Posts

Showing posts with the label පෞද්ගලික වෛද්‍ය විද්‍යාල

දොස්තරවරුනි, සැරසෙන්! එල්ලවෙන්! එන්න!

දොස්තරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දක්වන්නට කැමති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ පාදෙනිය පවසයි.  හොඳයි. මේ දෙගොල්ලන් බොහෝදුරට සමානය. මන්ද ආචාර්යවරු PHD කර Dr. අහවලා ලෙස පෙනී සිටින අතර වෛද්‍යවරු MBBS කර Dr.අහවලා ලෙස පෙනී සිටිති.  සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිදහස් අධ්‍යාපනය රැක ගන්නට යයි කියනු ලැබේ. අධ්‍යාපනයට රාජ්‍ය වියදමින් 6%ක් වෙන් කරවාගන්නට ඔවුන්ට උවමනාය.  වෛද්‍යවරුන්ටද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ උවමනාව ඇත. පෞද්ගලික වෛද්‍ය කඩ බිහි වී දොස්තරලා සුලබ වී, රෝගීන්අඩු වුණොත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් අඩු වීම පිළිබඳ ප්‍රශ්නයකුත් තිබේ.  දොස්තරලා වනු වෘත්තිකයෝ පමණක් නොව පංතියකි. ඒ නිසා පහළම මට්ටමේ රාජ්‍ය ‍සේවකයාගේ ආරම්භක වැටුප මෙන් දොළොස්ගුණයක ආරම්භක වැටුපක් ඔවුන්ට උවමනාය. වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවේ. වැටුප් පරතරය වැඩිකිරීමද අත්‍යවශ්‍යය.  ඒ කියන්නේ රෝගීන් ලෙස තමන් ළඟට එන රජයේ සේවකයන් සිඟන්නන් වීමද අත්‍යවශ්‍යය.  හැබැයි දොස්තරලාට කොහොම පඩි වැඩි කළත් අනෙකුත් රජයේ සේවකයෝ විරුද්ධ නැත. මන්ද, රජයේ සේවකයන්ගේ සිහ...

දොස්තර වර්ජනය හා මණ්ඩලේ කචල් / Sri Lanka doctors' strike and the internal conflicts of the ruling class

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද  මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරන්නට සැලසුම් කර ඇති වර්ජනය සාමාන්‍ය වර්ජනයක් නො ව රජයේ ආර්ථික ප්‍රතිපත්තියකට එරෙහිව කරනු ලබන්නකි. ඒ වනාහි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කරන වර්ජනයකි. ප්‍රශ්නය මතු වන්නේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණාවලින් මුත්, එකී ප්‍රශ්න රජයේ වෛද්‍ය විද්‍යාලවල ද නැත්තේ යයි තර්ක කිරීම දුෂ්කර ය.  ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකු ම ගැටලුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතිකම නො වන මුත්, රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අධික උනන්දුවකින් කටයුතු කරයි. එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යන සිසුන්ගේ මුදල් ඉතිරි කිරීම ඔස්සේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම හෝ ලංකාව උසස් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත් කිරීම හෝ මෙහි අරමුණු අතර ඇති බව රජයේ ලොකු ලොක්කන්ගේ ප්‍රකාශවලින් සිතිය හැකි ය. මේවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. එහෙත්, මෙහි අරමුණ ලංකාවේ වෛද්‍යවරුන් සුලබ කිරීම බව නම් රජය කිසි දිනෙක පවසා නැත. වෛද්‍යවරුන් සුලබ වීම දුප්පතුන්ගේ පැත්තෙන් නරක දෙයක් නො වේ. එයින් ඔව...

නිදහස් අධ්‍යාපනයෙන් එන දොස්තරලාට විතරක් මහජනයා සූරාකෑමට දෙනු! වෛද්‍ය සිසුවෝ වීදි බසිති

Image
(2009 ඔක්තෝබර් 01 - W3Lanka ) 1989 කැරැල්ලට පෙර සමයේ දියත් වූ, ජනතා විමුක්ති පෙරමුණට හොඳ සුළු ධනේශ්වර ක්‍රියාකාරීන් පිරිසක් ලබා දීමට ඉවහල් වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන සිහිගන්වමින් අලුත විශ්වවිද්‍යාලයට පිවිසි වෛද්‍ය සිසුන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් පෙළපාලියක් කොම්පඤ්ඤවීදියේ නවලෝක පෞද්ගලික ‍රෝහල අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම දක්වා මිනීපෙට්ටි ආදිය රැගෙන, වාහනවලට මඟ හරස් කරමින් පැමිණ ඉබි යතුරු කඩාගෙන එයට ඇතුල් වීමට උත්සාහ කර පොලිසිය පහර නොදුන් නිසා එතරම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට බැරිව ඊයේ දවල් අවසන් විය. අතිවිශාල මහජන මුදලක් වැය කර අධ්‍යාපනය ලැබ, විශ්වවිද්‍යාලයෙන් පිට වූ දා සිට මහජන මුදලින් විශාල වැටුපක් ලබන ගමන් සෙසු රජයේ සේවකයන් සේ පොත අත්සන් කිරීමක්වත් නොකර, දිවා රෑ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් මුදල් ගැරීම කිරීම හැර අන් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බහුතරයකින් සැදුම් ලත් මෙම වෛද්‍ය සිසු පිරිස උද්ඝෝෂණය කරන්නේ මාලබේ පිහිටුවීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවයි.  විශාල වශයෙන් මහජනයා සූරාකන සුළු ධනේශ්වර පංතික සමාජ තීරයක් වන...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජය පක්ෂ නැහැ. රජයේ ආයෝජන මණ්ඩලය පක්ෂයි

(2009 සැප්තැම්බර් 25 - W3Lanka) පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම ලංකාවේ රජයේ ප්‍රතිපත්තියක් නොවන බව ද, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් බව ද උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.  එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ ව්‍යාපෘතියකි. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය රජය පිළිගන්නා බව ද ඇමතිවරයා පැවසීය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධය. ළඟදී අධ්‍යයන කටයුතු ඇරඹීමට නියමිත මෙම විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායම ලෙස සිසුන් 100ක් බඳවා ගැනීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගැනීම සඳහා රු. ලක්ෂ 55කට වඩා වැය කළ යුතුය.  එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමටම මෙවැනි මුදලක් වැය වේ. අවුරුදු පතා සිය ගණනක් ලාංකික සිසුවෝ වෛද්‍ය උපාධි සඳහා විදේශගත වෙති.  ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සභා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විරෝධය පළ කරයි. විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයට මෙම බලවේග ...