Posts

Showing posts with the label දයා මාස්ටර්

ශ්‍රී ලංකා නිදහස් විමුක්ති කොටි

Image
කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක හා නැගෙනහිර අඥාපති කරුණා අම්මානුත්, ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කරන ලද කේ.පී.ත්, කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනීත්, මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටරුත් මේ වන විට පුනරුත්ථාපනය වෙලා ආණ්ඩුවේ දේශපාලනයට එක් වෙලා.  කොටි සංවිධානය එක් කාලයක පුරසාරම් කියුවා තමන්ගේ මරාගෙන මැරෙන කළු කොටි බලකාය පිළිබඳව. ඔවුන් කොපමණ කලක් සතුරු ප්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කළත්, ශපථ කරගෙන තිබෙන ‍ආකාරයට තමන්ට නියමිත මෙහෙයුම අවස්ථාවේදී තැනට වාර්තා කරන බව තමයි කියවුණේ. කේ.පී. හැර මේ අනෙකුත් සියලු දෙනාමත් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන සිටි අය. ඒත්, සංවිධානයේ සෙසු අය මැරී වැටෙද්දී මේ අය සයනයිඩ් කරල බිම දමා ආණ්ඩුවට යටත් වුණා. තමිලිනී වැනි අය පුනරුත්ථාපනය සඳහා අවස්ථාව ලබන්නේ, ඒ වකවානුවේදී, ඒ ආකාරයෙන් ම අත්අඩංගුවට ගත්තා යයි කියන වේලුපිල්ලේ බාලකුමාර්, බේබි සුබ්‍රමනියම් වැනි කොටි දේශපාලන නායකයන් අතුරුදහන් වෙද්දී.  මොවුන් ආණ්ඩුවේ යුද හා දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ ඔවුන්ගේ අණ මත කොටි සංවිධානයේ යුද මෙහෙයුම්වල නිරත වුණ තවත් විශාල සාමාජික පිරිසක් සිරබත් කද්දීයි.  ...

භාර වූ කොටි ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙක් නිදහස්; සංහිඳියාව දෙසට පියවරක්

Image
(2009 සැප්තැම්බර් 11 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් පසු මුලින්ම ඇප මත නිදහස ලබන කොටි ජ්‍යේෂ්ඨයන් දෙදෙනා වන්නේ වේලායුධම් දයානිධි හෙවත් දයා මාස්ටර් සහ පංචරත්නම් ජෝර්ජ් යන මේ දෙපළයි. යුද මුක්ත කලාපයේ සිට පැමිණ රජයට භාර වූ මේ දෙපළ රඳවා තබා ගැනුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී නැත. රු. ලක්ෂ විසිපහ බැගින් වූ පෞද්ගලික ඇප මත නිදහස් කරනු ලැබූ මෙම දෙපළට රටින් පිට වීම තහනම් කර තිබේ. දයා මාස්ටර්ගේ පවුලේ අය දැනට සරණාගත කඳවුරක වෙසෙන බව දැනගන්නට තිබේ. ජෝජ් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිය දියණිය වෙත යාම සඳහා අවසර ඉල්ලා ඇති බව මීට පෙර ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. භාර වූ කොටි සාමාජිකයන් මෙසේ නිදහස් කිරීම රජය සංහිඳියාව සඳහා ගනු ලබන පියවරක් ලෙස සැලකිය හැකිය. සරණාගත කඳවුරුවල රඳවාගෙන සිටින රජයට භාර වූ ජනතාව අතරින් ඥාති මිත්‍රාදීන් විසින් භාර ගැනීමට කැමති අයද නිදහස් කිරීමට රජය සූදානම් බව ප්‍රකාශ කර තිබේ. මීට මාස කීපයකට පෙර රජය වැඩිහිටි පුද්ගලයන් නිදහස් කිරීමට පියවර ගත්තේය.