Posts

Showing posts with the label Dialog

ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money

‍ අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා. ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි. මෙවැනි පණිවුඩයක් දිස් විය. Congratulations You have completed the quiz. To find out the result of your IQ test, Please enter your mobile number now! ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි. මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද? එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද? ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග...

හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) යුක්තිය හා සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයන් වන පුරවැසියන් පිරිසක් විසින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බලපත්‍ර ප්‍රශ්නයක් මත තහනම් කර තිබූ CBN SAT නම් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන ආයතනය සම්බන්ධ නඩුවක් 2006දී විභාග කළ හිටපු අගවිනිසුරුවරයා තමන් අධ්‍යක්ෂ ධුරයක් හෙබවූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් CBN SAT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වූ මුහුන්දන් කානගීගෙන් රු. මිලියන 65ක ප්‍රදානයක් ලබාගැනීමපිළිබඳ මෙම පැමිණිල්ලෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ. CBN SAT තහනම් කළ අවධියේ රජයේ ජනමාධ්‍ය පැවසුවේ මෙම සමාගම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි. පසුව මෙම සමාගමේ උපකරණ ඩයලොග් සමාගමට විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දෙනු ලැබූ අතර බෞද්ධයා නාලිකාව ආරම්භ වූයේ ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා විකාශනය කිරීමටයි. මේ අතර, අලුත්ම වාර්තා පවසන්නේ ඩයලොග් සමාගම ද චන්ත්‍රිකා රූපවාහිනී සේවාවන් විකාශනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් අදාළ අවසර ලබාගෙන නැ...