නිදහස් අධ්‍යාපනයෙන් එන දොස්තරලාට විතරක් මහජනයා සූරාකෑමට දෙනු! වෛද්‍ය සිසුවෝ වීදි බසිති


(2009 ඔක්තෝබර් 01 - W3Lanka) 1989 කැරැල්ලට පෙර සමයේ දියත් වූ, ජනතා විමුක්ති පෙරමුණට හොඳ සුළු ධනේශ්වර ක්‍රියාකාරීන් පිරිසක් ලබා දීමට ඉවහල් වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන සිහිගන්වමින් අලුත විශ්වවිද්‍යාලයට පිවිසි වෛද්‍ය සිසුන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් පෙළපාලියක් කොම්පඤ්ඤවීදියේ නවලෝක පෞද්ගලික ‍රෝහල අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම දක්වා මිනීපෙට්ටි ආදිය රැගෙන, වාහනවලට මඟ හරස් කරමින් පැමිණ ඉබි යතුරු කඩාගෙන එයට ඇතුල් වීමට උත්සාහ කර පොලිසිය පහර නොදුන් නිසා එතරම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට බැරිව ඊයේ දවල් අවසන් විය.


අතිවිශාල මහජන මුදලක් වැය කර අධ්‍යාපනය ලැබ, විශ්වවිද්‍යාලයෙන් පිට වූ දා සිට මහජන මුදලින් විශාල වැටුපක් ලබන ගමන් සෙසු රජයේ සේවකයන් සේ පොත අත්සන් කිරීමක්වත් නොකර, දිවා රෑ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් මුදල් ගැරීම කිරීම හැර අන් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බහුතරයකින් සැදුම් ලත් මෙම වෛද්‍ය සිසු පිරිස උද්ඝෝෂණය කරන්නේ මාලබේ පිහිටුවීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවයි. 


විශාල වශයෙන් මහජනයා සූරාකන සුළු ධනේශ්වර පංතික සමාජ තීරයක් වන වෛද්‍යවරුන්ගේ සුපිරි සමාජ තත්වය හා සෞඛ්‍ය සේවයේ පෞද්ගලික ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමට නම් සැම විටම ඊනියා වෛද්‍ය හිඟයක් මවා පෑ යුතුව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වන පදනම එයයි. ඔවුන් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණයට සැබැවින්ම විරුද්ධ නම් මුලින්ම කළ යුත්තේ තමන් පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වී රෝහල් සේවය නිසි ලෙස කිරීමයි. රෝහල්වල ඇති ඖෂධ හිඟය වැනි කරුණු අරභයා ද වෛද්‍යවරු සැබැවින්ම සටන් කළ යුතුව තිබේ.

අසීමිතව මහජනයා සූරා කන මහා බලවත් සමාගමක් වන රජයට අයත් වෛද්‍ය පීඨවලින් ආවත්, පිටරට ඉගෙනගෙන ආවත්, ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් ආවත්, වෙන මොන යම ලෝකෙන් ආවත්, දැන් තිබෙන ක්‍රමය අනුව දොස්තතරවරුන්කරන්නේ මහජනයාගේ ඉහමොළ සූරාකෑමයි. 

"ජනතාවනි මේ අහන්න - අධ්‍යාපනේ යළි වනසන - කුමන්ත්‍රණේ පරදවන්න - අපත් සමග පෙරට එන්න" යයි වෛද්‍ය සිසුන් කීවාට සෞඛ්‍ය සේවයේ බොහෝ අංශ පෞද්ගලීකරණය වී තිබෙන ලංකාවේ වෛද්‍ය උපාධිය පමණක් එසේ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ විශේෂ අමාරුවක් ජනතාවට නැත. මොන ක්‍රමයකින් හෝ වෛද්‍යවරුන් සුලභ වුවහොත් මහජනයාට එක හොඳක් සිදු වනු ඇත. ජංගම දුරකථන සමාගම් අතර තරගය හේතුවෙන් මිළ ගණන් පහත වැටුණා සේ චැනල් ගාස්තු ද පහත වැටුණොත් මහජනයාට සෙතක් වේ.


මොකා හරි පාරට බැස්සොත්, ඒක මහා ප්‍රගතිශීලී අරගලයක් යයි කියන, යූඇන්පියට කඩේ යන ඇතැම් ජනමාධ්‍ය මෙන් ජනතාව ගොනාට ඇන්දවීමට W3Lanka සූදානම් නැත. මේ සටහන කිසි සේත්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂව නොවේ. මහජනයා සූරා කන වත්මන් වෛද්‍ය සේවයට එරෙහිවයි. 


(ඡායාරූපය උපුටා ගත්තේ ලංකා ඊ නිව්ස් වෙතිනි.)

Comments

  1. ලංකාවට වැරදුනේ ඔය නිදහස් අධ්‍යාපනේ නිසා තමා මට් හිතෙන හැටියට. මං කියන්නෙ නෑ ඔක්කොම පෞද්ගලික කරන්න ඕන කියල ඒත් මුලු අධ්‍යාපයනයම නිදහස්(රජයෙන් ලබා දෙනකොට, ඇති නිදහසක් නෑ බොරු වචනයක් නේ මිනිස්සු ටැක්ස් වලට ගෙවන සල්ලි නේ ඔය).
    මහජනයාම තමා සූරාකන්නේ ඔක්කොම, දොස්තරල තමා ඒකෙ 1වෙනි තැන ඉන්නෙ මං හිතන්නේ. දොස්තර කියන්නේ ඉංගිරිසි බෙහෙත් දෙන අයට නෙව, මාත් ගියා දවසක් ඔය නමට පස්සෙ විබාග ගොඩක අකුරු ගොඩක් තියෙන දොස්තරෙක් ගාවට මූ දාපු ටෝක් එක ඇල්ලුවෙ නෑ 100% සනීප කරන්න බෑ ලු ජීවිතේම බේත් ගන්න ඕන ලු :S මං තේරුම් ගත්තා මෙයාගෙන් ඇති වැඩක් නැති බව ගියා සිංහල වෙදෙක් ගාවට අරයට සුවකරන්න බෑ කියපු එක මෙයා මාස 3න් 4න් සුවම කරල දැම්ම.
    ඕක තමා ලංකාවට වෙලා තියෙන්නේ මිනිස්සු රැවටිලා..

    ReplyDelete
  2. mama hithanne AL paas nathi ho adu prathipala athi sisunta mudhalata wydya upaadiyak dunnoth, madura kiyapu kathaawa wadi wadiyen sidda wei, ekko leddunge leda wadi wei, kohomath wydya wurthiya hondata wibhaaga paas wena ayata wiwurthawa thiyana eka hondai, nathnam leddunge jeewitha walin wandhi gewanna wenne

    ReplyDelete
  3. ඕනෑම දෙයක් කළ යුතු ක්‍රමයක් තිබේ.
    එහෙත් ඊයේ මෙන් රජයේ ආයතනවල ගේට්ටු කඩා දමා මේ ප්‍රශ්නයට විසදුම් සෙවීම වෛද්‍ය සිසුන් වැනි අපි සිතන පරිදි රටේ උගත්ම පිරිසට නොහොබිනා බව නම් කිව යුතුමය. ඔවුන් ඒ වීරත්වයෙන් කඩා දැමූ ගේට්ටුව සාදන්නේ UGC සභාපතිගේ හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ පෞද්ගලික ධනයෙන් නොව, මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ බදු මුදලින් බව නම් අමතක නොකල යුතුමය.

    අමිල සම්පත්

    ReplyDelete
  4. menna mekai wede.rate dostarala wedi wenawa nan hemoma kematiyi.ekata wisaduma nan private universities eti karana eka newe.
    1.privte university system eka mita kalin genapu hema awastawakadima rajaye upadiya kadaa wetuna heti itihasaya pura prayogikawa sidda una.
    2.rate sisunge demapiyo hemoma gewanne eka samana badu pratishatayak.ehenan ei eka kotasakata witarak saali gewanna wenne degree ganna?
    3.rajayata A/L pass hemotama state university denna berinan denna apata Open Universities.hemogema ayiteen rekenawa.hemotama degree1k lebenawa.rate doctorsla wedi wenawa.blogkaru kiyanawa wage onanan private medical centres wedi wela gaanat adu wei.

    ReplyDelete
  5. who says doctors are highest paid???
    \goverment doctors get only 42000 per month..
    even less qualified , non graduates earn more. this is pure jealousy..
    more and more doctors migrate, then oneday SL can depend on private universities.
    silly country and silly people

    ReplyDelete
  6. Being a doctor is a sacred job. No simple man can be a doctor overnight. that needs continuous dedication over several years, probably spending the best days of their life with sick ppl, leaving behind the family and friends. that is the dedication of a doctor, rather than the pure duty. Most of d ordinary ppl see only the money and the vehicle of a doctor, but how many of them see the actual dedication/ devotion that they pay on their patients. esp Doctors from the government sectors.
    TO PPL WHO SAY THAT DOCTORS ARE HIGHEST PAID:- why cant u AND why DONT you blame to a parliamentarian who earns >100000/= per month, and still having not passed O/Ls even??? Simple pure jealousy..
    RESPECT THE DOCTORS PLS, coz oneday they may be d ppl who will save your mother's/ father's/ wife's/ husband's/ child's life and even who will help to give birth to your lovely kid...

    ReplyDelete
  7. @madura Hi Madura,Can you tell me the name of the native doctor.I also having similar disease.This buggers from mulleriyawa dont know how to cure madness

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.