අක්ෂර සෙනග 2009 සාහිත්‍ය-කලා උළෙල සැප්තැම්බර් 26දා
 (2009 සැප්තැම්බර් 18 - W3Lanka) www.boondi.lk වෙබ් අඩවියේ වර්ෂපූර්ණය නිමිත්තෙන්, අක්ෂර සෙනග 2009 සාහිත්‍ය-කලා උළෙල, සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා ප:ව: 2.00-4.30 දක්වා කොළඹ 7, මහවැලි කේන්ද්‍රය- ගාමිණී දිසානායක ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
(2009 සැප්තැම්බර් 18 - W3Lanka) www.boondi.lk වෙබ් අඩවියේ වර්ෂපූර්ණය නිමිත්තෙන්, අක්ෂර සෙනග 2009 සාහිත්‍ය-කලා උළෙල, සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා ප:ව: 2.00-4.30 දක්වා කොළඹ 7, මහවැලි කේන්ද්‍රය- ගාමිණී දිසානායක ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මෙවර උළෙලේ දී බූන්දි වෙබ් අඩවිය මගින් සංවිධානය කළ දීප ව්‍යාප්ත සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සිදු කිරීමට නියමිත අතර, කාව්‍ය සංග‍්‍රහ හයක් බූන්දි ප‍්‍රකාශන ලෙස එළිදැක්වීමට ද කටයුතු යොදා තිබේ. එම කෘති හය මෙසේය.
අහස හැඩි වී ඇත - රෝහණ පොතුලියැද්ද
සාදය සූදානම්ය - ටිම්රාන් කීර්ති
සියොතුන්ට එනු පිණිස - උපුල් සේනාධීරිගේ
රිදී මුතු ඇටය සහ රත්තරන් හදවත - නිරෝධා තුෂාරි නානායක්කාර
වෙඩි වැදුන පන්හිඳ - ශක්තික සත්කුමාර
පරාග - ඉසුරු ප‍්‍රසංග
මීට අමතරව, බ්‍රෙෂ්ට්ගේ ”හිට්ලර්ගේ ඇමති මණ්ඩලය” සහ ”යුද්ධය හා සාමය” ඇසුරින් නිර්මාණය කරන ලද ඉඟි නළුවක් ද ”සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය තුළ නිර්මාණකරුවාගේ භූමිකාව කෙබඳු ද?” යන මැයෙන් චූලානන්ද සමරනායක සමග කතාබහක් ද වෙනත් ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම් කිහිපයක් ද උළෙලට ඇතුළත් ය.
 
 
 
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.