රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

මූලාශ්‍ර‍ය: සමුපකාර දෙපාර්තමේන්තුව
මහින්ද රාජපක්ෂගේ ඉපදෙන්නට සිටින පක්ෂය කොහේදෝ පිටිසර පළාතක සමුපකාර ඡන්දයක් දිනා ඇති බව ආඩම්බරෙන් කියයි.

ගිය අවුරුද්දේ ලංකාවේ ලොකුම සමුපකාරයක ඡන්දයක් තිබිණි. ඒ ලක්ෂයකට වැඩි සක්‍රිය සාමාජික පිරිසක් සිටින අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියේ මැතිවරණයයි. එයින් ජය ගත්තේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද කණ්ඩායමකි.

සමුපකාර ඡන්ද යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන විවිධ සේවා සමුපකාර සමිතිවල ඡන්දවලදී කරන්නේ විවිධ සමුපකාර සමිතිවලින් මහ සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමයි. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගනු ලබන්නේ එම නියෝජිතයන් අතරිනි.

සමුපකාර සංකල්පය අනුව, සමුපකාර සමිතියක් යනු සාමාජිකයන්ගේ විවෘත, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, ස්වෛරී, ස්වතන්ත්‍ර, ස්වේච්ඡා සංවිධානයකි. ‍එහෙත්, විවිධ සේවා සමුපකාර සමිති යනු එවැනි දෙයක් ද? එවැනි දෙයක් නම්, එහි ඡන්දයක් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් විසින් ජයග්‍ර‍හණය කර තිබේ ය යයි කීම කුමන විහිළුවක් ද?

සමුපකාර ඡන්දවලදී මහ සභා නියෝජිතවරණය සඳහා පුද්ගලයන් තරග කරන්නේ තනි තනිව මිස කණ්ඩායම් ලෙස නො වේ. මේ කණ්ඩායම් ගොඩනගා ගන්නේ ද, එය දේශපාලනිකව අර්ථකථනය කර ගන්නේ ද සමුපකාර ව්‍යාපාරයේ පුළුල් අරමුණු වෙනුවට පටු අරමුණු ඉදිරියට දමා ගනිමිනි.

වර්තමානය වන විට විවිධ සේවා සමුපකාර සමිති බොහෝ දුරට රජයේ ව්‍යවසායන් බවට පත් වී තිබේ. ඒවායේ පැවැත්ම බොහෝ දුරට රජයේ ආධාර, බදු නිදහස, දේශපාලනය වැනි කාරණා මත පදනම් වේ.

සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් විය යුතු ය. 1992 අංක 11 හා 1983 අංක 32 දරණ සංශෝධන පනත් සමඟ කියැවෙන 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත මඟින් සහ 1973 සමුපකාර සමිති රීති මාලාව මගින් සමුපකාර දෙපාර්තමේන්තුවට බලය ලබා දී තිබෙන්නේ ද සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින්, සමුපකාර සමිතිවල යහපාලනය ගොඩ නැගීම සඳහා පුළුල් ලෙස මැදිහත්වීමට ය. (මූලාශ්‍ර‍ය මෙතැනින්

සමුපකාර ඡන්දවලදී නියෝජිතයන් තේරී පත් වන්නේ ප්‍රාදේශීය සමිති මට්ටමෙනි. එහෙත්, අද වන විට මෙම ප්‍රාදේශීය සමිතිවල මූලික ව්‍යවසාය වන සමුපකාර ප්‍රාදේශිකයට හෙවත් සමාගං කඩේට අත් වී තිබෙන්නේ කුමන ඉරණමක් ද? විවිධ සේවා සමුපකාර සමිති බොහොමයක පණ යන්තමින් ගැට ගසා ගැනීමට ඉවහල් වී තිබෙන කෝප් සිටි කඩයක පවා තත්වය කුමක් ද? අඩු වැටුපට වැඩ කරන, අසහනයෙන් පෙළෙන, සිනා නො වන, පාරිභෝගිකයන් ගැන සැලකිලිමත් නැති සේවකයන්ගෙන් පිරි, බොහෝ විට බක්කි හිස් වී තිබෙන සමුපකාර කඩවලින් අද වන විට තිබෙන ප්‍රයෝජනය කුමක් ද? 

සමුපකාර ඡන්දය ද සමුපකාර සමිතිය වැනි ම ප්‍රෝඩාවකි. ඡන්ද දිනා ගන්නට අවශ්‍ය අයට සාමාජිකයන් බඳවාගෙන ඡන්ද දිනන්නට පුළුවන. සමුපකාර ඡන්දය ගැන උනන්දුවක් පොදු ජනතාව තුළ ඇත්තේම නැති බව බොරුවක් නො වේ. 

සමුපකාර සංකල්පය යනු ලංකාවේ දේශපාලකයන් හා රජය විසින් අපහරණය කරන ලද තවත් සංකල්පයකි. රාජ්‍ය ධනවාදය විසින් සමුපකාරය ගිල ගන්නා ලදී. එහෙත්, දිළිඳුභාවයට එරෙහි සමාජ අරගලයේදී සමුපකාරයට තවමත් විභවයක් තිබේ. පීඩිත ගොවීන්ට, ධීවරයන්ට, ශිල්පීන්ට, සුළු කර්මාන්තකරුවන්ට තමන්ගේ ම සමුපකාර සමිති ඔස්සේ ජීවන අරගලයට ශක්තිය ලබා ගන්නට පුළුවන. රජය කළ යුත්තේ එවැනි සමුපකාර දිරි ගැන්වීම හා උපකාර කිරීම පමණි. සමුපකාර අධ්‍යයනය ගැන එස්. නන්දලාල් ලියූ පොතක් ගැන තොරතුරු මෙම සබඳතා පුරුකෙන්.

සමුපකාරයට දේශපාලනය පටලැවූ අය දැන් ඒ දේශපාලනයේ ම පටලැවී අක්මුල් සොයා ගන්නට බැරිව සමුපකාර ඡන්දයෙනුත් ගොඩ යන්නට පාරවල් සොයති. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරාගෙ දුව නේද අර "අවංකකම" කියන තැන ඉන්නෙ.

    ReplyDelete
  2. " අඬන්නේ ඇයි මේ පැරකුම් කියන්න පණ මාගේ
    හෙලන්නේ ඇයි කදුලැලි යහමින් මේ බ්ලොග් ලෝකේ "

    - මොණරවිල

    ReplyDelete
  3. සමුපකාර චන්දෙකින් වත් දිනන්න බැරි පාලක පක්ෂයකට මොකට රෙදි නැතුව කඩේ යනවද බං

    ReplyDelete
  4. මගේ යාලුවෙක් සමුපකාර කුපන් එකතුකරන්න ගිහිල්ල මිනිස්සු ගහල මලා

    ReplyDelete
    Replies
    1. ඔය කොයි කාලෙද හැබෑට....මන් දන්න එකෙකුත් මලා කූපන් දෙකක් හිරවෙලා. එකයි එලියට ගන්න පුලුවන් වුනේ. දෙවෙනි එක එලියට ගන්න කොටම පණ ගියා.

      Delete
    2. සිරිකොතේ කූපන්ද මචං ?

      Delete
    3. උඹට පිස්සු...සිරිකොතෙන් කවද්ද බං කූපන් දුන්නේ. තියෙන එකත් කැපුවා මිසක්.

      Delete
  5. සිව් දිග නැගේ නිලඹර දිලෙන නිල් කොඩී
    පුල හෙළ කුසුම වෙත පැන් ඉසෙන රන් කෙඩී
    අලි රැළ වෙත ඒ වේමය මර වෙඩී
    බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. සන් මිතු සාරසයනි,
      පෙර පෝස්ටුවෙහි තොප කව බොහෝ මනාය. උගත සැත්කම ලෙසම සත් කවද පෙරට රැගෙන යනු මැනවි. ඉහත කව වෙත ඔබ පිළිවන් කවක් ලියනු මනාය.

      - මයුරවිල මි.

      Delete
    2. තෙල්ගාලා හිස පීරන් නෑනෝ
      ඇටවැල අරගෙන බැඳගන් නෑනෝ
      සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
      ගොයම් නෙළන්නට අපි යමු නෑනෝ

      - සාරස

      Delete
    3. සරසයනට මයුරවිලයනට උපහා‍ර වේවා!

      ජන්මය ලදුයෙ මාගම් පුර වෙත පොරණ
      පුතුණුව වුණෙය සිරිනාගට ලඹකරණ
      සොහොයුරු සංඝබෝ රජකම හැර දැමිණ
      අප කුමරාණ රජ විය මේ ලක් දෙරණ

      තුටු කර මෙසිරිලක දන සඟ සිත් කමල
      සම්බුදු සසුන වඩවා සුරැකි ය නිමල
      දස දෙස මැවිණි අප රජ කළ වැඩ විසල
      පවසමි කීපයක් මේ ලෙස කර ලකල

      පිළියම් කළෙ ය ලෝවාමහපායේ පෙළ
      සිරිමා බෝ වටා නැඟුවෙ ය මහල් පෙළ
      වටදාගයක් තනවා සෑගිරි-යෙහි පතළ
      අප රජු කළ මෙහෙය අපමණ වේ බබළ

      බිඳී ගිය වෙහෙර නංවා සිව් දෙස ම
      අලුතින් කරවීය නෙක නෙක වෙහෙරකම
      සසුනට අරුණ වී රජ සිහ පුත් ලෙස ම
      සිරිලක දැහැමි දෙස කළ ලෝකයෙ පරම

      අභයගිරි වෙහෙර දකුණත සාගලික සඟ
      නිමල දහම නසමින් පැමිණියො ය නැඟ
      හමවඩු ගසා පලවා හැර එමල සඟ
      අප රජු කළෙ ය පිරිපහදුව මෙලක සඟ

      තිඹිරි වැව ද මඬවල මෙත් මල් වෙහෙර
      තිබෙනා ශිලා ලිපි පවස යි රජුගෙ වෙර
      දහතුන් වසක් රජ කළ නිරිඳෝ කවර
      ගොටක අබ හෙවත් ගෝඨාභය පවර

      රෝහණ දෙස උපන් ‍ගෝඨාභය නිරිඳ
      යළි නැඟ එන්න නැඟුමට අප රට නිබඳ
      මෙත්මල් වෙහෙර පුද දෙමු එදිනේ සබඳ
      ගෝඨාභය කුමරු රජ දා කිරුළු බැඳ


      සරසයෙනි, පෙර වියුණුසටහනට ඔබ එක්කළ කව ‍මාහැඟි බව අපි ද මයුරවිලයන සමඟ එක් ව පවසමු. පැරකුමුවනගේ නරක කාලය යළි පැමිණ ඇති සෙයකි. පැරකුමුවනගේ රැවුම් ගෙරවුම් නින්දා අපහාස මැද වුව සාහිතකලා විසා නැඟ එන සැටි මනතුටු නො කරන්නේ ද? සබඳ, අපි අපගේ දෙස-බස-රැස රැක ගනිමු දිවි හිමියෙන්. ජාතිය නැසිය යුතු යයි පවසන රටක් ජාතියක් ජන්මයක් නැති දනෝ දද නඟනා බොල් හඬින් අපට කම් නැත. ජාතිය නඟන්නට රිසියෙන් ඔද වැටුණු - එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු!

      Delete
    4. නන්දිකඩාලයේ නහමින් රුදු සතුරා
      මිහිඳු මලුන් ලන්කාවම පහන්කරා
      අපි ණය ගෙවමු හද බැතියෙන් දෝත දරා
      ලකිසුරු කරමු ගෝටාබය ජන මිතුරා!

      Delete
    5. /////ලකිසුරු කරමු ගෝටාබය ජන මිතුරා!//////////

      නයි කයිද කිඹුලා බනිස්....කියලා කියන්නේ මෙව්වට.

      Delete
    6. මචං, විෂ්ණුටත් සෙනසුරු අපලෙ නිසා අලියෙක් වෙලා හත් අවුරුද්ද්දක් බටකොළ කන්න වුනාලු? මතුගම පැත්තෙ නම් දැන් බට කැලෑ තියනවද දන්නෙ නෑ?

      Delete
    7. aho parakum jayasinha samajawadiyage tharama. parakum rathu amude galawala kade giya kola pata yahapalanaya awasan husma tika yanna kittu wela inne.

      Delete
  6. Rajapaksha yanu athithayayi. Owun paradi mahaparata wati atha. Wipakshaye sitina owun yam yam deshapalana kriya ganima swabhawikayi. Namuth para mokada thawamath rajapakshama me rate wagema obe blogeth pradhana mathrukawa wela thiyenne? obala me anduwa balayata genawe rajapaksha gana me awurudu pahama katha karamin innada?
    Ethakota me anduwa wisin balayata ena wita dunnu porondu ko, kawuda e gana prashna karanne? Dan mowun karamin inne monawada? Obala thawaduratath awidyamana rajapakshayek gana katha karamin wahannata hadanne monawada? Awashya de Pamanak liyanna para. Rajapakshata banimin me awurudu tika gatha kalama janathawata wena sethe mokakda? Purawasiyo meyata wada awadiyen sitiya yuthui. Mata penenne obath anduwe agenda ekakata awashya deyin anawashya deta awadhanaya yomu karana wyapruthiuaka inne..

    ReplyDelete
  7. මහින්ද බෙලිඅත්ත වි.සේ.ස සමිතියේ සභාපති කරවමු !
    ඉතිං ඊට පස්සේ....
    මහේනද්‍රගෙ බෑනගේ රු.කෝටි 520 ලාබේ ලබන වසරේ රු.කෝටි 1040 කරවමු!
    ඉතිං ඊට පස්සේ....
    පුල් සපාන් එකේ තුන්දෙනෙක් සෙට්වෙලා රු.1350 ට ගල් බෝතලේකුයි , රු.48 ගානේ ගෝල්ලීප් 5කුයි,බයිට් 100කුයි එකිනෙකා පරයමින් තරඟකාරී ලෙස ඇද දමා,
    TV එකේ රෑ 10ට ගොන් පොරයක් බලා කලුවරේ බිත්ති අතගාමින් හිලසොයා යමු.
    ඉතිං ඊට පස්සේ....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මැහුම් හත අටක් දමන්න තොගේ පුක පලමු.

      Delete
    2. ෂා නියමයි!
      ඉතිං ඊට පස්සේ....

      Delete
  8. සිරිකොතේ කුලියට ලියන පක්කලියන්ගේ ඇස්වල කටු අනින්න වගේ

    අද දිනයේ අධිකරණය හමුවේ විභාගයට ගැනුනු ඇවන්ගාඩු නඩුව වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරැවන් අට දෙනා වෙනුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයින් සියයක වැඩි පිරිසක් පෙනී සිටියහ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නීතීඥයින් 60ක් පමණදි ඉතිරි පිරිස සෙසු සැකකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියහ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයේ නීතීඥයන් මූලික විරෝධතාවයක් ගොනු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව පවරා ඇත්තේ නිසි නීතිමය ක‍්‍රියාමාර්ග අනුමනය කිරීමෙන් තොරව බවයි. මේ නිසා තව දුරටත් නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන දෙසැම්බර් මස 03 වැනි දිනට කල් දමනු ලැබීය.

    ReplyDelete
    Replies
    1. yahapalana gonno serama ekayi hariyata parakum jayasinha wage un gahana gahana thurumpu serama paradayi. un wal thurumpu gala unge gonkame tharama pennanakota MR ta lakunu labenawa nikamma.

      Delete
  9. //මහින්ද රාජපක්ෂගේ ඉපදෙන්නට සිටින පක්ෂය කොහේදෝ පිටිසර පළාතක සමුපකාර ඡන්දයක් දිනා ඇති බව ආඩම්බරෙන් කියයි. //

    ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
    පැරා ගේ උපන් ගම නම් මතුගමය
    පිටිසරටත් එහා එය පිහිටා ඇතිය
    එහෙවු පැරා පිටිසර ගැරැහුම කැත ය

    ReplyDelete
    Replies
    1. පිටිසර හොඳයි නෑගම් යන ටොයියන්ට
      ටොයියන් හොඳයි යහපාලන ගොයියන්ට
      ගොයියෝ හොඳයි පාරේ වී වේලන්ට
      අයියෝ මැතුනි ඇමතුනි මේ අහගන්ට

      Delete
  10. පැරා, උඹට අප්සෙට් ද මචං උඹේ ම වේදිකාවේ මේ විධියට ජාතිමාමක සහෝදරත්වය බලමුළු ගැන්වෙද්දි උඹට එරෙහි ව? උඹ පොලිටික්ස් ගැන අතදරුවෙක් බං තවම.

    ReplyDelete
    Replies
    1. ජාතිමාමක සහෝදරත්වය බලමුළු ?

      රාජ්‍ය දේපල අයථා පරිහරනය ජාතිමාමක ක්‍රියාවක් ද?
      තම විරුද්ධවාදීන් ඝාතනය කිරීම ජාතිමාමක උවමනාවක් ද?
      හොර හැදුනුම්පත් හා හොර පාස්පොට් හැදුවේ සිංහල ජාතියේ උන්නතියටද?
      පාරවල් ,විදුලි බලාගාර,පාසැල් ගොඩනැගිලී ආදියෙන් කොමිස් ගැසීම ජාතිමාමකද?

      *අධිරාජ්‍යන්ට විරුද්ධව සටන්කල අපේ මුතුන් මිත්තන්ගේ ජවය පවානොදෙනු!
      *දිවි පරදුවට තැබු සැබෑ රණවිරුවන් පුදදෙමු!
      *හොරකම ජඩකම වැසීමට සිංහල ජාතිය පාවා නොදෙමූ!

      Delete
  11. විපුල ගුණැති මහතුන් හට පත් විපත

    නිසල නැණින් යුතු උතුමෝම දුරලත

    කළල ගිලෙන සිරිලක යලි ගොඩ ගනුත

    ගෝඨාභය කුමරුම මිස අන් කෙවත

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. මාපියා කල්ලියෙන්
      මා පියා ගෙන ගියා
      මා පියා හැරපියා
      කුමට කැප කරු පියා....?

      මචං මේ කවිය ප්‍රේමදාස යුගයේ මා-පිය කැපකරු සංකල්පය පිලිබඳව කවුද කොල්ලෙක් ලියපු එකක්. මොන එහෙකටද මන්දා මට මතක්වුනා. ගැලපෙනවා...ගැලපෙනවා වගේද ...

      Delete
    2. බලු රජවූ නියා
      රට බල්ලට ගියා
      අපට රටක් තියා
      පලයන් පිං පියා

      අරුණ අන්තිම පදේ උඹට නෙමෙයි කිව්වෙ.

      Delete
    3. ///අරුණ අන්තිම පදේ උඹට නෙමෙයි කිව්වෙ.//////

      එහෙනම් කොයි පියාටද කිව්වේ බං....අර මළා කියපු අප්පච්ච්වත් මතක්වුනාද උඹට.... ඒත් එක්තරා පිං අප්පච්චියෙක් තමයි බලන් ගියාම.

      Delete
    4. ආ අරූ , සිරිකොතේ කකුස්සිය හොරෙන් හොරෙං තාමත් කඩං කනව වගේ නේද ??

      Delete
    5. සිරිකොතේ කක්කුස්සිය මොකක්ද බං......ජයන්ති පාරේ කක්කුස්සියනේ කක්කුස්සිය. අන්න කක්කුස්සි...තාමත් නීලකාස නිලමැස්සෝ සෙට් එකක් අත දාගෙන කන්නේ. ඔය වලල්ලාවිට නිලමැස්සා බෙට්ටක් වලඳන්න ගිහිල්ලා පගා කේස් එකකට අහුවුනා මතකද.....අන්න කෑම..

      Delete
    6. ///ගෝඨාභය කුමරුම මිස අන් කෙවත////////
      මයුරවිල ඇනෝ......ඔය Goatඅභයට බෑ..බෑ කිය කිය බිත්ති උලා කන්නේ නැතුව කෙලින්ම "අයියා සමඟ පෙරට" බැනර් එකේ වැඩට බැස්සනම් රජු වෙන්න හරි බිජු වෙන්න හරි පුලුවන්නේ. පොර දන්නවා මේ වෙලාවේ අයියා සමග පෙරට ගියොත් රජෙක් නෙමෙයි ගොන් රජෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ කියලා..බලමු..බලමු... මේ දවස්වල පොර බලන්නේ ලඟ නෙමෙයි ටිකක් දුර වගේ. කමින් කලර්ස් ඒ වගේ කියලා හිතෙනවා.

      Delete
    7. Aruna
      ubata gota waha wageda? karanna deyak na ban dan ponna ranigeyi gon sirageyi kale iwarayi. un dennage naraka kale issarahata enne. hitha hadagena hitapan monawa karannada

      Delete
    8. අරූ තනියම ගේමක් දෙනවා ගෙරිපාලනය ගොඩගන්න. කොහොම ගූ කත් ඇද්දත් උඹට පොන්සි පාලනේ ගොඩ ගන්න බෑ බං. ආත්ම ගෞරවයක් තියෙන බ්ලොග් ලෝකේ ඉන්න වෙන එකක් වත් දැන් ගෙරිපාලනයට දෙන්න යන්නේ නෑ බං. උඹේ තියෙන උපතින් ආපු UNP මොංගල් කම අතැරලා දාල නිකං අතිං කාල ගූ කත් ඇදල කිච වෙන්නේ නැතුව හිටපං.

      Delete
    9. @Ano 5.03 මචං මට ගෝටා වහත් නැහැ...රහත් නැහැ. ඒත් මචං මම ඉපදුනේ 2015 ජනවාරි අටවෙනිදායින් පස්සේ නෙමේනේ. අතීතය අමතක කරන්න බෑනේ. රාජපක්ෂ ගෝටා විතරක් නෙමේ ඔය කොයි එළුවා ගැනත් මතක අතීතයක් තියෙනවා. අන්තිමට ගෝනි එලුවා තමයි ඉතිරිය.

      Delete
    10. @ Ano...////උඹේ තියෙන උපතින් ආපු UNP මොංගල් කම අතැරලා දාල/////
      මම යූඇන්පීද.....නැහැ...යුඇන්පී නොවුන නිසාම බැටකාපු පවුලක එකෙක්. පප්පගේ කළගෙඩි-ලාම්පු සෙල්ලමේ ඉඳන් ප්‍රේමදාසගේ නෝනගේ වෝටර් පෝලෝ සෙල්ලම්,රනිල්ගේ බටලන්ද චන්ද්‍රිකාලාගෙ තවක්කාල්, මහින්දලාගේ කාල්ටන් හරහා ආපහු රනිල්ලාගේ මහේන්ද්‍රන් මගෝඩි හොඳටම රහ විඳිනවා. උඹ පුද්ගලයෙකුට යටවුනාට මම පුද්ගලයෙකුටවත්, පක්ශයකටවත් යටවෙන්න කැමති නැහැ.

      Delete
    11. පාහර මිනීමරු අවලම් හොර තක්කඩි ගෝටා පැය බාගයක් විත්ති කූඩුව ඇතුළට දැමූ යහපාලනයට ජයවේවා.

      ඊළඟ නඩු වාරෙදි ඔය බල්ලා රිමාන්න්ඩ්.

      Delete
    12. ඕකව බෝම්බ ගහල මරන්න ඕන අහිංසක ද්‍රවිඩ ජනතාවට කරපු අපරාද වලට.

      Delete
  12. මේකනම් පට්ට, 2014 දෙසැම්බර් ජනාධිපති වෙන්න හිටපු මහින්දය දැන් ඉල්ලනෙ හද්ද පිටිසර සමූපකාර ඡන්ද වලට. මන් හිතුවෙ මිනිහ පලාත්සභා නගරසභා එහෙමත් ඉල්ලලා ඔය මට්ටම්ට එයි කියලා. බලන්කොට මිනිහ කලින්ම තත්වෙ තෙරුම් අරගෙන

    ReplyDelete
    Replies
    1. 2014 december weddi koti TNA karayo tikayi nagenahira thambi tikayi mahinda elawanna ekathu weddi ubala un ekka ekathu une ayi kiyala ubalama hoyala balapalla. samupakara chandekinwath ubalage yahapalaneta goda yanna bari bawa oppu una. hithe amaruwata uba ona deyak kiyala hitha hadaganin. habayi ithin chandeyak thibboth ranil sira set ekata apath na. ubalage ponna yahapalane 2015 August wenakotath chatar wela iwarayi. e chande dinneth horakamin koti chanda komata pin sidda wenna

      Delete
  13. පව් අප්පා... ආන් අද සෙට් එකම අළුත්කඩේ උන්නා...

    ReplyDelete
    Replies
    1. සිව් දිග නැගෙන නිලඹර දිලෙන නිල් කොඩී
      වෙනබැව් හෙළ කුසුම වෙත පැන් ඉසෙන රන් කෙඩී
      අලි රැළ වෙත එයම වන බවට මර වෙඩී
      පෙරකල නොදුටුවද ඔබගේ මාමණ්ඩී

      Delete
    2. aluth kadeth ubalage kadayak karaganna hithan hitiyata ehema wenne na hitan

      Delete



  14. ""අඩු වැටුපට වැඩ කරන, අසහනයෙන් පෙළෙන, සිනා නො වන, පාරිභෝගිකයන් ගැන සැලකිලිමත් නැති සේවකයන්ගෙන් පිරි, බොහෝ විට බක්කි හිස් වී තිබෙන සමුපකාර කඩවලින් අද වන විට තිබෙන ප්‍රයෝජනය කුමක් ද?"""

    මෙන්න මේක නම් අම්මාපල්ල සහතික ඇත්ත,මම කෝප් සිටි පැත්ත පලාතේ නොයන්න හේතුව ඕකයි.ඕපාදූප හල හල ඕහේ දවස ගෙවන මේලෝ වැඩකට නැති හුකන්නල,සෙට් එකක් ඉන්න තැනක් තමා කෝප් සිටි කියන්නේ!!

    ReplyDelete
  15. බලු රජවූ නියා
    රට බල්ලට ගියා
    අපට රටක් තියා
    පලයන් පිං පියා

    අරුණ අන්තිම පදේ උඹට නෙමෙයි කිව්වෙ.

    ReplyDelete
  16. මහින්දානන්ද හිරේ දැමීමට ගොස් කලිසමේ මල පහ කරගත් රහස් පොලීසියේ ඛේදාන්තය…
    මහින්දානන්ද අළුත්ගමගේට විරුද්ධ මෙම පැමිණිල්ල ඉදිරිපත් වන්නේ 2013 වර්ෂයේය. අනතුරුව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම විසින් ඒ පිළිබඳ වසර එක හමාරක් තිස්සේ පරීක්ෂණ මෙහෙයවා අවසානයේ එම ඡෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරමින් මහින්දානන්ද අළුත්ගමගේ වෙත ලිපියක් නිකුත් කරනු ලබනවා..
    අන්තුරුව 2015 ජනවාරි 8 වෙනිදායින් පසුව නැවතත් එකී කොමිසමම අර ලිපිගොනුව නැවත විවෘත කර මෙම චෝදනාව විභාග කරන්නට කටයුතු කරනවා.. නමුත් කලින් තීරණයක් ලබා දුන් සිදුවීමක් නැවත විමර්ශණය කිරීමේ නීතිමය අපහසුතාවය මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට වැටහීම නිසා දේශ්පාලනිකව පළිගැනීම් සිදු කරන්නට වත්මන් රජයට අපහසුතාවයක් ඇති වූ බව කිව යුතුය.
    අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ න්නම් පරාජිත දේශපාලකයාය. ඔහු විසින් ඉහත කරුණුම රැගෙන ගොස් රහස් පොලීසියේ පැමිණිල්ලක් දැම්මේය.. අනතුරුව මහින්දානන්දගේ වත්කම් බැරකම් පිළිබඳව රහස් පොලීසිය විසින් විමර්ෂණය කරන්නට යෙදිණ. මෙහිදී ඔහුට හිමි දේපළ හයක් පිළිබඳව විමර්ෂණය කරනු ලැබූ අතර එයින් එංගලන්තයේ තිබෙන නිවෙස ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ දරුවන්ගේ පාවිච්චිය සඳහා සැදූවක් බවත්, තවත් එක් දේපළක් ඔහුගේ පළමු බිරිය විසින් ඇයගේ ව්‍යාපාර වලින් මිළදී ගත් බවක් රහස් පොලීසිය හමුවේ සනාත වී තිබෙනවා. ඉන් අනතුරුව මහින්දානන්ද අළුත්ගමගේට අයත් මහනුවර අනිවත්තේ ඇති නිවසක් පිළිබඳව, බත්තරමුල්ලේ තිබෙන නිවෙසක් පිළිබඳව, කොළඹ කිංසි පාරේ තිබෙන මහල් නිවාස සංකීර්ණයක ඇති නිවෙසක් පිළිබඳව සහ කොළඹ බොරැල්ලේ පිහිටා තිබෙන ඉඩමක් සම්භන්ධව විමර්ෂණ කටයුතු දිගින් දිගටම කරනු ලැබිණ.
    එහිදී මහින්දානන්ද අළුත්ගමගේට අයිති ව්‍යාපාර 6ක් පිළිබඳව රහස් පොලීසිය අනාවරණය කරගනු ලැබිණ. එම ව්‍යාපාර නම්,
    A & R Land Sales
    Jayabima Land Sales
    We Do Lanka (Pvt.) Ltd.
    MRH Holdings (Pvt.) Ltd.
    Chamber of Gifts
    යන ව්‍යාපාරයි. මේ සියල්ල නීත්‍යානුකූල ව්‍යාපාර බවත්, ඊට අදාල සියළු ආදායම් බදු ගෙවා ඇති බවත්, එහි කිසිදු නීත්‍යානුකූල දෝෂයක් නොමැති බවත් රහස් පොලීසිය හමුවේ අනාවරණය වුනා. මීට අමතරව තම දෙමවුපියන්ගෙන් උරුම වී මහින්දානන්ද අළුත්ගමගේට අයිතිව තවත් දේපළ රාශියක් තිබෙන බවත්, පාර්ලිමේන්තුවට ආ දිනයේ පටන් ලැබූ වාහන බලපත් බහුතරයක් විකුණා දැමීම තුලින් ඉපැයූ රුපියල් මිලියන 50ක් පමණ තිබෙන බවත්, එම මුදල් ද සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබේ. ඒ වගේම මෙම මුදල්, වත්කම්, ව්‍යාපාර සියල්ල 2008 වසරේ සිට මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල සියළු වත්කම් බැරකම් ප්‍රකාශවල සදහන් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණ.

    ReplyDelete
    Replies
    1. හික්ස්.,,ඉහත කරුනු සත්‍යබව මම සබාවට ප්‍ර‍ාකාශකරමි.

      Delete
  17. මේ සියළු කරුණු වලින් මහින්දානන්ද අළුත්ගමගේ නිර්දෝෂී වෙමින් පවතිද්දී රහස් පොලීසියේ නිළධාරීන් සතුව එක තුරුම්පුවක් ඉතුරුව තිබිණ. ඒ කින්සි පාරේ පිහිටි මහල් නිවාසය මිලදී ගැනීම සදහා මන්ත්‍රීවරයා මුදල් ගෙන ඇති ආකාරයයි. එයින් ලක්ෂ 100ක් ලංකා බැංකුවේ පර්ලිමේන්තු ශාඛාවෙන් ලබාගත් ණය මුදලක් බව අණාවරණය වූ බවත්, එම මුදල තවමත් ගෙවමින් පවතින බවත් රහස් පොලීසිය ගරු අධිකරණයට දන්වනු ලැබිණි. නමුත් නඩුවේ පෙර නිමිත්ත වුනේ මේ සියළු කාරණා වලට හාත්පසින්ම වෙනස් කාරණයකි.
    මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වී තිබූ ලක්ෂ 14ක මුදලක් පිළිබඳව රහස් පොලීසියේ නිළධාරීන් විසින් විමර්ෂණය කරනු ලැබිණි. එහිදී හෙළි වූයේ මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන “ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු කොංග්‍රසය” නම් වෘත්තීය සමිතියක තිබූ මුදලකින් ලක්ෂ 14ක කොටසක් මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වී ඇති බවයි. වෘත්තීය සමිතියේ කාර්‍යයක් සදහා මෙම මුදල් මන්ත්‍රීවරයාගේ ගිනුමට බැර කල බව මෙම සමිතියේ සියල්ලන් පැවසූවත්, රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ එම මුදල් දේපළ මිළදී ගැනීමට මන්ත්‍රීවරයා යෙදූ බවට සැක කරන බවත්, කෙසේ වෙතත් එම මුදල මන්ත්‍රීවරයා විසින් ආපසු සමිතිය වෙත ගෙවා ඇති බව නිරාවරණය වී ඇති බවත්ය. නමුත් අදාල සමිතියේ ව්යවස්ථාවට අනුව එසේ මුදල් ලබාගත නොහැකි බව නිසා සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කල බවත්, සාක්ෂි විමසීම අවසන් වනතුරු මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. එසේ නොවුනොත් ඉදිරි සාක්ෂි විමසීම් කටයුතු වලට මන්ත්‍රීවරයා විසින් බාධා පමුණුවන්නට කටයුතු කරනු ඇතැයි රහස් පොලීසිය තව දුරටත් අධිකරණයට දන්වා තිබේ..
    ඒ වගේම මෙම පරීක්ෂණ සදහා මේ වන විට සාක්ෂි කරුවන් 189ක් කැදවා ඇති බවත් තවත් සාක්ෂි 40ක් පමණ ලබාගත යුතු බවත් රහස් පොලීස්සිය අධිකරණයට දන්වනු ලැබීය. නමුත් විත්තීයේ නීතිඥ්ඥ මහතා කල ප්‍රශ්ණ කිරීම් හමුවේ රහස් පොලීසිය කියා සිටියේ පසුගිය කාල පරාසය තුලදී මන්ත්‍රීවරයා විසින් සාක්ෂි කරුවකුට කිසිදු බලපැමක් කල බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත්ය. ඒ වගෙම නාවලපිටිය ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දුන් කොන්ත්‍රාත් පිළිබඳවද විමර්ශණය කරන බවත්, මේ වන විටත් එහි කිසිදු නීත්‍යානුකූල නොවන ගණුදෙනුවක් හෙළි කර ගැනීමට නොහැකි වී ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
    අද මෙම නඩුවේ ඇප දෙයි යැයි සැක සිතූ නිසාවත්දෝ, අල්ලස් හා දුෂණ කොමිසම විසින් අද දිනයේ එම අධිකරණයේදීම තවත් නඩුවක් මහින්දානන්ද අළුත්ගමගේට විරුද්ධව ගොනු කරනු ලැබිණ.
    ඒ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14000 බැගින් ආනයනය කිරීමක් සම්භන්ධව විමර්ෂණයක් වෙනුවෙනි. විත්තියේ නීතිඥ්ඥ මහතුන් පෙන්වා දුන්නේ එම කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කර ඇත්තේ සතොස ආයතනයෙන් බවත්, ගබඩා කර ඇත්තේ සතොස ආයතනයෙන් බවත්, බෙදා හැර ඇත්තේද සතොස ආයතනයෙන් බවත්ය. නමුත් ඒ සඳහා මුදල් ලබා දෙන බවට සතොස ආයතනයේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරයා ලිපියක් නිකුත් කර ඇති නමුත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වාචික නියෝගයක් අදාල මන්ත්‍රීවරයා විසින් ලබා දී නොමැති බවත්ය.
    කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්වරයා අද දින මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කරන ලදී.
    වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ “මහින්දානන්ද හොරා…” යැයි ගසමින් තිබූ ලේබලය පොලීසියේ රෙද්ද පල්ලෙන් බේරෙමින්, තවත් හොරු ඇල්ලීමේ නාටකයක් එසේ නිමා විය.

    ReplyDelete
    Replies
    1. ඇප මත නිදහස් කරනවා කියන්නේ නිදොස් කොට නිදහස් කිරීම ද?

      ඔබගේ තර්කයෙන් ඔප්පු වන්නේ ඔහු දක්ෂ ලෙස කටයුතු කර ඇති බව පමණයි.

      Delete
    2. එම තර්කයටම අනුව -
      පැරකුම් 88-89 කාලේ අහිංසක මිනිස්සු මරල නිදහසේ ඉන්නේ දක්ෂ ලෙස කටයුතු කරලා නීතියෙන් බේරී සිටින නිසා මිස ඔහු මිනිමරුවෙක් නොවෙන නිසා නොවේ.

      Delete
    3. /////තවත් හොරු ඇල්ලීමේ නාටකයක් එසේ නිමා විය.//////////

      මේ කියන විදිහට ඇප මත එලියට එන හැමෝම නිදොස්වී නිදහස්වුවා යැයි අර්ත දැක්වුවොත්...ඇපෙන් පස්සේ නඩුව අහෝසි කරන්න එපැයි. නඩු අහලා ඉවරවුනාම මේ විදිහටම ලියවෙනවා නම් අපි පිලිගමු. එතකම් කලබල නොවී ඉන්නයි තියෙන්නේ.

      Delete
    4. pahadiliwa waradak karala naha kiyala withthi karaya nidahas wechcha nidahas karanna sakki thibuna naduwak aye passe adala aran wena rathu ali patiyek lawuwa aluth naduwak hadapu ewunge manasikathwaya kopamana bankolothdha? ane huke! horakam nokarama hitapu ewunne me dan horu allanne.

      Delete
  18. අය්යාට මතකද අය්යා ලාම්පු කලගෙඩි සෙල්ලම ! එකත් රාජපක්ස උන්නේහෙලද කොලේ ?. ඔය යහපාලනය ගැන කතා කරන madam ගේ කලේ තිබ්බ වයඹ චන්දෙ මතකද අයයන්ඩ් !. සමහරක් හේතු නෙතිව චන්දෙ කල් දාන්නේ මොකෝ අය්යා. මම නම් හිතන්නේ හරියට චන්ද තිබ්බේ අර හොර ගෙඩියා රාජපක්ස විතරය්. නිකන් කඩේ යන්නේ නෙතිව ඉන්න අය්යා

    ReplyDelete
  19. samupakara chandayak unath awathakseru karanna ba. uba oya samajawadi amudeth galawala dala heluwenma kade giya ranigeyi sirageyi paksha dekatama samupakara chandewath dinanna bari ayi kiyala katha karapan issara wela. ada me rate bim mattamatama thope gon palane epa wela iwarayi. ayemath gihin galawapu rathupata samajawadi amude andagenawath heluwa wahaganin gon buruwa.

    ReplyDelete
  20. මූව මචං ආයෙත් වමට ගන්නේ නැහැ කවුරුවත්. මූව වමෙන් ඩිපෝර්ට් වෙලා ඉන්නේ. මූට දැන් ඉතිං රතු අමුඩයක් ගහං යන්න වෙන්නෙ අංගොඩට විතරයි. මූ ඩයි එක ගාන එක නවත්තලා හැරී ජයවර්ධන වගේ වෙන්න මාර ට්‍රයි එකක් දෙනවා මේ දවස්වල. මුගේ පොටෝ එකක් තියෙනවා සිජහල-දෙමළ කලා උලෙළ මීඩියා කන්ෆරන්ස් එකේ දී ගත්ත. ඒ කාලේ හාල් මැස්සා වගේ. මෝඩ පහේ උඩ රැවුලකුත් වවන්. දැන් මූ චීන ඌරෙක් වගේ වෙලා. මොන තරම් නම් කුණු ජරාව ගිලල ද මූ පහු ගිය අවුරුදු ටිකේ සිරිකොතෙන්. කොත ගහලා බත්පත ඇද බානව ඇති.

    ReplyDelete
    Replies
    1. mu anchor butter aran sirikotha paththe gihilla ranigen honda sapakuth gannawa athi.

      Delete
  21. samupakara chandeth koti chanda komata baradila pawaththanna thibunanam horata ganala hari result eka anik patta gahanna thibuna maha chande wage. ekath karaganna baruwa munge redi galauna. monawa karannada minissunge kamaththa yahapalana pimpiyantayi chanda komatayi NGO ballantayi wenas karanna ba.

    ReplyDelete
    Replies
    1. Ane Ane ape parata NGO balla kiyannanam epa��

      Delete
  22. මොන මඟුලක් උනත් යහපාලන හොරුන්ට වඩා මහින්ද චින්තන හොරු රට කාබාසීනියා කලා.රතු අයියලා මේ දෙගොල්ලටම ගොට්ට ඇල්ලුවා.හා බොරුද මං කියන්නේ.

    ReplyDelete
  23. පැරා ගේ ලිපි වලට එන නොමෙන්ටු වලින් පේනවා ඒවාට බය කොපමන දෙනෙක් ඉන්නවාද කියලා. පැරාට ඒ ගැන ආඩම්බර විය හැකියි.

    ReplyDelete
  24. වේයන්ගොඩ තරුණ කැලSeptember 30, 2016 at 6:48 PM

    “තොල්පෙති අතරින්“ බලපු අය අත්දෙකම ඔසවන්න.

    ReplyDelete
  25. /////සමුපකාර ඡන්දය ද සමුපකාර සමිතිය වැනි ම ප්‍රෝඩාවකි. ඡන්ද දිනා ගන්නට අවශ්‍ය අයට සාමාජිකයන් බඳවාගෙන ඡන්ද දිනන්නට පුළුවන/////////

    බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ කෝබින් ලොක්කා ගැනත් පහුගිය කාලේ පුවත් පලවුනේ මෙහෙමයි.

    Corbyn 'vote-buying scam' exposed: Secret funds 'aim to pay back the £25 Labour sign-up fee if people join the party and then vote for the under-fire leader to retain his position against Owen Smith'


    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි සමුපකාර ඡන්දෙ මාරයි කියමුකෝ.

      සමුපකාරෙටත් ගිහිල්ලා බලන්නකෝ ඒක කොහොමද කියලා.

      එතකොට තේරෙයි උපමාව හරිද වැරදිද කියලා.

      Delete
  26. "සමුපකාර සංකල්පය යනු ලංකාවේ දේශපාලකයන් හා රජය විසින් අපහරණය කරන ලද තවත් සංකල්පයකි" එහි වැදගත් කම ගැන දන්නා අයගේ පොදු මතය. "සමූපකාරය කියන්නෙ හොරගුහාවක්" ග්‍රාමීය පොදු ජනතාව හඳුනාගන ඉන්න විදිහ

    ReplyDelete
  27. එක අතකට සමූකාර ජන්දයක ජයග්‍රහණයක් අල්ලන් කෑ ගහන මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා.ඇයි බොලව් අවුරුදු දෙක තුනකට කළින් ඇමරිකාවත් අල්ලන්න හිටපු උන්නෙ

    ReplyDelete
    Replies
    1. UNP එකට පුක දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රස්තියාදු කාර ලොල්ලෝ විතරයි කියල දැක්කම අපිටත් දුකයි

      Delete
    2. UNP එකට පුක දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රස්තියාදු කාර ලොල්ලෝOctober 1, 2016 at 1:41 PM

      අයියා.. UNP එකට පුක දෙන්න රස්තියාදු කාර ලොල්ලෝ කියන්තේ වයස 18 දි සර්වජන ජන්දය හිමි වු ලස්සන මල්ලිලා පිරිසක්. රැවුල් වවපු ,මසල් පුම්බපු අයියලා 2020දී කක්කී පැත්ත ෆුල් ෂේව් කරලා ඉන්න හොදේ.ලුබ්රිකන්ට් එක අපි ගානේ. සිපෙට්කෝ ග්‍රිස් හොදයිනේ. අයියලා අපේ රටේ බ්‍රැන්ඩ්ස් වලටත් ගොඩාාාක් ආාසයිනේහ්.

      Delete
  28. පැරා, උඹ දැන් සෑහෙන්න භූමිස්පර්ශයට ළගා වෙලා ඉන්නේ. ඒක හොඳ යි. අපි උඹට පැය හතලිස් අටක් (48) දෙනවා තවත් පියවරක් ඉදිරියට තබන්න. අයින් කරපං ඩෝ උඹ නො දන්න paraphernalia. උඹ හිතන් ඉන්නේ ඔය වචනේ දා ගත්තම උඹේ මේ පඩංගුව සන්ඩේ ඔබ්සර්වර් එක වෙනවා කියලා ද? එහෙමත් නැත්තම් උඹ ලකී වගේ වර්ල්ඩ් ක්ලාස් ජර්නෝ කෙනෙක් වෙනවා කියලා ද? පලයං ඩෝ යන්න හාල්මැස්සා. උඹ දා ගනිං උඹේ තරමට ගැළපෙන වචනයක් stuff, signs වගේ. බලපං උඹ කොයි තරම් පීචං ද කියලා පැරා. උඹ ලකීට බැණ බැණ ලකීගේ වචන හොරකම් කරන්න උඹ පොර වෙන්න යනවා. ඔබ්සර්වර් එකේ වචන ඩබ්ලිව් තුන ලංකා එකට මාට්ටු කරාට ඩබ්ලිව් තුන ලංකා එක ගොඩ දා ගන්න බෑ බං. බර කරත්තයකට බෆර් එකක් සවි කරලා වැඩක් නැහැ පැරා. උඹේ ඩබ්ලිව් තුන ලංකා එකට සන්ඩේ ඔබ්සර්වර් එක වෙන්නත් බැහැ; උඹට ලකී වෙන්නත් බැහැ. ඒක හරියට උඹ රුවුලයි කොන්ඩෙයි ඩයි නො කර හැරී ජයවර්ධන වෙන්න යනවා වගේ වැඩක්. සිහින ලෝකෙන් මහ පොළොවට වරෙන් පැරා. සිරිකොතෙන් බිමට බැහැපං. මිනිහෙක් වෙයන් දැන්වත්.

    ReplyDelete
    Replies
    1. පිස්සියෙක් වගේ හැසිරෙන්න එපා බං. අපි දන්නවා උඹට තියෙන ප්‍රශ්න. පිරිමියෙක් වගේ කුණුහරුප කිව්වට, බජාර් චණ්ඩි වගේ කතා කළාට, කකුල් පුටුව උඩට ගත්තට උඹට තියෙන ප්‍රශ්න විසඳගන්න බැහැ. උඹවත් උඹගේ චණ්ඩි බංඩියාවත් අපට නම් කිසිම වැඩක් නැහැ. නිකම් බොරුවට කෑගහන්නෙ නැතිව පලයං. උඹල වගේ ඇනොනිමස් මයිල් අස්සෙ හැංගෙන ඉනිකුනන්ට පුළුවන් කැසිල්ල ඇති කරන්න විතරයි.

      Delete
    2. ///////උඹල වගේ ඇනොනිමස් මයිල් අස්සෙ හැංගෙන ඉනිකුනන්ට පුළුවන් කැසිල්ල ඇති කරන්න විතරයි.//////////////

      හිනාකාලා මැරෙනවා ඕයි මේ ටික දැක්කම. කොහෙන් එන අයිඩියාස්ද මන්දා...

      Delete
  29. අපේ පලතේ වයරින් බාස් කෙනෙක් සිටියේය..ප්‍රදේශිය සබා ඉල්ලා පැරදුනේය.පසුගිය පෙරමුනු රජයේ පලාතෙ ඇමත්තෙක් පිහිටෙන් සමුපාකර චන්දයට ඉල්ල සබපති විය.මිනිහා දැන් කොටිපතියකි.මරනදර සමිතියක හො සබපතිකම හොන්දය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා