මෙන්න මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක: මේ පාරවත් විනිසුරුවෝ පොත් කියවා සම්මාන දෙයිද?

කැත්ලින් ජයවර්ධනගේ සත්‍යකාම
චන්ද්‍රිරි පල්ලියගුරුගේ එපුර රැජයූ ඇය
කරුණාදාස සූරියආරච්චිගේ අන්ධකාර තාරකාව
සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා
බටුවංගල රාහුල හිමිගේ බොර තෙල්
සැප්තැම්බර් 18 දින බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මානය පිරිනැමේ. හොඳම නවකතාවට රු. 750,000ක්ද සෙසු ඒවා සඳහා රු. 50,000 බැගින්ද පිරිනැමේ.
මේ වසරේ දස පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය හොබවන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම්ය.
ගිය අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ සමරසේන විජේසිංහගේ ස්වයංජාත නවකතාවටයි. දුර්වල නවකතාවක් වන මෙයට සම්මාන හිමි වීම හා ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීම පිළිබඳ අපගේ නිරීක්ෂණය වන්නේ මෙම සම්මාන විනිශ්චයකාරවරුන් කියවන්නේ පොතේ මුල සහ අග පමණක් බවයි.
දැන් දැන් ලංකාවේ නවකතාකරුවන් මුල හා අග පමණක් හොඳට ලියා පළ කරන නැඹුරුවක් ඇති බව අපි කියමු. එක් සාහිත්‍ය සම්මාන විනිසුරු මඬුල්ලක සිට නීතිඥවරයකුට සම්බන්ධ ආරංචි මාර්ගයකින් අපට දැනගන්නට ලැබුණේ සම්මාන දී බොහෝ කලකට පසුව පවා ඔහු එම පොත් කියවා නොතිබූ බවයි.
මේ වතාවේවත් පොත් කියවා සම්මාන දෙනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.