‘භාෂිත' නමින් නව අක්ෂර මාලාවක්

(2009 සැප්තැම්බර්  29 - W3Lankaපරිගණකය සමග සිංහල භාෂාවෙන් කටයුතු කිරීම සදහා ‘භාෂිත” නමින් නව අක්ෂර මාලාවක් හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ එස්එල්එස් 1136 ප්‍රමිතියට අනුකූලව මෙම භාෂිත අක්ෂර මාලාව නිර්මාණය කර තිබේ. භාෂිත අක්ෂර සමග පහසුවෙන් සහ ඉතා නිර්මාණාත්මකව පරිගණකය ඔස්සේ සිංහල භාෂාවෙන් ලිපි ලේඛන සකස් කිරීම මෙන්ම වෙබ් අඩවි සැකසීම ගැටළුවකින් තොරව සිදුකල හැකියැයි නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි.

www.siyabas.lk  වෙබ් අඩවියට පිව්සීමෙන් මෙම භාෂිත අක්ෂර මාලාව නොමිලේ බාගත කර ගැනීමට පහසුකම් සලසා තිබෙන බව ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

අපගේ නිරීක්ෂණය වන්නේ යුනිකෝඩ් අක්ෂර සම්බන්ධයෙන් තිබෙන පොදු ගැටළුවක් වන අකුරුවල විවිධත්වයක් හා සුන්දර හැඩ නොතිබීම පිළිබඳ ගැටළුව මෙයින් ද විසඳී නැති බවයි.

(ඡායාරූපය: භාෂිත අකුරු මහාචාර්ය ජේ.බී. දිසානායකයන් වෙත)

Comments

  1. හොඳ වැඩක් . . ජයවේවා . . !

    ReplyDelete
  2. භාෂිත දැනටමත් හුඟදෙනෙක් පාවිච්චි කරනවා. හැබැයි අකුරු එච්චර ලස්සන නෑ.

    ReplyDelete
  3. මට භාෂිත වල රකාරාංශය දර්ශනය වන විට ෙදා්ෂයක් ෙපන්වනවා. අනිත් අයටත් ඒෙහම ෙවනවද දන්ෙන නැහැ. ෆයර්ෙෆාක්ස් වල ෙපරනිමි අක්ෂරය විදියට භාෂිත ෙයාදල බලන්න. ශ්‍රී ලංකා කියන වචනය ෙපාඩ්ඩක් පැනලා ෙපන්වන්ෙන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා