භාර වූ කොටි ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙක් නිදහස්; සංහිඳියාව දෙසට පියවරක්

(2009 සැප්තැම්බර් 11 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් පසු මුලින්ම ඇප මත නිදහස ලබන කොටි ජ්‍යේෂ්ඨයන් දෙදෙනා වන්නේ වේලායුධම් දයානිධි හෙවත් දයා මාස්ටර් සහ පංචරත්නම් ජෝර්ජ් යන මේ දෙපළයි. යුද මුක්ත කලාපයේ සිට පැමිණ රජයට භාර වූ මේ දෙපළ රඳවා තබා ගැනුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී නැත.

රු. ලක්ෂ විසිපහ බැගින් වූ පෞද්ගලික ඇප මත නිදහස් කරනු ලැබූ මෙම දෙපළට රටින් පිට වීම තහනම් කර තිබේ. දයා මාස්ටර්ගේ පවුලේ අය දැනට සරණාගත කඳවුරක වෙසෙන බව දැනගන්නට තිබේ. ජෝජ් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිය දියණිය වෙත යාම සඳහා අවසර ඉල්ලා ඇති බව මීට පෙර ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

භාර වූ කොටි සාමාජිකයන් මෙසේ නිදහස් කිරීම රජය සංහිඳියාව සඳහා ගනු ලබන පියවරක් ලෙස සැලකිය හැකිය. සරණාගත කඳවුරුවල රඳවාගෙන සිටින රජයට භාර වූ ජනතාව අතරින් ඥාති මිත්‍රාදීන් විසින් භාර ගැනීමට කැමති අයද නිදහස් කිරීමට රජය සූදානම් බව ප්‍රකාශ කර තිබේ. මීට මාස කීපයකට පෙර රජය වැඩිහිටි පුද්ගලයන් නිදහස් කිරීමට පියවර ගත්තේය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා