දේශපාලන රාත්‍රී භෝජනයෙහි මේස චාරිත්‍ර යුගය අවසන්

2009 ජනවාරි 8දා මරා දමන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය 27දා ගොඩ ගන්නා ලදී.

කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ මගහරිමින් සැඟවී සිටින රාජපක්ෂ බැලයකු වන උදය වික්‍රමතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 26දා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

මෙම සිද්ධි දෙක එකිනෙක සම්බන්ධ ය. ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව ලෙස සැලකෙන්නේ මිග් ගනුදෙනුවෙහි දැවැන්ත වංචාවක් ගැන හෙළිදරව් කිරීමට කටයුතු කිරීමයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය මෙන් ම මිග් ගනුදෙනුව පිළිබඳ විමර්ශනය ද සිදු වන්නේ මන්දගාමීව ය.

මේ අතර ඩඩ්ලි සිරිසේනගේ පුතකුගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් හා මෛත්‍රීපාල අසුන්ගෙන සිටි මේසය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඩීල් ගැන ද අනුමාන සිදු වේ. මෙවැනි භයානක පුද්ගලයන් සමග එහෙම ගොන් ඩීල් ගහන්නට නම් ඉතින් අඩි අටක් යට වැළලීමේ මාර ආසාවක් මෛත්‍රීපාලට තිබිය යුතු ය.

කවුරු කෙසේ කීවත්, ලංකාවේ දුෂ්කර දේශපාලන ක්‍රීඩාව තුළ ආණ්ඩුව වසර එකහමාරක් සාර්ථක ලෙස ගේම ගසා තිබේ. මේජර් අජිත් ප්‍රසන්නත් අන්න රවුමක් හැරෙමින් සිටියි.

ජයග්‍රාහී පිලට ඩීල් දාන්නට උවමනාවක් නැත. දැනට පවතින තත්වය තුළ නම් ඩීල් දාන්නට එන්නේ ගෝටා විය හැකි ය. ගෝටා දාන ඩීල්වලින් ඒකාබද්ධ විපක්ෂය පරිස්සම් විය යුතු බව අපි අන්තිම සටනට සැරසෙමින් සිටින ජාතිවාදී ගම්මන්පිල - විමල් - වාසු නඩයට මතක් කර දෙන්නෙමු.

ඔවුන්ගේ මාස්ටර් පැලෑන අනුව, වාසුදේව - විග්නේශ්වරන් දෙහූරෝ ජාතිවාදයෙන් උතුරු කොණත්, දකුණු කොණත් ගිනි ලන්නට පන්දම් ඔතමින් සිටිති. එහෙන් දෙමළ ඩයස්පෝරාව ද, මෙහෙන් ජාතිවාදී මහසොහොන් පිල්ලි ද දත් මදිති.

දේශපාලන රාත්‍රී ආහාරයෙහි මේස චාරිත්‍ර යුගය අවසන් වෙමින් තිබෙන බව පෙනේ. බාබකියු එක සූදානම් ය. අපි එය නිරීක්ෂණය කරමින් සිටිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    මීට,
    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. මේ අර යාලුව මැරිච්ච එකාගෙ අනිත් එකා.

      Delete
    2. //මේ අර යාලුව මැරිච්ච එකාගෙ අනිත් එකා.//

      ඉහත වාක්‍ය ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      මීට,
      අක්‍ෂය පාඨකයෙක්

      Delete
  2. 1. //ඩීල් ගැන ද අනුමාන සිදු වේ. එහෙම ගොන් ඩීල් ගහන්නට නම් ඉතින් අඩි අටක් යට වැළලීමේ මාර ආසාවක් මෛත්‍රීපාලට තිබිය යුතු ය.//

    මාළුවා නහින්නේ කට හින්ද ලු! පැරා ඉහත වාක්‍ය ඉවත් කළොත් හොඳ යි නේ ද? උඹට රහස් පොලිසියෙන් කැඳවීමක් ලැබෙ යි මේක ප්‍රචාරණය වුණොත්. රණ්ඩු කරන්න, බැණ ගන්න හරි උඹ අපත් සමඟ සිටිය යුතු යි පැරා.

    2. පැරා උඹ ලසන්නා ගැන යම් දෙයක් ලිවිය යුතු යි. ලසන්තා වාමාංශිකයෙකු නො වුණට හරි ම සුන්දර මිනිසෙක්. ලසන්තාගේ සිනහව හරි ම අව්‍යාජ එකක්. ඒ සිනහව හරි ම ආකර්ෂණීය යි. ඔහු නව මාධ්‍ය සම්ප්‍රදායක් ලංකාව තුළ ඇරඹූ පුරෝගාමියෙක්. සුමිතුරු ලසන්තා, තරුණ කාලයේ දී ම දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේගේ තුරුළට ගත් සේක. මේ ලොව ඔබ වැනි හොඳ මිනිසුනට සුරක්ෂිත තැනක් නො වන බව දෙවියන් වහන්සේට සිතෙන්නට ඇත. එකල වොර්ඩ් පෙදෙසේ දී සතුටු සාමීචියේ යෙදෙමින් සන්ධ්‍යාවන්හි අප ගත කළ සොඳුරු කාලයේ මතකය අදට ද මා තුළ ජීවත් වේ. ඔබගේ ඒ සිනාව පැහැර ගැනීමට මිනිස් වෙස් ගත් රුදුරු මිනිස් සමූහයකට හැකි වුව ද ඔබ අප හද තුළ සදානතික ව තැම්පත් කළ ඒ සිනාවේ මතකය අද ද නො නැසී පවතී.

    ReplyDelete
  3. කවුන්ඩමනීSeptember 28, 2016 at 12:02 AM

    හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගෙ පුතා රජිව් ගාන්ධි,
    අගමැති රජිව් ගාන්ධි සහ අගමැතිනි සෝනියා ගාන්ධිගෙ පුතා රාහුල් ගාන්ධි,
    පසුගියදා උත්තර ප්‍රදේශ් පෙළපාලීයකදී රාහුල් ගාන්ධි සෙරෙප්පු පහරකට ලක් වුනාලූ..
    ගහපු කෙනා කියන්නේ, රටට වැඩක් නැති බොරු සෝබන පෙළපාලී බැලුවා ඇති කියලා....

    ඉන්දියාවේ ඒ උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....
    බොරු සෝබන නැත්නම් අපට නින්ද යන්නේ නැ....

    ReplyDelete
  4. පැරාල, පණ බයේ නේ ඉඳල තියෙන්නේ, ආණ්ඩුව වැටෙයි කියලා.
    "අජිත් ප්‍රසන්නට ස්තූතියි !!", පැරාලට පොඩි චූන් එකක් දුන්නට

    ReplyDelete
  5. එහෙත්, දෙමළ ජාතික සන්ධානය සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් තෝරාගෙන තිබේ. ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. මම එහුට කැමැත්තක් දක්වන්නේ ඔහු තුළ ඇති ඇතැම් පුළුල් ලක්ෂණ හේතුවෙනි. සිය භාෂාවට, ජාතියට, ආගමට ගරු කරන ගමන් ම ඔහු පුළුල් ලාංකික අනන්‍යතාවක් සිය පවුලේ ජීවිතය තුළින් ප්‍රකාශයට පත් කරයි. ඔහුගේ දියණියක් විවාහ වන්නට නියමිත වාසුදේව නානායක්කාරගේ පුතා සමගයි. පුතෙකු විවාහ වන්නට නියමිත කේසරලාල් ගුණසේකරගේ දියණියක් සමගයි.විග්නේශ්වරන්ගේ දරුවෝ සිංහල, දෙමළ අනන්‍යතාවන් ඉක්මවා ගිය ලාංකික අනන්‍යතාවක නිහඬ ප්‍රකාශකයෝ වෙති.
    -Para 2013-07-21

    ඔවුන්ගේ මාස්ටර් පැලෑන අනුව, වාසුදේව - විග්නේශ්වරන් දෙහූරෝ ජාතිවාදයෙන් උතුරු කොණත්, දකුණු කොණත් ගිනි ලන්නට පන්දම් ඔතමින් සිටිති
    -Para 2016-09-27

    ReplyDelete
    Replies
    1. Mekata kunu kanuwa kiyanne nikanda? Api ehi narapanuwo wamha!!

      Delete
    2. එවැනි පසුබිමක් සහිත මිනිසකු පවා මෙවැන්නකු බවට පත් කිරීමට තරම් ජාතිවාදය සමත් බව එයින් පෙනේ.

      අනෙක් පැත්තේ ඒ සඳහා ඇති උදාහරණයකි, විමල් වීරවංශ. ඔහු වනාහි එක් යුගයක ජවිපෙ වාම ප්‍රවණතාවේ සිටි තරුණයෙකි.

      Delete
    3. මේ පැත්තෙන් ඒ සඳහා ඇති උදාහරණයකි අජිත් පැරකුම් ජයසිංහ. ඔහු වනාහී (අද දූෂිත දක්ෂිණාංශික පක්ෂයක කුණු හේදුවට ) එක් යුගයක ජවිපේ වාම ප්‍රවණතාවේ සිටි තරුණයකි, හිරු කණ්ඩයමේ ක්‍රියාකාරිකයෙකි .

      Delete
    4. //පෙර ජාතියකැ කළ පින් පල ලැබූ ලෙද
      හමු වැ සතන් පිරි මනකල් ගුණ සබඳ
      අතහිත ලැබිණි නැඟැ එන්නට තටු විහිඳ
      නුඹ නැවතුණෙ යැ අගකසුවැ රසය විඳ//

      මේ කවියෙන් කියන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ ඒ අතීතය ගැන නේ ද?

      Delete
  6. පැරා ප්‍රශ්නය කීපයක් අහන්න ඇත
    1. බැනර් ඇඩ් එකක් සඳහා අය කරන මිල ඉතා වැඩිය. අඩු කර සහනයක් ලබා දීමට හෝ සහන වට්ටමක් අතරමැදි ආයතනයට ලබා දිය හැකිද ?
    2. අපගේ සේවා දායකයන් අතර කෙන්ද්‍ර බලන කීප දෙනක් සහ කපු මහත්වරුන් සිටී. දැන්වීම් පලකිරීමේදී ඔබ එවැනි දේ ගැන සලකා බැලීමක් කරනවාද ?

    ReplyDelete
    Replies
    1. 1. දැන්වීම් කෙරෙහි අපගේ එතරම් අවධානයක් නැත. අපට ඇති තරම් ඩොලර් ද සිරිකොතෙන් ලැබෙන සල්ලි ද තිබේ.

      2. කේන්දරකාරයන්ට හා කපු මහත්තුරුන්ට මෙන් ම ඔවුන්ගේ දෙවියන්ට ද වෙන අතක් බලා ගන්නට පුළුවන.

      Delete
  7. You summoned me so here I am

    Apology To Gotabhaya Rajapaksa
    The Sunday Leader had published the following articles regarding the purchase of MIG 27 aircrafts to Sri Lanka Air Force through the Ministry of Defense;

