Posts

Showing posts with the label ජලභීතිකාව

ඖෂධ සමාගම්වල උවමනාව මත එන්නත් නැවැත්වීමෙන් ජලභීතිකාව පැතිරේ

Image
(2009 දෙසැම්බර් 06 - W3Lanka ) රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නැවැත්වීමත් සමග ජලභීතිකාව ව්‍යාප්තිය වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ජලභීතිකා රෝගීන් පනස්‌ දෙනකු මේ වසරේ පසුගිය මාස එකොළහ ඇතුළත මියගොස්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පශු සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. එල්. ඒ. හරිස්‌චන්ද්‍ර මහතා කියයි. 2008 වසරේදී ජලභීතිකා රෝගීන් පනස්‌ එක්‌ දෙනකු මියගොස්‌ ඇත. 2009 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජලභීතිකා රෝග මර්දන එන්නත් සුනඛයන් නවලක්‍ෂ පන්සිය තුන්දෙනකු සඳහා ලබාදී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය පසුගියදා සෞඛ්‍ය බලධාරීන්ට චෝදනාවක් එල්ල කරමින් පැවසුවේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යයි සැක බවයි. 

ලංකාවේ කකුල් හතරේ බල්ලන් ලක්ෂ 25ක්

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) ශ්‍රී ලංකාවේ සිටින බල්ලන් (කකුල් හතරේ අය පමණි) සංඛ්‍යාව ලක්ෂ 25ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු කර තිබේ. වන්ධ්‍යාකරණ සැත්කම් ඔස්සේ මෙම සංඛ්‍යාව 2016 වන විට ලක්ෂ 10 දක්වා අඩු කිරීමට වැඩසටහනක් දියත් වන බව ද පැවසේ. ජාතික සෞඛ්‍ය අය වැයෙන් කෝටි 50 ක මුදලක් වැය කරන්නේ ජලභීතිකා නිවාරණ කටයුතු වෙනුවෙන් බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වසරේ පසුගිය අගෝස්තු මාසය දක්වා ජලභීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35 කි. මෑතදී හීලෑ අලින් දෙදෙනෙකු ද ජලභීතිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා ලදී. රජයේ රෝහල් මගින් ජලභීතිකා නිවාරණය සඳහා ලබා දෙන එන්නතකට සෞඛ්‍ය අමාත්‍යංශය රු. 35,000 ක් වැය කරයි.