මල්ලියෙ තාමත් පණ ද බං?



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මං හිතුවෙ පැරාට ලියන්න විතරයි බැරි කියල. දැන් බලාගෙන ගියාම අඳින්නත් බැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට ගන්නා ආයුධයකින් වෘත්තීය මට්ටමේ ඝාතකයෙක් විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නිල නිවසේදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී හෙලි කර සිටියේය.

      ‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි. මේ සිදුවීම ගන අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් යයිද රාමනායක මහතා පැවසීය.

      භාරත ලක්ෂ්මන්, වසීම් තාජුඞීන් ලසන්ත වික‍්‍රමතුංග ආදී ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ බවත් එවා සැගවීමට උත්සහ දරන ඔහු පෙන්වා දුන්නේය.

      බැටලූවන් මරන්නට ගන්නා උල් ආයුධයකින්ම ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදී විමසූ කල දේහය ගොඩගත්තේ පරීක්ෂණ කිරීමට බවයි.

      එවිට මාධ්‍යවේදීන් පෙරලා ප‍්‍රශ්න කලේ තවමත් පරීක්ෂණ ආරම්භ කර හෝ නැති තත්වයකදී බැටලූවන් මරන ආයුධයකින් ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීමෙන් පසුව කෝපයට පත්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කැමරාවකට පහර දී පහත් වචනයෙන් මාධ්‍ය වේදීන්ට තර්ජනය කර නික්ම ගියේය

      Delete
    2. ඕව රන්ජන්ම සෙට් කරලා කරන රඟපෑම්. ඕවට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ.

      Delete
  2. මිනී ගොඩදා ඉරං කා වේල සරිකර ගන්න යහපාලන පිම්පි නඩය.
    මිනීයක් ගොඩ දැම්ම කියන්නේ චන්දයක් ළඟ එනවා

    ReplyDelete
  3. මට පියල් උදය සමරවීර මතක් වුනා

    ReplyDelete
  4. මම හිතන්නෙ කොලපාට ගහ කියන්නෙ හූඇන්පිය. කූඩුව කියන්නෙ කැබිනට් එක. බිත්තර කියන්නෙ ඇමතිවරු. කපුට පොනිල්.

    මීනීපෙට්ටියෙ රතුපාටින් අදහස් වෙන්නෙ මැරීච්ච එකා සමාජ විරෝධියෙක් කියන එක. මිනීපෙට්ටිය අරිනකම් කපුට බලන් ඉන්නව මළකුණ කන්න. ලොකු කුරුසෙන් සහ අනික් කුරුස වලින් අදහස් කරන්නෙ ඇන්ජීඕ සෙට් එක. ඈතින් නගින දුම් වලින් සංකේතවත් වෙන්නෙ අතීත ටයර් සෑයවල්.

    ආකාශ වස්තුවෙන් අදහස් වෙන්නෙ රට ආදරේ කරණ ජනතා බලවේගය . දෙන්නෙක් ඒක අල්ලාගෙන ඉන්නව. එකෙන් අදහස් වෙන්නෙ ඔවුන් හා රට ආදරේ කරණ ජනතා බලවේගය අතර තියන දැඩි සම්බන්ධතාවය. ඉර තියෙන්නෙ නිල් අහසෙ. ඒ කියන්නේරටට ඉර පායන්න ඕනැ සැබෑ නිල් අහසක් කියන එක. ඈතින් පේන නිල් පාට කන්දෙන් අදහස් වෙන්නෙ නිල්පාට පදනම් වුනු සැබෑ සංවර්ධනය.

    අර ආකාශ වස්තුව නිල්පාට කන්ද දිහාට ගමන් කිරීමෙන් අදහස් වෙන්නෙ රටේ අනාගත දේශපාලනය.

    අර වාක්‍යය ඇත්තටම මෙහෙමයි.

    “මල්ලියෙ තාමත් අපිට පණ බයයිනෙ බං”

    ReplyDelete
    Replies
    1. පට්ට +++...!!! නියම විචාරයක් !

      Delete
    2. Ela ela. So funny mate. :D

      Delete
    3. නිල්පාට කන්ද ඈතින් තියෙනවා කියන්නේ ඒක ශිෂ්ටාචාරෙට බොහොම දුරින් තියෙන වනචාරි ඉන්න තැනක් කියන එක. drone එකෙන් කියන්නේ ජාතික බලවේගේ. රතුපාට කියන්නේ ලේ රහටම තමයි ඉව කරන්නේ කියල. මරයි මිනීමරුවයි ඒකෙ එල්ලිලා ඉන්නවා කියන්නේ උන් ඒකෙ එල්ලිලා වනචාරි ප්‍රදේශවලට යන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියන එක.

      Delete
  5. පට්ට +++...!!!

    ReplyDelete
  6. What a relief! That mad fellow Matalan hasn't started to shit here yet!

    ReplyDelete
  7. මේ ආණ්ඩුව ගොබ්බ ආණ්ඩුවක් කියන්නේ නිකම් ද ?. පැරාට දිනමිණ කතෘකම නොදෙන එකෙන්ම පේනවා මේ ආණ්ඩුව කොච්චර මෝඩද කියලා....

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු අත් අරින්න එපා. දිගට ම බලාගෙන ඉන්න. සෑහෙන කාලෙකින් මේ කතාව නැවත දැක්කෙ.

      තව සමහරු බලන් ඉන්නවා මං සිරිකොතට යනකලුත්.

      Delete
    2. අපි දන්නවා පැරා දිනමිණට යන්න බලාගෙන ඉන්නෙ නෑ කියලා. හබැයි එකට ඕනකරන සුදුසුකම් පැරාට දැන් ඉහටත් උඩින් තියෙනවා.
      සිරිකොතට යන්නනම් ඉතින් ඕනේ වෙන්නේ...වෙන විදිහක සුදුසුකම් නේ. ඒවා අපි දන්නේ නෑ...

      Delete
    3. පැරා, ඔබට මතක ද? අප එම සංකල්පය පළමු ව සූත්‍රගත කළ බව බොහෝ කලකට පෙර. එයට ඔබ දැක් වූ ප්‍රතිචාරය අපට අද ද මතක ය. ඔබ අපට පැවසුයේ "සභාවේ සිනා!" යනුවෙන් ය. පසු කලෙක අපි එම න්‍යායසූත්‍රය මෙලෙස විවරණය කළෙමු :

      //වික්‍රමසිංහයන් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඇති බවක් ද නො පෙනේ. ඔවුන් විසින් යෝජිත දූරදර්ශී වැඩ පිළිවෙළක් වන එට්කා හෙවත් ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා එකඟතාවයට එරෙහි ව අසත්‍ය වූ ද අදූරදර්ශී වූ ද මහජන කැලඹවීමක් දැන් දැන් පෙර කී ඊනියා ජාතිවාදී, ජාතිකවාදී, ගෝත්‍රවාදී හා ආගම්වාදී අවස්ථාවාදීන් විසින් ද ඊනියා වෘත්තීය සමිති අටමගලකරුවන් විසින් ද සිදුකරනු ලබන බවක් පෙනේ. වික්‍රමසිංහයෝ තවමත් නිහඬ නිද්‍රා ව්‍රතයෙන් ම සිටිති. එකී එට්කා වැඩ පිළිවෙළ පිළිබඳ සාධනීය මූලධර්මීය එකඟතාවයක් ඇති, ඒ පිළිබඳ බොල් නො වූ හඬක් ඇති, ඒ පිළිබඳ ජන විඥානය පුබුදුවන්නට සඵල මැදිහත්වීමක් කළ හැකි ලිබරල් බුද්ධිමතෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහ වැනි සුධීමතුනට පුළුල් අවස්ථාවක් ලබා දීමට වික්‍රමසිංහයන් තවමත් අවධානය යොමුකර නැත. එනිසා, බේරේ ගෙදර මහ පුටුවට තවමත් සුදුස්සෙකු පත් ව නැති අවධියක දී ද මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ තවත් ඩබ්ලිව් තුන ලංකාහී වියුණුසටහන් තබමින් ම සිටිති. තමන් වෙනුවෙන් උපරිම සේවයකට සැදී පැහැදී සිටින දක්ෂ මිනිසුනට වික්‍රමසිංහයන් වහා ම නිසි තැන ලබා දිය යුතු ය.

      ප්‍රියවයස්‍ය අභිනතියට වික්‍රමසිංහයන් දක්වන ලාලසාව විසින් ඔවුනට විනාශයක් විනා යහපතක් නම් සිදු කරනු ලබන්නේ නැත. ජරාපත් හිවලුනට රන්තලිවල මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින තත්ත්වයක් ද සැහැල්ලු ලබු කබල් දියේ පාවෙන්නේ නැති ව බර වස්තූන් මෙන් දියේ ගිලෙන තත්වයක් ද විශාල ගල් ජලයෙහි පාවෙන තත්ත්වයක් ද මෙරටේ ඇති වන්නට වික්‍රමසිංහයන්ගේ මෙකී නො කී ලුහුඬුකම් ද හේතු වූ බව පිළිගත යුතු ය. //

      අප මෙම ආලෝචන සැපයූයේ ඔබ පිළිබඳ විරසකයකින් නො වේ. ඔබ තුළ අතීතයේ සිටි සොඳුරු මිනිසාට අපි තවමත් ආදරය කරමු. අපගේ දේශපාලන මණ්ඩලය විසින් ද කලා මණ්ඩලය විසින් ද ද්විභාෂාවෙන් ම ලියවුණු, ඔබගේ වියුණුවට සැපයුණු ලිපි සහ ආලෝචනවල ඔබ පිළිබඳ අව්‍යාජ කියවීම් පැවති බව ඔබ ද පිළිගත යුතු බව අපගේ අදහස යි.

      පැරාගේ පනස්එක් වැනි ජන්ම දින‍යට සමගාමී ව ක්‍රියාත්මක වන සාම වැඩ පිළිවෙළට දක්වන සහයෝගයක් ලෙස අපගේ දේශපාලන හා කලා මණ්ඩල විසින් පැරා සමඟ විසංවාද වීමට පත් කරනු ලැබ තිබූ විපැරාකරණ අනුමණ්ඩල (දේශපාලන සහ කලා) ඊයේ දින සිට විසුරුවා හැර තිබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු.

      පැරා විසින් ඒකපාර්ශ්වික ව ප්‍රකාශ කෙරුණු සටන් විරාමය පිළිබඳ මුල දී අපට ශංසයක් තිබුණ ද මේ වන විට අපට යම් විශ්වාසයක් ගොඩ නැඟී තිබේ. අපගේ ම හඳුන්වාදීමක් වූ ආශාවේ වස්තුවට අදාළ තේමා පාඨය පැරා විසින් ඉවත් කරනු ලැබ ඇති බව දුටුවෙමු. එය ද යම් ආකාරය සාධනීය පියවරකි.

      සටන් විරාමය පිළිබඳ ගැටලු නැති ව ම නො වේ. විශේෂයෙන් ම පැරා මෙම කතිකා මණ්ඩපයෙන් බාහිර ව කර ඇති ඇතැම් ප්‍රකාශන අඵල බව අපගේ අදහස යි. පැරා අප පිළිබඳ පවසන බොහෝ දේ එසැණ අප වෙත වයිබර් වන බව පැරා ඇතැම් විට නො දන්නේ විය හැකි ය. විශේෂයෙන් ම ඉංගිරිසි මුද්‍රිත මාධ්‍ය සහෝදරසහෝදරියන් සමඟ අප පිළිබඳ ද්වේෂසහගත සහ අසත්‍ය කතා නො පැවසීමට පැරා වැනි ‍ප්‍රවීණයන් විමසිලිමත් විය යුතු ය.

      එලෙස ම පැරා තමන් වර්තමානයේ ඇඟෑලුම්කම් පාන රාජ්‍ය තන්ත්‍රය සමඟ එක් ව අප කෙරෙහි මර්දනකාරීත්වයක් ඇති කිරීමට දරා ඇති වෑයම අපි පිළිකුලෙන් හෙළා දකිමු. සන්නිවේදන තාක්ෂණය ඔස්සේ අප පිළිබඳ සොයන්නට පැරා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. පැරා කවුරුන් ද යන්න අප දන්නා සේ ම අප කවුරුන් ද යන්න පැරා ද දනී. අපට එරෙහි ව ඔබට කළ හැකි කිසිවක් නැත. එහෙත් ලාංකීය භූගෝලීය වපසරිය තුළ වෙසෙමින් දැඩි අවදානමක් දරමින් ක්‍රියාත්මක වන අපගේ සීමිත සහෝදරසහෝදරියන්ගෙන් පළිගැනීමට ඔබගේ රාජ්‍ය බලය පාවිච්චි නො කරක මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු. රාජ්‍ය බලය නැති විට අතිශය ප්‍රගතිශීලී මිනිසුන් ම රාජ්‍ය බලයේ කටු කැබැල්ලක් ලෙව කන්නට ලැබුණු විට අතිශය ප්‍රතිගාමී මිනිසුන් බවට පත් වීම කනගාටුවකි. පැරා රාජ්‍ය තන්ත්‍රය සමඟ නිර්ලජ්ජිත ව සන්ධාන ගත වන විට අපට නිතර සිතෙන්නේ අප කෙසේ නම් යළි අප උපන්, අප හැදී වැඩුණු සහ අප යම් දින මිය යා යුතු අපගේ මාතෘ භූමිය වෙත පැමි‍ණෙන්නට ද කියා ය. ඔබ මෙන් ම අපි ද අපගේ රටට ආදර කරන්නෙමු.

      “ජනනී ජන්‍මභූමිශ් ව සවර්ගාදති ගරීයතී”
      (තම මාතෘට ද තම ජන්මභූමියට ද ස්වර්ගයටත් වඩා ගෞරව කරන්න)

      අපි අපගේ ගමන යන්නෙමු. ඔබ ඔබගේ ගමන යන්න. මතුගම ප්‍රාදේශීය සභාව සහ බස්නාහිර පළාත් සභාව හරහා ධනපති දේශපාලනයේ කයිකාවල වන පාර්ලිමේන්තුව දක්වා වැටී ඇති ඔබගේ සිහින මාර්ගය කිසි දින අපගේ මාර්ගය හා අතිපිහිත නො වනු ඇත. එහෙත් අපි පෙර දා බැඳි සෙනෙහසින් පැරාට සුභ පතමු.

      අද දින සිට මෙහි පළ වන කිසිදු ආලෝචනයකට අපගේ සබැඳියාවක් නැත.

      Delete
  8. රට දැය සමය නැසුමට නිති තැත දරණ
    සිරිකොත සැපත වෙනුවෙන කුලියට කහින
    තුරු හිස වෙසෙන පැරකුමු තතු විමසමින
    නිලඹර දිලෙයි හිරුදෙවි සරදම් වතින

    -මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. දත් කැකුකු පාලා
      සුරතල් සිනා සීලා
      බොළඳ බස් දීලා
      කෙලී සියොළඟ දූලි ගාලා
      -කැකුනවල කුකුල්

      Delete
    2. දත් කැකුලු පාලා
      සුරතල් සිනා සීලා
      ෆොක්ස්වගන් දීලා
      කෙලී රටටම දූලි ගාලා

      -මයුරවිල මි.

      Delete
    3. ෂා.....චිත්‍රයක් හරහා කවි මඩුවක් නිර්මාණය වෙනවා දැක්කමයි. චිත්‍රයකට චිත්‍රයකින් උත්තර දෙන්න පුලුවන් චිත්‍රාල්ලා බ්ලොග්ස් ලෝකේ නැද්ද...එහෙම ක්‍රමයක් නැද්ද..

      Delete
    4. කුලියාපිටිය පැත්තේ
      පොස්වැගන් ඇත්තේ
      මම එකක් ගත්තේ
      අරන් ගහගත්ත #ත්තේ

      Delete
    5. ලොල් සිනා පාලා
      චාටු බස් දීලා
      මිනී ගොඩ දාලා
      රටම අන්දයි මුසා කියලා

      Delete
  9. රට දැය සමය මත හිටගෙන පහරන්න
    සිළුමින සකසු කම නොමදුන් වාඩුව ගන්න
    අලියන් ගේ අපේ වැඩ පුරසාරම් දෙන්න
    ලොල්ලෙකු වෙමු පැරෝ හෙට සිරිකොත යන්න

    ReplyDelete
  10. දත් කැකුලු පාලා
    සුරතල් සිනා සීලා
    ෆොක්ස්වගන් දීලා
    කෙලී රටටම දූලි ගාලා

    -මයුරවිල මි.

    ReplyDelete
  11. ඩ්‍රෝන් එකේ සම්බන්ධය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හිරු සීඅයිඒ එකෙනුත් ලසන්තගේ කෙස් එක ගැන විමර්ශනයක් ආරම්බ කරලා, වාඩි විස්තර සඳහා බීබීසී සිංහල බලන්න.

      Delete
    2. "අර ආකාශ වස්තුව නිල්පාට කන්ද දිහාට ගමන් කිරීමෙන් අදහස් වෙන්නෙ රටේ අනාගත දේශපාලනය."

      Delete
    3. අනේ ඔහෙට ඕකවත් තේරෙන්නේ නැද්ද?
      ඔය දෙන්නෙක් අගේට එකේ එල්ලිල ඉන්නේ. එක තමයි සම්බන්ධය.

      Delete
  12. පැරා 1977 -1994 කාලේ ලංකාවේද හිටියේ ?

    ReplyDelete
    Replies
    1. 77-94 විතරක් නෙමෙයි 70-77 කාලෙත් ලංකාවේ තමයි හිටියේ. ඇයි අවුල්ද?

      Delete
  13. සබඳ, මතුගම අජිත පැරකුමු ජයසිහයන් පිළිබඳ සීතාවක අලගියවන්නයන් පැවසූ කතාව මෙසේ යැ:

    නොමින් ලොව නොයෙක් දේ පෙනෙනා ඇසට
    තමන් සැටි මදක් වත් නොපෙනන ලෙසට
    අනුන් දොස දකිති අනුවණ දන කපට
    එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට

    අජිත පැරකුමුවන් මේ සා විසුළුවක් බවට පත් වූයේ කෙසේ ද? අහෝ! දුකකි. ඛේදයකි. තිතකි.

    ReplyDelete
    Replies
    1. සබඳ, ඇනෝනිමසා පිළිබඳ මතුගම අජිත පැරකුමු ජයසිහයන් පැවසූ කතාව ද මෙසේ යැ:

      නොමින් ලොව නොයෙක් දේ පෙනෙනා ඇසට
      තමන් සැටි මදක් වත් නොපෙනන ලෙසට
      අනුන් දොස දකිති අනුවණ දන කපට
      එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට

      ඇනෝනිමසා මේ සා විසුළුවක් බවට පත් වූයේ කෙසේ ද? අහෝ! දුකකි. ඛේදයකි. තිතකි.

      Delete
  14. Eka nemeyi umbalata penawada me blog eke me dawas wala wena de.. as arala balapalla, para godak pidanayakin inne me dawas wala. Me blog ekata ena yam ano pirisak para me thathwayata path karala thiyennne. Owun yam sangna bhashawakin parata dena paniwida walata para hondatama bayawela bawa penawa. Eka paththakin satan wirama prakasha karanawa, wyangartha kavi liyanawa samawa illala, ada blog eke 'paraphanalia' caption ekath ayin karala , umbala apita notherena Loku case ekak yanawa athulen..

    ReplyDelete
  15. අජිත් පැරකුම් ජයසිංහ ගැටුම් සමථනය පිළිබඳ යොහාන් ගල්තූන් කියවා නැති සෙයකි. එනිසා ඔහු යළි යළිත් නොපනත් දෑ පවසමින් ශරත් සමයේ මේ සොඳුරු උදෑසන දුර්ගන්ධවත් කර යි.

    එබැවින් සෙබෙහි වියතුනි ගුණ යුත් පව ර
    කිරියෙන් දියර වෙන් කළ හස මෙන් පත ර
    මවිසින් කියන මෙහි වරදක් දුටත්හැ ර
    සතොසින් අසවු පදරුත් විමසා ගැඹ ර
    (සුභාෂිතය)

    //මෙම බ්ලොගයට හා දේශපාලනයට ඍජු සම්බන්ධයක් නැති මගේ බිරිඳ හා බාල වයස්කාර දරුවන් ගැන හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ අබේවර්ධන ඇතුළු පුද්ගලයන් කලින් ලිපිවල සඳහන් කර ඇති දේ කියවා බලන්න.//

    //මාක්ස්වාදීන් යනු එවැනි හිරිකිත පුද්ගලයෝ ය. තමන් සමග එකට සිටි මතවාදී සතුරන්ට පහර දීමේදී බාල වයස්කාර දරුවන් පවා මරා දැමූ ඉතිහාසයක් ඔවුන්ට තිබේ.//

    //මා කණගාටු වන්නේ අජිත් සී. හේරත් නම් මගේ පැරණි මිතුරා මේ කතාවලට සම්බන්ධ වී තිබේ නම් පමණි. එහෙත්, එය පවා වෙන්නට බැරි දෙයක් නො වන බව මම දනිමි.//

    //මොවුන්ට දේශපාලන අනාගතයක් නැත.//

    අජිත් පැරකුම් ජයසිංහ මෙම ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද? මේවා කවි සිතුවිලි නො ව හුදු කලල්පතනයන් ය. අජිත් පැරකුම් ජයසිංහගේ සටන් විරාමය සහ සාම වැඩ පිළි‍වෙළ වනාහි ඔහුගේ ශාස්තෘවරයාගේ සටන් විරාමයට සහ සාම වැඩ පිළිවෙළට සමාන වන්නකි. සටන් විරාමයට මුවා වී ඉතා නින්දිත මර්දනයක් සඳහා පිඹුරුපත් සකසමින් සිටින අජිත් පැරකුම් ජයසිංහට අප පවසන්නේ ඔබගේ අභිප්‍රාය අප හොඳින් දන්නා බව පමණි. ඔබට උපදෙස් දෙන කේවට්ටයන් ද ගොඩපෙරකදෝරුවන් ද පිටිකෝට්කාරයන් ද කවුරුන් ද යන්න අපි දනිමු. ෆේස්බුක් සහ බ්ලොග් අතර වෙනස නො දන්නා විකාරකාරයන්ගෙන් නීති උපදෙස් ගන්නට තරම් ඔබගේ සිහි විකල් වීම අවාසනාවකි. අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය බලයේ මස් කටු හපන සුනඛයෙකුගේ තත්ත්වයට පත් වීම අපට දුකකි.

    ඔබගේ ප්‍රියම්බිකාව හෝ දරු දෙදෙනා මෙම බ්ලොගයට සහ ඔබගේ කුණු දේශපාලනයට ගෙන එන්නේ ඔබ ම මිස අප නො වේ. ඒබව මෙහි පළ වී ඇති පැරණි සටහන් සාක්ෂි දරනු ඇත. එලෙස ම ප්‍රසිද්ධ වේදිකාවල දී මයික්‍රපෝනයක් අතට ලැබුණු විගස වුව ඔබ සන්දර්භයට නො අදාළ ව දොඩවන්නේ ද ඔබගේ ප්‍රියම්බිකාව සහ දරු දෙදෙනා පිළිබඳ ය. ඔබගේ ප්‍රියම්බිකාවගේ ශ්‍රී මුඛයෙන් වෑහෙන සුධන්ධවත් සුබස් පිළිබඳ ප්‍රශස්ති ගැයුමට අපට අවැසි නැත. ඒවා දන්නෝ දනිති.

    අප ඔබගේ හොඳ පිළිබඳ අගයන්නට පසුබට වන්නේ නැත. ඔබට තවමත් කවියක් කියවා එහි පද බැඳුම් රටාවන්ට අනුව කවියා නිර්ණය කර ගැනීමට හැකියාවක් පවතින බවක් පෙනේ. එහෙත් එය ඔබ සිතන තරම් ම නිවරද නැති බවත් සිහි කරමු.

    අපට ඔබ සමඟ කිසිදු අන්තර්ක්‍රියාවක් අවැසි නැත. අපි නැවතී සිටිමු. ඔබත් නවතින්න. අපට මතුගමට වඩා විශාල භූගෝලීය වපසරියක කළ යුතු සුවිශාල කාර්යභාරයක් ඇත. ඔබ වැනි වන්ධ්‍යකරණයට ලක් වූ විශ්‍රාමික කැරලිකරුවන් සඳහා අපගේ න්‍යාය පත්‍රයේ කාලය වෙන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න. අපගේ සිත්වල ඔබ පිළිබඳ වෛරයක් තබා තරහක්වත් නොමැත.

    කරුණාකර අපට අපගේ වැඩක් කරගන්නට ඉඩ දී ඔබ ඔබගේ වැඩක් බලා ගන්න. අප නිහඬ වන්නේ ඔබ ධනපති රාජ්‍ය බලය සමඟ සහවාස වී අපට එරෙහි ව ක්‍රියාත්මක කර ඇති මර්දනයට බියෙන් නො වේ. අපට නිහඬ වන්නේ අලගියවන්නයන් අපට ලබා දී ඇති පහත දැක්වෙන උපදෙස සලකා ය:

    ත ම න් හට නොසමයන් වන කලට සම
    මු වි න් නො බැණ ඉවසනු සුදන ගරුකම
    නො මි න් කුමුදු විකසිත වනු දැක දැකම
    වි ළි න් මෙත් තඹුරු මුකුළිත වේ ය හැම

    ගිම්හානය ගෙවී ගියේ ය. පරිසරය උණුසුම හැර දා සිසිලස වැලඳ ගනි යි. තුරුලතාවෝ හරිත පැහැ හැර රත්-කහ-රන් පැහැ ගනිති. දිවා කල කෙටි වන්නේ ය. මේ එළඹ ඇත්තේ ශරත ය. හාත්පස මේ සැරසෙන්නේ ළඟ ළඟ ම එන ශශිරය පිළිගන්නට ය. සොබාදම් මව සමඟ ඇගේ දරුවෝ ද ශිශිර තරණයට සැරසෙති. දිවා කල ගෙවෙනා දින දින ම කෙටි වනු ඇත. ජයසිංහයෙනි, අපට ඔබ සමඟ කෝල වන්නට කාලයක් නැත. අප නැවතී ඇති බව යළිත් වරක් සිහි කරවනු රිසි ය. ඔබත් නවතින්න. කරුණාකර.

    ReplyDelete
    Replies
    1. මෙන්න කනෝ පිනුම් කිව්වලු!

      ඔබගේම වාක්‍ය වලින් මම මෙසේ කියමි.

      /*සටන් විරාමයට මුවා වී ඉතා නින්දිත මර්දනයක් සඳහා පිඹුරුපත් සකසමින් සිටින අජිත් පැරකුම් ජයසිංහට අප පවසන්නේ ඔබගේ අභිප්‍රාය අප හොඳින් දන්නා බව පමණි*/
      ඔබ මෙම ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද? මේවා හුදු කලල්පතනයන් ය

      /*කරුණාකර අපට අපගේ වැඩක් කරගන්නට ඉඩ දී ඔබ ඔබගේ වැඩක් බලා ගන්න*/
      යකෝ මේක මාර කතාවක්නේ. පැරාගේ බ්ලොග් එකට ඇවිල්ල කියනවා 'උන්ගේ වැඩක් කරගන්න ඉඩ දෙන්න කියලා'. පිස්සුද නැත්නම් හැටිද?

      /*ගිම්හානය ගෙවී ගියේ ය*/
      ඒ ඔබ සිතන හැටි තමයි. ඔබ දන්නා හැටි තමයි. ඔබලාගේ සමජවාදේ දැනුමත් ඔය වගේම තමයි.
      උතුරු අර්ධගෝලයට නම් ගිම්හානය ගෙවුනා. එක ඇත්ත, නමුත් ඔස්ට්‍රලියාවට ඇතුළු දකුණු අර්ධගොලයට තවම වසන්තය ලැබුවා පමණයි.
      ලංකාවට ඔය මොකවත්ම නෑ නේ.

      තමන් කියන්නේ මොකක්ද කියාවත් නොදන්නා බාලාංශ (තමන්ම කියාගන්න) වාමාන්ෂිකයා කතා කරන්නේ නම් '/*අපට මතුගමට වඩා විශාල භූගෝලීය වපසරියක කළ යුතු සුවිශාල කාර්යභාරයක් ඇත*/' යනුවෙනුයි. අහවල් එකේ තමයි! පුළුවන් නම් අඩියේ අඩියේ වපසරියක් උදලු ගාන්න වත් ඔබට පුළුවන්දැයි කියා මට හිතේ.


      මටනම් හිතෙන්න මේ බාසන (එයා ගැන ජර්මනියේ තියෙන්නේ Basana (භාෂණ ලියවෙන්නේ වෙනත් විදියකට!) කියන්නේ පිස්සෙක්ද? මිනිහගේ අනුගාමිකයෝත් පිස්සෝ රැලක් වගේ.
      දන්නේ නැත්නම්, මුල්ලේරියාවේ තියෙනවා තැනක් පොඩ්ඩක් එතනට ගොඩවෙලා බලන්න.



      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා