ගුවන් තොටුපළ දෙකක රඟ දැක්වුණ එක ම නාට්‍යයක ජවනිකා දෙකක්

2014දී කොළඹ පැවති සමුළුව විවෘත කරන්නට එන රාජපක්ෂ හා සිරිසේන 
ජාතිවාදීහු එකිනෙකාගෙන් යැපෙති. එකෙකුට අසීරු වූ විට අනෙකා වහා පිහිටට පැමිණේ. මතුපිටින් පරම සතුරන් ලෙස පෙනුණත්, ඔවුහු හැම විට ම මනා අවබෝධයකින් ක්‍රියා කරති. මෙය අද ඊයේ සිට සිදු වන්නක් නො වේ. 

අපි 2005 ජනාධිපතිවරණය මොහොතකට සලකා බලමු. ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව සිංහල ජාතිවාදී පදනමින් තරග කළ මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද දෙලක්ෂයකට අඩු ගණනකින් ජනාධිපතිවරණය ජය ගත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනතාව ඡන්ද වර්ජනයකට පෙළඹවූ නිසා ය. මතුපිටින් ප්‍රතිපක්ෂ ජාතිවාදීන් මේ අන්දමින් මනා අවබෝධයකින් කටයුතු කර තිබෙන ආකාරයට නිදසුන් ඕනෑ තරම් තිබේ. 

මැලේසියාවේ හා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල පැය කීපයක් අතරතුර රඟ දැක්වුණ නාටක දෙක තවත් මෙවැනි මනා අවබෝධයකින් රඟ දක්වන ලද ජවනිකා දෙකකි. සමස්ත මැලේසියානු නාටකය තුළ ම මේ අවබෝධය දක්නට ලැබේ. 

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ජවනිකාව රහසිගත දේශපාලන මෙහෙයුමක ස්වරූපය සහිත ය.

මහින්ද රාජපක්ෂට 65වන ශ්‍රීලනිප සමුළුව මගහරින්නට උවමනාව තිබිණි. එසේම, ඔහු සමග මැලේසියා චාරිකාවට සහභාගි වූ අයට මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය අලෙවි කරගෙන තමන්ට ගොඩ යා හැකි දේශපාලන පක්ෂයක් හදා ගන්නට උවමනාව තිබේ. ඔවුන් මැලේසියා ගොස් හමු වූ අය ගැන විමසිලිමත් විය යුතු ය. මහින්ද රාජපක්ෂ මැලේසියානු ව්‍යාපාරික ප්‍රජාව හමු වූ බවක් ද කියැවේ. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කළු සල්ලි චෝදනා නැගෙන සමයක මෙවැනි හමුවීම් පැවැත්වුණේ කුමට ද යන්න විමර්ශනය කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ අන්තේවාසිකයන් මැලේසියානු චාරිකාවේදී කළේ කුමක් ද යන්න ඔවුන් පැහැදිලි කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවට සහභාගි වීම ම ගැටලුවකි. ඔහු මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක නායකයෙක් නො වේ. 2014 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේදී ඔහුට එම සංවිධානයේ සභාපතිකම හිමි වූ නිසා එය භාර දීමට ඔහු ඊළඟ සමුළුවට සහභාගි වූ බවක් මහින්ද රාජපක්ෂ ලෝලීහු පවසති. එහි එහෙම සභාපතිකමක් ගැන කිසිවක් එහි වෙබ් අඩවියේ සඳහන් වන්නේ නැත. එහි ස්ථාවර කාරක සභාවේ සාමාජිකයන් 37ක් අතර ශ්‍රී ලාංකිකයන් ලෙස සඳහන් වන්නේ ඩිලාන් පෙරේරාගේ හා දයා ගමගේගේ නම් ය. 


මෙම සංවිධානයේ වෙබ් අඩවිය අනුව, එහි සාමාජිකත්වය තිබෙන්නේ ශ්‍රීලනිප, එජාප, කොප, දෙජාස හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන පක්ෂවලට පමණි. 

සාමාන්‍යයෙන් ගත් විට මෙවැනි සංවිධානවලින් දේශපාලන පක්ෂවලට තිබෙන වාසිය වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් නඩත්තු කරන්නට අවස්ථාව ලැබීම හා දේශපාලකයන්ට ටුවර් ගහන්නට ලැබීමයි. මේ ටුවර් යන්නට වියදම් කරන්නේ පක්ෂවල අරමුදල් විය යුතු ය. මහජන මුදල් වියදම් කරන්නට හේතුවක් නැත. මන්ද, මේ වනාහි අන්තර් රාජ්‍ය සංවිධානයක් නො ව, අන්තර් දේශපාලන පක්ෂ සංවිධානයක් නිසා ය.  