    MIG DEAL CRASH LANDS ON GOVERNMENT, published on Sunday the 15th of July 2007,
    LID BLOWN ON GHOST COMPANY THAT DID THE MIG DEAL, published on the 25th of July 2007,
    CONTROVERSIAL MIG 27 PROCUREMENT, WHO PROFITED FROM THE MIG DEAL, published on Sunday the 5th of August 2007,
    MIG DEAL CRASH LANDS ON DEFENSE MINISTRY, published on Sunday the 2nd September 2007.
    By the said articles The Sunday Leader had raised doubts about the manner in which the purchases relating to MIG 27 aircrafts and overhauling of the existing fleet of MIG 27 aircrafts of Sri Lanka Air Force had been carried out. The then Secretary to the Ministry of Defence had instituted an action bearing number 6036/M in the District Court of Mount Lavinia claiming inter-alia that the said publications carried out by The Sunday Leader Newspaper had defamed his character and reputation and thereby sought damages.
    During the trial which took place at the District Court of Mount Lavinia Mr. Jayanath Kumarasiri representing Sri Lanka Air Force, Mr. S. Hendawithana a pilot who took part in the operations and in the purchasing of MIG 27 aircrafts and Mr. Gotabhaya Rajapaksa himself testified producing all relevant documents regarding the purchase of the said aircrafts and overhauling the existing fleet of aircrafts and records of the operation of the said aircrafts.
    Having carefully perused through the oral and documentary evidence The Sunday Leader is now of the opinion that the said purchase had taken place according to the existing rules and regulations and throughout such transaction the transparency expected of a military purchase had been strictly maintained. We accept that the purchase of the MIG 27 and overhauling of MIG 27 aircrafts referred to in said articles were to the benefit of Sri Lanka Air Force and such aircrafts purchased and overhauled had a pivotal role in the historic operations against the LTTE.

    Therefore, we hereby unequivocally apologise to Mr. Gotabhaya Rajapaksa, the then Secretary to the Ministry of Defence for any pain of mind and/or loss of reputation and/or defamation of character which had caused to him as a result of aforesaid publications.

    thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/

    ReplyDelete
    Replies
    1. පැරා කොල්ල කලිං කමෙන්ට් එක කැපුව නේද ? හොඳා හොඳා අපි තරහ නෑ. මේක වත් තියපන් බේගල් පොවපු මිනිස්සුන්ට සත්‍යයත් දකින්න

      Delete
    2. ඔය පරීක්ෂණය පැවැත්වෙලා තියෙන්නේ මිග් ගුවන් යානා මිළ දී ගැනීම ගැන නෙමෙයි නේ. ඕක සන්ඩේ ලීඩර් වාර්තා ගැන පවත්වපු පරීක්ෂණයක්.

      ලසන්ත වික්‍රමතුංග විසින් කරන ලද චෝදනා පරීක්ෂා කරන්නේ නැති සංදර්භයක් ඇතුළේ ලසන්ත වික්‍රමතුංග මරා දාලා, එම පුවත්පත රාජපක්ෂ කඳවුර විසින් අනියමින් මිළ දී ගැනීමෙනුත් පසුව තමයි ඔය සම්මුතිය අධිකරණයේදී ඇති වෙන්නේ.

      ඔය ලිපි ලිව්වේ කවුරු ද, සමාව ගන්නේ කවුරුද කියන එක හොඳට හොයලා බලන්න. ඒක හරියට මාටින් වික්‍රමසිංහ දිනමිණේ කර්තෘ කාලයේ ලියූ ලිපියකට දැන් කර්තෘ සමාව ගන්නවා වගේ වැඩක්.

      Delete
  8. විග්නේෂ්වරන් කියන්නෙ කොළඹ ඉපදිලා, කොළඹ ඉස්කෝලෙ ගිහින්, කොළඹ නඩු අහපු, කොළඹ සමාජයෙ කෙනෙක්. දුව බැන්දෙත් සිංහලයෙක්. ඒත් උතුරට ගිය ගමන් ජාතිවාදියෙක් වුණේ කොහොමද ? ඕක තමයි ඉල්ලුමට සැපයුම. උතුර ඉල්ලන්නෙ ජාතිවාදියෙක්, ඔය ඊනියා සංහිදියාවෙන් වැඩක් නෑ, උතුරෙ බහුතරය ජාතිවාදියො. උන්ට උත්තර දෙන්න ඕනෙ උන්ට තේරෙන භාෂාවෙන්.

    ReplyDelete
    Replies
    1. ගොන් රොබටො, උඹ කියන්නෙ කැලේ නීතිය හෙවත් ඇහැට ඇහැක් දෙන්න කියල... මේ 21 වෙනි සියවසේ ලෝකෙ ඊට වඩා දියුනුයි... රටක සුලුතරය ජාතිවාදීව හැසිරෙනවනම් ආන්ඩුව කරන්න ඔනෙ සුලු ජාතිය හා මහජාතිය දෙකම එකතුවෙලා ඒකට විසදුම් හෙවීම මිස චන්ඩි කම් කිරිල්ල නෙමේ... අනික එතකොට දකුනෙ ජාතිවාදියො ඇත්තේම නැත්ද?

      Delete
    2. How surprising. Mathalan and Robert preaching the same ideals.

      Delete
  9. Robert you are 100% correct, Wigna is looking for a long-term $$$$ deal, keep eelam dream alive you get $$$$. Very soon all INGOs will be in north-east soon. Even Para will benefit from INGO $$$$, for Para UNP is better since INGO will be allowed.

    ReplyDelete
  10. ගෝටා සහ මරාව අත්අඩංගුවට ගැනීමට තමන් ඉඩ නොදෙනබව මෛත්‍රීපාල කලකට ඉහතා කීවා ලු නේද?

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ

      Delete
    2. ඉරිදා ලංකාදීප පුවත්පතට මහින්ද අමරවීර විසින් දී තිබු සම්මුඛ සාකච්චාවකදී ඔහු කියා තිබුනා මහින්ද රාජපක්ෂ සහා එම පවුල බේරා ගැනීමට මෛත්‍රීපාල ජනපතිවරයා කරන්න පුළුවන් හැමදේම කරන ලද බව.

      Delete
    3. නුගත්කම හා මෝඩකම සැගවිය හැක්කේ නිහඩව සිටින තුරු පමණි. දේශපාලන පක්ෂ තම නායකයන්/ මාධ්‍ය ප්‍රකාශකයන් පත් කිරීමේදී, උගත් ,දැනුවත් සමාජ දැනුමෙන් හෙබි පුද්ගලයන් පත්කළ යුතුය. එකිනෙකාට තම ප්‍රතිරූපය නංවා ගැනීමට මාධ්‍ය යොදා ගැනීම වැළැක්විය යුතුය. එවිට ජනතාවද බුද්ධිමත් තලයකට සංවාදයකට හුරු වනු ඇත

      Delete
  11. කූරු ගනිනකොට ටික ටික මතක් වෙය්

    ReplyDelete
  12. ඒ යුධ අපරාද වලටලු.

    ReplyDelete
  13. “කියග මගිය එනු කොහි සිට?
    දද සමනොළ ගොසිනා
    නොය කියමුකු එදිග?
    බමුණ සුමන සුරිඳු විසිනා
    තව ටික කල ගෙවෙනා කල
    රජකු එතැයි දියනා
    කියැවිණි - තන්වැසිය එනම්?
    ගෝඨාභය නමිනා”

    සන් මිතු සාරසයනි, මින් ඔබ සේ තුටුපහටු වන කෙනෙකු මෙ තෙදිය නැත.

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. // තව ටික කල ගෙවෙනා කල
      රජකු එතැයි දියනා
      කියැවිණි - තන්වැසිය එනම්?
      ගෝඨාභය නමිනා” //

      // සන් මිතු සාරසයනි, මින් ඔබ සේ තුටුපහටු වන කෙනෙකු මෙ තෙදිය නැත.//
      එසේමැය සහෘද මයුරවිල මැතිඳුනි....

      මෙසේ නිතින අප පිනවන ඔබතුමා හට
      දහසෙන් බැඳි පියැල්ලක් තුටින් ම දෙනු රිසියෙමි!


      Delete
    2. යෝවද තම්ප්පව රෝමනු ජේසු
      ස්ක්‍ය මුනී බහවා කත කිච්චෝ.
      - දඹදිවැ සිදුහත් ගව්තමැ

      Delete
  14. ඩල්ලියත් මාර පොර...

    තමුන්ගේ ම පන්තියේ ඉන්න, තමුන් ගේ සහෝදරයට ජහපාලනේ මහ එකා වෙන්න දර දිය ඇදපු සහ තවමත් අදිමින් සිටිනා පැරා තුමා ට ඉන්වයිට් නොකොර ගෝටා තුමාට ඉන්වයිට් කොලා නේ....

    කරපින්චා කොල මෙසේට යන්නේ නැහැ කියලා කතාවකුත් තියෙනවා නේ....
    කරුමේ කරුමේ....

    ReplyDelete
    Replies
    1. අනේ සාරසතුමෝ ඔයා දන්න දෙයක් නෑ.

      "පැරා මාම" ඔය මගුල්ගෙදරට ගියා. නැත්නං කොහොමද අච්චර අපූරුවට "පිරුවට පාවඩ චාරිත්‍ර" සිද්ධ වුනේ? මොනව වුනත් ඩඩ්ලි මහත්තයල චාරිත්‍ර දන්න උදවිය."පැරා මාම" රනිල් හාමු ගාව කරන්නෙත් ඔය රාජකාරිය තමයි.

      Delete
  15. පැරාගේ කුහකත්වය හෙළිවන සිදුවීම් කීපයක් ඊයේ ඔහුගේ උපන් දිනය දවසේ සිදු වුණා. පැරාට ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වුණා. පැරාට බ්ලොග් එකේ සුබ පැතුව හැමෝම විශේෂයෙන් "අපේ පැරාට සුබ පතන්න ඕනා" කියල හිතල සුබ පතපු අය. ඒත් පැරා ඊයේ Facebook එකේ යාළුන්ට ස්තුති කරලා ෆොටෝ එකකුත් එක්ක කමෙන්ට් කරල තිබ්බා. ඒත් බ්ලොග් එකේ කිසි කෙනෙකුට ස්තුතියක් නැහැ. එහෙනම් පැරාට Facebook එකේ යන ගමන් දාගෙන යන ලයික් එක ලොකු වුණා බ්ලොග් එකේ කමෙන්ට්ස්වලට වඩා. කමක් නැහැ පැරා. ඔයාට අර සිංහලෙන් කවි ලියන ඉංගිරිසියෙන් කතා කරන සල්ලිකාර හැඩකාර අලුත් යාළුවො ඉතිං හම්බු වෙන්නෙ Facebook එකේ නිසා වෙන්න ඇතිනේ දැන් බ්ලොග් එකට වඩා Facebook එක ලොකු. ඉස්සර නම් කිව්වෙ මම Facebook එක පාවිච්චි කරන්නෙ මගේ බ්ලොග් එක ‍ප්‍රමෝට් කර ගන්න විතරයි කියලා. හරි හරි පැරා එහෙනම් ඔයා එහෙම් ආ මෙයා?

    ReplyDelete
  16. //ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව ලෙස සැලකෙන්නේ මිග් ගනුදෙනුවෙහි දැවැන්ත වංචාවක් ගැන හෙළිදරව් කිරීමට කටයුතු කිරීමයි. /// කෙසේ නමුත් වික්ටර් අයිවන් මහතා ඒ දිනවල ඝාතනයේ හස්තය දිගු කළේ අර නේෂන් පත්තරේ මාධ්‍යවේදින්ට පහර දුන්නේ යැයි සැකකරන කෙනාටයි -පැරා මෙච්චර ස්ථිරත්වයෙන් එයට හේතුව මිග් ගනුදෙනුව යැයි පවසන්නේ කෙසේද? මිග් ගනුදෙනුව මුලින්ම හෙළිදරව් කළේ ඉක්බාල් අතාස්ය.  
    අනික් අතට අද වෙන තුරුත් මිග් ගනුදෙනුව පිළිබඳ අයන් ක්ලැඩ් සාක්ෂි සොයා ගැනීමට රජය අපොහොසත්ය - එම නිසා මෙතන පැරා චූන් වී දැඟලුවත් මේකත් මෙතනින් ඉවරය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා