හිරු කණ්ඩායමේ වර්තමාන ෆැන්ටසිය
හිරු කණ්ඩායම යනු එක් කලෙක ලංකාවේ වාමාංශික දේශපාලනයේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ කතිකාවේදී වැදගත් බලපෑමක් කළ කණ්ඩායමකි. රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්වයෙන් යුත්, ප්‍රජාතාන්ත්‍රික සංවිධානයකට වඩා ඇදහිලි කල්ලියක ලක්ෂණවලින් යුත් මෙම කුඩා සංවිධානය අපගේ දේශපාලන ගමන් පථයේදී සුවිශේෂ එකක් වූ බව කියන්නේ නිසි ගෞරවය සහිතව ය. එහෙත්, එය ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංවිධානයක් බවට පත් කිරීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. එසේම, ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ කතිකාව ද එක් තැනක සිර වූ බව පෙනේ. ඒ කෙසේ වෙතත්, ලංකාවේ වාම දේශපාලනය තුළ සෙසු කණ්ඩායම්වලට වඩා සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ හිරු කණ්ඩායමේ තිබිණි. විශේෂයෙන් ම දේශපාලන සන්නිවේදනයෙහිදී ඔවුහු කැපී පෙනුණ හ. මෙම දේශපාලන කණ්ඩායම සමග අප නැවැත්වූ තැන සිට කතිකාව ඉදිරියට ගෙන යාමට අපි කැමැත්තෙමු. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ද උනන්දුවක් ඇති බව පෙනේ. හීනමාන චර්යාවක් ලෙස හැඳින්වීමට හැකි, එහෙත්, අප එසේ පටු ලෙස අර්ථකථනය නො කරන, ඔවුන්ට සුපුරුදු චර්යාවක් වන සැඟවුණු කණ්ඩායමක් ලෙස සිටීමේ ආශාව ඔවුන් දිගින් දිගට ම මහත් අභිරුචියෙන් නඩත්තු කරන බව දක්නට ලැබේ....