සිරිල් සී. පෙරේරා වීරයකු වන්නේ කෙසේ ද?

“වරක් ගුණදාස අමරසේකර සහ රෙජී සිරිවර්ධන අතර පුවත්පත් මගින් ඇතිවූ වාදයකදී ගුණදාස අමරසේකර ‘යුද්ධය හා සාමය‘ සිංහල බසට පරිවර්තනය කල නොහැකි බව පැවසූ අතර එය කල හැකි බව රෙජී සිරිවර්ධන කියා සිටියා. ගුණදාස අමරසේකරගේ කතාව මට පෙනුනේ පරිවර්තන කාර්යයෙහි යෙදී සිටින ලේඛකයන්ගේ හැකියාවන් පමණක් නොව සිංහල භාෂාවද අවතක්සේරු කිරීමක් හැටියටයි. අනෙක් අතින් එය සිංහල පරිවර්තකයන්ට එල්ල කල අභියෝගයක්. මා අභියෝගවලට මුහුණදීමට කැමතියි“

- සිරිල් සී. පෙරේරා සමග සංවාදයක්
(පහනින් පහන උපහාර ග්‍රන්ථයෙන් - සංවාදය සිරිපාල තිලකසේන)
සිරිල් සී. පෙරේරා වෙනුවෙන් තබන මේ සටහන සිරිල් සී පෙරේරා ගැන නො වන බව කරුණාවෙන් සලකන්න.

මා කතා කරන්නේ වීරයෙකු වන්නේ කෙසේ ද යන්න ය.

මූලිකව ම තමන්ට ගෙවන ලද මිළට හෝ පවරන ලද වගකීමට සරිලන තරමට වැඩ කළ අයෙකු වීරයකු වන්නේ නැත.

ඒ නිසා, තමන්ගේ රස්සාව හරියට කළා ය කියා කවුරුවත් වීරයා පදක්කමට අයිතිවාසිකම් කිව යුතු නැත.

වැඩේ කියන්නේ මේ රට පිරී තිබෙන්නේ තමන්ගේ රස්සාව හෝ හරියට නො කරන එවුන්ගෙනි. එබැවින් රස්සාව හරියට කරන පුද්ගලයා ද වීරයෙකු සේ දර්ශනය වේ. එහෙත්, ඒ වීරයෙකු නො වේ. වෘත්තිකයෙකි.

එසේම යමෙක් සොරකු වූයේ නැත කියා වීරයකු වන්නේ නැත. සියල්ලන් සොරුන් වුණත්, සොරකු නො වී සිටීම මහා අතහැරීමක් නො වේ. ඔබේ වගකීමක් පමණි.

වීරයකු වන්නේ සමාජයෙන් තමන්ට පැවරුණ කාර්යයට වඩා බොහෝ උසස් දෙයක් කරන අයෙකි. ඒ වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය හා ජීවිතය කැප කළ අයෙකි. සමාජය ඔසවා තබන්නට, සුබවාදී පරිවර්තන කරන්නට දායක වූයෙකි.

ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ වීරයන් නැත. දක්ෂ වෘත්තිකයෝ අතළොස්සක් නම් සිටිති.

කලාවේ, සාහිත්‍යයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ, සමාජ සත්කාරයේ සුවිශේෂ භූමිකාවන් රඟමින් සමාජ පරිවර්තනයට ඉවහල් වන සුවිශේෂ කාර්යයන් කළ වීරයෝ අපට සිටිති.

මිනිස් වීරත්වයන් මතු වන අවස්ථා තිබේ. එහෙත් පොදු මිනිස් දුබලතා තුළ ඒවා යටපත් වී යයි. වීරත්වය ස්ථාවරව නඩත්තු කිරීම පහසු නැත. එහෙම කරන්නට උත්සාහ කරන අයට එය කිසි දාක කරන්නට බැරි ය. සත්‍ය වීරයන් වන්නේ වීරයන් වන්නට නො සිතූ මිනිස්සු ය.

අප සමීපව දන්නා මිනිසකු අපට ලෙහෙසියෙන් වීරයකු වන්නේ නැත. හේතුව එම පුද්ගලයා පිළිබඳ අප සතු දැනුමයි. වීරයන් සිටිය යුත්තේ දුරිනි. එහෙත්, ඔවුහු අපගේ හදවතට දැනෙන අය විය යුතු ය. 

සිරිල් සී. පෙරේරා අපට සමීප ය. එතරම් ම දුරස්ථ ය. එසේම ඔහු සමාජ පරිවර්තනයට සැලකිය යුතු දායකත්වයක් සැපයූවෙකි.

ඔහු අපට වීරයෙකි.

සිරිල් සී. පෙරේරා ගැන පහත සටහන හා ඉහත රූපය හා එහි තිබෙන සටහන උපුටා ගත්තේ නිශාන්ත කුලරත්නගෙනි.

චිචිකෝෆ්ගේ සටකපටකම්ද, කරමසෝ සොයුරන්ගේ, එමා බොවාරිගේ, පියෙරි, නටාෂා සහ ඇන්ඩ්රි කුමරුගේ දුක් අදෝනාවන් හා සතුටු සිනාවන්ද අප දැනගත්තේ ඔහුගෙනි.
බුකන්වයිල්ඩ් කදවුරේ භීතියත්, තිමිංගලයා ලුහුබැද ගිය මහල්ලාගේ ධෛර්යයත්, ලුසීගේ, හෙන්රිගේ සහ සෝබියර්ගේ ජීව ගුණයත් අප තුල ජීවමාන කලේද ඔහුය.
මකරාක්ෂයාගේ ඔළු තුනම කපා දැමුවද මිනිසුන් තමා තුල වසන මකරුන් පරාජය කරදමන තෙක් මකරුන්ගෙන් නම් ගැලවීමක් නොවන බවද ඔහු අපට සිහිපත් කරදුන්නේය.
ඔහු අද අප අතර නැතිමුත්, ඔහු අපට සමීප කරදුන් ගැහැණු මිනිසුන් නම් තවත් පරම්පරා ගණනක්ම ඇසුරු කරමින් පසුවනු ඇත.
සුබ ගමන්!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සැබවින්ම සිංහල සාහිත්‍යය පෝෂණය කල දුර්ලභ ගනයේ පරිවර්තකයෙක්. නිහඬව තම සේවය කරගෙන ගිය, සැබෑ සාහිත්‍යධරයෙක්. ඔහුගේ වාග් කෝෂය කෙතරම් අපූර්වද යන්න ඔහුගේ පරිවර්තන කෘති තුලින් මොනවට පිළිබිඹු වෙනවා.

    ReplyDelete
  2. මේ රටේ ඉන්නේ මහා පඩත්තර තුප්පහි හැතිකරයක් කියන (cliche) එක කියල/අහලම එපා වෙලා.

    ඒ වගේ හුකන්නිලා කොටසක් වෙනුවෙන් මොන පකකටද කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය හා ජීවිතය කැප කරන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? ස්තූතියි!

    (එහෙම අවංකවම කැප කරපු උන්ද දැන් මෙකේ වීරයො විදිහට උත්කර්ෂයට පත් වෙන්නේ?)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ!
      මේ වගේ සංවර ආකාරයට අදහස් පලකරන බුද්ධිමතකු තම "කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය හා ජීවිතය" අප වැනි දුහුනන් වෙනුවෙන් කැප නොකර තමන් වෙත සුරැකිව තබා ගැනීම අප සහ සමාජය වෙත ඔහුට සැලසිය හැකි හොඳම සේවයයි.
      මේ පැහැදිලි කිරීම නූගත් නමුත් අවම ශීලාචාර පැවැත්මක් හෝ ඇති මා වෙතිනි.

      Delete
    2. @මිස්ට දුහුනා,

      අනිවා ඕයි!! තෑන්ක්ස්. හැබැයි මේ වගේ මාරම සංවර මිනිස්සු ඉන්න රටක ඉන්අන අපි කොහෙමත් සංවරයි තමයි යකෝ.

      //කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය හා ජීවිතය" අප වැනි දුහුනන් වෙනුවෙන් කැප නොකර තමන් වෙත සුරැකිව තබා ගැනීම අප සහ සමාජය වෙත ඔහුට සැලසිය හැකි හොඳම සේවයයි.//

      එකෙන්ම.. ඒත්, අර පේුම දඩයම වගේ මාස්ටර්පීසස් දවස පුරාම උඹලට පෙන්නන එක ඊටත් වඩා ලොකු සේවයක් නෙවෙයිද..

      Delete
    3. ප්‍රේම දඩයම ගැන මා නරඹා නැත. ඒ සඳහා උදව් කිරීමට ඔබට හැකිනම් එය ඉතා අගය කොට සලකමි.
      - මීට දුහුනා

      Delete
  3. Ah maathalan, moko me ano awith?

    ReplyDelete
  4. සිරිල් සී.පෙරේරා විසින් සිංහලයට නගන ලද Gustave Flaubert ගේ එමා බොවාරි නවකතාවේ අමතක නොවන චරිතයක් වනුයේ බොරු පණ්ඩිතයෙකු වූ හොමාරිස් ය. හොමාරිස් වෘත්තියෙන් නොතාරිස්වරයෙකි. කිසිවක් හදාරන්නකු නොවුවත් නොදන්නා විෂයක්ද නොමැත.ගොඩ වෙදකමද කරයි. සිරිල් සී.පෙරේරා, Gustave Flaubert හොමාරිස් ගැන යෙදුම මගේ මතකයට අනුව නම් සිංහලයට නගා ඇත්තේ මෙසේය.
    "තමන් මහා පඬිවරයකු යයි නොසිතන නොතාරිස්වරයකු ගැන ඔබ අසා තිබේද?" (නිවරදිකිරීම් වලට යටත්ය.)
    අමරසේකර ලේඛකයකු, දන්ත වෛද්‍යවරයකු ලෙස පෙන්වූ ප්‍රතිභාව දේශපාලන විචාරකයකු ලෙස නොපෙන්වයි. හේතුව එම විෂය සමබර මනසකින් යුතුව හැදෑරීමක් නොකර තමනට වාසි සහගත පෙනෙන දේ පමණක් වැළඳ ගැනීමය.
    අද බොහෝ හොමාරිස්ලා ඇත. නමුත් අමාරිස්ලා ද නැති කල අඩුගානේ ඒ අඩුවවත් හොමාරිස්ලා පුරවනු ඇතැයි සිතමින් සර්වසුභාවාදී ඒ දෙස බැලීම හැර වෙන කළහැකි යමක්ද නැත.

    ReplyDelete
  5. ඇයි පැරා එකෙක්වත් ඒ මැති තුමාට නිවන් සුව පතා නැත්තේ..

    සිරිල් සී පෙරේරා මැතිතුමාට නිවන් සැප ලැබේවා.

    ReplyDelete
    Replies
    1. "ඇයි පැරා එකෙක්වත් ඒ මැති තුමාට නිවන් සුව පතා නැත්තේ.."
      මං හිතන්නෙ පැරා නොවෙනස් අවංක හෞතිකවාදියෙක්. ඒකයි හේතුව. මම නං විඥ්ඥානවාදියි. මං නං පතන්නේ දෙව් මිනිස් සැප කෙරවල අමාමහ නිවන්සුව. සිරිල් සී පෙරේරා මැතිතුමාට නිවන් සැප ප්‍රර්ථනා කළ නිසා ඔබට මාගේ ප්‍රණාමය.දෙව් මිනිස් සැප කෙරවල අමාමහ නිවන්සුව ප්‍රර්ථනා නොකළාට ඔබට මාගේ බලවත් විරෝධය.

      Delete
    2. මා විශ්වාස නො කරන දෙයක් වෙන කෙනෙකුට වේවා ය කියලා ප්‍රාර්ථනා කරන එක නරක වැඩක් කියලා යි මම නම් හිතන්නේ.

      Delete
    3. උඹ නෙමෙයි බං... මම අහන්නේ මේ සැදැහවත් බව් බව් බව්ද්ධයන්ගෙන්...

      Delete
    4. ඔය කවුරුවත් ඔය රෙද්දවල් විශ්වාස කරන්නෙ නැහැ. ඔහෙ කරන්නන් වාලෙ කරනවා මිසක්. හැබැයි මතු ආත්මයක් තිබේවි කියා විශ්වාස කරනවා. මීට වඩා සැප විඳින්න. තණ්හාව. තණ්හාව.

      Delete
    5. ‘‘පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ කොහොම ද?
      පින්වත් ගෘහපතිවරුනි, බොරු කියන කෙනෙක් ඉන්නවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඤතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන, විනිසුරුවන් සාක්‍ෂි විමසන කොට ‘එ්යි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නො දැන ම තමන් දන්නවා යැයි කියයි නම්, දැන දැනත් තමන් නො දන්නවා යැයි කියයි නම්, නො දැකත් තමන් දකිනවා යැයි කියයි නම්, දැක දැකත් තමන් නො දකිනවා යැයි කියයි නම් ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් එය යි.

      ඔහු කේළාම් කියනවා. මෙතනින් අහගෙන ගිහින්, මෙතන බිඳවන්න එතන කියනවා. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියනවා. ඔය විදිහට සමඟි අය බිඳවනවා. බිඳුන අය වෙන් කරනවා. කල්ලි හදන්න කැමති වෙනවා. කල්ලි හැදීමේ ඇලෙනවා. කල්ලි හැදෙන අයුරින් අර්බුදකාරීව කතා කරනවා නම් එය යි.

      ඔහු පරුෂ වචන කියනවා. ප‍්‍රශ්න ඇතිවෙන වචන, කර්කශ, අනුන්ට අසතුටු, අනුන් කෝප ගැන්වෙන, ක්‍රෝධය ඇතිවෙන, සමාධිය නැති කරන වචන කීමක් ඇද්ද එයයි
      ඔහු හිස් වචන කියන කෙනෙක්. අයුතු වෙලාවේ කියන, නො වූ දෙයක් කියන, අනර්ථ වූ දෙයක් කියන, අධර්මයක් කියන, අවිනයක් කියන, හිතේ තැන්පත් කර නො ගත යුතු දේවල් ඇද්ද, එ් වගේ ම කරුණු රහිතව සීමාවක් නැතිව අනර්ථය ඇතිවෙන හිස් කතා ඇද්ද එ්වා යි.

      පින්වත් ගෘහපතිවරුනි, වචනය මුල් කරගෙන හතර ආකාරයකින් අධර්මයේ හැසිරෙන්නේ, වැරදි ලෙස හැසිරෙන්නේ ඔය විදිහටයි.”
      උපුටාගැනීම - http://mahamegha.lk/2015/01/28/seelayen-sanwara-wemu/

      Delete
  6. උදෙන්ම නිවන් සැප පතාගෙන හොමාරිස් (අමාරිස්?) ඇවිත් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එමා බොවාරි නවකතාවේ විතරක් නොමෙයි ශ්‍රී ලංකික බ්ලොග් ක්ෂේත්‍රයේත් අමතක නොවන චරිතයක් වනුයේ බොරු පණ්ඩිතයෙකු වූ හොමාරිස් නොහොත් අමාරිස්ය. එකම රස සාගරයකි.

      Delete
  7. වීරයා ගැන කතාවට නම් මාර එකඟයි....
    ලංකාවේ වෙන්නේ කවුරුන් හෝ මැරුණාම ඔහු වීරයෙක් කියලා ලියන එකයි

    ReplyDelete
    Replies
    1. ඇයි ක්‍රිකට් වීරයෝ කියලා කොට්ටාසයක් ගැන අපට ජන මාධ්‍ය දවස පුරාම දෙසා බාන්නේ !
      අපිත් ඉතින් පොඩි කාලේ ඉදන් ඕක අහන් ඉදන් ඕකම කියව කියව ඉන්නවා

      Delete
  8. සිරිසේන ගේ පියාත් රණවිරුවෙක් කියලා මැන්ස් කිවුවේ....

    ReplyDelete
    Replies
    1. සා රස තුමෝ, ඇත්තටම එයා සැකන් වෝල් වෝර් එකේ රණනන විරුවෙක්. අම්මපා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා