මතට තිත තියන්න ගොස් ADIC පස්ස බිම ඇන ගනියි

පසුගියදා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස හික්කඩුවේ පැවති හික්කා-2009 සැණකෙළියේදී ගත් බව කියමින් වෙනත් තැනකදී ගන්නා ලද ‘වල්‘ යයි කියන ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇඩික් සංවිධානයේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය බස්නාහිර පළාත් ඡන්දයේදී ජාතික නිදහස් පෙරමුණෙන් තරග කළ රොජර් සෙනෙවිරත්නට එරෙහිව සිගරැට් රොජර් පන්නමු යනුවෙන් තාප්පවල පාඨ ලියුවේ ඇඩික් සංවිධානයේ ක්‍රියාකාරිකයන් යයි සැක කෙරේ. ඇඩික් ක්‍රියාකාරිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඇමති යටතේ තිබෙන සංචාරක මණ්ඩලයේ පැමිණිල්ලකට අනුවයි.
ඇඩික් සංවිධානය පසුගිය වසර 15ක් තිස්සේ මතට එරෙහිව සටන්කාමී සහ සම්ප්‍රදායික නොවන අන්දමින් කටයුතු කළේය.
ඔවුන් පස්ස බිම ඇනගෙන ඇත්තේ දවල් දවසේ බොරුවට මතට තිත කියමින් හැන්දෑවට හොරෙන් කණමදයින් සේ විස්කි, බ්‍රැන්ඩි ගහන දේශපාලකයන් මතට තිත තියන්නට යන්නේ ඇත්තටම යයි සිතාගෙන ඉර පැන නටන්නට ගිය නිසා යයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබේ.
Divaina karayath oya lanuwa kala thibba :)
ReplyDelete