දැඩිව විවේචනය කරමින්, ආණ්ඩුවෙන් කාර් පර්මිට් ගන්න ගිය එකෙන්.
හැබැයි ඔය කට්ටිය ම ගැන බොහෝ තොරතුරු මට විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණා.
ඔතන ඉන්න මරු ම පොර තමයි චන්දනටත් වඩා වාමාංශිකයෙක් වගේ පෙනී ඉන්න ප්‍රියත් ලියනගේ.
ඕකුං ගැන දන්න විස්තර නො ලියා ඉන්නේ ඕක කිව්වා ම වෙන මගුලක් ගැන හිතන නිසා.
බලමු ඉදිරියෙදි අසන්නන්ගේ ඉල්ලීම් මත.
වාමාංශික ඇනෝ,
Deleteසහෝදරයා පොඩ්ඩක් විස්තර කරලා දෙනවද කොහොමද ඔය ලිට්මස් පරික්ෂාව කරලා වාමාන්ශිකයෙක් හඳුනා ගන්නා අන්දම.
අපි නම් ඉස්කෝලෙදි ඉගනගත්තේ ලිට්මස් පරික්ෂාව කරලා අම්ල සහ භෂ්ම හඳුනා ගන්න පුළුවන් කියලයි.
වාමාන්ශිකයෝ අම්ලද නැත්නම් භෂ්මද?
දන්නේ නැති නිසා අහන්නේ.
එතකොට මේ ලෝකෙ අඹ යහලුවන්, අඹ යෙහෙලියන් ඉන්න විදියක් නැහැ? ඔක්කොම සමලිංගිකයො, සමලිංගිකාවියො? තමන්ගෙ යෙහෙලියකගෙ ලස්සන දැකීම, වෙන්වීම දරාගත නොහැකි වීම වෙන්නෙ ඔවුන් සමලිංගිකාවියො නිසා?
ReplyDeleteමතකද මීට අවුරුදු කීපෙකට කලින් අපි ඔය විදියට හිතුවෙ නැහැ. දැන් ඔක්කොම ලිංගිකත්වයට සම්බන්ධකරලා තමයි හිතන්නෙ? හැම තැනම ලිංගිකත්වය දැකීමේ ආසාව ද?! මේක ට්‍රෙන්ඩ් එකක්. මම පැරාට වැරැද්දක් කියන්නේ නැහැ.
බලාගෙන යනකොට ඉලංගරත්නගෙ නිමලුයි සුනිලුයිත් පොඩි කාලෙ ඉඳලම සමරිසියො කියලා කවුරුහරි කියයිද දන්නෙ නැහැ!!! රයිගමයයි ගම්පොලයයි? උපාලියි - ජින්නයි? විතරක් නෙවෙයි... ලක්ශ්මි කාන්ත්-ප්යාර් ලාල්? භාතිය-සන්තුශ්? කසුන්-ඉන්ද්‍රචාප? චූටි මල්ලියි-පොඩි මල්ලියි?
- Dimithri
Dimithri,
Deleteතව ටික දවසකින් සැරියුත් - මුගලන් ගැනත් ඔය විදියට කියයි.
මතකද මීට අවුරුදු කීපයකට කලින් මෙහෙම අදහස් බෙදා හදාගන්න විදිහක් තිබ්බේ නෑ .. මොකෝ මේවා පත්තර වල ලියන්න කියල ද ?
Delete-Pablo Escobar-
//මතකද මීට අවුරුදු කීපෙකට කලින් අපි ඔය විදියට හිතුවෙ නැහැ. දැන් ඔක්කොම ලිංගිකත්වයට සම්බන්ධකරලා තමයි හිතන්නෙ? හැම තැනම ලිංගිකත්වය දැකීමේ ආසාව ද?! //
Deleteඅමගේ ඉහත කොමෙන්ටුවේ මෙම කොටස "අවුරුදු කීපෙකට කලින්" නොව "දශක කීපයකට කලින්" ලෙස නිවැරදි වියයුතුයි. පැහැදිලිවම මම අදහස් කලේ පසුගිය අඳුරු දශකය ගැන නොවේ. '80 -'90 ගනන් ගැනයි.
- Dimithri
ඔය විදිහට අර්ථකථනය කරන්න පුළුවන් සිංහල ගී කිහිපයක්ම තිබෙනවා. උදාහරණයක් විදිහට නන්දා මාලිනී ගයන 'කඩ මන්ඩියේ' වගේම 'සූර්යා වී ඉන්ද්‍රදිගින් ඔබ පායනවා' වගේ ගීතත් ස්ත්‍රී සමලිංගිකත්වය පිලිබඳ ලියවුනු ඒවා බව ඇතැමුන්ගේ මතයයි. ලංකාව වැනි සංවුර්ත සමාජවල 'ටැබූ සබ්ජෙක්ට්' එකක් වුවත් සමලිංගිකත්වය සෑම මනුෂ්‍ය සමාජයකම පවති දෙයක්.
ReplyDelete"ගේය පද ලියුවන් නොසිතූ අරුත් පිලිබඳ තම විවරණ ඇසින් බලා ඒ පිලිබඳ නව අරුත් ගෙනහැර පෑමේ නිදහස අයකුට ඇත. නමුත් තම ලිඟු නොපිපීමේ හේතු මත හා “කමෙන්ටු වැඩුම” පිණිස ගේ පද සමග සසඟ තැතකට නිදහසක් “බස් වඩු පුතුන්ට” නොලැබෙන්නේමය. මා මුන් දකිනුයේ සම ලිඟු සසඟ යතුරු සිදුරින් දැක තම නොපිපෙන ලිඟුව පිරිමැද සුකුරු පහකෙරුමට තැත් දරන්නන් ලෙසය."
ReplyDeleteමචං Bud, රසිකල රාජ්ල අජිත්ල ගානට නොවැටී ඉඳපන්. "කඩමණ්ඩියේ දොළ අයිනේ..." කොහෙද බං සමලිංගික කතාවක් තියෙන්නෙ.
ඇනෝ, උඹ වල්ගේ පාගා ගත්තාට මට කල හැකි දෙයක් නොමැත. මා ඉහත ප්‍රකාශයේ සඳහන් කලේ මා ඇසූ දුටු අය එම ගීත ගැන දුන් අර්ථකතනයි. කඩමණ්ඩියේ ගීතයේ අරුතත් ඔය ඉහත පැරා කියන ගීතය වගේම විවිධ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවනි. කඩමණ්ඩියේ ගීතය ගයන්නේ ගායිකාවක්. එතනදී 'කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී' කියන යෙදුම විවිධ අරුත් ගෙන දෙනවා. 'සූර්යා වී' ගීතයෙත් 'සූර්යා ' සහ 'තාරපති' යන වචන දෙකම එක ලිංගයකට අයත් නිසා කෙනෙකුට ඒ වගේ අර්ථකතන දෙන්න පුළුවනි. නමුත් පුද්ගලිකව මා නම් හිතන්නේ නැහැ මේ ගී රචකයන් සමලිංගිකත්වය ගැන ලියුවා කියා. නමුත් ඕනෑම කලා නිර්මාණයක් විවිධාකාරයෙන් අර්ථකතන දෙමින් රසවිදින්න පුළුවන්. උදාහරණයක් ලෙස ඩාවින්චි ගේ මෝනාලීසා චිත්‍රය ගන්න පුළුවන්. සමහරු කියනවා ඒක ගැහැණු කෙනෙක් විදිහට. සමහරු කියනවා ඒක ඩාවින්චි තරුණ කාලයේ තමන්ගේම පින්තුරයක් ඇදපු එකක් කියලා. හොඳ කළා නිර්මාණයක තිබෙන අපුර්වත්වයත් ඒකයි.
Delete"එසේ යැ. මෙම නො සරුප් වදන් වැල ඇකාරයෙන් ලියා ඇත්තේ ඒ වස් වඩුවාගේ අවජාත මුණුබුරෙකැ. ඒ කෙසේදැ යත් මුගේ මෝ තොමෝ පෙට්ටිය කඩා ගත්තේ එකී බස් වඩු අවජාත පුතුගෙන් වන හෙයින් යැ."
ReplyDeleteබස් වඩුට දාවූ අපකට පුත අජිතය,
තා දත් ඇ කාරයක් නැත. තා දන්නේ විකාරය පමණය. හැකිනම් ඇ” කාරයට පෙම්බැඳි “ඈ” කාරයන්ගේ මත බිඳ හෙළව. මෙසේ බානසුල්ලෙකු ලෙස වලිග දෙපරැන්දෙහි ගසා බිරුසන් නොදෙව.
එකලද සම ලිඟු සසඟ යතුරු සිදුරින් දැක තම නොපිපෙන ලිඟුව පිරිමැද සුකුරු පහකෙරුමට තැත් කළ තෙපි කුමරි බඹසර සිඳලනුයේ අංගුලිකාවෙන්ද?
යව යව, ගොස් "වග පෙත්තේ" පිහිට පතව.
මේ 'ඇ' කාරයේ විකාරය තිබුනේ බොහොම අතීතයේ නොවැ.
ReplyDeleteඑය ඇරඹු 'මුනිදස් කුමරතුඟුවන්' අද සිටිනවානම් ඔහුත් නැවත 'මුනිදාස කුමාරතුංග' ලෙස හඳුන්වාගන්නවා ඇතැයි සිතමි.
ඔහුගේ මුනුබුරු 'ගෙවිඳු' කුමරතුඟු නොවේ කුමාරතුංග නම් වෙයි.
එයත් හරියට අධිරාජ්‍යවාදයට බැටදෙන 'විමල්' තුමාගේ පුතනුවන් මහා බ්‍රිතාන්‍යයේ ඉගැනීම ලබනවා වගේ,
විප්ලවකාරී 'කුමාර්' තුමාගේ ළමයින් ඔස්ට්‍රලියාවේ හොඳ අධ්‍යාපනයක් ලබද්දී ලංකාවේ ළමුන්ට ඉට්ටයික් කොරවලා උන්ගේ ඉගනුම කඩාකප්පල් කරනවා වගේ.
අනේ මේ හෙළුවෙන් වනන ඇනෝ, තේරෙන සින්හලයකින් ලියපන්කො.
උඹටත් පුදුම අසහනයක් නේ තියෙන්නේ. 'සුකුරුයි, ලිඟූවයි, සසඟ යි' උඹම තියාගනින්. මේ සංවාදයට සහභාගී වෙයන් (පුළුවන් නම්)