සේවක හා වෘත්තීය සමිති හිමිකම් පැහැර ගන්නා ගැසටි පත ඉවත් කරගන්න රජය අධිකරණයට එකඟ වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka) 1589/30 අංක දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් රජයේ සේවකයින් සහ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් ගොනුකළ නඩුව, කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබු විශේෂ ප‍්‍රකාශනයකට අනුව අවසන් කිරීමට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.


මෙම නඩුව විනිසුරු පී. අමරතුංග ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තෙවැනි වරටත් සලකා බැලූ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග අසමත් වන සේවකයින් සේවයෙන් ඉවත් කිරීමටත්, වෘත්තීය සමිතිවලත්, වෘත්තීය සමිති නායකයින්ගේත් අයිතිවාසිකම් අහිමි කරනු ලබන අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබු තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගන්නා ලදි.


මෙම අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන නිසා තව දුරටත් මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව විනිසුරු මණ්ඩලය ප‍්‍රකාශ කිරීමත් සමඟ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමන්තා වීරකෝන් මහත්මිය කැබිනට් මණ්ඩලය ගත් මෙම තීන්දුව යම් විදිහකින් වෙනස් කළහොත් උසාවියට ගත හැකි කි‍්‍රයාමාර්ගය කුමක්දැයි ප‍්‍රශ්න කළාය. එසේ වුවහොත් නැවත වෘත්තීය සමිතිවලට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවත්, කැබිනට් මණ්ඩලයේ තීරණය ස්ථිර නිසා දැනට එවැනි අවශ්‍යාතාවයක් පැන නොනගින බවත් විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කර සිටියහ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා