හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිල්ලක්


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) යුක්තිය හා සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයන් වන පුරවැසියන් පිරිසක් විසින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


බලපත්‍ර ප්‍රශ්නයක් මත තහනම් කර තිබූ CBN SAT නම් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන ආයතනය සම්බන්ධ නඩුවක් 2006දී විභාග කළ හිටපු අගවිනිසුරුවරයා තමන් අධ්‍යක්ෂ ධුරයක් හෙබවූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් CBN SAT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වූ මුහුන්දන් කානගීගෙන් රු. මිලියන 65ක ප්‍රදානයක් ලබාගැනීමපිළිබඳ මෙම පැමිණිල්ලෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ.


CBN SAT තහනම් කළ අවධියේ රජයේ ජනමාධ්‍ය පැවසුවේ මෙම සමාගම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි. පසුව මෙම සමාගමේ උපකරණ ඩයලොග් සමාගමට විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දෙනු ලැබූ අතර බෞද්ධයා නාලිකාව ආරම්භ වූයේ ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා විකාශනය කිරීමටයි.


මේ අතර, අලුත්ම වාර්තා පවසන්නේ ඩයලොග් සමාගම ද චන්ත්‍රිකා රූපවාහිනී සේවාවන් විකාශනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් අදාළ අවසර ලබාගෙන නැති බවයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා