ලංකාවේ කකුල් හතරේ බල්ලන් ලක්ෂ 25ක්


(2009 සැප්තැම්බර් 28 - W3Lanka) ශ්‍රී ලංකාවේ සිටින බල්ලන් (කකුල් හතරේ අය පමණි) සංඛ්‍යාව ලක්ෂ 25ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු කර තිබේ.


වන්ධ්‍යාකරණ සැත්කම් ඔස්සේ මෙම සංඛ්‍යාව 2016 වන විට ලක්ෂ 10 දක්වා අඩු කිරීමට වැඩසටහනක් දියත් වන බව ද පැවසේ.


ජාතික සෞඛ්‍ය අය වැයෙන් කෝටි 50 ක මුදලක් වැය කරන්නේ ජලභීතිකා නිවාරණ කටයුතු වෙනුවෙන් බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වසරේ පසුගිය අගෝස්තු මාසය දක්වා ජලභීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35 කි. මෑතදී හීලෑ අලින් දෙදෙනෙකු ද ජලභීතිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා ලදී.


රජයේ රෝහල් මගින් ජලභීතිකා නිවාරණය සඳහා ලබා දෙන එන්නතකට සෞඛ්‍ය අමාත්‍යංශය රු. 35,000 ක් වැය කරයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා