මතට තිත තියන්න ගොස් ADIC පස්ස බිම ඇන ගනියි

(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම් පානයට එරෙහිව පමණක් සටන්කාමී ලෙස කටයුතු කරන මධ්‍යම පංතික රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC සංවිධානය ලංකාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවන්ට ලක් වන අලුත්ම සංවිධානයයි.


පසුගියදා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස හික්කඩුවේ පැවති හික්කා-2009 සැණකෙළියේදී ගත් බව කියමින් වෙනත් තැනකදී ගන්නා ලද ‘වල්‘ යයි කියන ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇඩික් සංවිධානයේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 


පසුගිය බස්නාහිර පළාත් ඡන්දයේදී ජාතික නිදහස් පෙරමුණෙන් තරග කළ රොජර් සෙනෙවිරත්නට එරෙහිව සිගරැට් රොජර් පන්නමු යනුවෙන් තාප්පවල පාඨ ලියුවේ ඇඩික් සංවිධානයේ ක්‍රියාකාරිකයන් යයි සැක කෙරේ. ඇඩික් ක්‍රියාකාරිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඇමති යටතේ තිබෙන සංචාරක මණ්ඩලයේ පැමිණිල්ලකට අනුවයි. 


ඇඩික් සංවිධානය පසුගිය වසර 15ක් තිස්සේ මතට එරෙහිව සටන්කාමී සහ සම්ප්‍රදායික නොවන අන්දමින් කටයුතු කළේය. 


ඔවුන් පස්ස බිම ඇනගෙන ඇත්තේ දවල් දවසේ බොරුවට මතට තිත කියමින් හැන්දෑවට හොරෙන් කණමදයින් සේ විස්කි, බ්‍රැන්ඩි ගහන දේශපාලකයන් මතට තිත තියන්නට යන්නේ ඇත්තටම යයි සිතාගෙන ඉර පැන නටන්නට ගිය නිසා යයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබේ.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා