Posts

Showing posts with the label ලෙස්බියන්

ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති

Image
මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්. මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.  ආදර සුබා වාසනා වේවා ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ අකුරු කියවලා අතුරු මිතුරු වී හා හා තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ) නැවත එනු සොයා දෙදෙන තිදෙන වී මා සොයාලා පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: සරත් බාලසූරිය ගායනය: ශ්‍රීමතී තිලකරත්න මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද,  ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා. යෙහෙළිය මුකුළිත ව...