විදුලි අමාත්‍යංශයේ අලුත් කාර්යාලයේ කුලිය ලක්ෂ පහළොවයි; මණ්ඩලයේ පාඩුව බිලියනයයි

මෙම ගොඩනැඟිල්ල තුලියට ගැනීම සඳහා එය අයිති ඇමති තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයට දෙවසරක කුලිය හා සමාන වන රු. තුන්කෝටි හැටලක්ෂයක අත්තිකාරමක් ද ගෙවා තිබේ. මෙම ගෙවීම ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය ද වන සෞම්‍ය භවන් නම් මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ කොල්ලුපිටියේය. මීට පෙර එහි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මූලස්ථානය පිහිටා තිබිණි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කලින් පිහිට තිබුණේ මහවැලි අධිකාරියට අයත් ගොඩනැඟිල්ලකයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.