දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය තිස්සනායගම්ට

(2009 සැප්තැම්බර් 01- W3Lanka) ත්‍රස්ත විරෝධී නීතියක් යටතේ දඬුවම් ලද ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පළමු මාධ්‍යවේදියා වන ජේ. එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය පිරිනැමීමට ගෝලීය මාධ්‍ය සංසදය සහ දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ එක්සත් ජනපද ශාඛාව තීරණය කර තිබේ. 

ඔක්තෝබර් 02දා වොෂිංටන්හි ජාතික මාධ්‍ය සමාජයේදී පැවැත්වෙන මෙම සම්මානය පිරිනැමීමේ නිල උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ විධායක සංස්කාරක මාකස් බ්‍රවුච්ලිය. 

 2009දී ආරම්භ කරන ලද දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පීටර් මැක්ලර් සම්මානය පිරිනමනු ලබන්නේ ඒ.එෆ්.පී. හෙවත් ප්‍රංශ පුවත් සේවය ජාත්‍යන්තර තත්වයට නඟා සිටවූ හා ගෝලීය මාධ්‍ය සංසදයපිහිටුවීමට මුල් වූ ප්‍රවීන පුවත්පත්කලාවේදී පීටර් මැක්ලර් නමිනි.



Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.