Posts

Showing posts with the label ස්වර්ණ පුස්තක

ස්වර්ණ පුස්තකය පොදු පුරුෂයා

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka)   ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ සංගමය විසින්  හොඳම නවකතාවටපිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි වී තිබෙන්නේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා ටයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී ද හොඳම නවකතාව වූයේ පොදු පුරුෂයා යි. බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘බොරතෙල්’, කරුණාදාස සූරියආරච්චිගේ ‘අන්ධකාර තාරකාව‘, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘එපුර රජ වූ ඇය’, කැත්ලින් ජයවර්ධනගේ ‘සත්‍යකාම’යන පොත් ද ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශ වී තිබිණි.

මෙන්න මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක: මේ පාරවත් විනිසුරුවෝ පොත් කියවා සම්මාන දෙයිද?

Image
(2009 සැප්තැම්බර් 05 - W3Lanka) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලට සමගාමීව වාර්ෂිකව පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2008 වසරේ ඉදිරිපත් කරනු ලැබූ නවකතා 76ක් අතරින් පහත සඳහන් ඒවායින් එකක් තෝරා ගැනෙනු ඇත. කැත්ලින් ජයවර්ධනගේ සත්‍යකාම චන්ද්‍රිරි පල්ලියගුරුගේ එපුර රැජයූ ඇය කරුණාදාස සූරියආරච්චිගේ අන්ධකාර තාරකාව සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා බටුවංගල රාහුල හිමිගේ බොර තෙල් සැප්තැම්බර් 18 දින බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මානය පිරිනැමේ. හොඳම නවකතාවට රු. 750,000ක්ද සෙසු ඒවා සඳහා රු. 50,000 බැගින්ද පිරිනැමේ.  මේ වසරේ දස පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය හොබවන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම්ය. ගිය අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ සමරසේන විජේසිංහගේ ස්වයංජාත නවකතාවටයි. දුර්වල නවකතාවක් වන මෙයට සම්මාන හිමි වීම හා ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීම පිළිබඳ අපගේ නිරීක්ෂණය වන්නේ මෙම සම්මාන විනිශ්චයකාරවරුන් කියවන්නේ පොතේ මුල සහ අග පමණක් බවයි.  දැන් දැන් ලංකාවේ නවකතාකරුවන් මුල හා අග ප...