මාතර අධිවේගී පාරේ පාලමක කෑලි හැලී පෝද්දල ගමක් නොසන්සුන්

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) මහා පරිමාණ වංචා දූෂණ හේතුවෙන් පාලම් 30ක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී තිබෙන, තවත් බෝක්කු රැසක් පිළිබඳ ගැටළු පවතින මාතර-කොළඹ අධිවේගී මාර්ගයේ තවත් පාලමක කෑලි හැලීම නිසා ඊයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසක් නොසන්සුන් තත්වයට පත් වී සිටිති.


පෝද්දල නරාවල වලවත්ත ගම්මානයට යන පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ කොංක්‍රීට් පදාස බැගින් කෑලි හැලෙන මෙම පාලම යටින්ය.


මීට පෙර අවස්ථාවකදී ද මේ ආසන්නයේ පාලමක් සිරුර මත කඩා වැටීමෙන් ප්‍රදේශයේ තරුණයකු මරු මුවට පත් විය.


මෙම මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත කිරීමටත් පෙර තත්වය මෙසේ නම් කවදා හෝ මෙය විවෘත කළ පසු යන එන වාහනවලටත්, ඒවායේ මගීන්ටත්, මේ පාරේ පාලම් යටින් යන එන අයටත් බුදු සරණයි! දෙවි පිහිටයි!

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election