පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජය පක්ෂ නැහැ. රජයේ ආයෝජන මණ්ඩලය පක්ෂයි

(2009 සැප්තැම්බර් 25 - W3Lanka) පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම ලංකාවේ රජයේ ප්‍රතිපත්තියක් නොවන බව ද, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් බව ද උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 

එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ ව්‍යාපෘතියකි. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය රජය පිළිගන්නා බව ද ඇමතිවරයා පැවසීය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධය. ළඟදී අධ්‍යයන කටයුතු ඇරඹීමට නියමිත මෙම විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායම ලෙස සිසුන් 100ක් බඳවා ගැනීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගැනීම සඳහා රු. ලක්ෂ 55කට වඩා වැය කළ යුතුය. 


එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමටම මෙවැනි මුදලක් වැය වේ. අවුරුදු පතා සිය ගණනක් ලාංකික සිසුවෝ වෛද්‍ය උපාධි සඳහා විදේශගත වෙති. 


ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සභා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විරෝධය පළ කරයි.



විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයට මෙම බලවේග විරුද්ධ මුත් මේ වන විට විශ්වවිද්‍යාල වරම් අහිමි වන්නන්ට අධික මිළට විශ්වවිද්‍යාල විසින් විවිධ පාඨමාලා පැවැත්වීම පිළිබඳ ඔවුන් විරෝධය පළ කරන්නේ නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා