දෙහිවල සතුන් වත්තේ උපන් ඇනකොන්ඩා පැටවුන් විස්ස මළේ කාගේ වරදින්ද?


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) 2003දී චෙක් ජනරජයෙන් ලංකාවට ගෙන එන ලද ඇනකොන්ඩා (Eunectes murinus) නම් විශාල සර්ප වර්ගයේ ජෝඩුවකට දාව පසුගිය ජුලි 12දා දෙහිවල සත්වෝද්‍යානයේදී මෙලොව එළිය දුටු ඇනකොන්ඩා පැටවුන් 20 දෙනාම මේ වන විට මිය ගොසිනි. අන්තිම පැටවා මිය ගියේ සැප්තැම්බර් 23දායි.

මොවුන්ගේ උපත පිළිබඳ සත්වෝද්‍යාන බලධාරීන් ජනමාධ්‍ය හරහා මහ හඬක් නැගුව ද එම සතුන් මිය ගොස් ඇත්තේ නිසි පෝෂණයක් හා රැකබලා ගැනීමක් නැතිකමින් බව ආරංචි මාර්ග පවසයි. 


කුස තුළ බිත්තර මෝරා පැටවුන් බිහි වන හෙවත් ovoviparious, අඩි 30ක්දෙක්වා දිගට වැඩෙන, වසර 30ක් 35ක් ජීවත් වන්නේ යයි කියන මෙම උරගයන් 20 ඉපදුණු දිනවල සතුන් වත්තේ ලොක්කන් කතා කළේ ඔවුන් වෙනත් සත්වෝද්‍යාන සමග හුවමාරු කර ගන්නා ආකාරය ගැනයි.

මේ සතුන් පිළිබඳ ප්‍රචාරය වීමෙන් පසු සතුන් වත්ත බැලීමට එන පිරිස වැඩි වී ආදායම් ද වැඩි විය. එහෙත් ඒ සතුන් මළේ මී පැටවුන්ට වඩා කන්නට දෙයක් ඔවුන්ට නොදීම නිසා යයි කියනු ලැබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා