දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ එක් මීටරයක වියදම රු. ලක්ෂ හතට වැඩියි.
(2010 ජුලි 14, W3Lanka ) ඉදි වෙමින් තිබෙන කොට්ටාව - ගොඩගම හෙවත් කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ දුර කිලෝ මීටර 120කි. 2011 අගදි ඉදි කර අවසන් වන බව කියන මෙම අධිවේගී මාර්ගයේ, එයට යට වූ ඉඩ කඩම්, දේපල හා ව්‍යාපාරවල වටිනාකම ද සමග ම සමස්ත වියදම රු. බිලියන 85ක් හෙවත් කෝටි 8500කි. ඒ අනුව එක් කිලෝ මීටරයක් ඉදි කරන්නට යන වියදම රු. කෝටි 71කි. එනම් එක් මීටරයක් හැදීමට යන වියදම රු. 710,000කි. මේ පාර ඉදි කර තිබෙන්නේ ලංකාවේ පරම්පරා ගණනාවක් උගසට තබා ණය ගැනීමෙනි. එසේ ගන්නා ලද විදේශ ණයෙන් වැඩි කොටසක් මාර්ගය ඉදි කළ චීන සමාගම ලාභය ලෙස සිය රට ගෙන යන ලදී. තව විශාල පංගුවක් දේශීය දූෂකයන්ගේ මඩියට ගියේ ය. කලුතර දිස්ත්‍රික්කයේ එක් ඇමතිවරයෙක් සිය ඡන්ද දායකයන් මෙම කොන්ත්‍රාත්කරු ළඟ සේවයට යොදවන්නේ එකී ශ්‍රමිකයාට ගෙවිය යුතු වැටුපෙන් කොටසක් තමන් වෙත ලැබෙන අන්දමින් බව මෙම දේශපාලකයාට ඡන්දය දෙන ඡන්දදායකයෝ හොඳින් දනිති. මෙම මාර්ගයේ වාහන දුවන්නට පටන් ගන්නත් පෙර පාලමක් හිස මතට කඩා වැටී තරුණයකු මිය යාමෙන් පසු දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම දක්‌වා ඉදිකොට ඇති ආරක්‌කු ...