සමස්තයක් ලෙස ගත් කල, මෙවැනි සංවිධානවලින් ලෝකයට ඇති ප්‍රයෝජනයක් නැති ය කීවාට වරදක් නැත. ඒවා නිකම් ජාත්‍යන්තර මෙව්වා ඒවා විතර ය. ජාත්‍යන්තර වුණා ය කියා කවුරුවත් මේවා සිරාවට ගත යුතු නැත. 

ලංකාවේත්, ලෝකයේත් තැන් තැන්වල ගිනි අවුළුවමින් ඇවිදින මහින්ද රාජපක්ෂ ලෝක සාමයට බාධාවකි. ඔහුගේ මෙම සංචාරයට මහජන මුදල් වියදම් කළා ද යන්න සොයා බැලිය යුතු ය. එසේම, ඔහු ශ්‍රී ලාංකික රාජ්‍ය ආරක්ෂාව ලබා ගන්නේ නම්, රජය ඔහුගේ අනවශ්‍ය ගමන් බිමන් පාලනය කළ යුතු ය. මන්ද, ඔහු වෙනුවෙන් වැය කරන මහජන මුදල් සම්බන්ධයෙන් රජය ජනතාවට වග කිව යුතු බැවිනි. 

කුමන හෝ පුද්ගලයෙකු රටකට ගොඩ බසින විට එම පුද්ගලයාට එරෙහිව දැවැන්ත විරෝධතා මතු වන්නේ නම්, එම පුද්ගලයා රට නියෝජනය කරන කිසිදු කාර්යයකට සහභාගි කර නො ගත යුතු ය. මන්ද, පුද්ගලයකු නිසා රටක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නැත. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ සියල්ල සෙට් ගේමක් කියලා නොතේරෙන එකා අමු ගොනෙක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උඹයි රසිකයි එකතුවෙලා බ්ලොග් ලෝකේ කකුස්සි වසුරු වපුරමින් ගෙන ගියෙත් හිට් ගන්න අටවපු සෙට් ගේමක් කියලා නොතේරෙන එකා ත් අමු ගොනෙක්.

      Delete
    2. මහසොහොන් මටත් ඒක හිතුන.මේ වගෙ සෝඩ බෝතල් වරින් වර කඩන එක බ්ලොග් වල හිට්ස් හදාගන්න හොදයි. දැන් බ්ලොග්වල බහින කලාව නිසා මෙහෙම ගේම් ඕනැ. හැබැයි යහපාලන බ්ලොග්කාරයො එකිනෙකාව ආමන්ත්‍රනය කරගන්න විදිය නරකමත් නෑ

      Delete
    3. කියලනං වැඩක් නෑ. බාසාව නං මරු. අර පරණ කතාවක් තියෙන්නෙ "_ඩියයි _න්නිරයි හම්බුනා වගෙයි" කියල. (මේ ඉතා පැරණි උපහැරණයක් වුවද මම කුලවාදියකු නොවන හෙයින් හිස්තැන් තබා සටහන් කරමි.)

      Delete
  2. "ලංකාවේත්, ලෝකයේත් තැන් තැන්වල ගිනි අවුළුවමින් ඇවිදින මහින්ද රාජපක්ෂ ලෝක සාමයට බාධාවකි."
    එකඟවිය නොහැක. ලෝක සාමයට බධාකිරීමට පුළුවන් තත්වයක "ජනාධිපති රාජපක්ෂවත්" නොසිටියේය.
    " කුමන හෝ පුද්ගලයෙකු රටකට ගොඩ බසින විට එම පුද්ගලයාට එරෙහිව දැවැන්ත විරෝධතා මතු වන්නේ නම්, එම පුද්ගලයා රට නියෝජනය කරන කිසිදු කාර්යයකට සහභාගි කර නො ගත යුතු ය. මන්ද, පුද්ගලයකු නිසා රටක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නැත."
    එකඟවිය නොහැක. මහින්ද රාජපක්ෂ මැලේසියානු සංචාරයේදී රට නියෝජනය කළා යයි පැවසීමට තරම් සාක්ෂි නොමැත.
    දෙමල ජාතිකවාදී විරෝධතාවයන්ගෙන් සිදුවූ එකම දෙයනම් ජාතිකවාදීන් අතර රාජපක්ෂ ශක්තිමත් වීමය.

    ReplyDelete
  3. එතකොට ඔයා කියන්නේ මහින්ද මහත්තයට රට යන්නත් බැ. දේශපාලනය කරන්නත් බැ.

    ReplyDelete
    Replies
    1. ඔහු දේශපාලනයේ සිටි කාලය දැන් හොඳට ම ඇති. තවත් හිටියා කියා ඔහුට කළ හැකි දෙයක් නැහැ.

      ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා මතු කළ හැකියි. එවැනි විමර්ශනයකින් තවත් දේශපාලකයන්, හමුදා ප්‍ර‍ධානීන් පමණක් නොව, දැන් රජය සමග සිටින හෝ නො සිටින කොටි නායකයන් වැනි විශාල පිරිසක් අවදානමට ලක් වෙනවා. එවැනි තත්වයක් තුළ ප්‍රකෝපකාරී ක්‍රියා සිදු නො කර, අඩු ප්‍ර‍සිද්ධියක් සහිතව විශ්‍රාම ගන්නට ඔහු කටයුතු කළ යුතුයි.

      ඔහු යුද්ධ කළේ රජය වෙනුවෙන් නිසා රජය ඔහු ආරක්ෂා කළ යුතුයි.

      එයින් අදහස් වන්නේ නැහැ දූෂණ සම්බන්ධයෙන් ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට එරෙහිව කටයුතු කිරීම නැවැත්විය යුතු බව.

      Delete
    2. හා මචං - මීට, ම. රා.

      Delete
    3. //ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා මතු කළ හැකියි. එවැනි විමර්ශනයකින් තවත් දේශපාලකයන්, හමුදා ප්‍ර‍ධානීන් පමණක් නොව, දැන් රජය සමග සිටින හෝ නො සිටින කොටි නායකයන් වැනි විශාල පිරිසක් අවදානමට ලක් වෙනවා. //

      හන්ගන්න දෙයක් නැහැ නේ පැරා....

      මොකටද කවුරුත් බය වෙන්නේ?

      අවදානමට ලක් වෙන්නේ අපරාද කාරයෝ විතරයි... එක යටගහන්න උත්සාහ කරන්නේ ඇයි?

      Delete
    4. සාරසත් එහෙනම් අන්තිමේදී පිළිගත්තා මරා අපරාධකාරයෙක් කියල.

      Delete
    5. අන්තිමට?
      අපි තමයි කලින් ම ඒක දැකල උන්නැහේ ගේ පැත්තට සපෝට් කොරන්න එකතු වෙච්චි උදවිය හිටන්!

      Delete
    6. මහින්දට දේශපාලනය කරන්න එපා කියන පැරා කවුද? සක්රයාද? මහින්දව දේශපාලනයට එපා නන් එ්ක මිනිස්සු ‍‍තෝරාවි. පැරාලට තියෙන්නෙ ජනබලයට හිස නමන එක.

      Delete
    7. ශෙනාල්.......ජන බලය කියන්නේ අපි....පැරා විතරක් නොවේ ඕනම සංසර්ඝිකයෙක් ඒකට හිස නමන්න ඕන. පැරා කියන්නෙත් අපි උඹලා වගේ තව එකෙක්. යමක් කමක් කරගෙන ඉන්න එවුන්ට කටුසු ඔටුණු දාන්න එපා බං. අපේ රටට වෙලා තියෙන කරුමේ ඕක තමයි. මේක තමයි අපි නිවැරදි කරන්න ඕන. රජුන් නැත!!!රජවරු යැයි සිතන්නන් සිටිය යුතුම නැත. කටු මැටි කුටුම්ඹයේ සිට දියවන්නා කුකුල් කොටුවටත් මෙය සමාන විය යුතුය.

      හිතට ආපු එව්වා ලිව්ව. ලියවුනා එහෙම නොවේ...ලිව්වා.

      Delete
    8. මහින්දට රජා කිව්වෙ රජ වැඩ කරපු නිසයි. ඒකට ඉතින් ඉරිසියා හිතුන, ආයේ බලයට මහින්ද ඉන්නකන් එන්න බැරි වෙයි කියල හිතල බය උන අය තමයි අපිට රජෙක් එපෝ කියල කෑ ගහන්න පටන් ගත්තේ.

      අපේ රටට වෙලා තියෙන කරැමේ ප්රජාතන්තර වාදය කියල එකක් තියෙනවා කියල හිතන් ඉන්න ගොබ්බ‍යෝ රැලක් බිහිවෙලා ඉන්න එකයි. අධයාපනය ක්රමය වෙනස් කරලා සාහිතය කන්නද කියල අහපු එකේ ප්රතිපලය තමයි ඔය.

      Delete
  4. What he will do next is his own decision, politically or otherwise. Why Current govt and its supporters talking more about MR than MY3? That is to cover their ineffectiveness, people given power to MY3 not MR, so get on with developing SL. MR is not your problem, that is MR's problem

    ReplyDelete
  5. මහින්දගේ නැවත පාර්ලිමේන්තු ආගමනය "චර්චිල් උදාහරණය" සමගින් විග්‍රහ කළොත් කොහොමද ?

    ReplyDelete
  6. // කුමන හෝ පුද්ගලයෙකු රටකට ගොඩ බසින විට එම පුද්ගලයාට එරෙහිව දැවැන්ත විරෝධතා මතු වන්නේ නම්, එම පුද්ගලයා රට නියෝජනය කරන කිසිදු කාර්යයකට සහභාගි කර නො ගත යුතු ය. මන්ද, පුද්ගලයකු නිසා රටක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නැත. //

    පැරා... යුරෝපයේ පැවත්වුනු G20, G7 සමුලු ගැන අහලාවත් නැද්ද... එයට සාබාගී වෙන්න එන සියලු රාජ්ය නායකයන් ට කොපමන විරෝදතා පවත්වනවාද? ජුවාම් පාවුලු පාප් වහන්සේ ඔස්ට්‍රලියාවට ගියාම කතෝලික පූජකයන් ගේ ලින්ගික අපචාර වලට ලක් වූවන් ගේ විරෝදතාව කොපමනද යත් බලදාරීන් ට පාප් වහන්සේ නිදාගන්නා ඉස්තානය රහසිගතව තබාගන්න සිද්ද වුනා...

    ReplyDelete
    Replies
    1. //පාප් වහන්සේ නිදාගන්නා ඉස්තානය// උන්වහන්සේගේ කොයි ඉස්තානයෙන් ද නිදාගන්නේ?

      Delete
    2. ඇඳ කියන ඉස්තානේ මෙයා!

      ඔහේ නිදා ගන්නේ ඉස්තාලේ ද ?

      Delete
  7. එදා ---මේවා ඔක්කොම ජාත්‍යන්තර කුමන්ත්‍රණ....
    දේශප්‍රේමී මාධ්‍යවේදීන් --- ඇත්ත...ඇත්ත...මේ බලන්න සාධක

    මෙදා --මේවා ඔක්කොම රාජපක්ෂ කුමන්ත්‍රණ....
    යහපාලන /පුරවැසි මාධ්‍යවේදීන් --- ඇත්ත...ඇත්ත...මේ බලන්න සාධක

    කාල දෙකක සෝදන එකම ඇන්ඳිල්ලේ රෙදි පොට්ටනි දෙක......

    ReplyDelete
  8. //ජාතිවාදීහු එකිනෙකාගෙන් යැපෙති//
    +++++++++++
    අන්තවාදයන් පෝෂණය හා වැඩි දියුණු වන්නේ විරුද්ධ අන්තවාදයක් තිබෙන විටය.

    ReplyDelete
    Replies
    1. //ජාතිවාදීහු එකිනෙකාගෙන් යැපෙති//
      +++++++++++
      අන්තවාදයන් පෝෂණය හා වැඩි දියුණු වන්නේ විරුද්ධ අන්තවාදයක් තිබෙන විටය.///////////////////////

      ඕක තමයි වෙන්නේ සහ මරා ඇතුලු කල්ලියට කරගන්නත් ඕන.

      විග්නෙශ්වරන් ගැන පැරාට එදා තිබුනු විග්‍රහය අදට ගලපන්නේ කොහොමද? මේ අහන්නේ යම්කිසි තැනකට මේ සංවාදය ගොඩ නගා ගැනීමේ අටියෙන්. එතකොට කියවන අයටත් යමක් පිලිබඳ සාකච්ඡා කරන්න පුලුවන්. එදා විගී අද කවුද?

      Delete
  9. කළුබෝවිල සිරිල් සී. පෙරේරාණෝ සමුගෙන ගියහ. ගැටලුවෙක් නැත. මතුගම අජිත් පී.ජයසිංහයෝ සිටිති.

    ReplyDelete
  10. // කුමන හෝ පුද්ගලයෙකු රටකට ගොඩ බසින විට එම පුද්ගලයාට එරෙහිව දැවැන්ත විරෝධතා මතු වන්නේ නම්, එම පුද්ගලයා රට නියෝජනය කරන කිසිදු කාර්යයකට සහභාගි කර නො ගත යුතු ය. මන්ද, පුද්ගලයකු නිසා රටක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නැත. //උද්ඝෝෂනය කරන පාදඩ මැරයන් දෙතුන් දෙනෙකු නිසා කිසිම කෙනෙකුට රට යන්න බැරිවෙයි. චීන ජනපති යනකොට ටිබෙට් උද්ඝෝෂන .ඔහුට යන්නම බැරිවෙනව.ඇමරිකන් ජනපතිටත් කොඉහෙහරි වාමාංශික කන්ඩායමක් බෝඩ් අල්ලන් දගලනව. ඔහුට කිසිම රටකට යන්න බෑ. බ්ලොග් කියවන්නෙ මීහරක්ම නෙමෙයි බන්.

    ReplyDelete
  11. ///කුමන හෝ පුද්ගලයෙකු රටකට ගොඩ බසින විට එම පුද්ගලයාට එරෙහිව දැවැන්ත විරෝධතා මතු වන්නේ නම්, එම පුද්ගලයා රට නියෝජනය කරන කිසිදු කාර්යයකට සහභාගි කර නො ගත යුතු ය. මන්ද, පුද්ගලයකු නිසා රටක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දිය යුතු නැත. ///

    හරිම බුද්ධිමත් සහ තාර්කික ලියවිල්ලක්...
    මහින්ද ජනපතිව සිටි සමයේත් මේ තර්කය අනුව ක්‍රියා කරන්නය කියල ඒ දවස්වල කිව්වේ නැත්තේ කොටි බෝම්බ වල රස්නේ ඇඟට පොඩ්ඩක් දැනිල තිබ්බ නිසාද...

    ReplyDelete
    Replies
    1. යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු 8 ලන්වෙන්න එනව බන්.. ඔය බෝම්බ අහකට ගනින්.. උබලගෙ මරා ආයෙත් එනෙ නෑ..

      Delete
    2. ලොකු පුතා.....මචං උඹේ අදහස් ප්‍රකාශ කිරීමේ අගය මම අහකට තල්ලු කරන්නේ නැහැ. හැබැයි උඹ අතින් ඕක ලියවෙන්නේ බුද්ධීයට එහා ගිය යම් ස්වාර්ථ උවමනාවක් නිසා නම් මම උඹට අණුකම්පා කරනවා. මගේ වචන ගැන මට සමාවෙයන්. මේ ලියන්නේ මගේ බුද්ධ් මට්ටමට අනුව.

      Delete
  12. Who go to care Mahinda theef? He cant do any things this time. President Mithri the next president also. Theef teem cant change garment.

    ReplyDelete
    Replies
    1. පැරා,
      මම මෙහෙම කියන එක හොඳද මන්ද? එංගලන්තෙ මහ රැජිණ මේ බ්ලොග් එක බලන්නෙ නැතුව ඇති නේද? විශේෂයෙන්ම comment. රැජිණට දැන් අනූවත් පැනලානෙ. එහෙව් වයසකදී හිත කලබල වෙන්න දෙන්න හොඳ නෑනෙ. නැද්ද මං කියන්නෙ ?

      Delete
  13. Politics will not be finished until death.

    ReplyDelete
  14. අපරාදේ අර මහකොමසාරිස් ලොක්ක. කොහොමද උන් දෙන ගුටි පුජාව. ඔහේ පලයන් තනිකරන දෙමළ සිනමාව වගේ. කොහොමද ඔය කෑමම මහින්ද මාමිට ලැබුණානම්.? වෙනසනම් එහෙනම් කියල වැඩක් වෙන්නෙ නෑ. ශික් අපරාදේ ඔයි. 😩😩😩

    ReplyDelete
    Replies
    1. පිස්සු ද? ඕකුන් කවදාවත් මහින්දට ගහන්නෙ නැහැ. ජාතිවාදියෙක් තවත් ජාතිවාදියෙකුට ගහපු අවස්ථාවක් කියන්න බලන්න.

      Delete
  15. මහින්ද රාජපක්ෂ යනු වසුරු පිඩකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා